IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


හන්තාන අපයෝජනයේ සැකකාර ව්‍යාපාරිකයා අත්අඩංගුවට

මහනුවර හන්තාන මානව හා නායකත්ව විද්‍යා පීඨය නමින් ආයතනයක් පවත්වාගෙන යමින් එහි සිසුවියන්ට ලිංගික හිංසන සිදුකළැයි කියන සිද්ධියේ දෙවැනි සැකකරුවන මහනුවර ව්‍යාපාරික නිමල් පීරිස් අද (10) අලුයම 5.30ට පමණ ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

සිද්ධියේ ප්‍රධාන සැකකරුවන එහි භාරකරු චන්දිමාල් ගමගේ මීට පෙර පොලිස් භාරයට පත්වූ අතර නිමල් පීරිස්ගේ ඇප අයදුම්පත මහනුවර මහාධිකරණය අඟහරුවාදා (10) ප්‍රතික්ෂේප කළේය.

අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වු සිසු සිසුවියන්ගේ මානසික තත්වය වර්ධනය කර නැවත විභාගය සඳහා සහභාගි කරවීමට මාස 6 ක නේවාසික පාඨමාලවක් පවත්වන බව කියමින් පුවත්පත්වල පළ කළ දැන්විමකට අනුව මෙම සිසුන් අදාළ ආයතනයට බඳවාගෙන ඇති බවද එහි සිදුවන බව කියන අකටයුතුකම් ඉවසා ගැනිමට නොහැකි වු සිසුවියන් සිවු දෙනකු පසුගිය පළමුවැනිදා අලුයම එම ආයතනයෙන් පැන ගොස් හන්තාන ප්‍රදේශයේ කැලෑවක රැඳී සිට අසල්වැසියකුගේ මාර්ගයෙන් පොලිසියට පැමිණිලි කර ඇතැයි කියති.

මෙහි භාරකරු ලෙස පෙනි සිටි පුද්ගලයා සිසුන්ට දේශන පවත්වා ඇති බවත් වයස 15,16, 17 වන සිසුවියන් 9 දෙනකු ආයතනයේදි හා පිටතදි තමන් ලිංගික හිසාවට ලක්වු බව කියමින් පොලිසියට පැමිණිලි කර ඇති බවත් පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ආදාළ ආයතනයේ පාලිකාව හා අයකැමිවරිය ද සඳුදා (8) අත්අඩංගුවට ගනු ලැබූහ.



අදහස් (0)

හන්තාන අපයෝජනයේ සැකකාර ව්‍යාපාරිකයා අත්අඩංගුවට

සරත් Wednesday, 10 August 2016 08:56 AM

මේ පිරිසට දැඩි දඩුවම් දෙන්න.(හේ)

:       0       0

නිමල් Wednesday, 10 August 2016 05:37 AM

සමාජයේ මහත්වරු ලෙසින් වැජඹෙන අයගේ සැබෑ යථාර්ථය! (නි)

:       0       0

ශාන සෞදි Wednesday, 10 August 2016 05:33 AM

මේවට වගකියන්න ඕනෑ දෙමාපියන්. තමන්ගේ දරුවෝ එක එක්කෙනාට බාරදීලා මෙහෙම බලාඉන්නවද? අද උදේට වැඩට ගිය ගැහැණු ළමයෙක් හවස ගෙදර එනතුරු මොනතරම් අනාරක්ෂිතද? එහෙම එකේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පිට ආයතන වලට මේ වගේ ගැහැණු ළමයි යවනවද? මේක නූගත්කම නොවේ. අනෙක් අය පරයා යන්න තිබෙන උවමනාවයි. මගේ දුව අතන ඉගෙනගන්නවා, මෙතන ඉගෙනගන්නවා කියලා පම්පෝරි ගහන්න තියන උවමනාව. අද සමාජය කොපමණ පිරිහිලාද? මාන්නයෙන් අන්ධවෙලා අම්මා තාත්තට ගෙදර තියාගෙන තමන්ගේ දරුවට උගන්වන්න බැරි නම් රටේ අය කොහොමද ඒක කරන්නේ? මේ වැඩේට ළමයි යවපු දෙමාපියන්ටත් විරුද්ධව නඩු දාන්නයි වටින්නේ, අනෙක් අයටත් හැදෙන්න එක්ක (නි)

