IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


හෙදියෝ වැඩි පඩි ඉල්ලති

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද දින රට පුරා ක්‍රියාත්මක කළ සංකේත වැඩ වර්ජනයට සමගාමීව සංවිධානය කළ උද්ඝෝෂණයක් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී පැවැත්විණි.

කොළඹ ජාතික රෝහල අසල සිට හෙද හෙදියන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා පා ගමනක ද නිරත වූහ.

සුදුසුකම් සම්පූර්ණ කර ඇති හෙදියන් 9000කට පමණ ශ්‍රේණිගත උසස්වීම් ලබා ගැනීම, වැටුප් විෂමතා නිවැරදි කර ගැනීම, දීමනා විෂමතා නිවැරදි කර ගැනීම ද ඔවුන්ගේ ඉල්ලීම් අතර වෙයි.

 



අදහස් (0)

හෙදියෝ වැඩි පඩි ඉල්ලති

චන්දි Wednesday, 17 July 2013 07:24 PM

ලෙඩ්ඩුන්ට ලෙඩ්ඩුන්ට වගේ නොසලකන හෙදියන්ට මොන වැඩි පඩිද? (නි)

:       0       0

රණවීර Thursday, 18 July 2013 08:32 AM

අපෝ.. මේ ගොල්ලෝ ආයෙත් පටන් ගත්තා නේද? අහිංසක ලෙඩ්ඩු අමාරුවේ දාන එක හෙන ගහන අපරාධයක්. (නි)

:       0       0

වසා Wednesday, 17 July 2013 08:25 PM

මමත් පිටරටක තමා සේවය කරන්නේ. ඉන්දියන් නර්ස්ලා අපේ ක්ලිනික් එකෙත් ඉන්නවා. ලංකාවේ නර්ස්ලා කීප දෙනෙකුත් ඉන්නවා. නමුත් දැනුම අතින් අපේ කට්ටියට කිට්ටු වෙන්නවත් ඉන්දියන් නර්ස්ලට අමාරුයි. එහෙම කට්ටියද මෙහේ ගෙනෙන්න කියා යෝජනා කරන්නේ? ලංකාවේ පරිපාලනය හරියට ඉන්නවා නම් මෙයාලගෙන් හොද සේවාවක් ගන්න පුළුවන් (නි)

:       0       0

අනුර Thursday, 18 July 2013 09:04 AM

ගරු සේවයක්. සාදාරනයක් කරන්න (නි)

:       0       1

ගිම්හාන් Thursday, 18 July 2013 06:30 PM

බමුණු, 50000 ක් ගන්න හැමදාම රැ වැඩ කරන්න ඕනෑ. අතිකාල පැයකට රුපියල් 100 ක් විතරයි. ගණන් හදලා බලන්න 16000 ක් 50000 ක් කරන්න පැය කීයක් වැඩ කරන්න ඕනෑද කියලා. ඒ ගොල්ලන්ටත් පවුල් ජීවිතයක් තියෙනවා. රජයේ දීමනාව 5000 ක් හම්බෙවෙනවා. අනිත් ඔක්කොම අතිකාල. බමුණු පිටරට හිටියට වැඩක් නැහැ යථාර්තය දක්කින්නේ නැතුව.ලංකාවේ රෝහලක පුලුවන්නම් දවසක් ඉන්න. ඒවගේ ගද ,අඩු පහසුකම්, යටතේ මේ ගොල්ලෝ අවුරුදු ගානක් සේවය කරන්න ඕනෑ. ඒ මානසික පීඩනය ඔයාට තේරෙන්නේ නැති එක පුදුම හිතෙනවා. හෙදියන්ගේ පඩිය දැන් කම්කරුවන්ගේ පධියටත් අඩුයි. සමහර වාට්ටු වල තියන ලෙඩ බෝවෙනවා. රජයෙන් ආරක්ෂණ උපකරනවත් දෙන්නේ නැහැ. විකිරනවලට නිරාවරණය වෙනවා. හොදට හොයලා බලන්න මහරගම ඉන්න සමහර හෙදියෝ අවුරුදු ගානක් එක දිගට වැඩ, මාරුවීම් දෙන්නේ නැහැ. අදහස් දානකොට හිතලා බලලා හොදට හොයලා දමන්න. (නි)

