IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘හොඳ අයට පමණක් ඡන්දය දෙන්න‘

ලබන 17 වැනිදා මහ ඡන්දයට සුදුසු අය ඇතැම් පක්ෂවලින් නම් කර නැති හෙයින් ඡන්ද දායකයන්ට ලොකු වගකීමක් පැවරෙන බවත් හොඳ අය හා නරක අය අතර පවතින සටනේදී හොඳ අයට පමණක් ඡන්දය හා මනාපය දෙන්නැයි සාධාරණ හෙටක් සඳහා ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියෝ පිටකෝට්ටේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසූහ.

‘මේ ඡන්දය පුද්ගලයන් අතර ඡන්දයක්ද නොවේ. පක්ෂ අතර ඡන්දයක්ද නොවේ. ප්‍රතිපත්ති අතර ඡන්දයකි. හොඳ නරක අතර ඡන්දයකි. කුඩුකාරයන් එතනෝල්කාරයන් හා දූෂිතයන් වෙනුවට උගතුන් බුද්ධිමතුන් ඇතුළු හොඳ මිනිසුන් පත් කරගත යුතුයි.‘

GLA_0915 GLA_0922



අදහස් (0)

‘හොඳ අයට පමණක් ඡන්දය දෙන්න‘

සිසිත Wednesday, 12 August 2015 09:02 AM

හොඳ මිනිසුන් හදුනාගන්න එක එතරම් අපහසු වෙන එකක් නැහැ. පසුගිය කාලයේ ඔවුන් කල කි දෑ ගැන පොඩ්ඩක් හිතුවොත් (නදී)

:       0       0

දුෂ් Wednesday, 12 August 2015 09:03 AM

දෙපැත්තේ වාඩි වෙලා ඉන්නෙත් බොහොම ප්‍රතිපත්ති ගරුක අය.(නදී)

:       0       0

චමත් Wednesday, 12 August 2015 02:15 PM

හොදයි කියන කෙනෙකුට ඡන්දෙ දුන්නත් මේ ක්‍රමයට අනුව හොරෙකුට යන්නත් අවස්ථාව තියනවා. මන්ද ඒ පක්ෂයේ ඡන්ද ගොඩ වැඩි වන හින්ද යටින් ඉන්න හොරෙකුටත් එන්න පුළුවන්. හොදම දේ හොරු ඉන්න පක්ෂ වලට ඡන්ද නොදී ඉන්න එක. (අ)

:       0       0

සුමිත් Wednesday, 12 August 2015 09:09 AM

ටිකක් ඔලුව පාවිච්චි කරන්න , සිසිත කියපු එක බලන්න එක හරියට හරි (අ)

:       0       0

රවි Wednesday, 12 August 2015 09:19 AM

හොඳ අය කියල කිව්වේ, ඔය දෙපැත්තෙන් වාඩි වෙලා ඉන්න අය වගේ හොඳ අයද? (ම)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 13 August 2015 05:06 AM

අපි 80 දශකයේ දැකපු සෝභිත හාමුදුරුවන්ට වෙලා තියෙන දේ දැක්කහම අනේ අපොයි කියලා හිතෙනවා.හරි හරි ඔබවහන්සේ මෙදා පාරත් තැටිය රත් කරලා බලන්න.හැබැයි මෙදා පාර ඒ තැටියේ රොටි පුච්චන්නේ අපි.. (නි)

:       0       0

විදූර Thursday, 13 August 2015 05:13 AM

එහෙනම් අපි එහෙම කරන්නම්කෝ (නි)

:       0       0

දුමින්ද Wednesday, 12 August 2015 10:07 AM

දෙවැනි වර තැටිය රත් උනාම රොටි පුච්චන්න හැකි අයද-රට රැකීමට යහ පාලනය පමණක්ම ඇතිද (නදී)

:       0       0

දුමින්ද Wednesday, 12 August 2015 10:15 AM

ඔය සංගමයෙත් ඉන්නේ අසරණ රෝගීන්ව ප්‍රාන ඇපයට තියක අය විතරමයි නේද ? (නදී)

:       0       0

තිළිණි Wednesday, 12 August 2015 06:06 PM

අපේ නායක හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ නිජබිම වන මාදුළුවාව ගම පියසේ දරිත්‍රභාවයෙන් පෙලෙන අහිංසක පවුල් ගැනත් ටිකක් විපරම් කරලා බැලුවොත් තමා සාධාරණ සමාජයට සාධාරණයක් ඉෂ්ඨ වෙන්නේ. (නදී)

:       0       0

රවී Wednesday, 12 August 2015 06:10 PM

විදායක ජනදිපතිකම නැති කරන්න නේද ඔබ වහන්සේ මුලින්ම සංවිදාන පිහිටුවා ගත්තේ ? කෝ දැන් ඒ කතා ? එක එක කාලෙට කඩේ යන්න එක එක කතා කියනකොට, මිනිස්සු ඔබ වහන්සේ කියන ඒවා අහවිද ? මහා බැංකු හොරකම්, රට ගියපු පාතාලයෝ ආපහු ගේන ඒවා ගැන කතා නොකරන ඔබ වහන්සේ අවංකව රට ගැන හිතනවා කියල අපට නම් හිතන්න අමාරුයි. (නදී)

:       0       0

ක්‍රිස්ටි Wednesday, 12 August 2015 06:36 PM

දැන් තැටිය රත්වෙලාද අපේ හාමුදුරුවනේ? (නි)

