IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


හින්දි සිනමාවේ මෙගා තරුව 74 විය සපුරය

2016-10-15-ent-23

2016-10-15-ent-21අවුරුදු 74 ක් වීත් තවමත් ජනපි‍්‍රයත්වය අඩු කර නොගෙන රගපාන්නට නළුවෙකුට හැකි නම් එය වාසනාවක්මය. එවන් නළුවෙක් පුරාවෘත්තයක් ලෙසින් හැදින්වීම ද සාධාරණය. බිග් බී යනුවෙන් හින්දි සිනමා ක්ෂේත‍්‍රයේ ආදරයෙන් හැ`දින්වෙන අමිතාබ් බච්චන් මේ වාසනාවන්ත පුරාවෘත්තික නළුවාය. හින්දි සිනමා අඹරේ කිසිදාක බැස නොයන මෙගා තරුව ඔහුය. ඔහුගේ තැන ගන්නට සමත් වූ නළුවෙක් තවමත් හින්දි සිනමාවේ බිහි වී නැත.

ඔක්තෝබර් 11 දාට යෙදුණ උපන් දිනයේදී ඔහුට සුබ පතන්නට නිවස ඉදිරිපිට රැුස් වු සෙනග කන්දරාවම ඊට හොද නිදසුනකි. ඔහුගේ රුව සිත්තම් වුණ බැලූන් පමණක් නොව පුවරු ද ජනතාව අතේ තිබිණි.

‘‘දෙවියන්වහන්ස අපිට සමා වෙන්න.. අපි ඔබ වහන්සේට වඩා අමිතාබ් බච්චන්ට වන්දනාමාන කරනවා..’

ඔහුගේ රුව සහිත පුවරුවල එසේ සදහන් වී තිබිණි. මිනිස්සු ඒ තරමටම ඔහුට ආදරය කරති.

අමිතාබ් උපත ලද්දේ 1942 ඔක්තෝබර් 11 දා ඉන්දියාවේ අලහාබාද්හිදීය. ඔහුගේ නම අමිතාබ් හරිවාන්ශ් රායි ශී‍්‍රවාස්තව බච්චන්ය. අමිතාබ් ගේ පියා හරිවාන්ශ් රායි ශී‍්‍රවාස්තව ප‍්‍රසිද්ධ කවියෙකි. මව තේජි බච්චන් පන්ජාබ් සික් පවුලකින් පැවත එන්නියකි.

අමිතාබ් ගේ පියා බච්චන් නාමය සිය නමට එක් කර ගත්තේ ජනපි‍්‍රයත්වය උදෙසා පමණකි. එහෙත් පසුකාලීනව එය ඔවුන්ගේ වාසගම බවට පත් වූයේය.

අමිතාබ් දිල්ලි සරසවියේ විද්‍යා උපාධිධාරියෙකි. අවුරුදු විසි ගණන්වල මුල් භාගයේදි ඔහු නැව් සමාගමක භාණ්ඩ ප‍්‍රවාහන අංශයේ බ්‍රෝකර්වරයෙකු ලෙස සේවය කළේය. අමිතාබ් ඒ රැකියාවට සමු දුන්නේ රංගන වෘත්තියට එක් වීම ස`දහාය.

අමිතාබ් සිනමා ලෝකයට පා තැබුවේ 1969 දීය. ඒ ජාතික සම්මාන දිනූ චිත‍්‍රපටියක් වන භූවන් ශෝම් හි හඩ කවන්නෙකු ලෙසය. ඒ වසරේම ඔහු සාත් හින්දුස්තානි චිත‍්‍රපටියේ චරිතයක් ර`ග පෑවේය. එය ආර්ථික වශයෙන් සාර්ථක නොවුයේ වී නමුත් අමිතාබ්ට ජාතික සම්මානයක් දිනා ගැනීමට හැකි වූයේය.

