IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘හොඳම දේ නැතත් 19 වෙනස් කරනවා‘

ජනමත විචාරණයට ලක් කළ යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණය කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ වගන්ති හත ඉවත් කිරීමෙන් පසුව රටට, ජනතාවට , පාර්ලිමේන්තුවට හා අගමැතිවරයාට වග කියන ජනාධිපතිවරයකු පාර්ලිමේන්තුවේ බහුතර බලයෙන් රටට ලබාදීමට රජය කඩිනමින් කටයුතු කරන බව විදේශ නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේමා මහතා පැවසීය.

ලබන සඳුදාත් අඟහරුවාදාත් (20, 21) එම සංශෝධන ජයග්‍රහණය අනිවාර්යයෙන් ලබා ගන්නා බව ද ඔහු කීවේය.

සීමාරහිත විධායක බලතල සහිත ජනාධිපතිධුරය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම යටතේ බලාපොරොත්තු වූ හොඳම දේ නොලැබුණත්, කළ හැකි හොඳම දේ රටට ලබා දීමට වත්මන් රජය කැපවන බව ඔහු සඳහන් කළේය.



අදහස් (0)

‘හොඳම දේ නැතත් 19 වෙනස් කරනවා‘

හේමන්ත Saturday, 11 April 2015 03:09 AM

ජනමත විචාරණයක් තියන්න (නි)

:       0       0

දේශප්‍රිය Saturday, 11 April 2015 05:15 PM

ප්‍රතිපත්තියක් නැතිකම ගැන දුකයි. විධායක ජනාධිපති ක්‍රමය ආ දා සිට ඒ ක්‍රමය ප්‍රතික්ෂේප කළ ශ්‍රීලනිපය දැන් මොකක්ද කරන්නේ? (නි)

:       0       0

ගජවීර Saturday, 11 April 2015 05:21 PM

අනේ ..අනේ ...දැන් කොහොමද කතා? ආවේ ජනාධිපති ක්‍රමය නැතිකරලා, අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තුවට බලතල යන විදිහේ ක්‍රමයක් ගේනවා කියලා ජනතාවට පොරොන්දුවෙලා නේද? (නි)

:       0       0

සජාන් Saturday, 11 April 2015 05:55 PM

ආ, පිටිගල, ඊළඟට වන්නේ මොකක්ද කියලවත් දැනෙන්නේ නැද්ද? (නි)

:       0       0

නිමල් ලාලිත Saturday, 11 April 2015 04:00 AM

මේ රටේ සාමකාමී මිනිසුන්ගේ දරුවන් හෝ ඔවුන්ගේ අනාගත මුනුබුරු මිණිබිරියන් දේශපාලනයට නාවත් ,අද සිංහලයාට වළ කපමින් බලය වෙනුවෙන් පොරකන සමහර සිංහල දේශපාලකයන්ගේ මුනුබුරු මිණිබිරියන්ට දේශපාලනයට ඒමටත් ,පාර්ලිමේන්තු යාමටත් සිංහලයන් ඉතිරිවිය යුතුය. අසිංහලයන් අද සිංහලයාට ගසන බලගතුම අවිය වී ඇත්තේ ඔවුන්ගේ ජාතිය බෝ කිරීමයි. ඇමතිතුමාත් බණ්ඩාරගම අටුලුගම දැනට අවුරුදු පනහකට පෙර සහ අද තත්වය දන්නවනේ.එබැවින් ඔය මොනවා කළත් සිංහල ජනගහණ ප්‍රතිශතය මේ තත්වයෙන් හෝ පවත්වාගෙන යාමටත් කටයුතු කළොත් නරකද? (නි)

:       0       0

තරිඳු Saturday, 11 April 2015 04:03 AM

හොඳයි අපි බලමුකෝ! (නි)

:       0       0

වසන්ත Saturday, 11 April 2015 09:51 PM

පොරොන්දු වූ පරිදිම අපිට ඕනෑ (නි)

:       0       0

අනුර ඩුබායි Saturday, 11 April 2015 04:20 AM

ජනමතයකින් අනුමැතිය ගන්න අපහසු වෙනවා. දෙමළ සහ මුස්ලිම් ජනතාව ශ්‍රීලනිප විරුද්ධව ඡන්දය දේවී. එම ජනයාට ජනපතිවරණයකදී ලැබෙන කේවල් කිරීමේ හැකියාව වැඩියි. (නි)

:       0       0

දුමින්ද Saturday, 11 April 2015 04:30 AM

උපතින්ම අංගවිකල ව්‍යවස්ථා දරු උපතක් - සිදුවුණො වේය රටට විපතක්... (නි)

:       0       0

දුමින්ද Saturday, 11 April 2015 05:47 AM

හොඳම නැති බාල වැඩක්-නැත දිගුකල් සෙතක් (නි)

:       0       0

සෙනෙවි Saturday, 11 April 2015 06:15 AM

පාර්ලිමේන්තුවට වගකිවුවා නම් ඇති. තවත් අගමැතිටත් වගකියන්නෙ ඇයි? (නි)

:       0       0

තරංග Friday, 10 April 2015 12:50 PM

අන්න හොඳයි

:       0       0

ශාන් Saturday, 11 April 2015 06:34 AM

සමහරුන්ට නම් මේවා මැජික් වගේ. (නි)

:       0       0

සහන් Friday, 10 April 2015 02:29 PM

ජයවේව ඔබ සැමට (අ)

:       0       0

ටෙනිසන් Saturday, 11 April 2015 08:52 AM

දැන ගියොත් කතරගම.පාර හරි. ඔහොම හොඳයි යමු. (නි)