:       0       0

ගමගේ Thursday, 13 August 2015 02:11 AM

මහින්දගේ දොස් කියනකොට සමහරු විරුද්ධයි.ඉපදිලා තියෙන්නෙම බොරු අහලා, බොරු කියලා.එක පැත්තක දොස් කියනකොට ඒකෙන් කියන්නේ නැහැ අනිත් පැත්ත හොඳයි කියලා. ඉවසීමෙන් අහගෙන ඉන්න. (නි)

:       0       0

කොළඹගේ Wednesday, 12 August 2015 12:41 PM

කඩේ යන අය පත් කරගත්තට කමක් නැද්ද ජාතියේ පිනට පහළවුණු අපේ හාමුදුරුවනේ! (අ)

:       0       0

විජයබාහු Wednesday, 12 August 2015 07:57 AM

හොඳ අය කවුද කියල ඔබ වහන්සේම කිව්වා නම් අපිටත් බලාගන්න තිබුනා ඔබ වහන්සේ හොඳයි කියන්නේ මොන වගේ අයටද කියලා (නදී)

:       0       0

දහම් Wednesday, 12 August 2015 08:03 AM

මහා බැංකු හොරා දූෂිතයෙක් නෙමෙයි නේද හාමුදුරුවනේ. ඒ නිසා කමක් නැහැ නේ ඡන්දය දුන්නට (නදී)

:       0       0

ධම්ම Wednesday, 12 August 2015 08:05 AM

ඔක්කොම සුදු ඇඳලා අතේ පිරිත් නුල් බැඳගෙන ඉන්නේ. කාලා තමයි බලන්න වෙන්නේ හොඳ ද නරකද කියලා.(නදී)

:       0       0

රුවන් Wednesday, 12 August 2015 08:18 AM

ඇත්ත තමයි (නදී)

:       0       0

රෝහිත Wednesday, 12 August 2015 08:19 AM

අපේ මුදල් කොල්ල කාලා, දරුවන්ව කුඩ්ඩෝ කරපු අයට හුරේ දාන අයත් ඉන්නවනේ මේ රටේ (නදී)

:       0       0

ජී පත්මසේකර Wednesday, 12 August 2015 08:20 AM

දුෂිත පුද්ගලයන් පක්ෂයකින් නම් කරලා තියෙනවා නම් ඒ පක්ෂයත් දුසිතයි නේද හාමුදුරුවනේ ? අනිත් කාරණේ කවුරුත් ඉස්සෙල්ලම එනවිට දුෂිත නැහැ නේද? (නදී)

:       0       0

ස්මිත් Wednesday, 12 August 2015 08:33 AM

හොඳ අය හඳුනාගන්න විදිහත් කිව්වනම් වඩා වටිනවා (ම)

:       0       0

ලෙස්ලි Wednesday, 12 August 2015 08:34 AM

ජාතියේ පිනට පහල වූ ඔබ වහන්සේගේ සේවය අගය කරමි (අ)

:       0       0

ගුණපාල Wednesday, 12 August 2015 08:34 AM

1970 /75 /80 කාලේ අපි එවපු අයත් අද මාර විදිහට දුෂ්ඨයි (නදී)

:       0       0

උක්කුන් Wednesday, 12 August 2015 08:39 AM

හොඳ අයට ජන්දේ දීලා බොරු අහලා, බඩගින්නේ ඉඳගන අහසේ මාලිගා හදමු නේද? (නදී)

:       0       0

රුවන් Wednesday, 12 August 2015 01:45 PM

අර පහුගිය කාලේ දැම්ම රොටිය කෝ හාමුදුරුවනේ? එ්ක කර වෙලාම ගියා නේද ? (නදී)

:       0       0

වයිකෝ Wednesday, 12 August 2015 08:49 AM

එක රටක් - එක නීතියක් සදහා ඡන්දය දෙන්න.

:       0       0

සුජීව Thursday, 13 August 2015 04:05 AM

ඔබ වහන්සේගේ චතුර සුමදුර ධර්ම දේශනා අහන්න අපිට සිංහල මිනිසුන්වි ශ්‍රි ලංකා‍ෙ බේරලා දුන්නු මහින්ද මහත්තයට කෘතඥ වෙලා කලින් වගේ පන්සලට වෙලා බණ කීවානම් ඔබවහන්සේ අපිටත් කලින්ම නිවන් දකීවි. දේශපාලකයෝ, රාජ්‍ය නායකයෝ ඔබවහන්සේ කියන දේ අහන්නේ උන්ගේ මෙලොව වාසියට, අපි ඔබවන්සේගේ බණ ඇසුවේ ඉදිරියටත් අහන්නේ පරලොව වාසියට. ඔබ වහන්සේම තේරුම් ගන්න කුමක් කරමිද වැඩ රටට හොඳ සේවයක් කළ හැක්කේ කියා.( ම)

:       0       0

රත්නසිරි Wednesday, 12 August 2015 09:01 AM

සෝබිත හිමි !

:       0       0

හේවා සරත් Wednesday, 12 August 2015 09:02 AM

බැංකු හොරුන්ට ඡන්දය නොදී හොඳ අයට ඡන්දය දෙන්න (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3045 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වන්නියම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 8 0


කැකිරාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 86 0


සේරුවිල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 139 0


ත්‍රිකුණාමලය සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 156 0


බටහිර අනුරාධපුර අනුරට
2024 සැප්තැම්බර් මස 22 212 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14663 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 61 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 228 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site