ඔහු බොහෝ සෙයින් ජනපි‍්‍රය වූයේ 1973 දී රග පෑ සන්ජීර් චත‍්‍රපටියෙනි. ඔහු එහි ර`ග පෑවේ තරුණ පොලිස් නිලධාරියෙකුගේ චරිතයකි. එදායින් පසුව ඔහු හින්දි සිනමාවේ ප‍්‍රකෝපකාරී තරුණ මිනිසා (ඇන්ග‍්‍රි යංග් මෑන්) විරුදාවලිය ලැබුවේය. එදාමෙදාතුර ඔහු රග පෑ චිත‍්‍රපටි ප‍්‍රමාණය 180 කට අධිකය.

1973 දී ඔහු ජයා බහදුරි සමග විවාහ වුයේය. එහෙත් ක්ෂේත‍්‍රයේ වැඩි පුර කතාබහට ලක් වුයේ ඒ විවාහය නොව අමිතාබ් ගේ හා රේඛා ගේ පෙම්පුවතය. 1976 දී දෝ අන්ජානේ චිත‍්‍රපටියේ රග පාද්දි ඔවුන් අතරේ සම්බන්ධයක් ඇති වූ බව ප‍්‍රසිද්ධය. අදටත් ක්ෂේත‍්‍රයේ කතාබහ වෙන පෙම් පුවතක් ඇත්නම් ඒ මේ පෙම්පුවතමය.

ඒ කාලයේ අමිතාබ් සහ රේඛා රහසේ හමු වුයේ රේඛා ගේ මිතුරියකගේ බංගලාවේදිය. කාටත් නොදැනී ඔවුන්ගේ ආදරය දළුලමින් පැවතිණි. සියල්ල වෙනස් වුයේ ගංගා කි සවුගාන්ධ් චිත‍්‍රපටියේ රග පාද්දීය. එහි සහාය නළුවා රේඛා සමග සම්බන්ධයක් ඇතැයි සැකයක් අමිතාබ් ගේ සිතේ ඇති වූයේය. ඔහු ඒ නළුවා සමග ගැටුමක් ඇති කර ගත්තේය. අමිතාබ්ගේත් රේඛාගේත් සම්බන්ධය කරළියට පැමිණියේ ඒ සම`ගය. කටකතා තටු ලබා පියාඹා ගොස් ජයාගේ කනටත් රිංගුවේය. ඇය ද නොසන්සුන් වුවාය.

රිෂි කපූර් ගේ හා නීතු සිං ගේ විවාහ මංගල්‍යයට රේඛා සහභාගි වුයේ විවාහක ස්ති‍්‍රයක මෙන් නළලේ සින්දුර් තවරාගෙන මංගල් සූත‍්‍ර නමින් හැදින්වෙන මාලය පැළදගෙනය. අමිතාබ් සහ රේඛා හොර රහසේ විවාහ වී ඇතැයි කටකතාවලින් කියැවිණි.

මේවායින් බොහෝ කලබලයට පත් ජයා රේඛාට රාති‍්‍ර භෝජන සංග‍්‍රහයකට ආරාධනා කළාය.

‘‘මොන දේ සිද්ද වුණත් මම කවදාවත් මගේ සැමියා අත අරින්නේ නෑ..’’

ඇය එහිදී රේඛාට පැවසුවේ පොරොන්දුවක හඩිනි. ඒ පොරොන්දුව ජයා තවමත් රකින්නීය.

අමිතාබ් සහ රේඛා චිත‍්‍රපටි කිහිපයකම එකට රග පෑහ. ඔවුන් අවසන් වරට රග පෑවේ සිල්සිලා චිත‍්‍රපටියේය. සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය වූ එයින් පසුව ඔවුන් ගේ චිත‍්‍රපටි ජීවිතය අවසන් වූයේය. පේ‍්‍රම ස්මබන්ධයට තිත තැබුණේත් ඉනික්බිතිවය. අමිතාබ් ගේ අනියම් බිරිය වන්නට රේඛාට වුවමනා වූයේ නැත. තමා විවාහ කර ගන්නා ලෙස ඇය අමිතාබ්ගෙන් ඉල්ලා සිටියාය. එහෙත් ඔහු ඒ වන විට දෙදරු පියෙකුව සිටියා පමණක් නොව ජනපි‍්‍රයත්වයේත් ඉහළම තලයේ සිටියේය. රසිකයන්ගේ සිත් තුළ තමා පිළිබ`ද වැරදි ප‍්‍රතිරූපයක් මවන්නට ඔහු කැමති වූයේ නැත. එම නිසාම ඔහු රේඛාගෙන් ඈත් වුයේය. තමාත් ඔහුත් අතර තිබු සම්බන්ධය පිළිබ`දව ඇය වරින්වර නොයෙක් දේවල් කීවත් අමිතාබ් නම් ඒ සම්බන්ධයෙන් නිහ`ඩවතම පිරීය.

