IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


හඳුනා නොගත් වස්තුවක් හලාවත වෙරළේ

හලාවත මුහුදු වෙරළට ගොඩ ගසා තිබූ හඳුනා නොගත් වස්තුවක් ‍නාවුක හමුදාව බාරයට ගෙන ඇත. 19 වැනිදා පෙරවරුවේ ප්‍රදේශයේ ධීවරයෙකු මෙය දැක පොලිසියට කියා ඇත. තවමත් ශක්‍රීය මට්ටමේ ඇති මෙය ඇතැම් විට ගුවන් යානකය කොටසක් හෝ කාලගුණය මැණීම සදහා මුහුදේ ගිල්වා තබන ලද උපකරණයක් වීමට ඉඩ ඇති බව නාවුක හමුදා නිලධාරීන් සදහන් කළේය. සිලින්ඩරාකාර හැඩයේ ඇති මෙය එක්සත් රාජධානියේ නිෂ්පාදනයක්  බවට එහි සඳහන් කර ඇත.

482  483

 



අදහස් (0)

හඳුනා නොගත් වස්තුවක් හලාවත වෙරළේ

ශෂී Tuesday, 22 September 2015 05:17 PM

කෑමක්වද්ද? (නි)

:       0       0

මාලි Saturday, 19 September 2015 12:20 PM

මල කෙළියයි (ම)

:       0       0

විල්සන් Saturday, 19 September 2015 12:39 PM

මේක භයානක දෙයක් වෙන්නත් බැරි නැහැ (නි)

:       0       0

පෙරේරා Saturday, 19 September 2015 12:44 PM

පුපුරන දෙයක්ද දන්නේ නැහැ. (නි)

:       0       0

තරිදු Sunday, 20 September 2015 05:32 AM

මේක එක්සත් රාජධානියේ ද නැත්නම් ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිතයක්ද ? (ම)

:       0       0

හෑන්ස් Saturday, 19 September 2015 12:50 PM

සමහරවිට මේක අපිට කවුරුහරි පණිවුඩයක් අන්තර්ගත කරලා එවුව එකක්ද දන්නෙ නැහැ (නි)

:       0       0

හර්ෂ Saturday, 19 September 2015 12:51 PM

බයවෙන්න දෙයක් නැති හැඩයි (නි)

:       0       0

නවරත්න Saturday, 19 September 2015 12:53 PM

මෙහි ඇතුළත යමක් අන්තර්ගතව තිබෙන්න පුළුවන් (නි)

:       0       0

රොක්සි Saturday, 19 September 2015 12:55 PM

සොයන්නාට හම්බ වේ (නි)

:       0       0

මොහාන් Tuesday, 22 September 2015 09:58 PM

දැන්නම් මේක හඳුනාගෙන ඇති (නි)

:       0       0

අරුණ Saturday, 19 September 2015 12:59 PM

අපේ අය නම් දැනටමත් හොයාගෙන අදහසුත් පළකරලානේ (නි)

:       0       0

ලක්ෂ්මන් Saturday, 19 September 2015 12:59 PM

මේ තෙල් ගවේෂණ කටයුතු සඳහා උපකරණයකට සම්බන්ධ කරන අනු උපකරණයක් කියායි සිතෙන්නේ (නි)

:       0       0

ඔෂාන් Saturday, 19 September 2015 01:00 PM

ඔත්තු බලන්න එවලාවද්ද? (නි)

:       0       0

අරුසියා Saturday, 19 September 2015 01:01 PM

දියුණු තාක්ෂණික උපක්‍රමයක් සහිත උපකරණයක් වගෙයි (නි)

:       0       0

ලලිත් Saturday, 19 September 2015 01:04 PM

අන්තර්ජාලයේ ඔය ලේබලයේ විස්තරය අනුව සොයා බැලුවම මෙය මුහුදේ දියවැල් පිළිබඳව සොයාබලන නවීන උපකරණයක්. හැමදෙනාම අන්තර්ජාල පහසුකම් සහිත අතිනවීන දුරකථන පාවිච්චි කළත් ඒවායින් ෆේස්බූක් අඩවියට යාමටත්, ඕපාදුප හුවමාරුකර ගැනීමටත්, සෙල්ෆි ෆොටෝ ගැනීමටත් විනා වෙනත් ප්‍රයෝජනවත් යමක් කරගැනීමට නොදනිති.මෙම වර්ගයේම උපකරණයක් 2008 වසරේ ඉන්දියාවේ උඩුපි ගමේ වෙරළට ගොඩගැසීමෙන් එහි ජනයා කලබල වූ බවත් හින්දු පුවත්පත වාර්තාකොට තිබෙනවා. (නි)

