IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


හීත්රෝ අතුලදස්සන වස් පිංකම

ලන්ඩන් නුවර හීත්රෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පුජෝත්සවය බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගියදින හවුන්ස්ලෝ  ලැම්ප්ටන් විද්‍යාලයීය ශාලාවේදී පැවැත්විණි.

මෙම පිංකම සඳහා සහභාගීවීමට කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ අතුල දස්සන විහාරස්ථානාධිපති, කොළඹ දිසාවේ ප්‍රධාන සංඝ නායක ත්‍රිපිටකාචාර්ය  බොරැල්ලේ අතුල හිමියෝ ද වැඩමකර සිටියහ.

මෙවර කඨින පිංකමෙහි ප්‍රධාන දායකත්වය දරන ලද්දේ වෛද්‍ය නිශානී බජ්රමොවිච්  ඇතුළු පවුලේ සැමදෙනා විසිනි. 

විහාරස්ත දායක දායිකාවන් සැමදෙනාගේ නොමසුරු සහාය සියලුම වැඩකටයුතු සාර්ථකව පැවැත්වීම සඳහා නොමදව ලැබුණ බව විහාරාධිපති වඳුරඹ කස්සප හිමි පැවසුහ.

කඨින පුජෝත්සවය පැවති දිනයට පෙර දිනයේ පුජ්‍ය බොරැල්ලේ අතුල හිමියන් මෙහෙයවූ අටවිසි බුද්ධ පුජා වක් සහ ධර්ම දේශනයක් පැවැත්විණි. 

පසුදින අලුයම 5 ට පිංකමෙහි ප්‍රධාන දායකත්වය දැරූ වෛද්‍ය නිශානි බජ්රමොවිච් ගේ නිවසේ සිට අලංකාර පෙරහරකින් කටින වස්ත්‍රය සහ අනෙකුත් පුජා භාණ්ඩ විහාරස්ථානය වෙත රැගෙන විත් අතුල හිමියන්වෙත පිරිනමනු ලැබීය.

මෙවර පිංකම සඳහා ලේච්වර්ත් බෞද්ධ විහාරය, බර්මින්හැම් ජේතවන බෞද්ධ විහාරය, නොටින්හැම් ශාන්ති බෞද්ධ විහාරය, එඩ්මන්ටන් සමාධි භාවනා මධ්‍යස්ථානය,  බ්‍රිස්ටල් බෞද්ධ විහාරය සහ එන්ෆිල්ඩ් බෞද්ධ විහාරය නියෝජනය කරමින් මහා සංඝරත්නය 11 නමක් වැඩම කර සිටියහ.

දහවල දානය පුජාකරනු ලැබුවේ වැඩසිටි භික්ෂුන් වහන්සේ සංකේතාත්මකව පිණ්ඩපාතයෙහි වැඩමකරවීමෙනි.

අතුල දස්සන බෞද්ධ විහාරයේ දහම් පාසලේ දැරු දැරියන් සහ දෙමාපියන් මෙන්ම අනෙකුත් දායක දායිකාවන්ද මේ සඳහා සහභාගී වුහ.

පිංකම සඳහා සහභාගිවූ සියලුම ගිහි සැදැහැවතුන් සඳහාද දහවල ආහාරය පිරිනැමුණු ලැබිය.

අනතුරුව කඨින චීවරය ශාලාවවෙත වැඩමවන ලද්දේද අලංකාර පෙරහැරකිනි.

කඨින පිංකමෙහි වැදගත්කම විස්තරකරමින් බෙරගම පියරතන හිමියන් විසින් ඉංග්‍රීසි භාෂාවෙන් අනුශාසනාව පවත්වනු ලැබීය.

