IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


හදිස්සියේ වැට පැන මරු තුරුළට යයි

කොළඹ හලාවත දුමිරිය මාර්ගයේ හලාවත මැරවල දුම්රිය හරස් මගේ ගේට්ටුව වසා තිබිය දි පාපැදියකින් යාමට තැත් කළ අඹුසැමි යුවළක් අද ( 14 ) දුම්රියට හසුවී මිය ගිය බව හලාවත පොලිසිය කියයි.

මියගිය දෙදෙනා හලාවත අසරප්පා වත්තේ පදිංචි අඹු සැමියන් වන අතර ඔවුන් ගමන් කළ පාපැදියේ රැගෙන යමින් තිබූ කසිප්පු බෝතලද තිබූ බව පොලිසිය පවසයි.

 



අදහස් (0)

හදිස්සියේ වැට පැන මරු තුරුළට යයි

නන්දලාල් - ප්‍රංශය Monday, 15 June 2015 08:49 AM

කසිප්පු බොන්න තිබුන කෑදරකම නිසාද, එහෙම නැත්නම් "බඩු" භාරදීමට තිබුන හදිස්සිය නිසාද මේ අනතුර සිද්ද වුනේ කියන්න මේ ජෝඩුවට දැන් පුළුවන්කමක් නැතිවීම ගැන අප කනගාටුවෙනවා. සමහර විට හොඳට සූර් වෙලා ඉන්නත් ඇති. කොහොම වුනත් මෙවැනි භාණ්ඩ සයිකල් වලින් ගෙන ගිය කාලේ දැන් ඉවරයි. කසිප්පු මුදලාලි මේ යුවලට යතුරු පැදියක් දුන්නා නම්, මේ අවාසනාවන්ත සිද්දිය නොවෙන්න තිබුණා. කසිප්පු මුදලාලි වරුනි, මේ ඔබේ අවධානය පිණිසයි !!! (බ)

:       0       0

ඩික්සන් Monday, 15 June 2015 01:36 AM

මටත් පුදුම දුකක් දැනුනා. දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනි! (නි)

:       0       0

විජේතුංග Monday, 15 June 2015 01:35 AM

අනේ පවු දෙවියනේ අහිංසක මිනිස්සු! (නි)

:       0       0

රොෂාන් Monday, 15 June 2015 01:45 AM

කසිප්පු තිබුනා නම් හොඳ යුවළක් වෙන්න බැහැ (නි)

:       0       0

ලෙනාඩ් Monday, 15 June 2015 03:42 AM

මිනිස්සු දැනගන්න ඕනෑ ආරක්ෂා වෙන්න. මේ ගොල්ලෝ පොඩි ළමයි නෙමෙයිනේ (නි)

:       0       0

රුවන් Monday, 15 June 2015 04:08 AM

මොන දේ වුණත් පරිස්සමට කරන්න ඕනෑ.මීටවැඩිය හොරු කොච්චර අපුරුවට ජීවත්වෙනවද? (නි)

:       0       0

ඉසුරන්දි Monday, 15 June 2015 04:12 AM

නීතියට හොරෙන් මොනවා කරන්න හැදුවත් තම හිත ඒකට ඉඩ දෙන්නේ නැති බව මේකෙන්ම සනාත වෙනවා.මොනවා වුණත් අකල් මරණ දෙකක්. (නි)

:       0       0

සමන් කුමාර Monday, 15 June 2015 04:45 AM

මේ ගොල්ලෝ කසිප්පු පොවලා කී දෙනෙක් මරුතුලට යවල ඇද්ද? කී දෙනෙක් ගෙ පවුල් විනාශ කරලා ඇද්ද?(ම)

:       0       0

මංගලි Monday, 15 June 2015 05:14 AM

එහෙම පරිසන් දෙනවානම් හොදයි එත් එක හැමෝටම වෙන්නේ නැ.ඔය දේශපාලකයෝ කුඩු අරක්කු තැබෑරුම් (කරන තාරක වැරදි දේවල් කරන්නේ සල්ලි තියෙන ය.එයාලට මුකුත් වෙන්නේ නැ සොබා දහමෙන්.දුප්පත් අයට තමයි සේරම විපත්ති (ම)

:       0       0

චමල් Monday, 15 June 2015 05:16 AM

එතකොට කසිප්පු ටිකක් පොවපු යයි පවු කාරයෝ? කිලෝ ගණන් කුඩු ගෙන්නන අරක්කු වලට කලවම් කරන්න එතනෝල් ගෙන්නන අය? උන් නීතියට බය නැහැ. මේ වගේ දුප්පත් මිනිස්සු නීතියට බයයි මොකද අහු වුනොත් බන්ධනාගාර රෝහලුත් නැහැ, ඇත අඩංගුවට නොගන්න අධිකරණ නියෝගත් නැහැ, (ම)

:       0       0

නිහාල් Sunday, 14 June 2015 07:06 PM

රේල් ගේට්ටුව වහලා නම්? හදිසි නම්? බසිකලය තල්ලු කරගෙන ගියා නම් අනතුරෙන් බේරෙන්න පුළුවන්. ඔබ දෙදෙනාට නිවන් සුව පතමි! (නි)

:       0       0

සත්‍යයා Sunday, 14 June 2015 10:22 PM

අනේ පව්! ප්‍රමාද වුණොත් පොලිසියට අසුවෙතැයි බියකින් මෙසේ කළා විය හැක. දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 351 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1189 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 235 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 477 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 377 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 634 1

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36781 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24302 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 553 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site