IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


හොඳ හෝටලයකින් කයි

අලුත්ගම විදුහලක සිසුන් දෙදෙනකු අතර බ්‍රහස්පතින්දා ආරවුලක් ඇති විය. එක් සිසුවෙක් පන්තිය අතුගෑවේය. කුණු ටික ඉවත් කරන ලෙස ඔහු අනෙක් සිසුවාට කීවේය. ආරවුල හට ගත්තේ එවිටය. පසුදා පිටින් කොල්ලෙක් පාසලට පැමිණියේය. එක් සිසුවකුට පහර දුන්නේය. ඔහු අල්ලා ගත්තේය. පාසලට රැගෙන ආවේය. බෝඩ් ලෑල්ලක් අතට දුන්නේය. ‘මට සමා වෙන්න. මීට පස්සේ මෙහෙම වැඩ කරන්නේ නෑ‘ යනුවෙන් එහි ලියා ඇත.

IMG_20140725_123600



අදහස් (0)

හොඳ හෝටලයකින් කයි

ජයසේකර Saturday, 26 July 2014 08:52 AM

වැරදී වෙඩක් කරලා තිබුනට. දුන්නු දඩුවම නම් බොහෝම භයානකයි. අහිංසක, අංගුලිමාල උනෙත් ඔය වගේ දඩුවම් දෙන්න ගිහින්. චන්ඩියෙක් උනත් මේ දරුවා තාම කුඩා දරුවෙක්. සම වයසේ ළමුන් ඉදිරිපිට මොන තරම් අපහසු තාවයක් ඇති වෙන්න ඇතිද? ගුරුවරු විදුහල්පති මෙයිට වැඩිය හිතන්න තිබුනා. (නදී)

:       0       0

චමින්ද Friday, 25 July 2014 01:28 PM

මැර කොල්ලා පාසලට ගෙන්නාපු සිසුවා සහ මැර කොල්ලා, අනාගත දේශපාලනයට අවතීරණ වීමට ඇති සුදුසුකම්, ළමා කාලයේ සිට විදහා පායි. (නදී)

:       0       0

පාරා Friday, 25 July 2014 01:36 PM

කුලී වැඩ කරනවට හොද වැඩේ. (නදී)

:       0       0

සංජය Sunday, 27 July 2014 03:59 AM

දෙමව්පියන්ගෙ වැරදි නිසා දරුවො අපහාසයට ලක්වේ (නදී)

:       0       0

විජේවර්ධන Friday, 25 July 2014 01:52 PM

මෙම තත්වය ඉතා ඛේදනීයයි. අපි සැමට මතකද අැඹ්ලිපිටිය පැත්තේ පාසලක විදුහල් පතිවරයෙකුගේ පුතෙකු තමන් යහළු ළමය ගේ පන්තියේ අනෙක් ළමුන් ගෙන් වැඩ අරගන ඒ පාසලේ ළමුන් කීප දෙනෙකු අකාලයේ මැරුණද? සුරියකන්ද මේවා පාසැල තුල අධ්‍යාපන ආයතන තුල අවබෝදයෙන් යුතුව නතරකල යුතුයි. (නදී)

:       0       0

කමල් Friday, 25 July 2014 02:56 PM

කුලියට මැරයෝ හයර් කරපු කෙල්ලටත් දඩුවමක් දිය යුතුයි (නදී)

:       0       0

අසෝකා Friday, 25 July 2014 03:20 PM

මේක නම් ඔබින දඩුවමක්. එ්ත් හෙට තත්වය කොහොම වෙයිද දන්නේ නැහැ. පාරා මේවට කියන්නේ කුලී වැඩ නෙමෙයි. කුලියට කරනවා,අනුන්ට කඩේ යනවා කියලයි. කමල්, මේක කරවල තියෙන්නේ කෙල්ලෙක් නෙමෙයි කොල්ලෙක්. සිසුවා කියන්නේ ඉගෙන ගන්න පිරිමි දරුවන්ට.(නදී)

:       0       0

අජන්ත Friday, 25 July 2014 03:29 PM

දෙවියනේ මේකේ ගුරුවරු විදුහල්පති නැද්ද ලමයිද මේක පාලනය කරන්නේ. මේක තමයි නියම ළමා හිංසනය. මේ ළමයට මොනවා හරි උනොත් පරීක්ෂණ ඕන තරම්. රටකට ගිය කල. මතක නැද්ද වෙනුෂා (නදී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 26 July 2014 10:55 AM