:       0       0

කර්ත්ලිස් අප්පුහාමි Wednesday, 17 July 2013 09:13 PM

අනේ අපේ ප්‍රේමදාස ජනදිපති තුමා හිටියනම් කියල හිතන්නේ මේවගේ වෙලාවට තමඊ. , සුදු වැන් එකක් වත් නැද්ද මෙයාව දාගෙන යන්න.(අ)

:       0       0

සත්‍ය Wednesday, 17 July 2013 09:15 PM

මේ හෙදියන් හරියට සලකන්නේ නැ කියන අයට කියන්නේ , ඔයාල ඔයාලගේ දෙමාපියන්ට හරියට සලකනවද ? ඒ අය කරන සේවය පහත් කරලා කතා කරන එක අයෙකුට පුලුවන්ද , අනෙක් අයගේ කැත කුණු අතගාල බලාගන්න , ඔය කාට කෙසේ වුණත් මට මේ අය වටිනවා , මගේ තාත්ත එක්ක මන් ඉස්පිරිත්තලේ ඉදල තියෙනවා , මට ඒ අය කල සේවය අමතක කරන්න බැහැ .. (අ)

:       0       2

ප්‍රදීප් Thursday, 18 July 2013 09:49 AM

වැටුප 20000යි. ඕටී එක්ක 25000ක් විතර... (නි)

:       0       0

භාග්‍ය Wednesday, 17 July 2013 09:34 PM

අද රෝහලකට යනවනම් නැකත් බලන්න ඕන .දොස්තරලා ,හෙදියෝ ,සනිපර්රක්ෂක සේවකයන් ,හා කාර්යමණ්ඩලය වර්ජනයද කියල .මේගොල්ලෝ ඔක්කම කරන්නේ ජනතාව බිල්ලට දීල තමන්ගේ මඩිය තරකරගන්න.මේ ඔක්කම තමන්ගේ යුතුකම ඉස්ට කරනවද.? සනීපාරක්ෂක සේවකයා ඉදන් කියල වැඩක් නෑ.කතා කරන්නවත් දන්නේ නෑ .88 ,89 යුගය වගේ කාලයක් අව නම් අගේට වැඩ කරයි .(අ)

:       0       0

සමන් Thursday, 18 July 2013 09:57 AM

මෙයාලට වැහි නැති අකුණු පුපුරයිද දන්නෑ !!!! (අ)

:       0       0

නිමල් Thursday, 18 July 2013 10:02 AM

එදා තිබුන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මේවට නැද්ද? මට වැරදුනානේ. අද එහෙම නැහැනේ. ගරු නම්බු සැලකිලි තියෙනවනේ. (නි)

:       0       0

විතානගේ Wednesday, 17 July 2013 10:12 PM

පඩි වැඩි කරන්න (නි)

:       0       0

අර්ෂා Thursday, 18 July 2013 10:15 AM

හෙදියන්ගේ සේවාව කියා නිම කරන්න බැහැ. මෙයාලට සාදාරන වැටුපක් ලබා දිය යුතුයි. (නි)

