IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


හෙද සේවාවට වරප්‍රසාද දුන්නාට තව පිරිසක් විරෝධය පා වැඩ වරති

(රංජන් කස්තුරි)

සෞඛ්‍ය සේවාවට අයත් වෘත්තීන් 14ක සේවක සේවිකාවෝ හෙට (5) සිට අඛන්ඩ වැඩවර්ජනයක නිරත වෙති.

හෙද සේවාවට පමණක් සුවිශේෂ වරප්‍රසාද ලබාදීමට විරෝධය දැක්වීම සඳහා එම අඛණ්ඩ වැඩවර්ජනය දියත් කරන බව එම වෘත්තීය සමිති නායකයෝ පවසති.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන්, ඖෂධ සංයෝජකයින්, දන්ත චිකිත්සකයින්, අක්ෂි තාක්ෂණවේදීන්, විද්‍යුත් විකර්පන රේඛණ ශිල්පීන්, විද්‍යුත් කාන්තු රේඛත ශිල්පීන්, මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන් සහ කීට විද්‍යාඥයින්, වෛද්‍ය රසායනගාර විද්‍යඥයන්, විකිරණ  විද්‍යා තාක්ෂණවේදීන්, රජයේ ඖෂධවේදීන්  වෘත්තීය චික්ත්සකයින් සහ වීකිරණ ප්‍රතිකාර  චිකිත්සකයින් යන වෘත්තීන් ඒකාබද්ධ මෙම වෘත්තීය ක්‍රියාමර්ගය ගන්නා බව ද වෘත්තීය සමිති නායකයෝ පවසති.

හෙද වර්ජනය විසඳීම සඳහා  හෙද සේවාවට උසස්වීම් ක්‍රමවේදයක් ලබාදීම, මාණ්ඩලික තත්ත්වය ලබාදීම සහ නිල ඇඳුම් දීමනාව ඉහළ දැමීම සිදු උවද  සෞඛ්‍ය සේවාවේ සමාන්තර  ශ්‍රේණිවලට එම වරප්‍රසාද නොලැබීම මුල්කර ගනිමින්  අඛණ්ඩව වැඩවර්ජනය ආරම්භ කරන බව අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ කීය.



අදහස් (6)

හෙද සේවාවට වරප්‍රසාද දුන්නාට තව පිරිසක් විරෝධය පා වැඩ වරති

Prabha Sunday, 04 July 2021 06:34 PM

අත්‍යාවශ්‍ය සේවයක් වුණත් මනුස්සකම් නැතිම තැනක්...

:       14       206

RaveendraMonday, 05 July 2021 08:18 AM

සහතික ඇත්ත. තම රැකියාවේ නිරතවෙන ගමන්ම පිං රැස්කර ගන්නා නමුත් මොවුන් සැමවිටම පිං වෙනුවට පව් තොගපිටින් රැස්කර ගන්නා බව නොරසකි. තමන්ගෙන් විය යුතු යුතුකම අමතක කර මුදල ගැනම පමණක් සිතන මිනිසුන් කිසිදා ඉදිරියට ගියේ නැත.. යන්න නොදැනීමත් අවාසනාවකි.

:       0       0

නුවන් Sunday, 04 July 2021 08:53 PM

සෞඛ්‍ය සේවය යනු උතුම් සේවයක්... එහෙත් මේ දේශයේ සිටින අය කරන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමයි. පෙර දිනයේ වර්ජනයෙන් දිනූ අයද, අද දිනයේ වර්ජනය කරන නුඹලාද, කැඩපත ඉදිරියට ගොස් මුහුණ බලන්න. මෙවන් කාලයක මෙවන් වර්ජන කරන්නට හිත හදා ගන්නේ කොහොමද?

:       0       0

Rata Perata Monday, 05 July 2021 12:34 AM

ඉතා හොඳ වැඩක්. අපේ බදු සල්ලි වලින් සුර සැප විඳින ගමන් අපේ රට, ලෝකයේ අසාර්ථකම රටක් කළ දේශපාලුවන්ට ඔක්කොම වැටුප්, දීමනා ගන්න පුළුවන් නම් මේ මිනිස්සුන්ටත් දෙන්න ඕනෑ.

:       0       0

ශාන්ත ලියනආරච්චි Monday, 05 July 2021 10:05 AM

හෙද සේවාවට වරප්‍රසාද දුන්නාට තව පිරිසක් විරෝධය පා වැඩ වරති. මෙය බොරු වාර්තාවක්.. ඔවුන් කරන්නේ සංකේත වැඩ වර්ජනයක්.. මෙයට ප්‍රථමත් කරා... ඔවුන් එම දිනවල පවසා තිබුණා දීර්ඝ වැඩ වර්ජනයකට යන බව... අනෙක ජනාධිපති ඔහුට හිතවත් වෘත්තිය සමිති පමණක් කැඳවා සාකච්ඡා කරනවා. අනෙකුත් වෘත්තීය සමිති ගණන් නොගෙන වැඩකරන බවක් පෙනෙනවා..!!! 

:       0       0

යාපා Monday, 05 July 2021 10:14 AM

තව ටික කාලෙකින් වැඩ කරන්නේ නැතුව පඩි ඉල්ලයි මේ කාලකන්නි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රුපියල් ලක්ෂ 60ක ජංගම දුරකථන කටුනායකදී මාට්ටු
2024 නොවැම්බර් මස 02 377 0

රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග


ලංකාවේ ආර්ථික නිදහස තව පල්ලම් බැහැලා
2024 නොවැම්බර් මස 02 1474 0

ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ


කොටියාගල ජල ටැංකියට ජලය ගෙනයන ඇළේ මළ සිරුරක්
2024 නොවැම්බර් මස 02 1174 0

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප


ලොරියක් සහ වෑන් රියක් ගැටී අයෙක් මරුට
2024 නොවැම්බර් මස 02 435 0

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක


කොටුව - කන්කසන්තුරේ නගරාන්තර දුම්රියක් අද සිට
2024 නොවැම්බර් මස 02 1138 0

කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


පළාත් රැසක අද තද වැසි සහ සුළං
2024 නොවැම්බර් මස 02 433 0

දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1191 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 655 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site