IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


හනියේ මලේ මාස දෙකකට කලින් සවි කළ බෝම්බයකින්

(විමුක්ති එස් රුද්‍රිගු)

හමාස් දේශපාලන අංශ නායක ඉස්මයිල් හනියේ උතුරු ටෙහෙරාන්හි නිවසට පැමිණෙන තෙක් මරණය මාස 2ක කාලයක් බලා සිට ඇති බවත් ඔහු ඝාතනයට ලක්වී ඇත්තේ එම නිවසේ සඟවා තිබූ බෝම්බයක් පුපුරා යාමෙන් බවත් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

ඉස්මයිල් හනියේ ඝාතනයට ලක්වූ එම බෝම්බය සිද්ධිය සිදුවූ දිනයට මාස 2 කට පමණ පෙර ඉරානයට පැමිණිවිට නවාතැන් ගන්නා එම ආගන්තුක නිවහනට හොර රහසේ රැගෙනවිත් අටවා තිබී ඇති බවත් හනියේ ආගන්තුක නිවසට පැමිණ බෝම්බය අටවා තිබූ කාමරයට ගිය අවස්ථාවේදී දුරස්ථ පාලකයක් මගින් පුපුරවා හැර ඇති බවත් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත අනාවරණය කළේය.

බෝම්බය පුපුරවා හැරීමට ප්‍රථම හනියේ බෝම්බය අටවා තිබූ කාමරයට ගොස් ඇති බවට ඝාතකයන් තහවුරු කරගෙන ඇති බව එම පුවත්පත පෙන්වා දුන්නේය.

ඉරාන ජාතිකයින් දෙදෙනකු , ඇමරිකානු නිලධාරියකු සහ මැද පෙරදිග නිලධාරීන් පස් දෙනෙකුගෙන් ලබා ගත් තොරතුරු මත නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත මෙම අනාවරණය සිදුකර ඇත.

හානියේ නවාතැන් ගත් ආගන්තුක නිවස නෙෂාට් නම් ගොඩනැගිල්ලේ කොටසක් බවත් එම ගොඩනැගිල්ල ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ අරාක්ෂාව යටතේ තිබී ඇති බවත් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සඳහන් කළේය. ඉරාන ජනපතිගේ පදවි ප්‍රාප්තිය සඳහා හානියේ ඉරානයට පැමිණ සිට ඇති බවත් නෙෂාට් ගොඩනැගිල්ල ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ රහසිගත හමුවීම් පැවැත්වීමට සහ ඉරානයට වැදගත් අමුත්තන්ට නවාතැන් දීමට භාවිත කරන බවත් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

පිපිරීමෙන් ගොඩනැගිල්ල සෙලවී ඇති බවත් එහි බිත්තියක කොටසක් කඩා වැටී ඇති බවත් එම පුවත්පත පෙන්වා දුන්නේය. හනියේ ටෙහෙරානයට පැමිණි අවස්ථා කීපයකදීම මෙම ආගන්තුක නිවහනේ නවාතැන් ගෙන ඇති බවද නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සඳහන් කළේය.

 



අදහස් (2)

හනියේ මලේ මාස දෙකකට කලින් සවි කළ බෝම්බයකින්

Rohana Friday, 02 August 2024 08:06 PM

රටරටවල් සමග යුද්ධයෙන් විසදුම් සොයන ඊශ්‍රායලය ලෝක සිතියමෙන් මකා දැමිය යුතුයි. ඒ වගෙම යුද්ධයට උදව්කරන ඇමරිකාවේ බයිඩන් හෙලා දැකිය යුතුයි.

:       1       0

Gamma Friday, 02 August 2024 09:06 PM

සිදු වෙච්චි ප්‍රහාරය පිළිබඳව උපකල්පනයක් මිසක් හරියටම ප්‍රහාරය ගැන කියන්න කවුරුත් දන්නේ නෑ... ප්‍රහාරය දියත්කළ බලකාය හැරෙන්නට. අනික ආරක්ෂාව පිට ඉන්න සතුරාව ඔහුගේ නිවහනේදීම මරා දමන්නේ සතුරු රාජ්‍යයක් තුළ... එතකොට ගහපු විදිය රහසක් තමයි හැමදාම...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 1515 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1328 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2075 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2393 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 565 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1141 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35895 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24112 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 511 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site