:       0       0

ඉනෝකා Saturday, 19 September 2015 01:05 PM

හරි හරි. කලබල නොවී ඉන්නකෝ (නි)

:       0       0

රුක්ෂාන් Saturday, 19 September 2015 01:07 PM

අපිට මේක බොහොම ප්‍රයෝජනවත් දෙයක් වෙන්නත් පුළුවන් (නි)

:       0       0

හේරත් Sunday, 20 September 2015 06:27 AM

පිටසක්වළින් ආපු එකක්වද්ද? (නි)

:       0       0

එෂාන් Saturday, 19 September 2015 01:07 PM

වෙරළ නම් බොහොම අපිරිසිදුයි (නි)

:       0       0

උපේක Saturday, 19 September 2015 01:08 PM

අනේ මන්දා ඔක්කොම එන්නේ මේ රටටමයි (නි)

:       0       0

අජිත් Saturday, 19 September 2015 01:10 PM

දකිනකොටත් බයයි මට නම් (නි)

:       0       0

යහම්පත් Sunday, 20 September 2015 06:39 AM

අපි දැන් මේකට මොකද කරන්නේ? (නි)

:       0       0

ගජේන්ද්‍ර Saturday, 19 September 2015 01:09 PM

අපේ පොලිසිය මේක හඳුනාගනියි (නි)

:       0       0

හර්ෂ Saturday, 19 September 2015 01:12 PM

ඕක ස්ට්‍රීමර් නැව් වල පාවිච්චි කරන උපකරණයක්. මෙය සම්බන්ධ කළ වස්තුවක්. වෙන්වුවහොත් එය ගිලීම නැවත්වීමට මෙහි බැලූනයෙන් කාබන්ඩයොක්සයිඩ් පිරී එය පාවීමට සළස්වයි. (නි)

:       0       0

ෂෆර්ඩීන් Saturday, 19 September 2015 01:12 PM

තවම හඳුනාගන්න බැහැ කියන්නේ මේක අබිරහස් එකක්ද? (නි)

:       0       0

කැළුම් Saturday, 19 September 2015 01:14 PM

හලාවත වෙරළට මේ වස්තුව නිසාවත් බලධාරීන්ගේ අවධානය යොමුවෙනවා නම් හොඳයි (නි)

:       0       0

චාන්දනී Saturday, 19 September 2015 01:20 PM

ඕකෙ තියෙන විස්තර වලින් මේ ගැන හොයාගන්න අමාරුවෙන එකක් නම් නැහැ (නි)

:       0       0

කිත්සිරි Sunday, 20 September 2015 06:49 AM

මේ ගැන දැනගන්න පුළුවන් වෙයි ඉක්මණින්ම (නි)

:       0       0

සුභාෂි Sunday, 20 September 2015 06:50 AM

අපි මේක මේ ගැන පරීක්ෂණ කරන්න පුළුවන් තැනකට බාරදෙමුද? (නි)

:       0       0

උදිත Saturday, 19 September 2015 01:27 PM

අපි හොයලා බලමු තව ටිකක් (නි)

:       0       0

නුවන් Saturday, 19 September 2015 01:31 PM

නාවික හමුදාව මේක හඳුනන්නෙ නැද්ද? (නි)

:       0       0

විභූති Saturday, 19 September 2015 01:34 PM

වෙන රටකින් ආ නිසයි සැක (නි)

:       0       0

තරිඳු Saturday, 19 September 2015 01:36 PM

අපේ අයගේ අදහස් ටිකනේ නියම (නි)

:       0       0

කපිල Sunday, 20 September 2015 07:06 AM

ඇත්තටම හරිම දුකයි මෙහි අදහස් දාන බොහෝ දෙනා ගැන. ගොඩක් අය දන්නේ මුහුණු පොත හා ගොසිප් විතරයි. පොඩ්ඩක් සොයා බලන්න ඊට වඩා බොහෝ වැදගත් දේවල් මෙහි තිබෙනවා. පොඩ්ඩක් ගූගල් වෙබ් අඩවියට ගිහිල්ලා මෙහි තිබෙන මාදිලි අංකය ගැන සොයාබලන්න. ඔබට මේ පිළිබඳ බොහෝ තොරතුරු ලැබේවි.අන්තර්ජාලය දැනුම වැඩි කිරීමටයි භාවිතා කරන්න ඕනෑ (නි)

:       0       0

නාලනී Saturday, 19 September 2015 01:37 PM

මේක නම් ස්ථිරවම නැවක කොටසක් (නි)