:       0       0

ප්‍රසාද් Thursday, 18 July 2013 10:25 AM

මුලින්ම අපි සතුටු වෙන්න ඕනෑ බැනුම් අහගෙන හරි අපේ ලෙඩ වලට නොමිලේ ප්‍රතිකාර ලැබෙන එකට. නොමිලේ බෙහෙත් ටික ලැබෙන එකට. අනෙකුත් ස්කෑන් වගේ සේවාවන් දැන් බොහෝ රෝහල් වලට ලබාදීලා තියෙනවා. අපිට පිටින් මේවා කරගෙන එන්න කිව්වා නම් අඩුම ගානේ එක රුපියල් 10000 වත් යනවා. හෙද සේවාව කියන්නේ ගරු සේවාවක්. හොද සහ නරක යන දෙගොල්ලම මේ සේවාවේ ඉන්න පුළුවන්. සමස්තයක් වශයෙන් අපි සියලු දෙනාටම දොස් කියල විවේචන කරන්න හොද නැහැ. ලංකාවේ කිසිම ආයතනයක හොදම මිනිස්සුත් නැහැ, නරකම මිනිස්සුත් නැහැ, හොදම දෙය මේ හැම දෙයක් ගැනම අපි උපේක්ෂාවෙන් බැලීමයි. අපි කොච්චර කෑ ගැහුවත් අවසානේ අපිට හෝ අපේ කාට හරි හෝ මාරාන්තික අසනීපයක් වූ විට රැගෙන යාමට ඇති එකම තැන රජයේ රෝහලයි. මධ්‍යස්ථව සිතන ඇත්තෝ මෙය සිහිකරත්වා. (නි)

:       0       4

කරු Wednesday, 17 July 2013 10:19 PM

ගෞරවනීය හෙද සේවයට මේ අදහස් දාන අය ගරහන්න එපා .කොච්චර කැත කුණු අතගානවද?කොච්චර නිදි මරනවද? දෙමව්පියන්ගේවත් සමහරු එහෙම කරන්නේ නැහැනේ.ලෙඩ්ඩුන්ගේ ජීවිත බේරගන්න හෙදියෝ කොච්චර උදව් කරනවද?බමුණුආරච්චි නම් ෂුවර් එකටම දොස්තරයෙක් වෙන්න ඕනෑ.හෙදියන්න්ට බනින අයට කවදා හෝ රෝහලකට එන්න ලැබේවා! හෙදියන්ගේ අගය දැනේවා! (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 17 July 2013 10:25 PM

දන්නා දෙයකුත් නැහැ.දොස්තලට සමාන පඩියකුත් ඕනෑ.රේට සේවා මුරයේ බාගයයි ඉන්නේ.වාට්ටුවේ ලෙඩ්ඩු එකාපිට එකා මැරි වැටුනත් නැගිටින්නේ නැහැ. (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 17 July 2013 10:48 PM

නොදන්නාකමට අහන්නේ. ඇත්තටම ඕ.ටී නැතුව මෙයාලගේ පඩියි ඕටී එක්ක පඩියි දන්නා කෙනෙක් ඉන්නවා නම් දාන්නකෝ (නි)

:       0       0

සරත් ර Wednesday, 17 July 2013 11:43 PM

බැරිනම් සෞදි යන්න. එහෙ වැඩි පඩි තියනවා. නමුත් මේ වගේ ඕපාදූප කයිවාරු ගහන්න බැහැ. පැය පහලවක වැඩ පැය අටෙන් කරන්න ඕනෑ. (නි)

:       0       0

ඇනෝ Wednesday, 17 July 2013 11:45 PM

ලංකාවේ හෙදියෝ ගැනනම් කතාකරලා වැඩක් නැහැ. අහිංසක රෝගීන්ට සලකන විදිය කතාකරන විදිය දන්නේ රෝහලක දවසක් හෝ හිටපු කෙනෙක් තමයි. වැඩි පඩි නොවෙයි ලැබෙන වැටුපත් කපන්න ඕනෑ. ඒ තරම්ම ලංකාවේ හෙද සේවය පහත්. (නි)

:       0       0

චාමික Thursday, 18 July 2013 10:59 AM

මම නම් සෞඛ්‍ය අමාත්‍යංශයේ හෙදියන් වෛද්‍යවරුන් බොහෝ නිලධාරීන් සහ සුළු සේවකයන් ගේ ක්‍රියා කලාපයට එකග නැහැ. මුලින්ම අහන්නේ ස්ටාෆ් ද කියලා? ඔව් නම් මිනිස්සුන්ට විදියට සලකනවා නැහැ නම් ඉවරයි. ඕනෑම ක්ලිනික් එකක ස්ටාෆ් ලිස්ට් එකක් වෙනම තියෙනවා. ඔය විදියට විශ්ව විද්‍යාල අචාර්යවරුන්ටත් ස්ටාෆ් ලිස්ට් එකක් දුන්නොත් ළමයි ඇතුලත් කර ගන්නකොට මොකක් වේද ? හැමදෙනාටම සමාන සැලකුම් ලබන්න අයිතියක් තියෙනවා කියලා ලංකාවේ නීතියෙන් සම්මත වෙලා තියෙන්නේ. මේ ස්ටාෆ් ලිස්ට් එක නීතිවිරෝධී වැඩක් නේද ඒ අනුව. හෙදියන් රැකියාවට එන්නේ කලයුතු සේවය නොදැන නෙවෙයි නේ. රෝගීන්ට උපස්ථාන කරන්න බැරිනම් මුලින්ම මේකට නෑවිත් ඉන්න ඕනෑ. වෛද්‍යවරුන්ට කියන තියෙන්නෙත් ඔය ටිකම තමයි. (නි)

