IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


හූනියම් කළැයි ලාංකික කතකට සෞදියේදී මරණ දඬුවම

(කේ බුද්ධික කුමාරසිරි සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න) 

ගෘහ සේවිකාවක ලෙස සවුදි අරාබියේ නිවසක සේවය කරමින් සිටියදී තමන් සේවය කල නිවසේ සිටි දැරියකට හූනියමක් කර මරා දැමුවැයි නිවැසියන් සිදු කල පැමිණිල්ලකට අනුව සෞදි අධිකරණය මගින් මරණ දඩුවමට ලක්ව සිටියදී ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිළදාරීන්ගේ මැදිහත් වීමෙන්  මිය ගිය දැරියගේ ශරීර කොටස් වල රසායනාගාර වාර්තාවන්ට අනුව දැරිය පිළිකාවක් හේතුවෙන් මරුමුවට පත්ව ඇතැයි අධිකරණය ඉදිරිපිටදී යළි අනාවරණය කිරීමට හැකිවීම නිසාවෙන් තමන්ව මරණ දඩුවමෙන් මුදාහැර සියලු චෝදනාවලින් නිදහස් කිරීමට  සෞදි අධිකරණය මගින් ඉකුත් 16 වෙනි දින පියවර ගත් බව අවිස්සාවේල්ල තල්දුව පදිංචි ෆාතිමා සමරුද්දී නමැති 48 හැවිරිදි අවිවාහක කාන්තාව පැවසුවාය

ඉකුත් 2012 වර්ෂයේ නොවැම්බර් මස 27 වෙනි දින තමන් ගෘහ සේවිකාවක ලෙස සෞදි අරාබි රාජ්‍යය බලා පිටත්ව ගොස් එම රfටී නිවසක වසර දෙකයි මාස තුනක් සේවය කර යළි මෙරටට පැමිණීමට සැරසීමේදී තමන් සේවය කල නිවසේ  හාම්පුතාගේ දියණියට හූනියමක් කර එම දියණිය දැඩි රෝගී තත්වයට පත් කර ඇතැයි තම හාම්පුතා සෞදි පොලිසියට කල පැමිණිල්ලක් අනුව තමන්ව අත් අඩංගුවට ගෙන සෞදි අධිකරණයට හමුවට පැමිණවීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කල බවත් බන්ධනාගාර ගතව සිටියදී හාම්පුතාගේ දියනිය රෝගී තත්වයෙන්ම මියයාම නිසාවෙන් තමන්ට මරණ දඩුවම පැමිණවීමට එරට අධිකරණය කටයුතු කල බවත ෆාතිමා පැවසුවාය

පසුව තමන් වසර නවයක කාළයක් බන්ධනාගාර ගතව සිටි බවත් ඒ අතරතුර දී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිළදාරී මහත්වරුන් තමන් සමග දිගින් දිගටම කතා බහ කරමින් යළි අධිකරණය හමුවට මෙම නඩුව කැඳවීමට කටයුතු කල බවත් ඒ අවස්ථාවේදී වෛච්‍ය වාර්තා තුනක් අධිකරණය මගින් ඉල්ලා සිටි බවත් ඇය පැවසුවාය

ඒ අනුව තානාපති කාර්යාලයේ නිළදාරීන් ඇමරිකාව රියාද් සහ දමාම් යන රටවලින් අදාලා වාර්තා ලබා ගැනීමට කටයුතු කල බවත් එම වාර්තාවන්ට අනුව දැරිය මියගොස් ඇත්තේ ඇයගේ ශරීරයේ ඇති වූ පිළිකාවකින් බවට තහවුරු වී තිබූ බැවින් එම වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු තමන්ව මරණ දඩුවමෙන් මුදා හැර නිදහස් කිරීමට නියෝග ඛල බවත් ඒ අනව ඉකුත් 22 දින තමන් මෙරටට පැමිනි බවද ෆාතිමා සමරුද්දීද් පැවසුවාය

