IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


හොඳ රූපලාවණ්‍ය ශිල්පිනියක් වීමට සිහින මවන සුදර්ශී

රූපලාවණ්‍ය ක්‍ෂේත්‍රයේ දස්කම් පාන මෙම සොඳුරු රුවැත්තිය, විනෝදාංශයක් ලෙස නිරූපණ කටයුතු සිදුකරන්නීය. තවමත් ක්‍ෂේත්‍රයේ නවකයෙකු වුවද අත්දැකීම් ලබමින් සිටින ඇය නමින් සුදර්ශී සෙව්වන්දිය. ඇගේ නිරූපණ කටයුතු හා ඉදිරි බලාපොරොත්තු පිළිබඳව ‘සාරවිට' සමගින් මෙලෙස අදහස් දැක්වූවාය.

20160110Sudarshi-1ඔබ ගැන හැඳින්වීමක් කළොත්?

මගේ නම සුදර්ශි සෙව්වන්දි. මම රූපලාවණ්‍ය ක්ෂේත්‍රය හදාරමින් ඉන්නවා. ඒ අතර තමයි නිරූපණ ක්ෂේත්‍රයට යොමුවෙලා ඉන්නේ.

 

ක්ෂේත්‍රයට ඇවිත් වැඩි කාලයක් නෑ නේද?

ඔව්. වැඩිකාලයක් නෑ. තවම පටන්ගත්තා විතරයි.

 

ඔබට ඇයි නිරූපණය කියන ක්ෂේත්‍රයට යොමුවෙන්න හිතුණේ?

ඒක මගේ එක් කැමැත්තක්. නමුත් කවදාහරි හොඳ රූපලාවණ්‍ය ශිල්පිනියක් වෙන එක තමයි මගේ බලාපොරොත්තුව. ඒ අතර තමයි නිරූපණයට යොමුවෙලා ඉන්නෙ.

 

නිරූපණය සඳහා යොමුවෙද්දී ගෙදරින් ලැබෙන සහයෝගය?

එයාලා ඉදිරියේදී මට සහයෝගයක් දේවි කියලා හිතෙනවා.

 

ඒ කියන්නේ දැනට සහයෝගයක් ලැබෙන්නේ නැද්ද?

නෑ. එයාලා මම කැමති දෙයක් කරනවාට විරුද්ධ නෑ. මගේ ඉදිරි වැඩකටයුතුවලට සහයෝගයක් ලබාදෙයි කියලා හිතනවා.

 

විනෝදාංශයක් විදියට පටන්ගත්ත නිරූපණය වෘත්තියක් කරගන්න කැමැත්තක් නැද්ද?

නිරූපණය විනෝදාංශයක් විදියටම තියාගන්න තමයි කැමති. මොකද මගේ ලොකුම හීනය රූපලාවණ්‍ය ශිල්පිනියක් වීම.

 

ඔබේ වෘත්තීයට බාධාවක් නොවී නිරූපණයේ නියැළෙද්දී කාල කළමනාකරණය කරගන්නේ කොහොමද?

රැකියාවට බාධාවක් නොවන විදියට නිරූපණයටත් කාලය වෙන්කරගන්නවා.


20160110Sudarshi-2නිරූපණ ක්ෂේත්‍ර‘යේ ඔබ කැමති පැතිකඩක් ඇති?

ඔව්, මම මනාලියන් ලෙස නිරූපණයේ නියැළෙන්න තමයි කැමති.

 

ඇයි එවැනි පැතිකඩක් තෝරාගන්න හිතුවේ?

මගේ නිරූපණය ගැන කථා කළොත් මම සීමාවක් තියාගෙන ඉන්නේ.  ඉතින් ගොඩක්ම මම කැමති Bridalවලට.

 

රංගනය පැත්තට යොමුවෙන්න බලාපොරොත්තුවක් නැද්ද?

දැනටමත් ආරාධනාවක් ලැබිලා තියෙනවා. ඉදිරියේදීත් ලැබේවි. ගෙදරින් කැමැත්ත ලැබුණොත්, මට ගැළපෙන හොඳ නිර්මාණ ලැබුණොත් දායක වෙන්න තමයි බලාපොරොත්තුව.

 

අද ලංකාවේ තරුණියන්ට නිරූපණ ක්ෂේත්‍ර‘යේ තියෙන තැන ගැන මොකද හිතන්නෙ?

සමහර අය ඉක්මනටම ප්‍රසිද්ධ වෙන්නේ හොඳ ගමනක් යන්න ගිහින් නෙමෙයි. ඔවුන් තමන්ට නොගැළපෙන දේවල් කරලා ඉක්මනට ප්‍රසිද්ධ වෙනවා.

 

ඔබ කියන්නේ ප්‍රසිද්ධිය නැතිව යම් දෙයක් හරියට කළොත් තැනක් තියෙයි කියන එකද?

මෙහෙමයි, අනිත් අය අනුකරණය කරන්න ගියොත් අපිට කවදාවත් හරියන්නේ නැහැ. තමන්ට ගැළපෙන දේ හරියට කළොත් හෙමීට හොඳ ගමනක් යන්න පුළුවන් කියලා තමයි මම හිතන්නේ.

 

ඔබ නිරූපණය පිළිබඳව හැදෑරීමක් කරනවාද?

ඉදිරියේදී ඒ පිළිබඳ වැඩිදුර හදාරන්න බලාපොරොත්තුවක් තියෙනවා.

 

ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

රුපලාවණ්‍ය ශිල්පිනියක් වීමට තමයි බලාපොරොත්තුව තියෙන්නේ. ඊට අමතරව බියුටි පැජන්ට් එකකට සහභාගී වෙන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.

 

මතක් කළයුතු පිරිසක් ඉන්නවාද?

අම්මා, තාත්තාව සහ ජනරංජන පතිරණ, මගේ යහළුවන් මතක් කළ යුතුයි. ඒ හැම දෙනාටම ස්තූතියි.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද

20160110Sudarshi-3 20160110Sudarshi-4 20160110Sudarshi-5 20160110Sudarshi-6

 



අදහස් (0)

හොඳ රූපලාවණ්‍ය ශිල්පිනියක් වීමට සිහින මවන සුදර්ශී

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 226 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1900 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 3544 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 573 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1609 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 11032 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 351 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1378 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site