IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


හොඳම නිළිය වූ බොර දිය පොකුණේ ඉරිසියාකාරී

2016-05-27-ent-156

 

ගෝතමී ඈත ගමක සිට වෙළෙඳ කලාපයේ සේවයට පැමිණෙන යුවතියකි. ඇය තවත් යෙහෙළියන් දෙදෙනෙකු සමඟ නවාතැන් ගෙන සිටින්නේ එකම තැනකය. මංගලා සුන්දර දඟකාර යුවතියකි. තමාට එවන් රූ සපුවක් නැති වීම ගැනත්, මංගලාට මෙන් කඩවසම් පෙම්වතෙකු නැති වීම ගැනත් ගෝතමී දුක් වෙයි. ඇය මංගලාට ඊර්ෂ්‍යා කරයි. ඇගේ කඩවසම් පෙම්වතා විපුලට සිතින් ආදරය කරයි. කෙසේ වුවත් මේ හැ`ගීම්වල ප‍්‍රතිඵලයක් ලෙස ඇය විපුල සමඟ යහන්ගත වෙයි. බොරදිය පොකුණ කතාව පෙළ ගැසෙන්නේ මේ සිද්ධිදාමය තේමා කර ගනිමිනි.

2016-05-27-ent-155මෙහි ගෝතමී චරිතය නිරූපණය කළේ ප‍්‍රවීණ රංගන ශිල්පිනී කෞශල්‍යා ප‍්‍රනාන්දුය. පසුගියදා පැවති දෙරණ සිනමා සම්මාන උළෙලේදී ඇය හොඳම නිළිය සම්මානය දිනා ගන්නට ඇයට හැකි වූයේ ඒ සාර්ථක ර`ගපෑම නිසාය.

‘‘හොඳම නිළියට හිමි සම්මානය අතට ගන්නකොට ඔබට ලොකු සතුටක් දැනෙන්න ඇති නේද..?’’ මම ඇය සමඟපිළිස`දරට එළඹෙමින් විමසුවෙමි.

‘‘නැහැ.. ඇත්තටම මට දැනුණෙ දුකක්.. මේ චිත‍්‍රපටිය ලංකාවේ සිනමාහල්වල ප‍්‍රදර්ශනය කරවන්න අපි මොන තරම් කට්ටක් කෑව ද කියලා හිතුණා..’’

ඇය පැවසුවේ සිනාසෙන්නට තැත් දරමිනි.

නොයෙකුත් හේතු මත චිත‍්‍රපටි වාරණයට ලක් කිරීම ප‍්‍රසිද්ධ රැඟුමපාලක මණ්ඩලයේ රාජකාරියයි. එහෙත් බොරදිය පොකුණ එසේ වාරණයට ලක්විය යුතු චිත‍්‍රපටියක් නොවන බැව් කෞශල්‍යා ගේ අදහසය.

‘‘මේ කතාවෙන් පිළිබිඹු වෙන්නෙ සමාජ යථාර්ථය..’’ ඇය කියයි.

1977 විවෘත ආර්ථිකය ලංකාවට හ`දුන්වා දීමත් සම`ගම එතෙක් පැවති ගතානුගතික සමාජය එහෙම පිටින්ම උඩුයටිකුරු වූයේය. එතෙක් ගමට සීමා වී තිබූ කාන්තා ශ‍්‍රමය නගරයට ගලා එන්නට පටන් ගත්තේ්ය. වෙළෙ`ද කලාපවල දහස් ගණන් කාන්තාවන්ට රැුකියා ඉඩකඩ සැලසිණි. ඉනුත් නොනැවතී කාන්තාවෝ එතෙර රැුකියාවලට ද යන්නට පටන් ගත්හ. මෙයින් සිදු වූයේ සම්ප‍්‍රදායික අඹුසැමි බැ`දීම් දරුණු ආකාරයට ලිහිල් වීමය. ඒ තුළ ගැහැනුන්, මිනිසුන් ගේ සිතුම්පැතුම් ද යම්තාක් දුරට වෙනස් වූයේය. ඉච්ඡුාභංගත්වයට පත් ඇතැම්හු අසම්මත බැ`දීම් ඇති කර ගැනීම තුළින් සැනසීමක් අපේක්ෂා කරන්නට පටන් ගත්හ. එය තවත් ව්‍යසනයක ආරම්භය බැව් ඔවුන් සිතුවේ නැත. බොරදිය පොකුණෙන් කියැවෙන්නේ එවන් මිනිසෙකුගේ ඊනියා ආදරය විශ්වාස කරන යුවතියන් දෙදෙනෙකු ගේ කතාවකි. මෙතුළ සමාජය හා ජීවිතය ප‍්‍රබල ආකාරයට විවරණය වෙයි. එමෙන්ම සිත හීලෑ කර නොගැනීමෙන් ඇති වන විපාක දෙස බෞද්ධයාගේ ඇසින් බලන්නට ද පේ‍්‍රක්ෂකයා පොළඹවයි.