1984 දී අමිතාබ් දේශපාලනයට එක් වූයේ පවුලේ හිතවතෙකු වන රජිව් ගාන්ධිට සහයෝගය පළ කිරීම සදහාය. ඔහු එහිදී ප‍්‍රබල දේශපාලනඥයෙකු සම`ග අලහාබාද් ප‍්‍රදේශයට තරග කළේය. ඔහූ ඉන් ඓතිහාසික ජයග‍්‍රහණයක් ලැබුවේය. මුළු ඡන්ද ප‍්‍රමාණයෙන් සියයට හැට අටකට වඩා ලබා ගත් ප‍්‍රථම ඉන්දියානු ඡන්ද අපේක්ෂකයා අමිතාබ්ය. එහෙත් ඔහු දේශපාලනයේ රැදී සිටියේ අවුරුදු තුනක් පමණ සුළු කාලයක් පමණි. ඔහු ඉන් ඉවත් වූයේ නැවත කවදාවත් දේශපාලන පිටියට නොඑළඹෙන බවට පොරොන්දු වෙමිනි. එහෙත් ඔහුගේ බිරි`ද ජයා බච්චන් දැන් පාර්ලිමේන්තු මන්ති‍්‍රවරියකි.

1996 දී අමිතාබ් විසින් ඒබීසීඑල් (අමිතාබ් බච්චන් කෝපරේෂන් ලිමිටඞ්) ආයතනය ආරම්භ කරනූ ලැබිණි. චිත‍්‍රපටි, කැසට් ආදිය නිර්මාණය කිරීම

මෙහි අරමුණ වූයේය. 2000 වන විට රුපියල් බිලියන 10ක වත්කමක් ලබා ගන්නට සැලසුම් කර තිබුණත් දුර්වල පාලනය නිසා 1997 වන විට ආයතනය කඩා වැටුණේය. ඉන් නිර්මාණය කළ චිත‍්‍රපටි එකක්වත් බලාපොරොත්තු වූ තරම් සාර්ථක වුණේ නැත. ඔහුට තදබල ආර්ථික ගැටළු මතු වූවා පමණක් නොව කීර්ති නාමයට ද හානි සිදු වූයේය.

2000 දී කෝටිපතියෙකු වන්නේ කවුද රූපවාහිනී රියැලිටි වැඩ සටහන ඉදිරිපත් කරන්නට අමිතාබ් තෝරා ගනු ලැබිණි. ඉන් ඔහුගේ පවුලේ ආර්ථිකයට සෑහෙන සහනයක් ලැබිණි.

ඉන් පසුව ඔහු නැවතත් රංගන වෘත්තියට යොමු වූයේය. ඔහු වැඩිහිටි විය නිරූපණය කළ චිත‍්‍රපටි කිහිපයක්ම සාර්ථකව ප‍්‍රදර්ශනය විණි. 2015 දී ෆෝර්බ්ස් සගරාවේ වර්ග කිරීමට අනුව ලේාකයේ වැඩිම ගෙවීමක් ලබන නළුවන් අතර හත් වෙනි ස්ථානය ලැබී තිබුණේ අමිතාබ් බච්චන්ටය. ඔහුගේ ට්විටර් මිතුරුමිතුරියන් ප‍්‍රමාණය මිලියන විසි දෙකකට අධිකය. මුහුණු පොතේ මිලියන විසි හතරක් සිටිති.

 

චන්දි කොඩිකාර

 

2016-10-15-ent-25
2016-10-15-ent-22



අදහස් (0)

හින්දි සිනමාවේ මෙගා තරුව 74 විය සපුරය

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 42 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 233 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1132 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 167 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2899 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 347 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39677 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25800 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 369 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1222 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site