:       0       0

ඩිල්ශානි Thursday, 18 July 2013 11:03 AM

හෙදියන් කිව්වම මටත් හිතුනා මේ දේත් කියන්න.මම රියදුරු බලපතක් සදහා මෙඩිකල් රිපෝර්ට් එකක් ගන්න ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෙඩිකල් සෙන්ටර් එකට ගියා.ඒකේ ඉන්න හෙදිය මගේ ලේ වර්ගය නිගමනය කලේ බී පොසිටිව් ලෙසට.නමුත් මගේ ලේ වර්ගය බී නෙගටිව් බව මා දැනසිටි නිසා එදා මගේ එම සහතිකය නිවැරදිව හදා ගත්තා.කරුණාකර පුරුදු පුහුණු හෙදියන්ට මෙවන් රැකියා ලබාදෙන්න.නැත්තම් ලොකු වැරදීමක් වේවි.(නි)

:       0       0

ගිම්හාන් Thursday, 18 July 2013 11:05 AM

මුලික පඩිය රුපියල් 16000 විතර ඇති. මුළු පඩිය 25000. කොහොමද ඒ අය ජිවත් වෙන්නේ. (නි)

:       0       0

චානක Thursday, 18 July 2013 12:49 AM

ෆ්ලොරන්ස් නෛටින්ගේල් දිව්රුම ප්‍රකාරව හෙද සේවය මිල මුදල් සඳහාම ඇති වූ පදවියක් නොවේ. බහුතරයක් හෙදියන් ලෙඩුන්ට ඉතාම අකාරුණික ලෙස සලකන එක ප්‍රසිද්ධ දෙයක්. (නි)

:       0       0

සරත් Thursday, 18 July 2013 11:18 AM

වැඩි පඩි දෙන්නම ඕනෑ. එයාලා කරන්නේ ලොකු සේවයක්. වර්ජනය දිගටම ගෙනියන්න (නි)

:       0       0

බමුණු Thursday, 18 July 2013 11:25 AM

" ඒ අය කරන සේවය පහත් කරලා කතා කරන එක අයෙකුට පුලුවන්ද , අනෙක් අයගේ කැත කුණු අතගාල බලාගන්න " හෙදියෝ කැත කුණු අත ගාන්නේ නැත. ඒවා කරන්නේ ඇයෙන්ඩන්ට්ලාය. ඔයා මොනවද මේ කියන්නේ? (නි)

:       0       0

සනත් Thursday, 18 July 2013 11:26 AM

මෙහි අදහස් දාන බොහෝ දෙනෙක් හෙදියන්ට ද්වේශ සහගතවයි දාලා තියෙන්නේ. නමුත් අද රාජ්‍ය සේවයේ හා පෞද්ගලික සේවයේ ඉන්න කට්ටිය තමයි දන්නේ ඒවා ඇතුලේ මොනතරම් ප්‍රශ්න තියනවද කොච්චර කාලෙකින් ඒවාට විසඳුම් දීලා නැද්ද කියලා. පාලකයිනුත් නිදි නම් අවසානයේ කරන්න වෙන්නේ මේක තමා. (නි)

