IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


හොඳ මිනිහෙකුට ගමේ තැනක්

රුපියල්  කෝටියකට ආසන්න  මුදලක් වැය කොට  බුලත්සිංහල  අතුර ශ්‍රී ඤාණාලෝක මහ පිරිවෙන් විහාරස්ථානයේ ඉදිකළ බුදු මැදුර   හා චෛත්‍ය  විවෘත කිරීමත් බුදු පිළිමයේ  නේත්‍ර ප්‍රතිෂ්ඨාපනයත්,  වසර හතලිස් එකක් බර එසවීමෙන්  දරු පවුලක් නඩත්තු කළ බුලත්සිංහල කන්දගේ ධනපාල  (66) මහතා  අතින් සිදු විය.

 ශ්‍රී ඤාණාලෝක  මහා පරිවේනාධිපති   බස්නාහිර පළාතේ  ප්‍රධාන  අධිකරණ සංඝ නායක  යටගම් පිටියේ ඤාණාලෝක හිමියන්ගේ  අනුශාසනා පරිදි  මේ පිංකම සංවිධානය කැරිණි.

 තුන්දරු පියකු වු ධනපාල මහතා නාට්ටාමි රැකියාවක් කොට දරුපවුල රැක බලා ගනියි.

ඔහුගේ බිරිය හේවාගමගේ දොන්  විමලාවතී ජයවර්ධන මහත්මියයි.

 ධජ පතාක රැගත්  පෙරැහැරකින් ධනපාල මහතා  විහාරස්ථානයට කැදවාගෙන ඒමෙන් පසු  පින්කම සිදු විය.

 පරිත්‍යගශීලීන්ගේ  ආධාර මත මෙම විහාරස්ථානය ඉදි කෙරිණි.

යටගම්පිටියේ ඤාණාලෝක  හිමියෝ මෙසේ  පැවසුහ.

 ‘‘රටේ දැන උගත් බොහෝ දෙනාට  ප්‍රභූ බවේ ඇත්ත නොවැටහිම කනගාටුවට කරුණක්.  මිලමුදල්,  අලිඇතුන්,  යාන වාහන, නිලතල නම්බුනාම තිබු පමණින්  කෙනෙකු ප්‍රභූවරයකු වන්නේ නැහැ.අද මේ විහාර ගෙය විවෘත කළ ධනපාල මහතා  කිසිදාක බොරු නොකියන  අවංක නිහතමානී  ගුණ ඇති ආදර්ශමත්  පුද්ගලයකු නිසා  ඔහු ප්‍රභූවරයකු  ලෙස සැලකිය හැකියි.‘‘

1943 සැප්තැම්බර් 15 වැනිදා  උපත ලැබු ධනපාල මහතා  සමුපකාර සංගමයේ  සේවය කළේය.

 

 



අදහස් (0)

හොඳ මිනිහෙකුට ගමේ තැනක්

තෙන්නකෝන් Wednesday, 01 May 2013 05:02 PM

පන්සලේ හාමුදුරුවෝ කරලා තියෙන්නෙ හොද තෝරාගැනීමක් (නි)

:       0       0

අනුරාධ. Wednesday, 01 May 2013 05:36 PM

හොඳ වැඩක්. (නි)

:       0       0

අමරේ Wednesday, 01 May 2013 05:53 PM

කට බඩ ගැන හිතන ලසන්තලට උපුල්ල වගේ අයට දෙවි පිහිටයි. පන්සලකින් පල්ලියකින් කෝවිලකින් වගේ තැනකින් ඉස්කෝල ඉස්පිරිතාල වලින් දෙනවට වඩා යමක් ලැබෙනවා. ඒක දන්නෝ දනිති. බුදු සරණයි. (නි)

:       0       0

ජනක Thursday, 02 May 2013 11:32 AM

පන්සල් හදන්න ඕන, එත් දුප්පත් පන්සල් පොහොසත් පන්සල් කියල දෙයක් අදකාලේ අපිට පෙන්න තියෙනවා. පන්සලක් වුනාම පුහු අටෝප නැති සරල තැනක් වුනාම හොදටම ඇති, මහා ලොකුවට පන්සල් තිබුනට වැඩක් නැහැනේ එතන ඉන්නේ බුදු හාමුදුරුවෝ දේශනා කරපු දේවල් එකක්වත් නොකරන පිරිසක් (ගිහි සහ පැවිදී) නම.(ස)

:       0       0

ලලිත් Wednesday, 01 May 2013 06:50 PM

පව්කාර දේශපාලුවකු අතින් සිදුකරනවාට වඩා සාධාරනව දාඩිය මහන්සියෙන් ජීවත් වන අවංක මිනිසකු අතින් මෙය සිදුකිරීම ඉතාම ආදර්ශවත් ක්‍රියාවක් (නි)

:       0       0

උපුල් Wednesday, 01 May 2013 12:50 PM

හොද වැඩක්.(නදී)