:       0       0

නිහාල් Saturday, 19 September 2015 01:40 PM

රොකට්ටුවක කෑල්ලක් වගෙයි (නි)

:       0       0

ගමගේ Sunday, 20 September 2015 07:07 AM

අපි මේක හඳුනාගත්තට පස්සේ මේකට මොකද කරන්නේ? (නි)

:       0       0

යමින්ත‍ Saturday, 19 September 2015 01:47 PM

පිවිතුරු යහපාල මොකුත් කියන්නේ නැද්ද? (නි)

:       0       0

ප්‍රියදර්ශන Saturday, 19 September 2015 01:47 PM

මට නම් මොකුත් හිතාගන්න අමාරුයි (නි)

:       0       0

අමිල Saturday, 19 September 2015 01:47 PM

බලන්නකෝ හලාවත වෙරළේ හැටි (නි)

:       0       0

ඉන්ද්‍රා Saturday, 19 September 2015 01:53 PM

පිටසල්වලින් ආ පණිවුඩයක්වත් මේකේ තියෙනවද දන්නෙ නැහැ (නි)

:       0       0

උමේෂී Saturday, 19 September 2015 01:56 PM

මේ උපකරණය මොකක්ද දන්නෙ නැහැ. මට නම් බයයි (නි)

:       0       0

ඉසුරු Saturday, 19 September 2015 02:04 PM

කලබල නොවී හෙමිහිට බලමු (නි)

:       0       0

නුවන් Saturday, 19 September 2015 02:03 PM

මේකේ නම ,හදපු තැන ඔක්කොම මේකේ තියනවනේ (නි)

:       0       0

මිහිරි Saturday, 19 September 2015 02:05 PM

මේ වෙරළ පිරිසිදු කරලා දාන්න කාටවත් හිතෙන්නේ නැද්ද? (නි)

:       0       0

නිලංග Saturday, 19 September 2015 02:08 PM

මේක ගෑස් පිරවූ යම් සිලින්ඩරාකාර දෙයක් වගෙයි (නි)

:       0       0

බොරළුගොඩ Saturday, 19 September 2015 02:08 PM

මම නම් හිතන්නේ මේක ගුවන් යානාවක කොටසක් (නි)

:       0       0

වේළු Saturday, 19 September 2015 02:08 PM

පිටසක්වල යානාවක කොටසක් වැටිලද දන්නෙ නැහැ (නි)

:       0       0

රුසිරු Saturday, 19 September 2015 02:08 PM

කාලයක් අද්භූත එළි. දැන් උපකරණ... (නි)

:       0       0

සමන්ති Saturday, 19 September 2015 02:17 PM

අනේ මන්දා එක එක කාලෙට එක එක දේවල් (නි)

:       0       0

නිර්මල Saturday, 19 September 2015 02:25 PM

මේක පණිවුඩ හුවමාරු උපකරණයක්වද්ද? (නි)

:       0       0

අරුණ Saturday, 19 September 2015 02:29 PM

මේක ඇතුළේ යම් පණිවුඩයක් තිබෙන්න පුළුවන් (නි)

:       0       0

ශාන් Saturday, 19 September 2015 02:30 PM

මේකේ විස්තර ටිකත් පැහැදිලිවම සටහන්වෙලා තියෙන එකේ හොයාගන්න බැරිවෙන එකක් නැහැ (නි)

:       0       0

ලංකාසිරි Saturday, 19 September 2015 02:31 PM

පොඩ්ඩක් හොයල බැලුවා නම් ඉක්මණින්ම දැනගන්න පුළුවන් (නි)

:       0       0

හරිත Saturday, 19 September 2015 02:34 PM

මේක චන්ද්‍රිකාවක් මුහුදට ගොඩබස්වන්න උදවු කරන කොටසක් වෙන්න පුළුවන් (නි)

:       0       0

අනුර Saturday, 19 September 2015 02:40 PM

ළඟක හිටියා නම් මමත් බලන්න යනවා (නි)

:       0       0

අශේන් Saturday, 19 September 2015 02:46 PM

බලන්නකෝ කට්ටියගේ අදහස් ගොඩ (නි)

:       0       0

ටුආන් Saturday, 19 September 2015 02:47 PM

අපේ ඔත්තු බලන්න එවපු එකක්ද දන්නෙ නැහැ (නි)

:       0       0

භානුක Saturday, 19 September 2015 02:46 PM

මෙය මුහුද යට භුමිය පර්යේෂණයට භාවිතා කරන නැවකින් ගැලවුණු කොටසක් වගෙයි (නි)