:       0       0

අබය Wednesday, 10 August 2016 05:40 AM

ශානගේ කටේ මසුරන් දමන්න ඕනෑ. (නි)

:       0       0

ජයසිරි Wednesday, 10 August 2016 05:59 AM

මම දැක්කා මේක විවෘත කිරීමේ උත්සවය. එ්කේ හිටියේ රටේ ලොකු ලොක්කෝ ටිකක්. මේක මොන අපරාධයක්ද? මොන ලැජ්ජාවක්ද? (නි)

:       0       0

නිහාල් Wednesday, 10 August 2016 06:02 AM

සමහර පුද්ගලික රක්ෂණ සමාගම්වලින් වෙච්ච දෙවල් මතකනේ.මෙවැනි පුද්ගලික සියලුම අධ්‍යාපන ආයතන රජයේ ලියාපදිංචිකර පිළිගත් නීතිමාලාවකට යටත් කඵ යුතුයි. (හේ)

:       0       0

නන්ද Wednesday, 10 August 2016 06:08 AM

ඕනෑම නගරය ට ගියහම පෙනෙනවා, ඒවායේ කොච්චර ළමා වයසේ දරුවන් "ජෝඩු දමාගෙන" ඉන්නවද කියල."අපේ දරුවත් මෙහෙම ඉන්නවද දන්නේ නැහැ" කියලා මව්පිය සිතන්න ඕන. මෙම සිද්ධියේ වැරදි කරුවන්ට තදබල දඬුවම් දියයුතුයි. ඒ වගේම දෙමව්පියන්ටත් තදින් අවවාද කළ යුතුයි, දරුවන් ගැන අවධානය යොමු නොකිරීම පිළිබඳව.(හේ)

:       0       0

ශශී Wednesday, 10 August 2016 07:31 AM

නීතිය අකුරටම ක්‍රියාත්මක වෙයි කියා සිතන්න අමාරුයි. නුවර ඕනෑ කෙනෙක් එයා ගෙන කියාවි. තව දවස් ටිකකින් ඕක අමතකවෙලා යයි. ලබන වසරේත් විශිෂ්ටතම ව්‍යාපාරිකයා ලෙස සම්මානත් හිමිවෙන්න පුලුවන් (නි)

:       0       0

මහාදේව Wednesday, 10 August 2016 05:18 AM

මෙම අපරාධයට සම්බන්ධ අයට දෙන දඬුවම ගැන අපි දරුවන් සිටින දෙමාපියන් හැටියට අවදියෙන් සිටිය යුතුයි. මොකද වාර්තාවල හැටියට ඔහු තමයි ළමයි අපයෝජනයට සම්බන්ධ කෙනා., මෙතැනදී පොලීසිය ස්වාධීනව කටයුතු කරන හැටි අපි බලා ඉන්නවා. මෙම දරුවන්ට නීතියේ උපරිම සාධාරණය ඉටුවිය යුතුයි. (නි)

:       0       0

අනුර Wednesday, 10 August 2016 05:15 AM

මෝඩ දෙමාපියන් තරඟකාරී අධ්‍යාපන රටාවට එය ලුහුබැඳගොස් කරගත් විනාශයක් (නි)

:       0       0

ජයනෙත්ති Wednesday, 10 August 2016 05:17 AM

දෙවියනේ, මොහුට සහෝදරියන් නැතුවාද? කාන්තාවකගේ අගය නොදන්නා නොමිනිසෙක් (නි)

:       0       0

නාරද Wednesday, 10 August 2016 05:26 AM

මේ ගොල්ලෝ ඉන්නේ නම් සුදු ඇඳලා. කරන්නේ අන්තිම නරක වැඩ.... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 33 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 76 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 606 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 516 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 720 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


ඩයිනසෝරයන් විනාශ කළේ එක් ග්‍රහකයක් නොවේ
2024 ඔක්තෝබර් මස 06 874 0

වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39187 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25599 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site