එහෙත් ජාත්‍යන්තර සිනමා උළෙලවල ප‍්‍රසාදය හිමි කර ගත් බොරදිය පොකුණ , ශ‍්‍රී ලංකාවේ සිනමාහල්වල ප‍්‍රදර්ශනයට අවසර ලැබුණේ නැත. චිත‍්‍රපටි කණ්ඩායම විසින් කරන ලද නිරන්තර අරගලයේ ප‍්‍රතිඵලයක් ලෙසින් අවුරුදු 12කට පසුව, 2015 පෙබරවාරි 14 දා එහි වාරණය ඉවත් වූයේය. ‘‘එච්චර ප‍්‍රබල කතා තේමාවක් තිබිලත් මේ චිත‍්‍රපටිය වාරණයට ලක් වෙලා තිබුණේ ඇයි..?’’

මම කෞශල්‍යා ප‍්‍රනාන්දුගෙන් විමසීමි.

‘‘සත්‍යජිත් මාඉටිපේ ගේ පළමුවෙනි සිනමා නිර්මාණය බොරදිය පොකුණ.. මේ චිත‍්‍රපටිය රූගත කළේ 2002 දී.. ප‍්‍රදර්ශනයට ඉදිරිපත් කළේ 2004 දී.. ඒත් ඒක වාරණයට ලක් වුණා.. ඒ කාලෙ රැඟුමපාලක මණ්ඩලයේ හිටියේ බොහොම උගත්, සිනමාව ගැන හො`දට දන්න, නිදහස් මතධාරි උදවිය.. එහෙම වෙලත් වාරණයට ලක් කළේ ඇයි කියන එක අපිටත් හිතා ගන්න බැරි වුණා..’’ කෞශල්‍යා පැවසුවාය.

‘‘මේ චිත‍්‍රපටියේ අඩංගු ලිංගික දර්ශන, බහින්බස් වීම් වලදී භාවිතා කරන අසභ්‍ය වචන, ඒවා චිත‍්‍රපටියෙන් ඉවත් කරලා සංස්කරණය කරන්න අධ්‍යක්ෂවරයා තුළ තිබ්බ අකැමැත්ත මේ වාරණයට බලපෑවා කියලා මම කිව්වොත්..?’’

‘‘වාරණයට බලපෑව හේතු විදියට ඉදිරිපත් කරලා තිබුණේ ලිංගික දර්ශන සහ අසභ්‍ය වචන තමයි.. ඒත් ඊට වැඩිය අවර ගණයේ චිත‍්‍රපටිවලටත් අනුමැතිය හිමි වෙලා තිබුණා.. ඒ හින්දා අපි සැබෑ හේතුව හොයලා බැලූවා.. යම් යම් දේශපාලනික හේතුත් මේකට බලපෑවා කියලා අපිට දැන ගන්න ලැබුණේ එතකොටයි.. ඒ හින්දම අපි වාරණය ඉවත් කර ගන්න දිගටම සටන් කළා..’’

කෞශල්‍යා පැවසුවේ තෘප්තිමත් ම`දහසකින් යුතුවය.

‘‘ඒ කියන්නෙ චිත‍්‍රපටිය නැවත සංස්කරණය කළේ නැද්ද..?’’

‘‘බොරදිය පොකුණේ තියෙන්නෙ චිත‍්‍රපටිය දුවවන්න හිතාගෙන බලෙන් ඔබ්බපු ලිංගික දර්ශන නෙමෙයි.. ඒවා ඉවත් කළොත් කතාවේ ගලා යෑමට ලොකු හානියක් වෙනවා.. ඒත් බලධාරීන්ගේ මතයට එක`ගව යම් යම් සංස්කරණ කළා..’’