:       0       0

මාලක රොඩ්රිගෝ Saturday, 19 September 2015 02:55 PM

ඉන්දියාවෙත් මේ වගේ උපකරණයක් 2008 දී ගොඩගහලා තිබුනා (නි)

:       0       0

උපාලි Saturday, 19 September 2015 02:57 PM

දුරකථන ඇමතුමක් දීලා බැලුවේ නැද්ද දන්නෙ නැහැ තවම? (නි)

:       0       0

ඔලිවර් Saturday, 19 September 2015 03:05 PM

මේක බයවෙන්න තරම් හේතුවක් නම් වෙන්න බැහැ (නි)

:       0       0

රංග Saturday, 19 September 2015 03:07 PM

මේකට කියන්නේ ස්ටීමර් රිකවරි ඩිවයිස් කියලා නේද? (නි)

:       0       0

අප්සරා Saturday, 19 September 2015 03:08 PM

වෙරළේ හැටි දැක්කහම ඔක්කොම එපාවෙනවා (නි)

:       0       0

යසස් Saturday, 19 September 2015 03:09 PM

මේක ගැන පරීක්ෂණ කරලා ඉක්මණින්ම දැනගනීවි (නි)

:       0       0

දිනේෂ් Saturday, 19 September 2015 03:09 PM

ඔය වස්තුව මුහුදු පතුලේ භූ කම්පන පරීක්ෂා කරන උපකරණයක්.මීටර් 300 ක් මුහුද යටදි ඔය උපකරණය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන්නේ (නි)

:       0       0

මොහාන් Saturday, 19 September 2015 03:09 PM

මේක විදේශීය කුමන්ත්‍රණයක ඇරඹුමක්ද? (නි)

:       0       0

උපුල් Saturday, 19 September 2015 03:10 PM

මට නම් එච්චර අල්ලන්නේ නැත්තේ මේකේ සඳහන් රට (නි)

:       0       0

වජිර Saturday, 19 September 2015 03:12 PM

මම නම් හිතන්නේ මේක කිමිදුම් ආම්පන්නයක කොටසක් (නි)

:       0       0

අමල් Saturday, 19 September 2015 03:13 PM

http://www.mitchamindustries.com/products-for-lease/marine-seismic/streamer-peripheral-systems/concord-srd-streamer-retrieval-devices/ මෙම වෙබ් ලිපිනයෙන් මෙම උපකරණය ගැන විස්තර සොයාගන්න පුළුවන්. (නි)

:       0       0

විජේසුන්දර Saturday, 19 September 2015 03:17 PM

නැවක කොටසක්ද දන්නෙ නැහැ (නි)

:       0       0

අමිල Saturday, 19 September 2015 03:19 PM

හඳුනාගන්න අමාරුවෙන එකක් නැහැ (නි)

:       0       0

ඉමාෂි Saturday, 19 September 2015 03:20 PM

මේක ගුවන් යානයක කොටසක්ද දන්නෙ නැහැ (නි)

:       0       0

වාද්දුවගේ Saturday, 19 September 2015 03:25 PM

මොකක්ද මේ වස්තුව? (නි)

:       0       0

සිරිවර්ධන Saturday, 19 September 2015 03:25 PM

මේකෙන් අපිට හානියක් නම් වෙන එකක් නැහැ (නි)

:       0       0

සිසිර Saturday, 19 September 2015 03:26 PM

මේකේ මොඩ්ල් අංකයෙන් විස්තර දැනගන්න පුළුවන් වෙයි. (නි)

:       0       0

නිර්මල Saturday, 19 September 2015 03:36 PM

මේක ගැන බයවෙන්න හේතුවක් නැහැ (නි)

:       0       0

සරත් Monday, 21 September 2015 03:04 AM

කපිල ඔබ හරියටම හරි මටත් කියන්න තියෙන්නෙ ඒකම තමයි (ම)

:       0       0

කුමාර Saturday, 19 September 2015 03:38 PM

ඔය තියෙන්නේ මොඩ්ල් එකේ විස්තර. හොයලා බලමු (නි)

:       0       0

දහම් Saturday, 19 September 2015 03:40 PM

අන්තර්ජාලයේ මේ උපකරණය ගැන තොරතුරු තිබෙනවා නේද? මෙය නාවුක කටයුතුවලට අදාළ උපකරණයක්. (නි)

:       0       0

හනීස් Saturday, 19 September 2015 03:44 PM

බලන්නකෝ මේ වෙරළේ හැටි (නි)

:       0       0

නාමල් Saturday, 19 September 2015 03:49 PM

ඉවසීමෙන් හොයලා බලමු (නි)

:       0       0

පුෂ්පකුමාර Saturday, 19 September 2015 03:50 PM

අපිව බයකරන්න හිතාගෙන කවුරුහරි කළාද දන්නෙ නැහැ (නි)

:       0       0

ටුෂාන් Saturday, 19 September 2015 03:55 PM

ඔය වස්තුවේ ලේබලයේ තිබෙන සමාගම ගැන අන්තර්ජාලයේ හොයලා බලන්න. ඕක බෝට්ටුවක හෝ නැවක කොටසක් වෙන්න පුළුවන්.

