IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


හතර තුන කිරීමට එරෙහි සටන දිගටම

සිව් අවුරුදු සම සෞඛ්‍ය උපාධිය වසර තුන දක්වා කප්පාදු කිරීමට එරෙහිව වෘත්තීය සමිති සාමාජිකයෝ හා විශ්ව විද්‍යාල සිසුහු අද කොළඹ ජාතික රෝහල අසළ සිට මරදාන හරහා කොටුව දුම්රිය නැවතුම්පොළ දක්වා පෙළපාළියක් ගියහ.

සෞඛ්‍ය සේවයේ වෘත්තිය සිමිත රැසක් ද, සෞඛ්‍ය නොවන වෘත්තීය සමිති ද, විශ්ව විද්‍යාල සිසුහු සහ දෙමාපියෝ ද ඊට එක්වූහ.

කොටුව දුම්රිය නැවතුම්පොළ අසළ සම සෞඛ්‍ය සිසුන් සත්‍යග්‍රහය  කරන මණ්ඩපය අසල දී වෘත්තීය සමිති නායකයෝ පිරිස ඇමතූහ.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සමන් රත්නප්‍රිය මහතා-

‘කප්පාදු කළ සම සෞඛ්‍ය පාඨමාලාව වසර හතර දක්වා දිගු නොකළොත් සෞඛ්‍ය ක්ෂේත්‍රය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට යන්න ලෑස්තියි. හෙද සේවාවේ පුරප්පාඩු 15,000ක් තියෙනවා. උපාධිගත්ත ශිෂ්‍ය ශිෂ්‍යාවෝ තැන් තැන්වල ඉන්නවා. ඔවුන් මේ පුරප්පාඩුවලට බඳවාගත්තේ නැහැ තාම.‘

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා -

‘මේ ශිෂ්‍යයන් දින 155ක් පාරේ වාඩි වෙළා ඉන්නවා. ඒත් මේ ළමයින්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න පාලකයන් අසමත් වෙලා.

තරුණ සමුළු තියන ආණ්ඩුව තරුණයන්ට සලකන්නේ මෙහෙමයි. මේක සිසුන්ගේ සාධාරණ ප්‍රශ්නයක්. මේකට සෞඛ්‍ය නොවන වෘත්තීය සමිතිත් සම්පූර්ණ සහාය දෙන්න තීරණය කළා.‘

අන්තරයේ කැඳවුම්කරු නජිත් ඉන්දික මහතා -

‘මීට දින 155කට සිසුන් සත්‍යග්‍රහය පටන් ගනිද්දී බලධාරීන් හිතන්න නැතිව ඇති මේක මෙච්චර දුර දිග යයි කියලා.  මෙහෙම ගැටළුවක් තියෙද්දී සම සෞඛ්‍ය සිසුන්ට විභාගය ලියන්න එන්න කියා දන්වා තිබෙනවා. කප්පාදු වුණු පාඨමාලවක විභාග වැඩක් නැති නිසා අපේ සිසුන් ඒ විභාග ලියන්නේ නැහැ.

මේ සටන ජයග්‍රහණය කරනතුරු අපි අරගල කරනවා කියන පණිවිඩය අපි ආණ්ඩුවට දෙනවා. ශිෂ්‍යයන්ට බැටන් ප්‍රහාර දුන්නා. ඔළු පැළුවා. දැන් ශිෂ්‍යයන් විතරක් නෙමෙයි, ශිෂ්‍යන් එක්ක අත්වැල් බැඳගෙන වැඩ කරන ජනතාවත් ඉන්නවා.‘



අදහස් (0)

හතර තුන කිරීමට එරෙහි සටන දිගටම

ඒ.එච්. හෙවහේ Wednesday, 28 May 2014 09:37 PM

දොස්තරවරුනි කුහක වෙන්න එපා. ලෝකය හිනස්සවන්නේ නැතිව රට ඉහලින් ඔසවා තබන්නට ඔබලාගේ දයකයත්වය ලබා දෙන්න. පාර්ලිමේන්තුව දොස්තර වරුනට බයයිද ? (ස)

:       0       0

නිවන්ත Wednesday, 28 May 2014 09:56 PM

වරින්වර පරණ ක්‍රමවේද වෙනස් කළ යුතුය. ලංකාවේ ඒවා කරන විට පෙළපාලි යනවා. ඉතින් කොහොමද ලංකාව දියුණු වෙන්නේ? (නි)

:       0       0

පූර්ණ Wednesday, 28 May 2014 10:26 PM

කාගෙද මේ කඹ ඇදිල්ල?මේ ශිෂ්‍යයින් ඉල්ලන්නෙ අවුරුදු හතර විතරයිනේ. ඒ අයගෙ අයිතිවාසිකම් නොදෙන්න හේතුව හෙළි කළා නම් ජනතාවගෙ පැත්තෙනුත් මේ සැකය දුරු වෙනවා. (නි)

:       0       0

සේන Wednesday, 28 May 2014 11:01 PM

ජී එම් ඕ ඒ එක කැමති නැහැ උගත් වෘතිකයෝ සෞඛ්‍ය සේවයට එනවාට ඒ යට ඕන පරණ වැඩ වසම් යුගයේ වගේ එයාලාට විතරක් වැජබෙන්න එතයිනේ ප්‍රශ්නය තියෙන්නේ. (අ)