තමන්ට මුහුණ පෑමට සිදු වූ අනපේක්සිත සිදුවීම් දාමය සම්බන්ධයෙන් හැඩුම්බරව ඇය මෙලෙෂ පැවසුවාය “ මම ලංකාවට ආවේ පසුගිය 22 දා ඒ වෙනකොට මම අවුරුටි හතක් සිරගතව සිටියා  මගෙ දෙමාපියන් දෙදෙනාම මට සිදු වූ දේ ගැනම සිතමින් සිට රෝගී වී මිය ගිහින් මම එයාලට හිටපු එකම ළමයා දැන් මට කවුරුවත්ම නෑ දැනට ඉන්නෙත් මගේ දුරින් නෑදෑවෙන සහෝදරියක් ගාව මට කිසිම මුදලක් ඉතිරි උනෙත් නෑ මට කිසිම වන්දියක් ලැබුනෙත් නැහැ මම නිරපරාදේ අවුරුදු හතක් හිරබත් කෑවා විතරයි උනේ දැන් මට කිසිම දෙයක් නෑ මම අසරණ වෙලා ඉන්නේ සෞදි අරාබිය කියන්නේ මහා ජරා රටක් මම අපේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා කිසිම කෙනෙක් ඒ රටට යන්න එපා නිරපරාදේ දුක් විදින්නයි වෙන්නේ- මට සිදු වෙච්ච දේ ගැන හිතලා රජය මැදිහල් වෙලා මට සාධාරණයක් කරන ලෙෂ ඉල්ලා සිටිනවා ”

 



අදහස් (16)

හූනියම් කළැයි ලාංකික කතකට සෞදියේදී මරණ දඬුවම

ජැක්සන් Thursday, 27 October 2022 07:48 PM

තෙල් තිබුන නිසා ධනවත් රාජ්‍යක් වුනාට බහුතරයක් ඉන්නෙ මුග්ධයන්..කණගාටුයි

:       0       10

kapila Thursday, 27 October 2022 08:21 PM

ඔය අරාබිකරයේ හුඟ දෙනෙක් තවමත් ඉන්නේ ගල් යුගයේ. ඊට හේතුව නම් නූගත් කමයි.

:       0       10

Rohana Thursday, 27 October 2022 08:43 PM

අහිංසක කාන්තාවක් මරණයෙන් බේරා ගැනීමෙන් නිලධාරීන් ලොකු පිනක් කරගෙන ඇත.ජීවත්වීමේ ගැටළුවට පිලිසරණක් වීම කාටවුවත් වටිනා පිනකි.

:       0       12

මැක්ස් Thursday, 27 October 2022 09:44 PM

මේ රටේ ඉන්න මානව හිමිකම් පප්පල සහ මම්මලා මේ අහිංසක කාන්තාව සම්බන්ධයෙන් නිහඩ මොකද? අමානුෂික රටක නීතිය අනුව නොකළ වැරැද්දකට බෙල්ලට තොන්ඩුව වැටෙන්නට ඉඩ නොදී මෙම කාන්තාවට යුක්තිය ඉටු කිරීමට ඉදිරිපත් වූ තානාපති නිලධාරීන්ට අපගේ ප්‍රණාමය.

:       0       6

ලුම්බිණි Friday, 28 October 2022 03:28 AM

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිළදාරී මහත්වරුන් මේ තැනැත්තියට වන්දියක් ලබා ගනීමට උදව් කරනවා නම් හොඳ දෙයක්.

:       1       8

චන්දන Friday, 28 October 2022 05:38 AM

රජය මැදිහත් වෙලා කරපු ටික ඇති . ජීවිතය බේරා දුන්නේ රජය නේද . සවුදි රෝහල් මේ තරම් පහත් තත්ත්වයේ කියල අපි හිතුවේ නැහැ .

