IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


හැඳු පුතාගෙන් නොළද ලෙන්ගතුකම පොලිස් දුවගෙන්

මාස ගණනාවක් කාමරයක දමා සිරකැර සිටි 84 හැවිරිදි මවක්  දඹුල්ල හීන්මොරගොල්ල  ව්‍යාපාරික නිවසකින් මුදාගෙන  දඹුල්ල රෝහලට භාර දීමට  දඹුල්ල පොලිසියට හැකි විණි.
දඹුල්ල නාගරින ග්‍රාම නිලධාරී  කේ ජී විජේරත්න මහතාට ලැබුණු තොරතුරක් මත දඹුල්ල පොලිස් පරීක්ෂක එන් ජේ වීරසිංහ මහතාට දැනුම් දී මෙම මව සොයා ගැනීමට හැකි විණි.

ඇය ගල උඩ ගෙදර ඇලිස් නෝනා මහත්මියයි.

ඇයට දරුවන් නොමැති නිසා  ඇය කුඩා කාලයේ සිට හදා වඩා ගත් දරුවා ළඟ ජීවත් වී ඇත.ඔහුද දරුවන් ඇති පියෙකි.

දඹුල්ල  පොලීසියේ උප පොලිස් පරීක්ෂිකා  ප්‍රමිලා වනිගතුංග ,එල් ආර් එන් නිලක්ෂිකා  රාජසේකර ,දඹුල්ල නාගරික මන්ත්‍රී  සරත් චන්ද්‍ර  ග්‍රාම නිලධාරී කේ ජී විජේරත්න යන පිරිස මෙම නිවස සොයා ගත්හ.

ඔවුන් යන විටත්  අසරණ මව  කාමරයේ කුඩා ජනේලයකින් එළිය බලාගෙන  සිටියාය.

කාමරය වසා ඇති නිසා ඇය ශරීර කෘතිය කැර එම ජනේලයෙන් එළියට දමන බව  ඇය පැවසුවාය.

 තමන්ට දුරුවන් නොමැති නිසා හදා වඩා ගත් දරුවා ළඟ සිටින බවත් තම ඥාතීන් තමන්ට නොසැලකීම නිසා අසරණ වී සිටින බවත් පැය කීවාය.

දරුවාට අපකීර්තියක වන නිසා ඇය දුක ඉවසාගෙන සිටින බවද  අය කීවාය.

එම නිවැසියන්ගෙන් මේ පිළිබඳව විමසීමේදී  කියා සිටියේ   නිවස හැම තැනකම ඇවිදිමින්  ජරා කරමින් අපවිත්‍ර කරන නිසා  කාමරයකට දැමු  බවයි.

 



අදහස් (0)

හැඳු පුතාගෙන් නොළද ලෙන්ගතුකම පොලිස් දුවගෙන්

ඡානක Tuesday, 31 December 2013 08:35 AM

අපේ රටේ අද ඕනෑම දෙයක් තියනවා මනුස්ස කම විතරයි නැත්තේ.(නදී)

:       0       0

පුජිත Monday, 30 December 2013 02:18 PM

තමනුත් වයසට යන බව හිතට ගන්න (දිල්)

:       0       0

සුසී Monday, 30 December 2013 02:28 PM

තිරිසන්නු මිනිස්සු වෙලා ඉපදිලා තිරිසන්නු වගේ වැඩකරනවා. මනුස්සකම මිනිස්සු ලග නැත.(නදී)

:       0       0

කල්ප Monday, 30 December 2013 02:31 PM

මව් ගුණ නොදත් මෙවැන්නන්ට යන්න අපායවල් ඇද්ද ? (නදී)

:       0       0

සාරා Monday, 30 December 2013 02:36 PM

පොඩි කාලේ තමන් අපවිත්‍ර කරන කොටත් ඒ අම්මා කාමරයකට දාලා වැහුවද පුතේ. (නදී)

