(මනෝප්‍රිය ගුණසේකර)
දරුකමට හදාගත් වයස අවුරුදු දෙකක පිරිමි දරුවකු කෲර වධහිංසාවන්ට ලක් කර ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු අඹු - සැමි යුවළකට කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා මරණ දණ්ඩනය නියම කළේය.
ගිනි පෙනෙළි වලින් පුච්චා, පහරදීමෙන් ඇති වු තුවාල 90ක් පමණ සිරුර පුරා අති මියගිය දරුවා වළදැමීමට සුදානම් වීමේදී පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මීට වසර 07කට පෙර අත්අඩංගුවට ගනු ලැබු දරු දෙදෙනකුගේ මව්පිය යුවළක් වන විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් කිසිඳු සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට මෙලෙස මරණ දණ්ඩනය නියම කළේය.
ජනාධිපතිවරයා නියම කරන දිනය හා වේලාවක වැලිකඩ බන්ධනාගාරයේදී ප්‍රාණය නිරුද්ද වනතෙක් විත්තිකරුවන් බෙල්ලෙන් එල්ලා තැබීමට විනිසුරුවරයා නියම කළේය.
මෙලෙස මරණ දණ්ඩනය නියම කරන ලද්දේ කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි දරු දෙදෙනකුගේ මව්පිය යුවළක් වන මොහොමඩ් අලී මොහොමඩ් උස්මාන් සහ මොහොමඩ් ෆාහීම් ෆාතිමා සියානා නමැති අඹුසැමි යුවළකටය.
2018 මැයි 11 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මාලිගාවත්තේදී අවුරුදු දෙකක පිරිමි ළමයෙකු කෲර වධ හිංසාවට ලක්කොට මරණය කළ බවට විත්තිකාර යුවළට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබුණි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත දළදා දැක්ම මහජනතාවගේ පහසුව තකා රාත්‍රී කාලයේදීද පවත්වන ලෙස රජයේ ඉහළ නිලධාරීන්ගෙන් යෝජනා වී ඇතත් ඒ සඳහා තේවාව භාර හිමිවරු
නිවසේ නවතා ඇති ලොරි රථයේ බැටරිය සොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා නිවෙස් හිමියා විසින් අදින ලද අනවසර විදුලි රැහැනක පැටලීමෙන් ඔහුගේ බිරිද හා පුත්‍රයා මි
හොරණ රෝහල ඉදිරිපිට නවතා තිබූ ත්‍රී රෝද රථයක් හිටි හැටියේ ගිනිගැනීමටට ලක්විය.
වැසි සහ ආපදා හේතුවෙන් පසුගිය කාලසීමාවේ සිදු වූ වගා හානි සඳහා වන්දි ලබා දීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධා
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අල් ජසීරා ජාත්‍යන්තර රූපවාහිනී නාලිකාව කළ සම්මුඛ සාකච්ඡාව අතරතුර උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
හදාගත් දරුවාට වද දී මැරූ යුවළ පෝරකයට