(ප්‍රසාද් රුක්මල් සහ සමන් පාලිත නානායක්කාර)
බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1006 දරන පොඩිමැනිකේ දුම්රියේ එන්ජිම හපුතලේ දුම්රිය ස්ථානය අසලදී අද (3) හදිසියේ ගිනිගැනීමකට ලක් වූ බව පොලීසිය පැවසීය.
හපුතලේ දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලය සහ ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ ගිනිනිවිම් ඒකකයේ නිලධාරීන් පැමිණ, පොලීසිය ප්‍රදේශවාසීන් සමග එක්ව වහා ගින්න නිවා දැමූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 8.50 ට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කළ පොඩිමැණිකේ දුම්රියේ මගීන් විශාල පිරිසක් ගින්න ඇති වනවිටත් දුම්රිය තුළ සිටි අතර, ගින්නෙන් කිසිවෙකුට හෝ අනතුරක් සිදු නොවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු පැවසීය.
පොඩිමැනිකේ දුම්රිය එන්ජින් දෙකකින් සමන් විත නව දුම්රිය කට්ටලයක් වන අතර දුම්රිය දියතලාව දුම්රිය ස්ථානය පසුකර හපුතලේ දුම්රිය ස්ථානයට ලගා වෙමින් තිබියදී එක්වරම එහි පසුපස එන්ජිම මෙසේ ගින්න හටගෙන තිබූ බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය.
හපුතලේ ලංකා කනිජ තෙල් නීති ගත සංස්ථාවේ ගිනිනිවිම් ඒකකයේ නිලධාරීන් හපුතලේ පොලිසිය, දුම්රිය සේවකයන් එකවී දුම්රිය එන්ජිමේ ගින්න ගිනිනිවිම් රථ යොදා ගනිමින් නිවා දැමීමට සමත් වූහ .
දුම්රිය එන්ජිම පිළිසකර කිරිමෙන් අනතුරුව පැය කීපයක් ප්‍රමාද වී යලි පොඩිමැනිකේ දුම්රිය හපුතලේ සිට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කල බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
(ඡායාරූප: සමන් පාලිත නානායක්කාර)
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හපුතලේ දී දුම්රිය ඇන්ජිම ගිනි ගනියි
Senewirathna Monday, 03 June 2024 01:14 PM
ඔය දුම්රිය ඇංජිමත් හපුතලේ කන්ද දැකලා බඩ දනවා කියල කියනවා ඇතිනේද
හේමචන්ද්‍ර Monday, 03 June 2024 04:00 PM
රියැදුරා එහෙම කියනවා ඇති...!
Don perea Monday, 03 June 2024 10:27 PM
ඉන්දියන් කසි කබල් .කිසිම රටකට ගන්නේ නැති කුණු ගොඩවල්
Perera Tuesday, 04 June 2024 12:59 AM
මේ දවස් වල අප කාගේත් පස්ස ගිනි අරන් තමයි තියෙන්නේ
Vithana Tuesday, 04 June 2024 04:43 AM
මේක දුම්රියේ ජේවීපී වෘත්තීය සමිති කාරයන්ගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් වෙන්න බැරිද? එයාලා තමයි දන්නේ හරියටම ගලවන්න ඕන ඇනේ.