:       0       0

උදයකාන්ත -ඇෆ්ඝනිස්තානයේ සිට. Monday, 30 December 2013 02:41 PM

දරුවන් ඇති පියෙක් හැටියට මවට සැලකු ආකාරයටම එයා වයසට ගිය දවසට එයාගේ දරුවොත් සලකාවි. කල කල දේ පල පල දේ. (නදී)

:       0       0

සුනිල් Monday, 30 December 2013 02:44 PM

ඔය පුතාට නම් දඩුවම් දෙන්න ඕනේ. ජිවිතාන්තය දක්වා හිරේ යවන්න ඕනා.(නදී)

:       0       0

තාරිකා මදුරංගි Monday, 30 December 2013 03:09 PM

පව් අසරණ අම්මා. ගුණ දර්ම වලට ගිය කලක්. හදාගන්න ගත්ත ළමයාගේ හොඳ තමයි.(නදී)

:       0       0

සාලමුල්ල Monday, 30 December 2013 03:13 PM

මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට.(නදී)

:       0       0

රත්නායක Monday, 30 December 2013 03:32 PM

දස මාසයක් කුස තුල දරා දුක් කමිකටොළු නොවින්දත් ඇය අම්මාගේ සෙනහස විඳින්න දරුවාට සැලැස්වුවා. ඒ අම්මාටද මෙහෙම කලේ? (නදි)

:       0       0

ලුම්බිණි Monday, 30 December 2013 03:37 PM

තම මවට මේ විදියට සලකන අය වෙනත් අයගේ මානව අයිතිවාසිකම් ගැන මොන විදියට හිතනවා ඇද්ද? (නදී)

:       0       0

තුවාන් Tuesday, 31 December 2013 10:19 AM

සරා ඔයා හරියටම හරි.(නදී)

:       0       0

සුනිල් Monday, 30 December 2013 03:43 PM

එම දරුවා අම්මා අප්පා නැතිව හදා වඩා ගත්තට පව්.(නදී)

:       0       0

නිර්මාල් Monday, 30 December 2013 03:49 PM

පුංචි කාලේ සිට අතපය නොකඩා හදා ලොකු මහත් කළ දරුවන් තම දෙමාපියන්ට මෙහෙම සලකන මිනිසුන් සිටින රටකි ශ්රී් ලංකාව. මේ රටේ තුබූ මනුස්සකමට මොකද වු‍ණේ. හැම දේටම වැඩිය ලොකු මුදල්..... අම්මේ නුඹට දැන්වත් නිදහස ලැබේවි ..... මේ හොඳ දේට උදව් කළ හැම දෙනාටම බොහෝ පින්.......... (ස)

:       0       0

ගුණවර්ධන Monday, 30 December 2013 05:15 PM

මවක ගේ ගුණධර්ම හදුනන්නේ නැති මේ වගේ අයට නීතීයෙන් නැතත් සොබාව ධර්මයේ දඩුවම් ලැබෙයි(දිල්)

:       0       0

මොහාන් දමාම් Monday, 30 December 2013 05:21 PM

එ අම්මා ගැන තොරතුරු ලබාදුන් අයටත් දඹුල්ල කාන්තා පොලිස් කාර්යඅංශයටත් ගොඩාක් පින්. දේපොළ ඉඩ කඩම් නිසා මිනිස් සිත් කුරිරුවෙලා , (දිල්)

:       0       0

අනුරාධ. Monday, 30 December 2013 05:24 PM

නීතිය ක්‍රියාත්මක කරන නෝනාවරුනි,මහත්වරුනි,ඔය සිද්ධියට සම්බන්ධ පුද්ගලයාට දිය හැකි උපරිම දඬුවම් දෙන්න..මේ වගේ පුද්ගලයින්ට දඬුවම් නොදීම සමාජය තව තවත් වලපල්ලට ඇද දැමීමක්. (දිල්)

:       0       0

මදූ ෂෙරීනා Monday, 30 December 2013 06:13 PM

එයාලගේ දරුවොත් කවදා හරි සලකන්නේ ඔය විදිහට තමයි.(නදී)

