IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


හිඳගල දැවමුවා පිළිමයටත් වැස්සෙන් හානි

ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඵෛතිහාසික හිඳගල රජමහා විහාරයේ සඳුන් දැවෙන් නිර්මාණය කළ බුදු පිළිමයක් කඩා වැටී ඇතැයි එහි භාර කාර සන්සුන්ගම ඥානරතන හිමියෝ කියති.

හිඳගල රජමහා විහාරයේ ලෙන් ගලෙහි ශ්‍රී ලංකාවේ එකම හා පැරණිතම සිතුවම් කිහිපයක් ඇති බව හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයකුවූ මහාචාර්ය සෙනරත් පරණවිතාන සහ ආනන්ද කුමාරස්ස්වාමි මහත්වරු මෙම විහාරස්ථානය නිරික්ෂණය කර පවසා ඇත.

එහි ඇති යුග 4 කට අයත් බිතු සිතුවම් ද වර්ෂාවට තෙමී හානි වන බව පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට හා මධ්‍යම සංස්කෘතික දෙපාර්තුමේන්තුවට ද දන්වා සිටියත් කිසිදු ප්‍රතිඵලයක් නොලැබුණු බවද ඥානරතන හිමියෝ පැවැසුහ.

ඇඹිල්මීගම පඤ්ඤාකිත්ති හිමියන් පැවැසුයේ පුරා විද්‍යා දෙපාර්තුමේන්තු නිලධාරින් පැමිණ ලෙන සහිත විහාරය සඳහා වහලයක් සැදුවත් වැස්සට ඇද හැළෙන ජලය විහාරය ඉහළින් ඇති ගල මතට වැටී මැටි බදාමයට වැටිම නිසා මැටි තට්ටුව ඇතුළෙන් ජලය කාන්දු වී සිතුවම් විනාශ විමේ තත්වයක් උදාවී ඇති බවයි.

වියලි කාලය පැමිණි විට ඒ සදහා අවශ්‍ය ක්‍රමවේදයක් අනුගමනය කර සිතුවම් ආරක්ෂා කිරිමට පියවර ගන්නා බවත් පුරාවිද්‍යා කොමසාරිස්වරයා පැවැසිය.

L-1 L-2 L-3 L-4 L-13 L-14 L-17 L-21



අදහස් (0)

හිඳගල දැවමුවා පිළිමයටත් වැස්සෙන් හානි

විද්‍යා Wednesday, 18 May 2016 01:54 AM

මෙය දකිනකොට හදවත උණුවෙනවා. සමහර භික්ෂුන් වහන්සේලා ලෝකේ පුරාම යනවා. මේ මුදල් ඉතුරු කරලා ඉතා පැරණි දේවල් ආරක්ෂා කරන්න ඕනෑ නේද? නිකාය බෙදාගෙන දේශපාලනය කර ගහගෙන සසරෙන් එතර වෙන්නේ නැති වැඩනේ කරන්නේ (නි)

:       0       0

සුමිත් Wednesday, 18 May 2016 03:28 AM

හරිම සංවේදී දසුනක්. මොනවාහරි කරලා මේවා ආරක්ෂා කරන එක ලොකු පින්කමක්. කිව්වත් වගේ ලොකු ලොකු පන්සල් වලට පිරිකර පූජා කරනවට වඩා මේවට වියදම් කරන එක ලොකු පිනක් (නි)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 18 May 2016 04:28 AM

සත්‍යාගේ කතාව ඇත්ත. (නි)

:       0       0

සිරිල් Tuesday, 17 May 2016 01:32 PM

මේවා ආරක්ෂා කර අනාගත පරම් පරාවට දායාද කිරීම අපගේ වගකීමයි. (ර)

:       0       0

ලාල් Tuesday, 17 May 2016 01:53 PM

මෙවැනි විනාශයන් වළක්වන්න ක්‍රියාකළ යුතු අය තාම මරනින්දේ නිදි ඇති. (නි)

:       0       0

ගුණේ Tuesday, 17 May 2016 02:07 PM

අපි හෙමින් මේවා පිළිසකර කරමු හාමුදුරුවනේ. සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයයි. (නි)

:       0       0

මංජුල Tuesday, 17 May 2016 02:10 PM

මෙම විහාරය ආරක්ෂා කරගැනීමට සුදුසු පියවර නොගැනීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තු නිලධාරින්ට දඬුවම් දීම සුදුසුයි කියා සිතමි (නි)

:       0       0

චතුරි Tuesday, 17 May 2016 02:26 PM

මහින්දව ආරක්ෂා. කරන්න දගලන හාමුදුරුවන්ට මේවා ඇහෙන්නේ ,දකින්නේ. නැතිද . බුදු හාමුදුරුවෝ රකින්නේ. නැතිව. මහින්දව රැකලා නිවන් දකින්න පුලුවන්ද . අරමුදල් එකතුකරන්න මේවගේ. දේවල් වලට සිවුරු ඇරලා මහින්ද රකින්නේ නැතිව. (බ)

:       0       0

සරත් Wednesday, 18 May 2016 05:41 AM

ඕවා ආරක්ෂා කරලා අනාගත පරපුරට දායාද කරමු. (ර)

:       0       0

කපිල Tuesday, 17 May 2016 03:34 PM

අපේ රටේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගැන නම් ඇත්තටම තියෙන්නේ කණගාටුවක් වගේම තරහක්. ගොඩක් තැන්වල මම දැකලා තියනවා රකින්න ඕනෑ දේවල් හරියට රකින්නෙ නැහැ. වැඩිය ඕනෑ නැහැ, නුවර මාළිගාවට ගිහින් බලන්න. මඟුල් මඩුවේ ලී ටික, රජවාසල, රජවාසලේ වහළය බලන්න. ඔයාලටම පැහැදිලි වෙයි එහෙම තිබුනොත් තව කොච්චර කාලයක් මේවා රැකෙයිද කියලා. අපේ රටේ තරම් පුරාවස්තු වලට නොසළකන පිරිසක් ලෝකේ වෙන කොහෙවත් නම් නැතුව ඇති. (නි)

:       0       0

විදානේ Tuesday, 17 May 2016 04:24 PM

මේවායේ වටිනාකමක් නූතන සමාජයට නැති එක ගැන දුකයි (නි)

:       0       0

විපුල Tuesday, 17 May 2016 04:24 PM

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කියල වැඩක් නැත්නම් එෆ්සීඅයිඩී එකටවත් කියන්න ඕනෑ. නැත්නම් තව දෙපාර්තමේන්තුවක් හදමු. (නි)

:       0       0

සත්‍යයා Wednesday, 18 May 2016 11:42 PM

වසන්ජය, මාව තේරුම් ගැනීම පිළිබඳ ඔබට ස්තුතියි. (නි)

:       0       0

සත්‍යයා Wednesday, 18 May 2016 12:10 AM

කොළඹ අවට තිබෙන සමහර පන්සල් වල කැට වලට දවස පුරා එකතුවෙන මුදල් හැන්දෑවට එකතු කරන්නේ ගෝනිවල. ඉපැරණි වටිනාකමක් ඇති ඵෙතිහාසික පන්සලක බිතු සිතුවමක් රැකගන්නවත් සතයක් නොදෙන මේ පන්සල් වලට බෞද්ධයෝ මොනවට යනවද මන්දා. (නි)

:       0       0

වසන්ජය Wednesday, 18 May 2016 08:52 AM

සත්‍යා සත්‍ය ප්‍රකාශකර ඇති බව සිතමි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1244 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2708 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1679 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2890 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 1942 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38547 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site