තරිඳු ජයවර්ධන
මහනුවර ඇතිවූ කළහකාරී සිදුවීම් සමග ජනාධිපතිවරයා විසින් පවන ලද හදිසි නීති රෙගුලාසි ඉවත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදේශ සංචාරය නිමවී ලංකාවට පැමිණි පසුව බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය.
ජනාධිපතිවරයා ලංකාවට නැවත පැමිණීමට නියමිතව ඇත්තේ ලබන සෙනසුරාදා (07) බවත්, ඒ වන විට රටේ ඇති වාතාවරණය සලකා බැලීමෙන් අනතුරුව හදිසි නීතිය ඉවත් කිරීම පිළිබඳ තීරණය ජනාධිපතිවරයා විසින් ගනු ලබන බවත් ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේය.
මහනුවර ප්‍රදේශයේ පසුගිය පස් වැනි දා ආරම්භ වූ කළහකාරී සිදුවීම් පාලනය කිරීම සඳහා පසුගිය හය වැනිදා පැවැති කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව එදින සවස 2.45 සිට ක්‍රියාත්මක වන පරිදි රට තුල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනයට ජනාධිපතිවරයා අත්සන් තැබීය.
ඒ අනුව මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවැනි කොටස සක්‍රීය වූ බවත්, එහි පස් වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් නියෝග නිකුත් කරනු ලැබූ බවත් ජනාධිපති ලේකම් කාර්යාලය කියයි. එම නියෝග මුලින් දින හතක කාලයක් සඳහා පැණවීමට රජය තීරණය කර තිබූ බවත්, ඒ අනුව මේ වන විට දින හතක කාලය අවසන් වී ඇතත් ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළ හදිසි නීතිය ඉවත් කළ හැක්කේ ද ජනාධිපතිවරයාගේ අත්සනින්ම බවත්, ජනාධිපතිවරයා විදේශ ගතවී ඇති බැවින් හදිසි නීති රෙගුලාසි ඉවත් කළ නොහැකි බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා විසින් හදිසි නීති රෙගුලාසි ඉවත් කරනු ලබන තෙක් පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාවටම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ඇතුළු විශේෂ බලතල හිමිවව බව ද ජනාධිපති ලේකම් කාර්යාලය කියයි.
නැවත දැනුම් දෙනතුරු ඓතිහාසික මහනුවර සිරි දළදා වන්දනාවට බැතිමතුන්ට නොපැමිණෙන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා දන්වා සිටි.
පාතාලය සහ මත්කුඩු ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වන පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන්ද සිටින බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.
ආගමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිට
පාසල් සිසුන්ට ආහාර වේලක් ලබාදීමේ ලෝක ආහාර වැඩසටහනෙ මේ වන විටත් ක්‍රියාත්මක වැඩ පිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇ
පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (24) ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
සේවක අර්ථ සාධක අරමුදල සමාගම් පහළවක කර තිබූ රුපියල් කෝටි 2179ක ආයෝජනයන්ගෙන් ප්‍රතිලාභ ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්ෂික වාර්තාවේ දැක්වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හදිසි නීතිය ඉවත් කිරීම ජනපති ලංකාවට පැමිණි පසු
ජගත් ලියනගේ Wednesday, 14 March 2018 09:51 PM
නැකතකට ද ඕක කරන්නේ ?
පිටිගල මිලානෝ Thursday, 15 March 2018 08:38 AM
දැන් ඉතින් යන්න. මෙහෙමත් නායකයෝ.
චන්දික Thursday, 15 March 2018 08:42 AM
රටේ සාමය, සමගිය, සහජීවනය පිණිස හදිසි නීතිය දිගටම පවත්වාගෙන යා යුතුයි!
sirimal Thursday, 15 March 2018 08:42 AM
රට රටවල සංචාරය කරන්න කලින් නුවර පැත්තේ ගිහින් මොකද්ද ඇත්තටම සිද්ධ උනේ කියල හොයල බැලුවනම් තමා වඩා හොඳ. දවස්පතා රටපුරා රථවාහන අනතුරු කෙතරම් සිද්ධ උනත් මේ එක අනතුරක් මෙතරම් දුරදිග අරගෙන ගියේ කාගේ උවමනාවටද, කවුද කොහොමද කියල ක්ෂණිකව සොයා බලා කලබල පැතිරීම වැලක්වීමට නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකර, හොරු අල්ලන ව්‍යාපෘතිය, රස්සාවල් 10,000 ක් දෙන ව්‍යාපෘතිය, දුෂණය නැතිකරන ව්‍යාපෘතිය වගේ එක එක ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා වගේ ජනතවා ගොනාට අන්දවමින් වටේට ඉන්න ඔල මොට්ටල උපදේශකයින් දෙන දිරච්ච ලණු ගිලිමින් කටෙන් බතල හිටවමින් කාලය මරන්නේ නැතුව දැන්වත් කරන දෙයක් හිතා මතා සිහි බුද්ධියෙන් යුතුව කලේ නැත්නම් වැඩිකල් නොගොස් ඡන්දෙ දවස්වල මතක් කරදුන් "වලපල්ලට" තමයි යන්න වෙන්නේ. හන්දියේ මිනිස්සු දැන් කතාවෙනව ආණ්ඩුවේම පත්තරේ ප්‍රසිද්ධ කරපු වාර්තාවකට අනුව කලින් කෙනා ලංකාවේ ලොකුම සල්ලි කාරයා උනේ අවුරුදු 10 ක් ගත කරලා නමුත් මෙයා අවුරුදු 3 කින් තුන්වෙනි සල්ලි කාරයා උනේ කොහොමද කියල. මේවා ප්‍රසිද්ධ උනේ තහනම් කරපු "මුහුණු පොතේ" නෙවේ ආණ්ඩුවේම පත්තරේ. දැන් එහෙනම් බේරේ ගෙදරත් වහල දානවද?