:       0       0

බමුණු Thursday, 18 July 2013 11:28 AM

"වැඩි පඩි දෙන්නම ඕනෑ. එයාලා කරන්නේ ලොකු සේවයක්. වර්ජනය දිගටම ගෙනියන්න' මොකක්ද ඔහේගේ සම්බන්දය? හාමිනේ හෙදියක්ද? සත 5ක් දෙන්න එපා. පිටරටින් ගෙන්වමු (නි)

:       0       0

බමුණු Thursday, 18 July 2013 11:31 AM

"හෙද සේවාව කියන්නේ ගරු සේවාවක්." එහෙනම් අපි ගරු හෙදිය කියමු . ගරු සේවය කියන්නේ මුදල් නොලබා කරන සේවයට. මෙය වැටුපට කරන සේවයක්. එයත් හරියට කරන්නෙ නැති එකයි අපට තිබෙන ප්‍රශ්නය (නි)

:       0       0

බමුණු Thursday, 18 July 2013 11:37 AM

"හෙදියන්ගේ සේවාව කියා නිම කරන්න බැහැ. මෙයාලට සාදාරන වැටුපක් ලබා දිය යුතුයි." එතකොට කැත කුණු අත ගාන ඇටන්ඩන්ට් සේවය? තමන්ට සේවා අවැසි වෙලාවට ඉන්න සේවකයා හරියට සේවය දෙනවා නම් එම සේවකයා වටිනවා. අනික් තැනකදී එයාගේ වටිනාකමක් නැත. ගුරුවරයෙකුගේ සේවය අවැසි වෙලාවට හෙදියක් වැඩක් නැත. එම නිසා හැම සේවයක්ම වටිනවා හරියට කරනවා නම් (නි)

:       0       0

බමුණු Thursday, 18 July 2013 11:39 AM

"මුලික පඩිය රුපියල් 16000 විතර ඇති. මුළු පඩිය 25000. කොහොමද ඒ අය ජිවත් වෙන්නේ." ඔයගොල්ලෝ 50000 ට වැඩිය ගන්නවා අපි දන්න විදියට නම් (නි)

:       0       0

බමුණු Thursday, 18 July 2013 11:43 AM

'යන්න කොහේ හරි රටක ඔයත් වැඩ කරන්න. එදාට තේරුම් ගනී හෙදකම මොකක්ද කියලා" මම අවුරුදු 26 ක් පිටරට හිටියා. එම නිසයි මේගොල්ලන්ගේ සේවය අගයන්නේ නැත්තේ (නි)

:       0       0

සම්පත් Thursday, 18 July 2013 02:15 AM

බමුණු, අපිට තේරෙනවා ඔයා ලංකාවේ වෛද්‍යවරයෙක් කියලා. ඒත් මම හිතන්නේ ඔයා වෙන රට වල හෙදකමට තියෙන ගෞරවය ගැන දන්නේ නැති නිසා තමා ඔහොම කතා කරන්නේ. යන්න කොහේ හරි රටක ඔයත් වැඩ කරන්න. එදාට තේරුම් ගනී හෙදකම මොකක්ද කියලා (නි)

:       0       0

බමුණු Thursday, 18 July 2013 11:45 AM

චානක,මෙයාලා නෛටින්ගේල්ලා නොවෙයි ෆෛටින්ග් ගර්ල්ස්ලා (නි)

:       0       0

ඉදුනිල් Thursday, 18 July 2013 02:38 AM

ලංකාවේ හෙදියන් ලංකාවේ අයට හොද නැත්නම් හෙදියන් පුහුණු කරලා රට යවන්න සැලසුම් කරන්න. එතකොට හොද වැටුපක් ඒ අයට ලැබිලා වැඩ වර්ජන නැවතිලා රටත් සංවර්දනය වෙයි. ලංකාවේ අයට ඉන්දියාවෙන් හෙදියන් ගෙනැල්ලා දෙන්න. එතකොට බමුනුලටත් නින්ද යයි මට හිතෙන්නේ (නි)

