මේ ශ්‍රීමාලි ෆොන්සේකා ගැන බොහෝ දෙනා කතා කරන්න පටන් ගත්තේ, 2012 ආසියානු විවාහක රූ රැජිණ වීමත් සමගයි. නමුත් ඊට පෙර සිටම ඇය වෙළඳ දැන්වීම්වලට පෙනීසිටි බව කියන්න පුළුවනි. ඇත්තම කිව්වොත් ශ්‍රීමාලි ගැන බොහෝ දෙනා කතා වෙන්නේ එයා මේ දක්වා පෙනී සිටි දැන්වීම් නිසයි. ”ඊසියි-ලේසියි” වොෂින් මැෂින් දැන්වීම වගේම ලක්ෂපාන දැන්වීමේ විල්සන් අංකල්ගේ නෝනා වූ ශ්‍රීමාලි ගැන මේ දිනවල නම් බොහෝ අය කතා වන්නේ සෙව්වන්දි ටීචර් නිසයි. ඒ සියල්ලට අමතරව රූපලාවන්‍ය ශිල්පිනියක ලෙසත් අද ඇය අතිශයින්ම කාර්්‍යබහුලයි. දැන්වීම්, ටෙලිනාට්‍ය, රූපාලවන්‍ය වගේම නිරූපණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රකටව සිටින ශ්‍රීමාලි සඳැල්ල හැඩ කළ මොහොතකි මේ.
ශ්‍රීමාලි, ඊසියි-ලේසියි කියන්නද? සෙව්වන්දි ටීචර් කියන්නද?
මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ රාත‍්‍රී 8ට විකාශය කෙරෙන, ශාන්ත සොයිසාගේ මේඝා නාට්‍යයේ සෙව්වන්දි ටීචර්ට ලැබෙන ප‍්‍රතිචාර ඉහළයි. මේ දක්වා මා ගැන බොහෝ දෙනා කතා කළේ දැන්වීම් නිසයි. ඒත් දැන් මේ ටෙලිනාට්‍යයේ චරිතය නිසා බොහෝ දෙනාගෙන් ඊට ලැබෙන්නෙ හොඳ ප‍්‍රතිචාර. එහි රණා (බිමල්) නමැති දඩබ්බර ගති ඇති තරුණයා හොඳමගට ගැනීමට වෙහෙසන චරිතයක්. එයා මට විතරයි මෙල්ල වෙන්නෙ.
ඔබ ක්ෂේත‍්‍රයට පැමිණියේ රූපලාවන්‍ය ශිල්පිනියක ලෙසයි. දැන් ඒ කටයුතුවලට මුල්තැන දෙන්නෙ නැද්ද?
මේ මොනදේ කළත් ශ්‍රීමාලි වැඩියෙන් තැන දෙන්නෙ රූපලාවන්‍ය වැඩවලටයි. රඟපෑමේ අංශයට මම ආසයි. විකාශය වූ ”ඉස්සර හට යන්න” ටෙලි නාට්‍යයෙන් තමයි පටන් ගත්තෙ. ඒ නාට්‍ය වගේම එහි රඟපෑ චරිතයත් ජනප‍්‍රිය වුණා. ඉතා හොඳින් මේ සියලූ කටයුතු කරගෙන යනවා.
”සෙව්වන්දි” චරිතය ලැබුණෙ කොහොමද?
සෙව්වන්දි අහිසංක තරුණියක්. එයා බැ?රුම් වෙන්නෙ රණා නිසයි. මෙහි ප‍්‍රධාන චරිතයට මාව තෝරා ගැනීම ගැන ශාන්ත සොයිසා මහතාට ස්තූතිවන්ත වෙනවා.
ආසියානු විවාහක රූ රැජින වීමෙන් පසු වෙනත් රූ රැජින තරගවලට නොගියේ ඇයි?
ආසියානු කලාපයේ විවාහක රූ රැුජින තරගයෙන් ජයග‍්‍රහණය කළ පසු, තවත් තරඟ සඳහා අවස්ථා ලැබුණා. නමුත් රූපලාවන්‍ය වැඩ නිසා ඒවා අතරමග නතර වුණා. ඉන්පසු රූපලාවන්‍ය කටයුතු සහ දැන්වීම් නිරූපණයට නිරන්තරයෙන් දායක වුණා.
මේ දිනවල දැන්වීම් කීයක් විතර ප‍්‍රචාරය වෙනවද?
කලකට පෙරදී මම දායක වූ මැලිබන් නයිස්, ගුඞ් නයිට් මදුරු කොයිල්, ලක්ෂපාන සහ ඊසියිxලේසියි (සිංගර්) නිතර ප‍්‍රචාරය වෙනවා.
රඟපෑම, දැන්වීම් නිරූපණය, රූපලාවන්‍ය කටයුතුවලට අමතරව රූපවාහිනී නිවේදනයට එක්වෙනවා නේද?
ස්වර්ණවාහිනී ආයතනයේ ”වෙඩින්” ප්‍රෝග‍්‍රෑම් එක සහ බ‍්‍රහස්පතින්දා දෙකයි-දෙක ප්‍රෝග‍්‍රෑම් එක ඉදිරිපත් කරන්න ලැබුණා.
මේ ඔක්කොම කරන්න කාලය තියෙනවද?
හිතුවොත් මොනවද කරන්න බැරි? කාලයෙන් උපරිම ප‍්‍රයෝජන ගන්න ඕනෑ. අවස්ථා ලැබුණාම ඊට ගරුකරන්න ඕනෑ. ඒ අතින් මම හරි වාසනාවන්තයි. මේ ලැබුණු අවස්ථාවලට ගරු කරනවා.
යාළුවෝ ඔබට කතා කරන්න ශ්‍රී කියලා නේද?
හැමෝම කියන්නෙ ‘ශ්‍රී’ කියලයි.
‘ශ්‍රී’ කොහොම කෙනෙක්ද?
දඟකාරයි. ඒ වගේම කටකාරයි කියලත් හිතෙනවා.
එහෙම වීම හොඳද?
වැරදි දේ නොකර හරි දේ වෙනුවෙන් එහෙම වීම වරදක් නෙවෙයි. හරි දේ කරලා ජීවිතය සැහැල්ලූවෙන් ගෙවන්න ආසයි.
මොකද නිතරම සිංගප්පූරුවට යන්නෙ?
මේ මගේ ලස්සන ශ්‍රී ලංකාව හැර මම ආසම අනෙක් රට සිංගප්පූරුවයි. නිවාඩුව එහි ගතකරන්න හරිම ආසයි. නමුත් වැඩිපුරම එහි යන්නෙ වෙඩින් එකට පෙර කෙරෙන ෆ‍්‍රී-ෂූට් නිසයි.
යාළුවෝ නම් කියන්නෙ එහෙමයි.
ඇය හමු වී තිබෙනවාද?
කතා කරලා නැහැ. දැකලා තියෙනවා.
බොලිවුඩයේ ප‍්‍රකට නිළියකට රූපලාවන්‍ය කටයුතු කිරීමට අවස්ථාවක් ලැබී තිබෙන බවටත් ආරංචියි. ඒක ඇත්තද?
ඒක දැනට රහසක්. පසුව කියන්නම්.
රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර
අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හිතුවොත් මොනවද කරන්න බැරි?