:       0       0

ලකී Thursday, 29 May 2014 03:07 AM

එක පැත්තකින් මේ දවස් ගණනක් තිස්සේ තරුණ ළමයි පාරේ උද්ඝෝෂණය කරන්නේ මොකක් හරි ඇත්ත හේතුවකට කියලත් හිතෙනවා.අධ්‍යාපනය කියන්නේ හැමෝගෙම අයිතියක්. (නි)

:       0       0

නිෂාන් Thursday, 29 May 2014 06:12 AM

ගාමිණී ඒක තමයි කියන්නේ විරුද්ධ පක්ෂය පොදු ජනතාවගෙන් ඇත් වෙලා කියලා. (අ)

:       0       0

දර්ශන Thursday, 29 May 2014 06:12 AM

දැන් මේ ළමයින්ට එදා ගැහුවේ දොස්තර මහත්තුරුද? දැන් මේක මාතෘකාවෙන් පිට පැනලා. ව්ර්තිය සමිති ඒ අස්සේ තමන්ගේ න්‍යාපත්‍ර ක්‍රියාත්මක කරනවා වගේ. (අ)

:       0       0

නිමේෂ් Thursday, 29 May 2014 07:35 AM

මේක ජාතික ගැටලුවක්. වහාම විසඳුමක් දිය යුතුයි. නැතහොත් ඊළඟ වසර වල සිසුන්ටද තම උපාධි ලබා ගැනීමට සහ සරසවි වලට පිවිසීමට බොහෝ කාලයක් බලා සිටීමට සිදුවනු ඇත. (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 29 May 2014 08:07 AM

අනේ මන්ද..කට්ටිය ඉස්සරනම් ගියේ මැරුණු කොල්ලන්ගේ පින්තුර අරගෙන..දැන් පණපිටින් ඉන්න කොල්ලන්ගේ පින්තුර අරන් යනවා.මම මේ හොයන්නේ අර එලියට පැන්නා කියපු ඇහැ...එහෙම එකක් නැහැනේ.රතු වෙච්ච ඇහැක් තියෙනවා ටිකක් ලේ බැහැපු. ඕක දවස් දෙක තුනට ඉබේම බැහැල යන එකක් නේ. (ස)

:       0       0

අසාදි Thursday, 29 May 2014 08:52 AM

ඇයි මේ බලධාරීන්ට මේක 4 කරල ප්‍රශ්නෙ විසඳන්න බැරි? මෙයාලට ඕන රටේ ප්‍රශ්න වැඩි කරන්නද? (ස)

:       0       0

සෙනරත් Thursday, 29 May 2014 08:57 AM

සම සෞක්‍ය පාඨමාලාව යනු කුමක්දැයි දන්නා කෙනෙක් කරුණාකර පැහැදිලි කරන්න. වසර තුනකින් උපාධිය ලබා ගත හැකි නම් ඉක්මනින් රැකියාවක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා නේද? (නදී)

:       0       0

ලුම්බිණි Thursday, 29 May 2014 08:59 AM

දැන් තමයි හිතෙන්නේ අධ්‍යාපන ඇමති කෙනෙක් අපට උන්න නම් කොච්චර හොඳද කියල? එහෙම නම් මේ ප්‍රශ්න මෙතරම් දුර දිග යන්නේ නැහැ නේ.(නදී)

:       0       0

රොහාන් Thursday, 29 May 2014 10:51 AM

මේ ළමයි ඉල්ලන්නේ ඉගෙන ගන්න. ඇයි මේක දෙන්න බැරි. (ස)

:       0       0

ප්‍රනාන්දු Thursday, 29 May 2014 11:27 AM

දොස්තලාගේ චැනල් ගාස්තුව රුපියල් 200 ක් කල යුතුයි. දොස්තරලාගේ පඩියෙන් ආදායම් බදු අය කල යුතුයි. (ස)

:       0       0

හසන්ත Thursday, 29 May 2014 11:53 AM

බලාගෙන යනකොට මෙතනත් ඉන්නවා අවම බලය පාවිච්චි කළාට කැමති උදවිය.(දිල්)

:       0       0

ගාමිණී Wednesday, 28 May 2014 08:41 PM

ඇයි විරුද්ද පක්ෂවලට මේවට සහබාගි වෙනද බැරි. (නදී)

:       0       0

සිරි Thursday, 29 May 2014 01:44 PM

නිදහස් අධ්‍යාපනයට වැට කඩොලු දාන එක , පාඨමාලා වල කාල සීමාව අඩු කරලා බාගෙට උගන්වන එක හරි කියල කවදාවත් පාසලකට යන්තම් හරි ගිහින් තියන හෝ උගත්කමක් තියන මිනිසෙක් කියන්නේ නැහැ , නමුත් මෙහි අදහස් දක්වන මිනිසුන්ගේ කුහක කම ගැන පුදුම කලකිරීමක් ඇතිවෙන්නේ, පොලිසියෙන් ගුටිකාගෙන මේ ළමයි ඉල්ලන්නේ මැති ඇමතිකම් නොවේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 726 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 1655 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1611 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 398 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 661 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 483 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36822 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24316 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 563 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 232 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site