‘‘මේ චිත‍්‍රපටියේ ඔබ ර`ග පාන්නෙ තමන්ගෙ සුන්දර යෙහෙළිය මංගලාට ඉරිසියා කරන, ඇගේ පෙම්වතාට රහසින් ආදරය කරන, අවසානයේදී ඔහු සමඟයහන්ගත වෙන්නට පවා පසුබට නොවන, දරුවෙකු කුස දරාගෙන අසරණ වෙන ගෝතමීගේ චරිතය.. මේ චරිතය සමස්ත ගැහැනු පරපුරේම ඛේදවාචකය ද..?’’

‘‘නෑ.. තමන්ට ලැබී තියෙන දේවල් ගැන තෘප්තිමත් නොවී නොලැබෙන දේවලට ඊර්ෂ්‍යා කරන්නට පෙළඹෙන, ඒ හින්දම ජීවිතය එක්ක අවදානම් විදියට සෙල්ලම් කරන, ප‍්‍රමාද වී හෝ සත්‍යය වටහා ගන්නා ගැහැනු ඕන තරම් මේ සමාජයේ ඉන්නවා.. වෙළෙ`ද කලාපයේ කතාවක් විදියට ඉදිරිපත් කළත් ඕනම සමාජ මට්ටමක මේ දේවල් සිදු වෙන්න පුළුවන්.. මේ ඔවුන් ගේ කතාව..’’ කෞශල්‍යා කියන්නීය.

ඇය බොහෝ අවස්ථාවල ර`ග පාන්නේ ආන්දෝලනයට තුඩු දෙන චරිතය. එහෙත් දෙස් විදෙස් සම්මානවලින් පිදුම් ලබන්නට තරම් ඒ ර`ගපෑම් ප‍්‍රබලය.

‘‘මගේ අම්මා මගේ හැකියාවන් අ`දුනාගෙන ඒවා ඔප මට්ටම් කරලා සකස් කෙරුවා.. මං ර`ගපාන චරිතය මොන තරම් ආන්දෝලනාත්මක වුණත් මගේ තාත්තා හැම තිස්සෙම කිව්වේ ඒක ර`ගපෑමක් විතරයි, ඔයාගෙ චරිතෙ නෙමෙයිනෙ කියලා.. මගේ සැමියා සමාජය දිහාවේ හු`ගාක් පුළුල් ඇහැකින් බලන කෙනෙක්.. සමාජයට ඇති බිය නිසා සමහර චරිත බාර ගන්නට මම අදිමදි කරද්දි මාව දිරිමත් කරන්නේ ඔහු..’’

සිය මව ප‍්‍රවීන නාට්‍යවේදිනී සෝමලතා සුබසිංහ, පියා දක්ෂ පරිපාලන නිලධාරි ලයනල් ප‍්‍රනාන්දු සහ සැමියා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්දන අලූත්ගේ ගැන ඇය කතා කරන්නේ බොහෝ කෘතඥතාපූර්වකවය. සත්තකින්ම ඔවුන් විසින් දිරිමත් කරනු නොලැබීනම් ඇය වේදිකාවේත්, රිදී තිරයේත්, පුංචි තිරයේත් එක ලෙසින් පෙළහර පාන රංගන ශිල්පිනියක වන්නේ නැත.

මේ දිනවල කෞශල්‍යා ඇගේ අලූත්ම වේදිකා නාට්‍යය, දුටු තැන අල්ලනු වේදිකාගත කරන්නට සූදානමින් සිටින්නීය. කෝට්ටේ සෝමලතා සුබසිංහ ප්ලේ හවුස් රංගන පාසැලේ නිෂ්පාදනයක් වන එය අධ්‍යක්ෂණය කරන්නේ කෞශල්‍යාය. ජූනි 5 දා ලයනල් වෙන්ඞ්ට් ර`ග හලේ දී එහි මංගල දර්ශනය පැවැත්වෙයි.

නාට්‍ය කලාව ගැන උනන්දුවක් දක්වන වයස 17-35 අතර අයට සෝමලතා සුබසිංහ ප්ලේ හවුස් රංගන පාසැලට බැඳී රංගනය හදාරන්නට ද අවස්ථාව තිබේ. 0718263481 අංකයෙන් කෞශල්‍යා ඇමතීමෙන් වැඩි විස්තර දැන ගත හැකිය.

 

චන්දි කොඩිකාර 

 

sandalla

 



අදහස් (0)

හොඳම නිළිය වූ බොර දිය පොකුණේ ඉරිසියාකාරී

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 271 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 216 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 496 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 337 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 913 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 361 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38667 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 332 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site