කෝට්ටේ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකිර්ණයේ දී හිමිකරුවකු නොමැතිව නතර කර තිබු ඩිපෙන්ඩර් ජිප්රියක් අද (21) සොයාගත් බව නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක හා මහනුවර දිස්ත්‍රික්කයේ එජාප මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහත්වරු පවසති.
ජිප් රිය පසුගිය මැතිවරණ සමයේ කවුරුන් කවර දේකට යොදා ගත්තේ ද යන්න සොයා බලන ලෙස රංජන් රාමනායක මහතා පොලිසියෙන් ඉල්ලීමක් කළේය.
ජිප් රිය 2434 දරණ මෙම වාහනය 2013.05.16 වාහන නඩත්තු හා සේවා කටයුතු කර ඇති බව වාහනය තුළ තිබු පොතේ සඳහන් කර ඇත.
කිලෝමීටර 3,92,749 ධාවනය කොට ඇති බවද එම පොතේ දැක්වේ.
ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්
පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හිමිකරු නැති ඩිපෙන්ඩරයක් මාදිවෙලින් මතුවෙයි
ශානක Tuesday, 21 June 2016 10:48 PM
අවුරුද්දක් තිස්සේ මේ ඝාතනය කිරිමට සැලසුම් කර ඇත්තේ. මොකක් හරි හේතුවෙක් වෙන්න ඇති.(හේ)
ආර්. වික්‍රම Wednesday, 22 June 2016 01:36 AM
තවත් සතියක් පමණ ජනතා අවධානය දිනා ගතහැකි සුපුරුදු මොඩලයේ කෙටි චිත්‍රපටයක් වගෙයි කියලයි අපිට නම් හිතෙන්නේ (නි)
පාලිත Wednesday, 22 June 2016 02:23 AM
මෙයාලට ඉතින් වෙන වැඩකුත් නැහැනේ (නි)
ඉමේශ් Wednesday, 22 June 2016 02:52 AM
මදැයි මේක හොයාගන්න මෙච්චරකල් ගියා (නි)
නුවන් Wednesday, 22 June 2016 02:52 AM
මේවා මෙහෙම නතර කරලා යන එක මොනතරම් අනාරක්ෂිතද? කාලයක ඉදන් තිබුනා නම් මෙච්චරකල් හොයාබැලුවෙ නැත්තෙ ඇයි. (නි)
පිටබැද්දර ජයා Wednesday, 22 June 2016 05:24 AM
තාජුදීන් ඩිෆෙන්ඩර් එකද දන්නේ නැහැ ? (බ)
කමනි Wednesday, 22 June 2016 05:50 AM
ඇති යාන්තං දෙයක් සොයාගත්තා. (බ)
දුමින්ද Wednesday, 22 June 2016 06:04 AM
අන්තිමට මේ වාහනය තිබුනේ මොන අමාත්යංශෙද කියල හොයන්න එච්චර අමාරු නැනේ ... හොයල රටට හෙළි කරලා ඒවෙනුවෙන් ගත්තු පියවර මොනාද කියලත් මේ විදිහටම පින්තුර ගහල පෙන්වන්න . එ්කයි නියම හෙවිල්ල (බ)
අමා Wednesday, 22 June 2016 06:20 AM
මේවා මෙයාටම පේන්නේ මෙයාගේ මොකක් හරි සම්බන්දයක් ඇති (බ)
හුසේන් මොහමඩ් Wednesday, 22 June 2016 06:38 AM
මීට වඩා ගොඩක් දේවල් පහුගිය කාලේ එළිවුනත්, කෝ තාම දළ ඇත්තෝ කවුරුවත් ඇතුලට ගත්තේ නැහැනේ. ඩීල් පප්පලා ලොකු පුටුවල ඉන්නකම්, ඔය හැමදෙයක්ම පුස් ඇමතිතුමනි. (බ)
විජේපාල Tuesday, 21 June 2016 12:19 PM
අනේ අයිතිකාරයෙක් නැත්නම් මට දෙන්නකෝ. මම කවදාවත් ඩිෆෙන්ඩරයකට නැගලාවත් නැහැ. (නි)
උදාරත් Tuesday, 21 June 2016 12:20 PM
කවුරුහරි පොඩ්ඩකට නතර කරලා යන්න ඇති (නි)
විමලදාස Tuesday, 21 June 2016 12:25 PM
කෙසේවෙතත් පසුගිය රජයේ අක්‍රමිකතා නම් ටික ටික හෙළිවෙනවා (නි)
බලගෙදර Tuesday, 21 June 2016 12:26 PM
දැන් බලනකොට වාහන පිටරටින් ගෙන්වන්න අවශ්‍ය නැහැ වගෙයි (නි)
ශාන් Tuesday, 21 June 2016 12:34 PM
අනේ මහත්තයෝ, දැන්වත් ඔය විකාර නවත්න්න (නි)
උපාලි Tuesday, 21 June 2016 01:23 PM
මම නම් කියන්නේ කාටහරි අමතකවෙලා දාලා ගිහින් ඇති. මවු ඩිෆෙන්ඩරය කැලේට යන්න ඇති (නි)
කෝනාර Tuesday, 21 June 2016 02:39 PM
ඩිෆෙන්ඩර් හොය හොයා ඉන්නවා ඇරෙන්න වෙන වැඩක් නැහැ වගෙයි (නි)
ප්‍රභාත් Monday, 27 June 2016 11:57 AM
කොච්චර ශාක්ෂි තිබුනත් මොන බඩු ඇල්ලුවත් හැමෝම නිදැල්ලේ. (ර)
අසෝකා Wednesday, 22 June 2016 08:21 AM
අර අලි පැටියා ගෙනත් දැම්ම වගේ පොඩි ළමයෙකුට සෙල්ලම් කරන්න ගෙනාපු වාහනයක් වෙන්න ඇති. (ම)
නිහාල් Tuesday, 21 June 2016 03:17 PM
අපිට දැනගන්න ලැබෙයි ඉක්මණටම ඒ ඩිෆෙන්ඩරය කාගෙද කියලා (නි)
ජයම්පති Tuesday, 21 June 2016 04:29 PM
අද පාර්ලිමේන්තුවේදී කතාබහ මේ සිද්ධිය මුල්කරගෙන කරන්න බැරියෑ එහෙනම් (නි)
රුවන් Tuesday, 21 June 2016 04:47 PM
මේ සංකීර්ණයේ තියෙන්නේ අබලි ද්‍රව්‍යද? නැත්නම් වාහනයක් මෙතුවක්කල් නොපෙනෙන්න තරම් කැලයක්ද? එහෙමත් නැත්නම් අපි හරිද, ඔවුන් අන්ධද? (නි)
වසන්ජය Wednesday, 22 June 2016 08:59 AM
සොයා ගැනීමට නොබෙල් ත්‍යාගය ඉල්ලා දෙමු (ම)