:       0       0

චන්දි Monday, 30 December 2013 07:07 PM

ඒ පුතා අරන් හැදුව කියන්නේ එයාගේ ජිවිතේ ලස්සන කරන්න මේ අම්ම මොන තරම් දුකක් විදින්න ඇද්ද?  බඩින් නොවැදුවත් තමන්ගේම දරුවක් වගේ හදා ගත්ත නිසාද පුතේ හදපු අම්මට මේ විදියකට සැලකුවේ.(නදී)

:       0       0

පෙරේරා Monday, 30 December 2013 08:23 PM

රටේ සදාචාරය පිරිහි ඇති තරම කියා පාන දුක්බර කතාවකි. (නදී)

:       0       0

ලාල් Monday, 30 December 2013 08:23 PM

මේ තරම් දියුණුය කියන ලංකාවේ අධ්‍යාත්මිකව නොදියුණු , මුදලින් දියුණු මිනිසුන් ඉන්න බවට තවත් ශාක්ෂියක්. දුඹුල්ල පොලිසියට හා මේ සත් ක්‍රියාවට දායක වූ සැමට කුසල් සිත්ම වඩන්නට වාසනාව ලැබේවා!(නදී)

:       0       0

නිලුපුල් Tuesday, 31 December 2013 03:37 PM

සාදු ... සාදු .. අනුමෝදාමි. ඒ මෑණියන්ගේ ඉදිරි ජීවිතය සැපවත් කල මිනිස්කම හැදිනගත් සියලු මහතුන්ට සහ මහත්මීන්ට නිදුක් නිරෝගී සුව පතමි. ඔවුන් සිදුකල ඒ සත් පුරුෂ ක්‍රියාවේ ප්‍රතිපලය අප තථාගතයන් වහන්සේට අනුව ඒ සියලු දෙනාට මේ අත් බවේදීම අත් දැකිය හැක.(නදී)

:       0       0

අනුර යු.ඒ.ඊ Tuesday, 31 December 2013 03:54 PM

මගේ පියාට ලේලියත් බාල සහෝදරයත් කලේ ඔය ටිකම තමා නමුත් කෑම බීම දුන්නා. හිටිය කාමරය ගෙයින් වෙන් කළ. අනිකුත් සහෝදර සහෝදරියන්ද මුනිවත රැක්ක නිසා මටද වෙන කල හැකි දයක් නැති උනා. දේපල ලියා දීමෙන් පසු මෙවැනි දේවල් අප සමාජයේ සුලබ දෙයක් පිට රටක සිට පැමිණි මා මේවා දැකීමෙන් කම්පා උනේ තාත්තගේ දෑසේ කඳුළු දැකලා.(නදී)

:       0       0

කුමාරි Monday, 30 December 2013 09:52 PM

වැදු පුත්තුත් නොසලකන කාලෙට හැදු පුතුන් ගැන කවර කතාද? (නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Tuesday, 31 December 2013 12:18 AM

මෙතන සේරමලා පුතාට විතරක් දොස් කියලා තියනවා. පුතාගේ බිරිදත් මේකට වගකියන්න ඕනා. එයාටත් අම්මෙක් ඉන්නවා. ලේලිල කොහොමත් නැන්දම්මට සලකන්නේ නැති බව මේකෙන් පේනවා.(නදී)

:       0       0

ලාල් කැන්ඩි Tuesday, 31 December 2013 01:15 AM

මිනිසත් බව ලැබූ තිරිසනෙකුගේ පාපතර වැඩක්. පව් අසරණ අම්මා.(නදී)

:       0       0

ශාන්ති Tuesday, 31 December 2013 01:45 AM

දැන් ඉන්න දරුවන් ලග කිසිම ගුණ යහපත් කමක් නැත . තමන්ගේ දෙමව්පියන්ට සැල කීමට ඔවුන් ඉගෙන ගෙන නැත.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 21 55 0

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව


විදුලිය හා ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ.
2024 සැප්තැම්බර් මස 21 139 0

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව


ජනපතිවරණය ඇරැඹේ
2024 සැප්තැම්බර් මස 21 434 0

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 1047 0

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 771 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 1483 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14560 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 147 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site