IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


හැඳුනුම්පත අලුත් මුහුණුවරකින්

දැනට භාවිත කරන ජාතික හැඳුනුම්පත වෙනුවට විද්‍යුත් හැඳුනුම්පතක් ලබාදීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

දෙමළ භාෂාවෙන් ද ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් යෝජනා වී ඇති අතර හැඳුනුම්පත් ලබාදීමේ එක්දින සේවාව ඔස්සේ ගිය වසරේ වාර්තාගත ආදායමක් ද හිමිකරගැනීමට සමත්ව ඇතැයි 2015 එම දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව පෙන්වා දෙයි.

2015 ජූලි 1 වැනිදා සිට රුපියල් 1000ක් වූ එක්දින සේවාවෙන් රුපියල් කෝටි 15කට වැඩි ආදායමක් ලබාගෙන ඇතැයි එම වාර්තාව කියයි.

 



අදහස් (0)

හැඳුනුම්පත අලුත් මුහුණුවරකින්

අබය Monday, 15 August 2016 09:34 AM

රජින්ද, මේ රටේ ජීවත්වෙන රටවැසියන්ගේ භාෂාවලින් හැඳුනුම්පත් නිකුත්වූවාට ප්‍රශ්නයක් නැත. ඒත් පළාතකවත් නැති සුද්දන්ගේ ඉංග්‍රීසි බසින් කුමටද? (නි)

:       0       0

රසුන් Monday, 15 August 2016 09:42 AM

මේවා වෙන රටවල් වල නිකන් දෙන්නේ අපේ රටේ අදායම් මාර්ගයක් වෙලා (හේ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Monday, 15 August 2016 10:34 AM

ඉංග්‍රීසි ,සිංහල සහ දෙමල යන භාෂා තුනෙන්ම නම සහ ලිපිනය ලිව්වොත් තමයි වඩාත් හොද. එවිට හැම කෙනෙකුටම කියවන්න පුළුවන්. (බ)

:       0       0

ප්‍රනාන්දු Monday, 15 August 2016 11:17 PM

දැනට තිබෙන හැඳුනුම්පත් 10ක් බැලුවොත් 5 ක්ම අඩුපාඩු සහිතයි. එහි නිලධාරීන් වගකීමෙන් කටයුතු නොකරන බව එයින් පෙනීයයි. (නි)

:       0       0

රජින්ද Monday, 15 August 2016 11:13 AM

අරාබියේ, යුරෝපයේ සහ ඇමෙරිකානු කලාපයේ රටවලත් හැදුනුම්පත තියෙන්නේ භාෂා 2කින් විතරයි. එකක් ප්‍රධාන ජාතියේ මව් භාෂාව අනික ඉංග්‍රීසි භාෂාව. නමුත් හැදුනුම්පතට ඕනෑම භාෂාවක දත්ත කැවිය හැකියි. ඒ දත්ත කියවීමේ උපකරණ සදහා. හැදුනුම්පත භාෂා 3න්ම ලීවෝත් පර්ස් එකේ තියා සාක්කුවේවත් අරන් යන්න බැරි තරම් ලොකුවට තියේවි. විකාර වැඩක් වේවි. (හේ)

:       0       0

යාපා Monday, 15 August 2016 07:07 AM

විද්‍යුත් හැඳුනුම්පතක් ඉතා හොඳයි (නි)

:       0       0

රංග Monday, 15 August 2016 01:26 PM

ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නිකුත් කරන්න. කාටත් පිළිගන්න පුළුවන් නේ. (ර)

:       0       0

තාරක Monday, 15 August 2016 07:28 AM

මට දැනෙන ලෙස එක් දින සේවාව මුලු දවසම කා දමනවා. මෙහි ඉඩකඩ මදි. ඒ වගේම සේවක ගණනත් ඉතා අඩුයි. විධිමත් හා කාර්යක්ෂම සේවයක් නැත. (නි)

:       0       0

ඇසළ Monday, 15 August 2016 07:30 AM

කිසිම රටක ජාතික හැදුනුම්පත භාෂා දෙකකින් නැහැ. සුළු ජාතින්ට 75% කට වැඩි සිංහල ජාතියක් ඉන්න රටේ භාෂාව ඉගෙනගන්න බැරි නම් එ්කට වැරදිකාරයෝ සිංහලයෝ නෙමෙයිනේ. (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 15 August 2016 07:34 AM

කුමන දේ කළත් රජයේ නිලධාරීන් දැනුවත් කිරීමක් කරන්න. නැතහොත් ජනතාව අපහසුතාවයට පත්වීම වැළැක්විය නොහැක. ඒ ගැන අවදානය යොමුකරන. (නි)

:       0       0

රජින්ද Monday, 15 August 2016 07:35 AM

මේ සංහිඳියාවේ නාමෙන් කරන අනුවණ වැඩ දැන්නම් ඇත්තටම අප්‍රසන්නයි අපිට. ඕක සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් තිබුනහම මදිද? අපිට පිළිකුල්සහගත රටක් කරවන්න එපා අපේ මව්රට. (නි)

:       0       0

සිරි Monday, 15 August 2016 07:44 AM

රජින්ද, "දෙමළ භාෂාවෙන්ද නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් යෝජනා වී ඇති අතර" කියලා මිසක් එහෙම කරනවා කියලා නෙමෙයි නේද තියෙන්නේ? යෝජනා වලට කැමති දෙයක් දාන්න පුළුවන් (නි)

:       0       0

ගමගේ Monday, 15 August 2016 08:04 AM

මෙවැනි හැඳුනුම්පතක් දෙනබව දැනට කී වතාවක් කියා තියනවද? මෙවරවත් මෙය ලැබෙයි කියා බලපොරොත්තු වෙමු (නි)

:       0       0

බෙනට් Monday, 15 August 2016 02:50 PM

මේක පුදුම රටක් . (හේ)

:       0       0

නිලන්ත Monday, 15 August 2016 08:25 AM

හැඳුනුම්පත නිකුත් කිරීම දැන් පටන් අරන්ද?

:       0       0

නුවන් Monday, 15 August 2016 08:38 AM

සිරි, යෝජනාව සම්මත වුණොත් හොඳද..? (නි)

:       0       0

සංජීව Monday, 15 August 2016 08:41 AM

සිරි, අපෝ යහපාලනය ඕක අපුරුවට කරයි. සංහිඳියාවේ උපරිමය. වෙන දේවල් දැක්කහම මේක බොහොම සරලයි (නි)

:       0       0

ධර්මන් Monday, 15 August 2016 09:03 AM

වසර කීපයක සිට ජාතික හැඳුනුම්පතේ නම සිංහල සහ දෙමල භාෂා දෙකෙන්ම මුද්‍රණය කරනවා අපෙන් නොවිමසා, ඔවුන්ට ඕන අකුරු පාවිච්චි කරලා තමයි දෙමලෙන් නම ලියන්නේ. ඕනෑම භාෂාවකින් කෙනෙක් නම ලියන්නේ තමුන්ට අවශ්‍ය විදියට. මම මේ ගැන ඔවුන්ගෙන් ඇහුවම නිසි පිළිතුරක් නොදී, බලෙන්ම දෙමලෙන් ඒ අයට ඕන විදියට මගේ නම මුද්‍රණය කර තිබුනා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 930 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 808 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 443 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 303 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1196 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 998 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39217 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site