මාස හතරක් මුළුල්ලේ ක්‍රියාත්මක කෙරුණු හදිසි නීතිය අවසන් කිරීමට රජය තීරණය කර ඇතැයි ප්‍රංශ පුවත් සේවය අද (23) වාර්තා කළේය.
පාස්කු ඉරිදා (අප්‍රේල් 21) එල්ල වූ මරාගෙන මැරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසුව රට තුළ නීතිය ක්‍රියාත්ක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගත්තේය. ඒ අනුව අප්‍රේල් මස 22 වැනිදා සිට මාසයෙන් මාසයට ජූලි 22 වැනිදා දක්වා හදිසි නීතිය දීර්ඝ කළේය.
එසේ වුවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවත් මාසයකට හදිසි නීතිය දීර්ඝ නොකර ඇතැයි වාර්තා වේ.
නිල ආරංචි මාර්ගයක් උපුටා දක්වමින් ජනාධිපතිවරයා හදිසි නීතිය දීර්ඝ කෙරෙන අති විශේෂ ගැසට් පත්‍රයකට අත්සන් තබා නැතැයි ද ප්‍රංශ පුවත් සේවය වාර්තා කර ඇත.
රජයේ මුද්‍රණාලයද ඒ බව තහවුරු කළේ යැයි ප්‍රංශ පුවත් සේවය තවදුරටත් වාර්තා කර ඇත.
පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් 258 දෙනකු මියගොස් 500කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.
055
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරෙන අප්‍රේල් 26 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.
පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂීකාවකට නිල ජන්ද පත්‍රිකාවක් ලබා දුන් බව කියන පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නා අද (24) දහවල් අත්
රුපියල් පන් කෝටි තිස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැ
නැගී එන දේශපාලන පක්ෂයක අපේක්ෂිකාවක් නීති විරෝධි ලෙස නිළ ජන්ද පත්‍රිකාවක් තොගයක් සිය නිවසේ සඟවාගෙන සිටියදී අද( 24 ) අලුයම අත් අඩංගුවට ගත් බව පුත්තලම මූලස
ඌව පළාත් සභාව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු ගිණුම් හයක් කල් පිරීමට පෙර ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173 ක අලාභයක් සිදු කළේ ය
දළදා වන්දනාව වසරක් පාසා පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්බීඑස් අභයකෝන් මහතා තීරණය කර ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හදිසි නීතිය අවසන් කිරීමට රජය තීරණය කරයි
ගල්කටස් Friday, 23 August 2019 12:55 PM
ඕක අයින්කර ගන්න ඕනෑ වැරදිකරන මිනිසුන්ට මිසක් අහිංසක මිනිසුන්ට නෙමේ. අරක්ෂාව තහවුරු නම් ෆොන්සේකා මහත්මයා කියනවා නම් අපි පිළිගන්නවා.. නැත්නම් අම්මො අපි කැමති නැහැ අයින් කරනවට... ෂුවර් එකටම අල්ලලා ඉවරයිද උන්ව..?
ගොන්ගාලේ ගොඩබණ්ඩාSaturday, 24 August 2019 12:39 AM
මෛත්‍රීපාල සිරිසේන තුරුම්පු ආසියා විසිකළ බව විශ්වාස කරමි. ජනාධිපතිවරණයට පෙර පළාත් පාලන චන්දය එන බව දැන් පැහැදිලියි. සිරිසේනට තමන්ගේ බලය ශක්තිය පෙන්වන්නට හැකි එකම ක්‍රමය එයයි. පොහොට්ටුවෙන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන වෙනම තරග නොකර තෝරාගත් ප්‍රදේශවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයිනුත් තවත් ප්‍රදේශ වල පොහොට්ටුවේ නියෝජිතයිනුත් ලෙස පත්වීම තුලින් තම බලය පෙන්වීමටමෛත්‍රීපාල සිරිසේන මෙහිදී හැකිවෙනවා. මෙය ලංකා දේශපාලනය නොසිතු විරු දෙසකට කැරකෙන බව මා විශ්වාස කරනවා.
kolam boss Friday, 23 August 2019 01:04 PM
ඉතාම හොඳ පියවරක්.. රටක ආරක්ෂාව පවත්වාගෙන යන්න හදිසි නීතියක් අවශ්‍ය නැහැ. අත්අඩංගුවට ගන්න රටේ සාමාන්‍ය නීතිය හොඳටම ප්‍රමාණවත්... හදිසි නීතියෙන් කරන්න පුළුවන් එකම දේ පොලිසියේ තියාගෙන අධිකරණයට ඉදිරිපත් නොකර දසවද දෙන්න පුළුවන්කම විතරයි...