ඕව එච්චර ගණන් ගන්න එපා පාසල් කාලේදී ඔය වගේ මෝඩ වැඩ කරනවා. මටත් මතකයි පාසලේදී අපිට කවුරු හරි ගැහුවොත් අපිට ඌට ගහන්න බැරි තරම් බතලයෙක් නම් කාගේ හරි කෙනෙක් පහුවෙනිදට එක්ක ඇවිත් අර කොල්ලට දෙකක් දෙනවා හැබැයි එ් කොල්ලවත් අපිවත් එතනින් එහාට ගෙනියන්නේ නැහැ ටික දවසකට පස්සේ අපි හොඳ යාළුවො , මේවට මහා එවුන් හවුල් උනොත් තම මහා විනාස වෙන්නේ (නදී)

:       0       0

සමරේ(ගාල්ල) Friday, 25 July 2014 05:46 PM

දැන් කාලේ ගුරු මව්වරු පියවරු සිසුන්ගේ ප්‍රශ්ණවලට ඉදිරිපත් වෙන්නේ නැහැ. එක්කො දණ ගහන්න වෙනවා එහෙම නැත්තම් මානව හිමිකම් නඩුවකට පැටලෙනවා. (නදී)

:       0       0

ප්‍රසන්න Saturday, 26 July 2014 11:42 AM

මෑතක සිට මරු සිටින දිසාව අලුත්ගම. (නදී)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Friday, 25 July 2014 06:41 PM

අලුත්ගම පැත්තේ පොඩි එකාගේ ඉඳල ලොකු එකා වෙනකම්ම චන්ඩි වගේ. (නදී)

:       0       0

රත්නායක Saturday, 26 July 2014 02:50 AM

අලුත්ගම වෙන්නෙම අලුත් වැඩ. (නදී)

:       0       0

සිසිර Saturday, 26 July 2014 02:53 AM

රට කොහාටද මේ යන්න හද්දනේ කෝ අපේ හැදියාව විනීත කම පොඩි කාලය ඉඳන්ම නැති වෙලා. රට සංවර්දන්ය උනාට මෙවැනි දේවල් අසන්වර්දිතයි (නදී)

:       0       0

ජෝන් සෞදි Saturday, 26 July 2014 04:29 AM

පොඩි එවුන්ගෙත් මොලේ අවුල් වෙලා වගේ. රටට ගිය කලක්. පොඩි කාළෙම කුලියට මැර වැඩ කරන්න හදනවට හොද පාඩම. ඇඟේ හැටි බලන්නකෝ පොඩි එකාගේ. කෙලින් හිට ගන්නවත් පන නැහැ චන්ඩි කම් පෙන්නනවා. (නදී)

:       0       0

නිරෝෂ් පෙරේරා Saturday, 26 July 2014 06:24 PM

මොනවා උනත් ඔහුත් බාල වයස්කාරක දරුවෙක්. මීට වඩා මෙම ප්‍රශ්න දීහා බැලිය යුතුය. දැන් බලන්න මෙම ළමයාගේ මානසික තත්වය (නදී)

:       0       0

සමිත් Saturday, 26 July 2014 07:04 AM

මේ වගේ දඬුවම් අනුමත කරන්න බෑ. මේකෙන් මෙයාගේ ආත්ම ගෞරවය නැති වෙන්න පුළුවන්. මුළු ජීවිත කාලෙටම බලපාන්න පුළුවන්. පොලීසියට දැනුම් දීලා, සමථ මණ්ඩලයක් මගින් විසඳ ගන්න එක තමයි හොඳ.(නදී)

:       0       0

ප්‍රියන්ති Saturday, 26 July 2014 10:33 PM

අවනීතිය (නදී)

:       0       0

නිෂාම් රිහාම් Saturday, 26 July 2014 07:39 AM

ගුරුවරුන්ට තිබුනේ පොලිසියට කියන්න (නදී)

:       0       0

චම්පික Saturday, 26 July 2014 08:07 AM

අජන්තගේ කතාව සහතික ඇත්ත. මේක හරි දඬුවමක් නෙමේ. මේකෙන් වෙන්නේ මේ ළමයා තවත් නරක වෙන එක. වෙනත් ආකාරයක සුදුසු බුද්ධිමත් දඬුවමක් දෙන්න තිබුණා. අනික මේක දුන්නේ විදුහල්පති හෝ ගුරුවරයෙක් නම් ඒ අයට පුහුණුවක් දෙන්න ඕනේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 695 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 267 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3601 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1295 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 641 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2242 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24910 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site