කුඩා කාලයේ සිටි තම මිතුරාත් සමග සංගීත ඇති ආසාව හේතුවෙන් සංගීත පිළිබඳ හදරාමින් සිටින ඔහු නිශාන් එම්. ප්‍රනාන්දු වෙයි. පසුගිය දිනෙක් ඔහු විසින් ‘බොලඳ නිසා’ ගීතයේ කවර් වර්ෂන් එකක් එළිදක්වනු ලැබීය. ඉතිං ඔහුගේ කලා කටයුතු සහ ඔහුගේ මිතුරාත් සමග ආරම්භ කරනු ලැබූ AN STEPZ පිළිබඳ අපට පැවැසුවේ මෙවැන්නකි.
ඔබව හඳුන්වාදුන්නොත්?
මම නිශාන් එම්. ප්‍රනාන්දු. මමයි මගේ හොඳම යාළුවා වන ක්‍රිෂාන් වී ඇලෙක්සැන්ඩ්‍රර් සමග 2012 වර්ෂයේදී AN STEPZ නමින් අපේ බෑන්ඩ් එක් ආරම්භ කළේ.
නිශාන් ඔබ සංගීතට එකතු වෙන්නේ කොහොමද?
පුංචි කාලේ හැමෝටම වගේ මටයි මාත් එක්ක පොඩි කාලේ ඉඳන්ම එකටම හිටිය (Krishan V Alexsander) යාළුවාටයි තිබුණ එකම ආසව තමයි මියුසික් කියන්නේ. ඒකත් එක්ක අපි 2010 අපේ පළමු ගීතය එළිදැක්වූවා. පස්සෙ අපිටම තේරුණා අපි සංගීතය ඉගෙන ගෙන කළොත් අපිට යමක් හරියට කරන්න පුළුවන් වෙයි කියලා. පස්සෙ නිසල් ගංගොඩගේ සර්ගෙන් ඉගෙන ගත්තා. දැන් music oven එකෙන් ඉගෙන ගන්නවා.
අපි කතාකළොත් පසුගිය දින එළිදක්වපු කවර් වර්ෂන් එක ගැන. ඒක ඔබේ පළමු ගීතයද?
නැහැ, අපි මීට කලින් දිනේෂ් තරංග, තිසර චානක වගේ අයත් එක්ක වැඩ කරලා තියෙනවා. කවර්ස් කරලා තියෙනවා. ඒත් මේක තමයි මම ගායනා කරපු පළමු කවර් සිංදුව.
කොහොමද ප්‍රතිචාර?
කවර් එකට ලැබුණු ප්‍රතිචාර හොඳයි, හුඟක් අය සුබ පැතුවා. ඒ අතරට ළහිරු අයියා (La Signore), ඩියෝ අයියා (Sound Engineer) හුඟක් අය සුබ පැතුවා. අවංකව සතුටුයි ඒ ගැන.
පුංචි කාලේ ඉඳන් තිබුණු ආසාව ඉෂ්ට කරගන්න පුළුවන් වුණ එක ගැන මොකද හිතන්නේ?
අවංකවම හුඟාක් සතුටුයි. මේ හැමදේකටම දෙවියන්ට ස්තූතියි කියන්නේ ඕනේ. මගෙයි මගේ යාළුවා ඇලෙක්ස්ගෙයි දෙමව්පියන්ට, යාළුවන්ට අපි එක්ක හිටිය හැමදෙනාටම.
ඉදිරි කටයුතු ගැන කිව්වොත්?
ඉස්සරහට අපේ ඇල්බම් එකක් කරන්න ඉන්නේ. ඒකේ වැඩ දැනටමත් පටන් අරන් තියෙන්නේ. ඇල්බම් එකේ පළමු ගීතය ළඟදීම එළිදක්වනවා. තාම වෙන ගායකයන්ගේ වැඩකටයුතු කිහිපයකුත් කරගෙන යනවා.
AN STEPZ වෙනුවෙන් කාටද ස්තූති කරන්න තියෙන්නේ? මෙච්චර දුරක් එන්න උදව් කරපු අය ගැන?
අපි මියුසික් කරන්න පටන් ගත්ත කාලෙ ඉඳන්ම අපි එක්ක හිටිය, දෙමාපියන්ට, ක්‍රිස්ටො පීරිස් අයියා (Sound Engineer), නිසල් ගංගොඩගේ අයියා (Sound Engineer), ළහිරු අයියා සහ විරේෂ් අයියා (Singer/Sound Engineer) සහ අපේ හොඳම යාළුවෝ ටික (Sampath / Manoj / Jhon/ Diluka / Krish / Diulan), අපිත් එක්ක වැඩ කළ අයටත් හදවතින්ම සුබ පතනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හොඳම මිතුරන් දෙදෙනෙකුගේ සංයෝගයක් වූ AN STEPZ