:       5       3

Asiri Friday, 28 October 2022 06:19 AM

පුදුම අධිකරණයක් නේ. වෛද්‍ය වාර්තා නොබලා මැරුනෙ කොහොමද කියලා තීරණය කරන්නෙ නැතුව මරණ දඬුවම දුන්නෙ

:       1       10

Channa Friday, 28 October 2022 10:06 AM

රජය හෝ මැදිහත් වී අන්තර් ජාතික අධිකරණයේ හෝ වන්දි ඉල්ලා නඩු පවරන්න . රටට අනිවාර්යෙන්ම ඩොලර් ලැබෙනවා

:       1       9

Rohana Friday, 28 October 2022 10:26 AM

සවුදිය නිතරම බලන්නෙ කාගෙහරි හිස ගසාදමන්න.

:       1       9

cHinthaka Friday, 28 October 2022 01:06 PM

තෙල්වලින් පොහොසත් වුණාට සෞදියේ හම්බයින් අන්ත නූගත්. ඔය රටට ගෘහ සේවයට නම් දන්නා කෙනෙක් යවන්න එපා... මතකනේ රිසානා...!

:       1       4

ganegoda Friday, 28 October 2022 03:26 PM

නොදන්න මගුල් දන්නවයි කියලා කයිවාරු ගහන්න ගියාම ඔහොම වෙනවා. ඇයි දැන් ඒ රටට හූනියමක් කරලා දඬුවම් කරන්න බැරි..?

:       0       1

Bamunuarachchi Saturday, 29 October 2022 07:32 AM

වැරැද්ද තිබෙන්නේ ඔය ආගමේ. දැන්වත් ඔය ආගම අත් හරින්න. මුස්ලිම් මිනිස්සු හූනියම් විස්වාස කරනවාද?

:       2       4

fairoosMonday, 31 October 2022 02:34 PM

හැම එකට ආගම ගාවගෙන දැන් නැත්තටම නැතිවෙලා නන්නත්තාර වෙලා ඉන්න එක මදි වගේ... මෙහෙම අදහස් ලියන අයට නම් සොබාදහමින් තමයි පඩිසන් ලැබෙන්නේ...!

:       0       1

lankaMonday, 31 October 2022 04:23 PM

ඈ බමුණෝ එතකොට මෙහේ හන්දියක් හන්දියක් ගානේ හූනියම් දේවාල තියෙන්නෙත් ආගමක වැරද්දක් නිසාද ?

:       0       2

ජෝසප් පෙරේරා Saturday, 29 October 2022 09:56 AM

අපි ඔක්කොම අරගලය වගේ පොදු ස්ථානවල එකතුවෙලා, අපට තෙල් නොමිලේ නොදුන්නොත් අරාබිය පුරා ලෙඩරෝග පැතිරෙන බව ප්‍රචාරය කරමින් සාමුහික හූනියමක් කරමු. එතකොට රටේ ඉන්න ලෙඩ්ඩුයි අබ්බගාත ළමයින්ගේ දෙමව්පියනුයි ඒකට බයවෙලා රජයට බලපෑම් කරයි. අපිට නොමිලේ තෙල් ලැබෙයි.

:       1       0

sampath Saturday, 29 October 2022 07:18 PM

මේ වගේ දේවල් ශිෂ්ඨ සමාජයක නොවිය යුතුයි. මරණයක් නම් ඒ සම්බන්ධ මරණ පරීක්ෂණයක් සහ වෛද්‍ය වාර්තාවක් කැඳවීම් කරන්න ඕනෑ නෑ ... ඒ රටේ තත්වයට හොඳම උදාහරණයක් මේක. අහිංසක මිනිස්සු කරන්න දෙයක් නැතිකමට යන්නේ මොනවා වුණත් තානාපති කාරියාලය මැදිහත් වුණා... සියලු නිලධාරීන්ට ප්‍රණාමය...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 358 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 387 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 329 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 540 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 2146 3

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


දියතලාවේදී දුම්රියක් පනියි
2024 නොවැම්බර් මස 19 345 0

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27178 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 18891 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 650 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1874 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site