:       0       0

යසන්ත Saturday, 19 September 2015 03:58 PM

මේ වෙරළ මේ වස්තුව නිසාවත් පිරිසිදු වුණොත් කොච්චර හොඳද? මෙහි ඡායාරූප බලධාරීන්ගේ අවධානයට යොමුවේවා! (නි)

:       0       0

උදිත් Saturday, 19 September 2015 04:07 PM

අපේ අදහස් දාන කට්ටිය මේ පොඩ්ඩට මේක ගැන හොයාගෙනත් ඉවරයි වගේ (නි)

:       0       0

කාරියවසම් Saturday, 19 September 2015 04:10 PM

මට නම් කියන්න තියෙන්නේ මේ ගැන කලබල වෙන්න එපා කියලයි (නි)

:       0       0

හේමන්ත Saturday, 19 September 2015 04:13 PM

අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යානයේ කොටසක් විය නොහැකිද? (නි)

:       0       0

එරංග Saturday, 19 September 2015 04:18 PM

අපේ රටටමයි මෙහෙම එක එක දේවල් එන්නේ (නි)

:       0       0

දහම් Saturday, 19 September 2015 04:43 PM

මේ නාවුක කටයුතුවලට සම්බන්ධ උපකරණයක් වෙන්න ඇති (නි)

:       0       0

අයිවන් Saturday, 19 September 2015 04:43 PM

පුපුරන එකක්ද දන්නෙ නැහැ. ප්‍රවේශමෙන් (නි)

:       0       0

රුචිර Saturday, 19 September 2015 04:45 PM

මේක මුහුදේ යම් යාත්‍රාවක් හෝ පාවෙන යමක් ඇදගෙන යනවිට ඇදගෙන යන යාත්‍රාවේ හෝ පාවෙන යමක සවිකරන උපකරණයක්. යම් හේතුවකින් එම යාත්‍රාව හෝ පාවෙන යම් දෙය ගිලුනොත් ගිලෙනවිට ඇතිවන ද්‍රව පීඩනයෙන් සක්‍රීයවෙන කොටසක් මඟින් යාත්‍රාවෙන් වෙන්වී කාබන්ඩයොක්සයිඩ් මඟින් පිම්බීමට ඇති බැලුනයක් පිම්බී වතුරෙන් උඩට විත් දීප්තිමත් ආලෝකයක් විහිදුවන උපකරණයක්. සාමාන්‍යයෙන් මෙහි බැටරි ආයු කාලය අවරුදු 8ක් විතර වෙනවා (නි)

:       0       0

ශාන් Saturday, 19 September 2015 04:47 PM

මෙය ඉතා මිල අධික මුහුදේ ගිල්වා පරීක්ෂණ සඳහා යොදාගන්නා උපකරණයක්. (නි)

:       0       0

අප්සරා Saturday, 19 September 2015 04:49 PM

මේකේ ලයිට් එකක් තවමත් පත්තුවෙනවලු නේද? (නි)

:       0       0

නිශේන් Saturday, 19 September 2015 04:52 PM

අපිට මේක මොකක්ද කියලා දැනගන්න වැඩි දවසක් යන එකක් නැහැ (නි)

:       0       0

ටිෂාන් Saturday, 19 September 2015 04:52 PM

මේක ලෙහෙසියෙන්ම හොයාගන්න පුලුවන් (නි)

:       0       0

වීරසිංහ Saturday, 19 September 2015 04:55 PM

වැඩි වෙලාවක් යන එකක් නැහැ මේක මොකක්ද කියලා දැනගන්න (නි)

:       0       0

හරේන්ද්‍ර Saturday, 19 September 2015 04:59 PM

අපි හොයමු. එතකොට දැනගන්න ලැබෙයි (නි)

:       0       0

රුක්ෂාන් Saturday, 19 September 2015 05:00 PM

කලබලනොවී බලමුකෝ මොකක්ද කියලා (නි)

:       0       0

ලක්මාල් Saturday, 19 September 2015 05:00 PM

මේ ආයතනයට මේ සීරියල් අංකය දුන්නොත් එයාලා හොයලා දෙයි (නි)