NuwanSaturday, 24 August 2019 05:28 AM
ත්‍රස්තවාදියෙකුගේ අදහසක්...
kolam bossSaturday, 24 August 2019 09:47 AM
ඔබ 1983 න් පසු ඉපදුණු කෙනෙක් .
kolam bossSaturday, 24 August 2019 09:53 AM
එක්කෝ ඔය ළමයා ඉපදිලා තියෙන්නේ මේ රටේ යුද්ධයක් තියෙන වෙලාවේ.. නැත්නම් ඔය ළමයා ආරක්ෂක අංශයක රස්සාව කරනවා. මේ රටේ හදිසි නීතියක් සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය නැහැ. වැරදිලා හරි ඔය ළමය මෝටර් බයිසිකලේක හරි යද්දී ආරක්ෂක අංශෙක නිලධාරියෙක් අණ නොතකා ගියා කියා වෙඩි තිබ්බොත් හදිසි නීතිය යටතේ ඔහු සාධාරණයි. ඔය ළමයා වලපල්ලේ .
jayasathSunday, 25 August 2019 06:06 AM
හදිසි නීතියට කැමති නුගත් වහල්ලු නැත්නම් ලිං මැඩියෝ ...
අනුර එදිරිසිංහ Friday, 23 August 2019 02:28 PM
හදිසි නීතිය ගෙන ඒමේ අරමුණ වුනේ තාවකාලිකව තත්වය සමනය කරන්න වුනත් මේ අන්තවාදී ත්‍රස්තවාදීන්ව දීර්ඝකාලීනව පාලනය කරන්න මේ ආණ්ඩුව නීතිරීති ගේන්න අසමත් වෙලා. ත්‍රස්තවාදීන්ව ඇල්ලුවාට මේවාට මූලික වෙච්ච කණ්ඩායම, ඔවුන්ගේ අරමුණ හොයාගත්තද? හදිසි නීතිය අයින්කරපු ගමන් නිකාබයේත්, බුර්කාවේ තහනමත් ඉබේම අවසන් වෙනවා නේද? හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගත්ත අයත් නිදහස් නේද? අන්තවාදී දේශනා, අන්තවාදී මද්‍රසා පාසල් නියාමනය කෝ? මහත්වරුනි, දේශපාලන බලය වෙනුවෙන් රටේ අනාගතය පාවාදෙන්න එපා...
Bamunuarachchi Friday, 23 August 2019 02:53 PM
එතකොට බුර්කාව එලිබහී නේද?
Mohamaed RizanSunday, 25 August 2019 04:27 AM
බුර්කාව කියන දෙය ලංකාවට කොහෙත්ම ගැළපෙන්නේ නැහැ......දැන් අරාබියෙත් බුර්කාව කියන දෙය ටිකෙන් ටික නැති වෙනවා....
de silva Friday, 23 August 2019 04:19 PM
ඕක තියෙන එකෙන් ත්‍රස්තයින් පමණක් නොවේ.., පාතාලය, කුඩු ජාවාරම වැනි දේවලුත් මර්ධනය වෙලා තිබුණා. මට නම් ඕක තිබුණා කියලා කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අමාරුවේ වැටිලා තිබුනේ හොර ජාවාරම් කාරයින්ව..
king benatSaturday, 24 August 2019 02:03 AM
ඔයා පිට රට නේද ඉන්නේ ? එහෙනම් ප්‍රශ්නයක් නැහැ තමයි .
BamunuarachchiSunday, 25 August 2019 02:08 PM
ඔබ හරි... හදිසි නීතිය නිසා අමාරු හොරදෙටුවන්ට ත්‍රස්තයින්ට මිස අපි වැනි සාමාන්‍ය ජනතාවට නොවෙයි. ඕක කොහෙත්ම අපිට දැනුනේ නැහැ. දන්නෙත් නැහැ. පාතාලයන් බයයි දන්නවා.
උදිත Friday, 23 August 2019 04:24 PM
හදිසි නීතිය අයින් කළා කියලා ලංකාවේ මිනිස්සු දැනගන්නේ ප්‍රංශයේ පත්තරවලින්... එතකොට මරු රටක් අයිසේ මේක...
ලුම්බිණි Saturday, 24 August 2019 02:31 AM
කල යුතු දෙයක්.
Sugath Premalal Saturday, 24 August 2019 04:50 AM
ලංකාව බටහිර සහ ඇමෙරිකාවේ රූකඩයක් වෙලා... අපි හිතන විදියට නම් හදිසි නීතිය තවත් මාස 6 ක්වත් තියෙන්න ඕනෑ.. මොන හේතුවක් නිසාද අපි බටහිර සහ ඇමෙරිකාවට ඕනෑ විදියට වැඩ කරන්නේ...?
sirimal Saturday, 24 August 2019 08:22 AM
අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරයෙන් පසුව මාස 4ක් තිස්සේ ක්‍රියාත්මක කරන ලද හදිසි නීතිය අවසන් කිරීමට ගත් තීරණයත් සමඟම දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි "මහජන සාමය පවත්වාගෙන යාම සඳහා" ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 අගෝස්තු 22 වන නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ත්‍රිවිධ හමුදාවල සියලුම සාමාජිකයින් කැඳවා ඇති බවත් වාර්තාවෙනවා. අපි අහන්නේ මේ අර අඳින්නේ අලුත් අගමැති කෙනෙක් පත්කර ආයෙත් අර ඔක්තෝම්බර් නාඩගම නටන්නවත්ද කියලයි. දැන් දැන් එහෙම කතා හරියට ප්‍රචාරය වෙනවා.