නව යොවුන්වියේ පසුවන මේ රුවැත්තිය තවම අධ්‍යාපන කටයුතුවල නිරතවන්නීය. නිරූපණයට දැඩි ඇල්මක් දක්වන ඇය නිරූපණය පිළිබඳ හැදෑරීම් කටයුතු සිදුකරන්නීය. නමින් හසිනි සැමුවෙල් වන ඇය, ඇගේ කලා තොරතුරු පිළිබඳ ‘සාරවිට’ මෙලෙසින් පැවසුවාය.
ඔබව හඳුන්වා දුන්නොත්?
මගේ නම හසිනි සැමුවෙල්. මගේ වයස අවුරුදු 18යි. තාම ඉගෙන ගන්න ගමන් තමයි නිරූපණය කරන්නේ. මොකද මටනිරූපණය ගැන වැඩි කැමැත්තක් තියෙනවා. ඊට අමතරව මම ෂේඩ් මිර්ර් ආයතනයට නිරූපණ කටයුතුවලින් දායක වෙනවා.
ඉගෙන ගැනීම් කටයුතු නිසා ගෙදරින් අකමැත්තක් නැද්ද නිරූපණය කරනවට?
මගේ කැමැත්ත තමයි නිරූපණය කියන දේ. ඉතිං ඉගෙනීමේ කටයුතු වෙනමම කරනවා. නිරූපණ කටයුතු සඳහාත් දායක වෙනවා. ඒක නිසා ගෙදරින් ප්‍රශ්නයක් නැහැ.
නවක නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රය තුළ කටයුතු කරද්දී මොකද හිතෙන්නේ?
දැනට නම් මේ ක්ෂේත්‍රය මට ගොඩක් හොඳයි. ගොඩක් අවස්ථා ලැබෙනවා. තමන්ගේ දක්ෂතාවයන් පෙන්නන්න පුළුවන්කමක් තියෙනවා.
තරගයක් සඳහා ඉදිරිපත් වෙන්න කැමැත්තක් නැද්ද?
ඔව් ඇත්තෙන්ම මම පැජන්ට් එකක් සඳහා කැමැත්තක් තියෙනවා. මගේ බලාපොරොත්තුවක් තියෙනවා පැජන්ට්වලට මුහුණදීලා ඒවගේ අත්දැකීම් අරගෙන හොඳම නිරූපිකාවක් වෙන්න තමයි මගේ කැමැත්ත.
එතකොට වෘත්තීය වශයෙන් මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ?
මගේ ඉගෙනීමේ කටයුතුවලිනුත් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. වෘත්තීය නිරූපිකාවක් වෙන්නත් මම ගොඩක් කැමැතියි. මම හිතනවා ඉදිරියට යන්න පුළුවන් කියලා.
නිරූපණය හදාරනවා?
ඔව් මම නිරූපණය හදාරනවා. ෂේඩ් මිරර් ආයතනයෙන් සංවිධානය කරනු ලැබූ වැඩසටහනක් සඳහාත් දායක වෙලා ඉන්දියන් සුපර් මොඩල් නර්මදාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. එහිදී මට ගොඩක් දේවල් පිළිබඳව හදාරන්න අවස්ථාව ලැබුණා. අත්දැකීම් ගොඩක් ලැබුණා.
නිරූපණය ලේසිද?
ලේසිමත් නැහැ. වෘත්තීය වශයෙන් කරනවානම් ගොඩක් අත්දැකීම් තියෙන්න ඕනේ. හැබැයි ලේසී නැහැ.
කැපකිරීම් කරන්න ඕනේද?
ඔව් අනිවාර්යෙන්ම.
ගෙදරින් ලැබෙන සහයෝගය?
දෙමාපියන් කැමතියි මං කැමති දේ කරනවට. එයාල මට ඉදිරියටත් සහයෝගය දෙයි කියලා හිතනවා. දැනටත් මට එයාලා ගොඩක් සහයෝගයක් දෙනවා. ඉතිං ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒ නිසා මේ ක්ෂේත්‍රය තුළින් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත
ඡායාරූප අනුග්‍රහය - හෂාන් පන්නිල (0779806627)
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.
දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
හොඳම නිරූපිකාවක් වීමට කරළියට ආ හසිනි