සැදැහැවතුන් 500 කට වඩා වැඩි පිරිසක් සහභාගීවූ මෙවර කඨින පුජෝත්සවයේ ප්‍රධාන දායකත්වය දැරූ සැමටත් පිංකම ඉතාමත් උත්කර්ෂවත් අන්දමට පැවැත්වීම සඳහා සහායවූ සියලුම දෙනාටත් පුණ්‍යානුමෝදනා කරන බව  විහාරාධිපති කස්සප හිමියෝ පැවසුහ.

පිංකමෙහි වැඩකටයුතු සඳහා විහාර මන්දිරය සහ උත්සව ශාලාව අලංකාර අන්දමට සකස්කර තිබුණේ ලන්ඩන් නුවර සුප්‍රකට ශ්‍රී ලාංකික කලාකරුවකු වන ජයරත්න බණ්ඩාර සහ අනෙකුත් තරුණ සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙනි.

 



අදහස් (0)

හීත්රෝ අතුලදස්සන වස් පිංකම

සෝමසිරි Monday, 09 December 2013 10:04 AM

ස්වර්ණ අක්කේ, ඔය එංගලන්තය කියන රටේ ඉස්සර සුද්දෝ හිටියලු.දැන් නම් පේන්න එක්කෙනෙක් වත් නෑ. අනිත් එක මේ සිවුරු අමුතු පාටක්. සීතල හින්ද වෙන්න ඇති. (ස)

:       0       0

සත්‍යා Sunday, 08 December 2013 12:19 PM

ලෝකයේ කොහේ හිටියත් මොන තරම් භෞතික සැප සම්පත් වින්දත් ආත්මීය සැනසුම ඇත්තේ බුදුන් ගිය මග ඔස්සේ යාමෙන් පමණයි යන්න මෙනෙහි කරගත් සැදැහැවතුන් මේ කර්තව්‍ය සාක්ෂාත් කරගැනීමට එක්වීම කොතරම් අපුරු දසුනක්ද? (නි)

:       0       0

පියුමි Sunday, 08 December 2013 12:23 PM

වැඩේ හරිම ලස්සනයි (නි)

:       0       0

ස්වර්ණා ඇටබගේ Sunday, 08 December 2013 06:25 PM

ඇත්තටම දැන් එංගලන්තේ යුරෝපිය ජාතිකයෝ නැත්තටම නැද්ද? හරියට ලංකාවේ ව‍ගේමයි (නි)

:       0       0

සරත් Sunday, 08 December 2013 07:03 PM

හරිම ලස්සනයි. එංගලන්තේ මේ වගේ පිංකම් සංවිධානය කිරීම හරිම අමාරුයි. සහය දුන් සැමට පින් ලැබෙයි. පන්සල් වලටයි, හමුදුවරුන්ටයි බැන බැන යන හවුන්ස් ලෝව් වල මනුස්සයට මොනවද දන්නේ නැහැ හිතෙන්නේ මේවා දැක්කහම? (නදී)

:       0       0

වෛද්‍ය දැහැම් මංගලා කල්පගේ වෙස්ට්හැම් Sunday, 08 December 2013 07:18 PM

එංගලන්තෙට බුදු දහම රැගෙන ගිහින් වසර 50කට වැඩියි. තවමත් ලංකාවෙන් වඩින්නෙ නැතුව පිංකමක් කරගන්න බැහැ, එතකොට ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරය කියන්නේ මේකටද? චතුරාර්ය සත්‍ය කෙසේ වෙතත් මෙම සත්‍ය බුදු දහමේ යහපත පිණිසම වේ. ස්වරණ ඇටබගේ මහත්මිය ලියා ඇති දේහි ගැඹුර දැකීමෙන් මෙය ලිවීමට සිත් විය (නි)

:       0       0

මදු ..ප්‍රන්සය Sunday, 08 December 2013 03:01 PM

බුදු ගුණ අනන්තයි ! මේ පින් කම සිදු කල ඔබ සැමට තෙරුවන් සරණයි ! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 303 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 424 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 90 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 607 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 157 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 895 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14554 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 138 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site