:       0       0

සත්‍යපාල Friday, 10 April 2015 02:39 PM

මේක අර පණ්ඩිතයෝ හත්දෙනාගේ කතාව වගේ."ඉතා හොද කළු සුරුට්ටු මෙහි විකිනීමට තිබේ" කියල කඩේක ලොකුවට බෝඩ් එකක් තිබුනලු.එක පණ්ඩිතයෙක් මුදලාලිට කියුවලු ඉතා හොද කියන එක තමයි හොද කියන්නේ.තමුසේ ඔය "ඉතා" කෑල්ල වැඩක් නෑ අයින්කරනවා කියල.අනිත් දවසේ තව පණ්ඩිතයෙක් කියුවලු හොද නිසානේ තමුවේ විකුණන්නේ "හොද" කියල දාන්න ඕනේ නෑ, අයින්කරනවා කියල.සුරුට්ටු කළු තමයි "කළු" අයින්කරන්න,මේක සුරුට්ටු කඩේ කියල දන්නා නිසා "සුරුට්ටු" අයින්කරන්න.මෙහි තියන නිසානේ විකුනන්නේ "මෙහි" අයින්කරන්න, විකිනීමට තමයි කඩයක තියෙන්නේ "විකිනීමට" අයින් කරන්න,ඔය විදිහට අන්තිමට අර ලොකු බෝඩ් එකේ "තිබේ" කියල විතරලු අන්තිමට හත්වෙනි පණ්ඩිතය කියුවලු තිබෙන හින්දනේ කඩේ ඇරගෙන ඉන්නේ "තිබේ" එකත් අයින්කෙරුවලු.හිස් බෝඩ් ලැල්ලක් විතරලු ඉතුරු.(අ)

:       0       0

පිටිගල Friday, 10 April 2015 02:54 PM

ඊළඟට මොනවා වෙයිද? (නි)

:       0       0

ප්‍රකාශ් Saturday, 11 April 2015 09:37 AM

දැන් ඉතින් තමන්ගේ මට්ටම් තම්මැට්ටන් කියලා බලාගෙන ඉන්න එකයි ඇත්තේ. (නි)

:       0       0

සුමුදු හේවා Sunday, 12 April 2015 03:24 AM

අශෝක්, විධායක ජනාධිපති ක්‍රමය හෝ අගමැතිට වැඩි බලතල පැවරෙන පාර්ලිමේන්තු ක්‍රමය හෝ නිරපේක්ෂව යහපත් හෝ අයහපත් නොවෙයි. එහෙත් අපේ රටේ ත්‍රස්තවාදය තුරන් වුණාට බෙදුම්වාදය තවමත් පවතින නිසා අවදානම තුරන් වී නැත. මෙය නිරාකරණය කරගෙන රට වඩාත් ස්ථාවර එකක් බවට පත්කරගෙන සැබවින්ම අපේ රටට අනන්‍යවන ශ්‍රී ලාංකික ජාතියක් නිර්මාණය කරගන්නා තෙක් අපේ රටට වඩා යෝග්‍ය විධායක ජනාධිපති ක්‍රමයයි. (නි)

:       0       0

ජසින් Friday, 10 April 2015 03:36 PM

දැන්නම් ගොඩක් දෙනාට තේරෙනවා ඇති. (නි)

:       0       0

වීකී Friday, 10 April 2015 04:32 PM

ඇති යාන්තම්. සතුටුයි! (නි)

:       0       0

දයාල් Friday, 10 April 2015 07:49 PM

ඔය එන්නේ දැන්... ඔහොම යමුකෝ! (නි)

:       0       0

සුමුදු හේවා Saturday, 11 April 2015 01:44 PM

සංශෝධන ඇතුව හෝ නැතුව ගෙනාවත් රටට අහිතකර 19 ව්‍යවස්ථාව පරාජය කිරීමට කටයුතු කිරීම රටට හිතැති කාගේත් වගකීමයි. (නි)

:       0       0

සමන් කටාර් Friday, 10 April 2015 08:52 PM

19 අපිට වැදගත් පාඩමක් කියාදුන්නා (නි)

:       0       0

මහින්ද ආර්. කිතුල්ගොඩ- සීෂෙල්ස් Saturday, 11 April 2015 02:39 PM

විධායක බලතල වලින් රටට ජාතියට වැඩක් වුණේම නැද්ද? කල්ලිවාදීන්ගේත්,අවස්ථාවාදීන්ගේත්, ත්‍රස්තවාදීන්ගේත්, බෙදුම්වාදීන්ගේත් හිසරදය නේද මේ විධායක බලතල?නොදන්නාකමටයි ඇහුවේ විශාරදවරුනේ.... (නි)

:       0       0

අශෝක් Saturday, 11 April 2015 02:43 PM

දැන් මෙතන රටට හිතැති ඔක්කොම සුමුදු හේවා පුරෝහිතයා කියන විදියට වැඩ කරන්නකෝ. නැත්නම් ඔක්කොම දේශද්‍රෝහියෝ! ඇහුනාද කට්ටියටම? (නි)

:       0       0

ලක්ෂ්මන් Saturday, 11 April 2015 01:08 AM

ජනමත විචාරණයක් තියලා සියල්ල වෙනස් කරන්න (නි)

:       0       0

සිරිල් Saturday, 11 April 2015 01:29 AM

මොන ක්‍රමයකින් හරි දූෂිත දේශපාලකයින් දේශපාලනයෙන් විශ්‍රාම ගැන්වූවොත් ඒ හොඳටම ඇති. (නි)

:       0       0

අභයවංශ Saturday, 11 April 2015 01:59 AM

පළමු පියවර 19යි. අපි දෙවැන්නද දනිමු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 153 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 133 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 722 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 495 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 3164 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1753 7

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37994 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site