:       0       0

ලක්ෂිත පැරිසිය Saturday, 19 September 2015 05:02 PM

හරිම ලස්සනයි වෙරළ. පිරිසිදුයි නේද? (නි)

:       0       0

ඉසුරු Saturday, 19 September 2015 05:03 PM

පුපුරන ද්‍රව්‍යයක් නම් වෙන්න බැහැ (නි)

:       0       0

ප්‍රියදර්ශන Saturday, 19 September 2015 05:02 PM

ප්‍රවේශම කෝකටත් හොඳයි (නි)

:       0       0

අකලංක Saturday, 19 September 2015 05:06 PM

බයවෙන්න දෙයක් නැහැ මේකේ (නි)

:       0       0

කුලරත්න Saturday, 19 September 2015 05:23 PM

අපි මේ ගැන පොඩ්ඩක් ඉවසීමෙන් බලමුකෝ (නි)

:       0       0

අසාද් Saturday, 19 September 2015 05:23 PM

අපි මේක ගැන එච්චර කලබල වෙන්න දෙයක් නැහැ (නි)

:       0       0

සංජීව Saturday, 19 September 2015 05:24 PM

මෙය හඳුනා ගැනීමට එතරම් අපහසුවෙන එකක් නැහැ (නි)

:       0       0

කපිල Saturday, 19 September 2015 05:28 PM

මෙය නැවකින් ගැලවුණ කොටසක් වෙන්න පුළුවන් (නි)

:       0       0

නදුන්‍ Saturday, 19 September 2015 05:40 PM

බෝම්බයක් නම් වෙන්න බැහැ (නි)

:       0       0

රොබට් Saturday, 19 September 2015 05:42 PM

ඕකෙ තියෙන මොඩල් අංකයෙනුයි, සමාගමේ නමිනුයි මේක ගැන විස්තර ටික දැනගන්න පුළුවන් වෙයි (නි)

:       0       0

අසංග Saturday, 19 September 2015 05:41 PM

මේ උපකරණයේ ගහලා තිබෙන එක ගූගල් එකේ බැලුවා නම් ඒක මොකක්ද කියලා හොයාගන්න පුළුවන් වෙයි (නි)

:       0       0

හරිශ්චන්ද්‍ර Saturday, 19 September 2015 05:41 PM

මට නම් බයයි ඇත්තටම (නි)

:       0       0

විමුක්ති Saturday, 19 September 2015 05:49 PM

අපේ රටේ අය බයකරන්න කවුරුහරි කරපු වැඩක්ද දන්නෙ නැහැ (නි)

:       0       0

නෆ්හාන් Saturday, 19 September 2015 05:50 PM

එක්සත් ජනපදයේ හූස්ටන් ටෙක්සාස්හි නිෂ්පාදනයක් (නි)

:       0       0

තිලකසිරි Saturday, 19 September 2015 05:52 PM

අපි බලමු මොකක්ද කියලා (නි)

:       0       0

විජිත Saturday, 19 September 2015 05:59 PM

ඇත්ත තමයි. බලන්නකෝ වෙරළේ හැටි (නි)

:       0       0

අමල් Saturday, 19 September 2015 05:59 PM

මේක මුහුදු ගවේෂණ වල පාවිච්චි කරන උපකරණයක කොටසක්. (නි)

:       0       0

කුලරත්න Saturday, 19 September 2015 06:00 PM

හරි හරි. ඉවසලා බලමුකෝ (නි)

:       0       0

ප්‍රියන්ත Saturday, 19 September 2015 06:05 PM

මෙය පුපුරන ද්‍රව්‍යයක් නම් වෙන්න බැහැ (නි)

:       0       0

පිවිතුරු යහපාල Saturday, 19 September 2015 06:07 PM

අපේ රාවණා රජතුමා පිටසක්වල ජීවින් එක්ක සම්බන්ධකම් පැවැත්වුවා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ පිටසක්වල මිනිසුන් ආයේ ලංකාව එක්ක සම්බන්ධ වෙන්න දරපු උත්සහයකුත් වෙන්න පුළුවන්. (නි)

:       0       0

නොයෙල් Saturday, 19 September 2015 06:13 PM

මේ ඡායාරූප වලින්ම බලන්න මේ වෙරළ කොච්චර නම් අපිරිසිදුද කියලා (නි)

:       0       0

යසීර් Saturday, 19 September 2015 06:27 PM

ඒ දුරකථන අංකයෙන් කතාකරලා අහලා බැලුවා නම් හරිනේ (නි)

:       0       0

ජනේෂ් Saturday, 19 September 2015 06:28 PM

මම නම් මෙහෙම එකක් දැක්කමයි (නි)

