IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


හෘදයා බාදයෙන් බස් රියැදුරු රියදුරු අසුනෙම මිය යයි

(ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ සහ වසන්ත චන්ද්‍රපාල)

අම්පාර සිට කොළඹ බලා 23 වැනි දින රාත්‍රී ගමන් ගත් ලංගම බස් රථයක රියදුරකු රාත්‍රී 8.15 ට පමණ හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වි ඇති අතර, බස් රථය මාර්ගයෙන් ඉවතට පැන නතරවි ඇති බව ඉගිණියාගල පොලිසිය පවසයි.

අම්පාර ඩිපෝවෙන් කොළඹ බලා ඊයේ 23 රාත්‍රි 7.00 ට පමන  බස් රථය පිටත්වි තිබේ.රියදුරුට ඇතිවු යම් අසනිප තත්වයක් නිසා ඔහු බස්රථය ඉගිණියාගල මහා විදුහල අසල නවත්වා එම ස්ථානයේ පෞද්ගලික ප්‍රතිකාර ලබන වෛද්‍යවරයකු ගෙන් බෙහෙත් රුගෙන නැවත කොළඹ බලා පිටත්ව තිබේ.

ඔහුගේ අසනිප තත්වය බැරෑරුම් බැවින් මෙම ගමන නොයන ලෙසට වෛද්‍යවරයා උපදෙස් දි ඇතත් වෙනත් රියදුරකු නැති බව පවසමින් එහු කොළඹ බලා බස් රථය ධාවනය කළ අතර වෛද්‍යවරයා හමුවි සැතපුම් 10 යන්නට පෙර බස් රථය පාරෙන් පිටතට පැන තිබේ.

පසුව රියදුරු කඩිනමින් ඉඟිණියාගල රෝහලට ඇතුළත් කළත් ඒ වෙනවිට ඔහු මිය ගොස් ඇති බව වාර්තාවේ.

මෙම බස් රථයේ ගමන් ගත් එක් මගියකු පමණක් සුලු තුවාල ලබා තිබේ. අනතුර සිදු වන අවස්ථාවේ බස් රථයේ මගින් 40 ක් පමන සිටි බව එම බස් රථයේ කොන්දොස්තර තාරක නුවන් පැවසිය.

මෙසේ මියගොස් ඇත්තේ 49 හැවිරිදි මංජුල ප්‍රසන්න නැමැති පරගහකැලේ පදිංචි දෙදරු පියෙකි.

ඉගිනියාගල පොලිසිය අනතුර සම්බන්ධව වැඩිදුර විමර්ශන පවත්වයි.

ඡායාරූප වසන්ත චන්ද්‍රපාල

 



අදහස් (2)

හෘදයා බාදයෙන් බස් රියැදුරු රියදුරු අසුනෙම මිය යයි

P.D.Goonawardene Saturday, 24 August 2024 01:15 PM

රියදුරු මහතාට නිවන්සුව ලැබේවා...!

:       0       34

Dino Saturday, 24 August 2024 02:45 PM

රියැදුරු මහතාට අමාරුව දැනෙන්න ඇති... ඒත් නිවාඩු ගත්තොත් සල්ලි ප්‍රශ්න මතක් වෙන්න ඇති. ගොඩක් අය තමන්ගේම ජීවන අරගලයක. ඔබට නිවන් සුව...!

:       2       31

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 345 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 2514 4

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1943 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 207 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1203 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1316 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26863 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23507 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 397 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site