:       0       0

සනත් අබේකෝන් Thursday, 18 July 2013 11:49 AM

ඔ ටි ගැන කියනවනම් තවත් හෙදියකගේ අඩුවක් පුරවන්නයි ඔ ටි එකක් කරනේ. එතකොට ඒ මුළුසේවයම කරන්න ඕනේ තමාගේ සේවයට අමතරව. අද 1 ට වැඩට ගිහාම හෙට 1 ටයි ඕෆ් වෙන්න වෙන්නේ නිදිමරාගෙන පැය 24 ක් එක දිගට කරලා බලන්නකෝ. ඔය මළගෙදරක දවසක් නිකන් ඉඳගෙන නිදිමරනවා වගේද කියලා.තවද මාසයක ට පැය 150 යි සාමාන්‍ය සේවය නමුත් එකට අමතරව තවත් ඔ ටි පැය 150 ක් කලොත් ලැබෙන්නේ සාමාන්‍ය වැටුපෙන් භාගයයි . ඉතින් එහෙම මැරිලා වැඩකරලා තමයි ඔ ටි කියක් හරි ගන්නේ එකටත් මාසයකට රාත්‍රී 12ක් වත් කරන්න ඕනේ. එතකොට ගෙදර ඉන්න වෙන පැය ගණන ගණන් හදල බලන්න .24 පැය අඛණ්ඩ සේවයේදී සමහර වෙලාවට අඩුපාඩුකම් සිද්ද වෙන්න පුළුවන් වචන වලින් (අ)

:       0       0

අනෝ Thursday, 18 July 2013 03:53 PM

බමුණු, ඔබේ නිවැරදි දැක්මට මගේ ප්‍රණාමය. රටේ බහුතරය ඔබ වැනි ය . මෙරට ආකල්පමය වශයෙන් දියුණු වෙලා.ඒත් බහුතරය තාමත් හිටන්නේ බොලද විදියට බව මෙහි ඇති අදහස් වලින් පැහැදිලි (අ)

:       0       0

ඉඳුනිල් Thursday, 18 July 2013 10:14 PM

බමුණු ඕයා අවරුදු 26 රට වෛද්‍යවරයෙක් විදියට වැඩ කරලා අපහු එන්න උනේ එහෙත් හෙදියන්ට මේ වගේ කතා කියලනේ මොකද කියන්නේ නහින දෙහින කාලේ ඇත්ත ඇති සැටියෙන් පිලි අරගෙන ඉපදුනු රටේ ඉන්නවද.ලංකික හෙදියන්ට ජය වේවා. (අ)

:       0       0

සනම්පත් Thursday, 18 July 2013 10:17 PM

පිටරට වල හෙදියන්ට තියෙන පිළිගැනීම වෛද්‍යවරුන්ට නැතුව අපහු එන්න උන නිසා තියෙන තරහට පිස්සෙක් වගේ දගලන්න එපා. (අ)

:       0       0

සම්පත් Thursday, 18 July 2013 10:21 PM

බමුනුට පිට රට වල හෙදියන්ට තියෙන පිළිගැනීම වෛද්‍ය වරුන්ට නැතුව අපහු එන්න වූ තරහට පිස්සෙක් වෙන්න එපා මේ නහින දෙහින කාලේ.(අ)

:       0       0

සංජය Wednesday, 17 July 2013 06:32 PM

මිනිසුන්ට කතා කරන්න දන්නේ නැති එක කට්ටියක් තමයි මේ. (නි)

:       0       0

හේමා Wednesday, 17 July 2013 06:33 PM

ඉටු කරන සේවය නම් මිල කරන්න බැහැ.(නදී)

:       0       0

රුවන් Thursday, 18 July 2013 12:12 PM

බමුණු ,පිස්සෙක් වෙන්න එපා මෝඩ කතා කියලා (නි)

:       0       0

බමුණූආරච්චි Wednesday, 17 July 2013 06:54 PM

"ඉටු කරන සේවය නම් මිල කරන්න බැහැ", පෞද්ගලික ඉස්පිරිතාලයකද නැතිනම් රජයේ ඉස්පිරිතාලයකද? රජයේ ඉස්පිරිතාලයක නම් කියලා වැඩක් නැහැ හිටිය කෙනා තමයි ඒක දන්නේ. ඒගොල්ලන්ගේ හිතේ එයාලා ඉහලම රජයේ සේවකයෝ කියලා. අපි පිටරට ඉස්පිරිතාලවල ඉඳලා තිබෙන නිසා වෙනස දන්නවා. (නි)