:       0       0

හේමචන්ද්‍ර Saturday, 19 September 2015 06:47 PM

අපේ පොලිසිය මේක බොහොම ටික වෙලාවකින් හොයාගනීවි මොකක්ද කියලා (නි)

:       0       0

ලක්මාල් Saturday, 19 September 2015 06:47 PM

මේක නැව් වල පාවිච්චි කරන උපකරණයක් වෙන්න පුළුවන් (නි)

:       0       0

තාරුක Saturday, 19 September 2015 06:49 PM

අපි බලමු පොලිසිය මොකද කියන්නේ කියලා (නි)

:       0       0

කැටවල Saturday, 19 September 2015 06:51 PM

මේක කවුරුහරි අපිව බයකරන්න එවුවද දන්නෙ නැහැ (නි)

:       0       0

අනුශ්ක Saturday, 19 September 2015 06:57 PM

ලයිට් එකකුත් පත්තුවෙනවලු නේද? අනේ මන්දා... (නි)

:       0       0

අභීත Saturday, 19 September 2015 07:28 PM

එක්සත් රාජධානියෙන් අපිට එවපු තෑග්ගක්ද දන්නෙ නැහැ. (නි)

:       0       0

නාමල් Saturday, 19 September 2015 07:33 PM

කොයි එකටත් ප්‍රවේශමෙන් ළංවෙන්න (නි)

:       0       0

රණසිංහ Saturday, 19 September 2015 07:47 PM

අම්මෝ! බෝම්බයක්වද්ද දන්නෙ නැහැ (නි)

:       0       0

රවී Saturday, 19 September 2015 08:00 PM

මට නම් මේක එච්චර භයානක දෙයක් කියලා නම් හිතෙන්නෙ නැහැ (නි)

:       0       0

හංසගිරි Saturday, 19 September 2015 08:04 PM

මොකක් වෙන්න පුළුවන්ද? අනේ මන්දා! (නි)

:       0       0

අමන්දා Saturday, 19 September 2015 08:19 PM

අපෝ! අපේ අය මේක බොහොම ඉක්මණට හොයාගනී (නි)

:       0       0

පෙරේරා Saturday, 19 September 2015 08:29 PM

එහි ඇති මොඩලය ගූගල් සෙවුම් යන්ත්‍රයේ යොදා සෙවූවිට එහි සම්පූර්ණ විස්තරය මෙසේ සොයාගන්නට පුලුවන් වුණා. http://www.geospace.com/tag/streamer-recovery-device-srd/ (නි)

:       0       0

සිල්වා Saturday, 19 September 2015 08:56 PM

හරි විස්තරයම ඒකේ තියෙනවා නේද? (නි)

:       0       0

සෑම් Saturday, 19 September 2015 09:34 PM

කෝ මේ අපේ අහවල් හිටපු ඇමත‍ිතුමා? මේක අධිරාජ්‍යවාදීන්ගේ ඊනියා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක අතුරු ඵලයක් වෙන්නත් බැරි නැහැ (නි)

:       0       0

අකලංක Saturday, 19 September 2015 09:35 PM

මේක මේ එච්චර ලොකු වස්තුවක් නෙමෙයිනේ. යම් උපකරණයක කැඩීගිය කොටසක් වෙන්න ඇති (නි)

:       0       0

පුලාර Saturday, 19 September 2015 09:35 PM

මේකේ ලේබලේ තිබෙන මොඩ්ල් අංකය පරීක්ෂා කළා නම් තොරතුරු දැනගන්න පුළුවන් වෙයි (නි)

:       0       0

වජිරපාල Saturday, 19 September 2015 09:40 PM

මේ ගැන ඉක්මණින්ම දැනගන්න පුළුවන් වෙයි (නි)

:       0       0

තිලාන් Sunday, 20 September 2015 12:28 PM

මම නම් මේ වස්තුව දැකලා කලබල වුණේ නැහැ (නි)

:       0       0

ජනක Saturday, 19 September 2015 10:05 PM

මේක හඳුනාගන්න එක එච්චරම අමාරු වෙන එකක් නැහැ (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 19 September 2015 10:14 PM

හඳුනානොගත් කියලා කිවුවහම මම මුලින් හිතුවෙම ස්ත්‍රී පරානයක් කියලා. මොකද ජීවිත කාලයක් එකට හිටියත් ගැහැණු හඳුනාගන්න එක ලෙහෙසි නොවන නිසා (නි)

:       0       0

අනුර පනාගොඩ Saturday, 19 September 2015 10:30 PM

මොකක්ද මන්දා? (නි)