:       0       0

ශාලුක Wednesday, 01 May 2013 12:51 PM

අපේ හැමදුරුවෝ කියන්න පුළුවන් කට පුරාම, ඔබ සැමට තෙරුවන් සරණයි.(නදී)

:       0       0

ඉන්දික Wednesday, 01 May 2013 07:59 PM

ප්‍රසන්නගේ කතාවට මමත් එකඟයි. ඇත්තටම දේශපාලුවෙකුට වෙනුවට මේ මහත්තයාට විවෘත කරන්න දුන්න එක නියම වැඩක් . (නි)

:       0       0

ඩී. උපුල් Wednesday, 01 May 2013 12:55 PM

රුපියල් කෝටියක්? දෙවියනේ දුප්පත් දරුවෝ කී දෙනෙකුට ඉගෙන ගන්න උදව් කරන්න තිබුනද?(නදී)

:       0       0

මනෝජ් Wednesday, 01 May 2013 01:07 PM

සාදු සාදු සාදු බොහොම පින්.(නදී)

:       0       0

ප්‍රසන්න හෙරත් Wednesday, 01 May 2013 01:12 PM

උපුල් එතකොට දේශපාලනෙ කරන මහත්තුරු ජන්දෙකට පොස්ටර් වලට වියදම් කරන ගාන දන්නවද. කෝටියක් හරි වියදම් කරලා පන්සලක් හරියට හැදුවනම් . එතනින් කෝටි 10ක දෙයක් වෙයි. නමට උප්පැන්නේ බෞද්ද කියලා තිබ්බට වැඩක් නෑ . මෙ රටේ කොටී 10ක් වියදම් කරලා හදපු පල්ලි තියනවා මහත්තයො. දන් නැත්තං හොයලා බලන්න. අනික මේක ව්වුර්ත කරන්න තෝරගෙන තියන මනුස්සයා දැක්කම තෙරෙන් නැද්ද මෙතන පන්සලෙන් සෙවයක් වෙයි කියලා. ලංකාවෙ බුරු අදහස් තියන කී දෙනෙක් ඉන්නවද කියලා පෙනවා මෙතන අදහස් දැක්කම.(නදී)

:       0       0

දිසානායක Wednesday, 01 May 2013 01:12 PM

උපුල් කට කට.

:       0       0

දිසානායත Wednesday, 01 May 2013 01:12 PM

උපුල් කට කට.(නදී)

:       0       0

නිශාන්ත Wednesday, 01 May 2013 01:13 PM

උපුල් ඔයා නිකන් මහා මෝඩ මනුස්සයෙක් වගේ හැමදේම වැරදියට බලන්න එපා. බුදු මැදුරකින් කෙරෙන සෙත අපිරිමිත වේ. ලංකාවේ තරම් ඉගනගන්න පහසුකම් දෙන රටක් නැහැ. මමත් ගොඩක් දුපත් කෙනෙක් නමුත් දුප්පත් කම ඉගනීමට බාදාවක් නෙවේ.(නදී)

:       0       0

වේහා Wednesday, 01 May 2013 01:15 PM

උපුල් ආඩම්බරයි ඔබවැනි නුවන තියෙන එක එකෙනෙක් හරි දකින්න ලබුන එක.එවගේ දේකට ඒ සල්ලි දැම්මනම් ඔයිට වඩා පිං.(නදී)

:       0       0

විතානගේ Wednesday, 01 May 2013 01:21 PM

ප්‍රසන්නගේ අදහසට මමත් ගරු කරනවා (නි)

:       0       0

චූලා Wednesday, 01 May 2013 01:26 PM

උපතින් බෞද්ධ වුණත් මම නම් බලන්නේ බෞද්ධයෙකුට වඩා හොද මනුස්සයෙක් විදියට ජිවත් වෙන්නයි. හාමුදුරුවන් මේක විවෘත කරන්න තෝරගත්තු මහත්මයා අතිශයින්ම සුදුසු කෙනෙක්. කාලෙකින් අහපු හොද ප්‍රවෘත්තියක්. ලංකාවේ තිබෙන උග්‍ර පන්ති බේදෙට මරුපහරක් (නි)

:       0       0

සෑම් Wednesday, 01 May 2013 01:28 PM

ඔබට තුණුරුවන් පිහිටයි! (නි)

:       0       0

ලසන්ත Wednesday, 01 May 2013 01:30 PM

මේවට මම නම් කියන්නේ ලැයිස්තුවේ පහලම තියෙන දේ ඉස්සරලම කරනවා කියො.මොකෝ ඉස්පිරිතාලවල බෙහෙත් නැහැ,ඉස්කෝලවල අඩුපාඩු,බලන හැමතැනම ප්‍රශ්න.හැබැයි හැමතැනම පන්සල් තියනවා. (නි)