:       0       0

සනත් අබේකෝන් Thursday, 18 July 2013 12:28 PM

වෙනත් රටවල හෙද සේවාව වගේම ඒ රටවල ගෙවන පඩිය හා පහසුකම් ගැනත් කතා කරන්න කොතැනක වුවත් හොඳ සේවාවක් ලැබෙන්න නම් සේවා තෘප්තියක් තියෙන්න ඕනෑ සේවකයාට. ලංකාවේ මුළු රාජ්‍ය සේවයටම නැත්තේ ඒක. (නි)

:       0       0

බමුණු Wednesday, 17 July 2013 07:08 PM

ශත 5 ක් වැඩිකරන්න එපා. මොකද එයාලට විතරක් පඩි වැඩි කරන්නේ? ගෙනෙමු අපි ඉන්දියාවෙන් හෙදියෝ (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 18 July 2013 04:48 PM

හරිම අසාදාරණයි මිසි , මෙයාලගේ පඩිය අඩුම තරමේ 35000 පැනලා. කවුද කියන්නේ හෙදියෝ කැත කුණු අතගානවා කියලා? ඒක කරන්නේ සුළු සේවකයෝ, මෙයාලා කරන්නේ නාවන එක කොන්ඩ පීරන එක මැහුම් ගෙතුම් තව ඕනෑනම් අනුන්ගේ ඕපාදුප , තරහකට නෙවෙයි ඇත්ත මේකයි. වෙනත් රටවල ඉන්න හෙදියෝ මොනතරම් වැඩ කරනවද ලෙඩාව තියාගෙන ට්‍රොලි ඉඳලා තල්ලු කරනවා (නි)

:       0       0

බමුණු Wednesday, 17 July 2013 07:11 PM

මොකද උපාධි ගත්තැයි කියලා දොස්තර වැඩේ කොරන්නයෑ? කරන්න තියෙන්නේ දැනට අවූරුදු 20-25 කලින් කරපු දේමනේ (නි)

:       0       0

අසංක Thursday, 18 July 2013 07:58 AM

හෙදියෝ දොස්තරලට වැඩියෙන් නිහඩ සේවයක් කරනවා. දොස්තරලා ඒගොල්ලන්ගේ බිස්නස් එකට දුවන්න බලන් ඉන්නේ. ලෙඩාගේ සම්පුර්ණ වගකීම හෙදියට තමා පැවරෙන්නේ. එම නිසා ඒ අයව රටේ උසස් තත්වයකට ගෙන්න පාලකයෝ වග බල ගන්න ඕනා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෙරට නිල සංචිත ඉහළට
2024 නොවැම්බර් මස 12 610 0

මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.


ගම්පහත් සූදානම්
2024 නොවැම්බර් මස 12 521 0

දිවයිනෙහි වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්ක


නව පාර්ලිමේන්තුව 21 රැස් වේ
2024 නොවැම්බර් මස 12 242 0

දස වැනි පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය. මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (12) නිකුත් කරනු ලැබී


ලබන 30 පෙර ගිනි අවි දෙන්න කියයි
2024 නොවැම්බර් මස 12 191 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට මෙන්ම රජයේ විධායක තනතුරු දැරූ නි


ඡන්දේ ආරක්ෂාවට අනූදහසක බල ඇණියක්
2024 නොවැම්බර් මස 12 55 0

පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් අනූදහසක් දිවයිනපුරා පාර්ලිමේන්තු මැතිවරණය විශේෂ රාජකාරි සදහා යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝ


රත්නපුර ඡන්ද මධ්‍යස්ථාන අටක් වෙනත් තැන්වලට
2024 නොවැම්බර් මස 12 321 0

කඨින පිංකම් හේතුවෙන් රත්නපුර මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද මධ්‍යස්ථාන අටක් වෙනත් ස්ථානවල ස්ථාපිත කළ බව රත්නපුර දිස්ත‍්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් සු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 168 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 512 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1587 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site