:       0       0

රාජේශ් Saturday, 19 September 2015 10:40 PM

මෙය මුහුදු පත්ලේ ස්වභාවය මැනීමට ගන්නා උපකරණයක් යැයි සිතේ.නාරා ආයතනයට අයත් විය හැකිය. (නි)

:       0       0

මනුක Saturday, 19 September 2015 11:21 PM

හදලා තියෙන්නේ එක්සත් ජනපදයේ නේද? ඔය දුරකථන අංකයකුත් තියෙන්නේ. (නි)

:       0       0

විරාත් Saturday, 19 September 2015 11:22 PM

මේ නාවික යාත්‍රාවක කොටසක් වෙන්න පුළුවන් (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 19 September 2015 11:32 PM

ඕක ගැන ඒ හැටි කලබල වෙන්න දෙයක් නැහැ කියලයි මම නම් කියන්නේ (නි)

:       0       0

නිශාන්ත Saturday, 19 September 2015 11:33 PM

මේ ගැන ඉක්මණටම දැනගන්න පුළුවන් වෙයි (නි)

:       0       0

කිත්සිරි Saturday, 19 September 2015 11:42 PM

අපි බලමු මොකක්ද කියලා (නි)

:       0       0

පියසේන Sunday, 20 September 2015 12:03 AM

මම නම් හිතන්නේ මේක නාවුක කටයුතු සඳහා යොදාගන්නා යම් වස්තුවක කොටසක් (නි)

:       0       0

විජේසුන්දර Sunday, 20 September 2015 12:10 AM

ඇත්තටම මේ මොකක් වෙන්න පුළුවන්ද? (නි)

:       0       0

සිරිපාල Sunday, 20 September 2015 12:19 AM

මේක කියවලා බලන්න (නි) http://www.geospace.com/heading-sensor-recovery-device-hsrd/

:       0       0

සංජීව Sunday, 20 September 2015 12:36 AM

කලබල වෙන්න එපා. මම හිතන්නේ මේක මේ මුහුදේ මැනුම් කටයුතු වලට යොදාගන්නා ආම්පන්නයක්. මුහුදේ ගිලීම වැළැක්වීමට යොදාගන්නා උපකරණයක්. මැරීන් ස්ට්‍රීමර් කියන උපකරණය මුහුදු මට්ටමේ නියමිත ප්‍රමාණයට වඩා පහළට ගියොත් මේ උපකරණයේ කොටසක් පිපිරී වායු බෑග් එකක් පිම්බී ගිලෙන එක වළක්වා උඩට ගෙනෙනවා. (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 19 September 2015 11:03 AM

මෙය නාවික උපකරණයකි. (ම)

:       0       0

සුජිත් Sunday, 20 September 2015 01:14 AM

අදාල නිෂ්පාදන සමාගම මඟින් මේ ගැන විමසුවොත් හොඳයි නේද? (නි)

:       0       0

විදූර Sunday, 20 September 2015 01:20 AM

මෙහි මොඩ්ල් අංකය මඟින් සියලු විස්තර දැනගන්න පුළුවන් වෙයි (නි)

:       0       0

ඔමිල Sunday, 20 September 2015 01:41 AM

අපේ රටට මේකෙන් මොකක්හරි බලපෑමක් වෙයිද? (නි)

:       0       0

අභිමාන Sunday, 20 September 2015 02:01 AM

මුහුදට කඩාවැටුණු ගුවන් යානයක කොටසක් වෙන්නත් පුළුවන් (නි)

:       0       0

අසංක Saturday, 19 September 2015 11:30 AM

මේක නැවක කොටසක් (ම)

:       0       0

චතුරංග Sunday, 20 September 2015 03:03 AM

මේක මුහුදේ ගැඹුර මැන ගන්න උපකරණයක්.....ජිඕ ස්පසේ තාක්ෂණය (ම)

:       0       0

සයුරි Saturday, 19 September 2015 11:34 AM

හොඳින්ම හඳුනාගත හැක (ම)

:       0       0

චාමර Sunday, 20 September 2015 03:15 AM

වස්තුව මොකක් වුණත් අවට වෙරළ නම් බොහෝම අපූරුවට අපිරිසුදු කරලා තියෙයි...(ම)

:       0       0

සමීර Saturday, 19 September 2015 11:45 AM

මුහුදට යටින් තියන පොළවේ හරස්කඩ ගවේෂණය කරන්න කම්පන තරංග භාවිතා කරනවා. එවැනි නවීන උපකරණ පද්ධතියක කොටසක්.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 107 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 369 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 523 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 76 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 453 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 371 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14546 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 128 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site