:       0       0

මිඩ් Wednesday, 01 May 2013 01:58 PM

මෙතන ප‍්‍රතිචාර දාන සමහර අයට මේක ඉවසන්න බැහැ වගේ. (නි)

:       0       0

උදය Thursday, 02 May 2013 09:57 AM

රටේ අනික් පන්සලුත් මේවා ආදර්ශයට ගත්තා නම් හොදයි නේද? (නි)

:       0       0

කුමාර Wednesday, 01 May 2013 02:25 PM

නියම වැඩක්

:       0       0

මාදු Wednesday, 01 May 2013 02:34 PM

මේ පින සංසාරේ පුරාවටම ලැබනවා! ලොකු පිනක් ! (ස)

:       0       0

ලාල් සුරන්ජිත් Wednesday, 01 May 2013 02:38 PM

කාලෙකට පස්සේ නෙත ගැටුනු සුන්දර වැඩක්. ඉතාමත් ගරු කරන්න ඕනෑ ක්‍රියාවක්. හොර දේශපාලකයන් වෙනුවට මේ කළ දේ ඉතාම අගනා කාලෝචිත ක්‍රියාවක් (නි)

:       0       0

අනුර Wednesday, 01 May 2013 02:47 PM

අන්න හොඳ වැඩ. මේවා දැනගන්න ඕනෑ දේශපාලකයෝ (නි)

:       0       0

වාසල Wednesday, 01 May 2013 02:56 PM

කුහක කමින්, උද්දච්චකමින්, බලලෝබයෙන්, කප්පරක් කිලිටි තියෙන දේශපාලකයෙකුට නොදී ගමේ දාඩිය මහන්සියෙන් ජීවත්වෙන අවංක මිනිසෙක් පන්සලේ දේකටවත් අඩුගානේ තෝරා ගැනිම කොච්චර වටිනවද? මට ඊටත් වඩා වටිනවා හාමුදුරුවන්ගේ වචනය. (නි)

:       0       0

වජ්ජා Wednesday, 01 May 2013 03:28 PM

වැරදි වැඩ කරන කීප දෙනෙක් ඉන්නවා තමා. දැන් මෙතන වුණත් මුලින්ම අදහස් දක්වපු 14 දෙනාගෙන් 3 දෙනෙක් තමා මුග්ධ අදහස් දාලා තියෙන්නේ. පල්ලි පන්සල් වලට ගිහින් විනයගරුක විදිහට හැදුනු අය තමා අනිත් ටිකදෙනා. හොඳ වැඩි වෙනකොට තමා මන්ද මානසිකයින් නරක වැඩ කරන්නේ කැපී පේන්න. (නි)

:       0       0

රූපවතී Wednesday, 01 May 2013 03:31 PM

මේ ටික කියවද්දී නෙතට කදුළු පිට කදුළු ගලාගෙන ආවා. ඔබ දහදියෙන් උපයාගත් මුදල් ඔබේ කැමැත්තට වියදම් කර ඔබ කරගත් ඒ පුණ්‍ය කර්මයේ බලයෙන් ඔබේ පව්ලේ සැමටත්, ඔබ බිහිකළ දෙමාපියන්ටත් නිදුක් නිරෝගී සුවයෙන් සිතේ සතුටින් ,දීර්ඝායු ලබා ජීවත් වෙන්න වාසනාව ලැබේවා ! එමෙන්ම ඔබේ හිතේ යම් කිසි ප්‍රාර්ථනයක් වේ නම් මේ පින් බලයෙන් එය සාර්ථක වේවායි මා ප්‍රාර්ථනා කරමි. (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 01 May 2013 03:32 PM

මම හිතනවා බුදු ගෙට මේ වියදම් කළ සල්ලි වලින් කොටසක්වත් ධනපාල මහතා වෙනුවෙන් වියදම් කළා නම් හොඳයි කියලා. එහෙම කළා නම් බුදුගේ විවෘත කරන්න දුන්නට වඩා පින් සිද්ධ වෙනවා නේද? (නි)

:       0       0

රංජිත් Thursday, 02 May 2013 11:00 AM

ප්‍රසන්න,හේරත්, ලංකාවෙ මෝඩ අදහස් තියෙන කී දෙනෙක් ඉන්නවද කියලා පෙනෙනවා නුඹලාගේ අදහස් දැක්කම. සමහරක් බකපණ්ඩිතයෝ ඉන්නවා තමාගේ නමවත් හරියට ලියන්න බැරි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 63 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 119 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 135 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 139 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 61 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ත්‍රිවිධ හමුදා දීමනා ගැන ආරක්ෂක අමාත්‍යාංශය පහදයි
2024 ඔක්තෝබර් මස 01 1873 0

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබාදෙන පෙළඹවීමේ දීමනාව සම්පුර්ණයෙන්ම නවතා ඇති බවට පළවන පුවත් අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38360 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25283 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 864 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site