යාපනය හින්දු විද්‍යාලය සහ කොකාවිල් හින්දු විද්‍යාලය අතර පැවැති මහ කි‍්‍රකට් තරගය ජය පරාජයකින් තොරව අවසන් විය. මෙම තරගය කොකාවිල් හින්දු විද්‍යාලයීය පිටියේදී ඊයේ (3) නිමා විය. ‘හින්දුන්ගේ හටන’ ලෙසින් හැඳින්වෙන මෙම තරගය පස්වැනි වරට පැවැත්විණ. යාපනය හින්දු විද්‍යාලය වෙනුවෙන් වී. ජැස්මිනන් ලකුණු 127 ක් ලබාගත් අතර ආරම්භක පිතිකරුවා වූ ජී. මදුෂාන් සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 118 ක සම්බන්ධතාවක්ද ගොඩනැංවීය. තරගයේ විරයා ලෙස යාපනය හින්දු විදුහලේ වී. ජස්මිනන් සම්මාන දිනා ගත්තේය. කොකාවිල් හින්දු විදුහල 275 (පී. පන්ගුජන් 98, කේ. ජනුතස් 61, කේ. රගුලන් 37, වී. වාමනන් 49/3, අර්. රක්ෂ්මන් 65/3, වී. නීලජානාන් 13/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 8 ට 265 (කේ. රගුලන් 82, එල්. අතිත්තන් 47, එස්. සිලෝජන් 44, වී. සින්තුජන් 66/4, අර්. රක්ෂ්මන් 79/3) යාපනය හින්දු විදුහල කඩුලූ 8 ට 316 (වී. ජස්මිනන්, 127, කිරුසොබාන් 66, ජී. මදුෂාන් 64, පපිදරන් 72/3, කේ. රගුලන් 62/2)
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
579
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හින්දුන්ගේ හටන ජය පරාජයෙන් තොරව නිමයි