හෝමාගම ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවරක් ඡන්දය විමසුව ද දෙවතාවේදීම පාලක අණ්ඩු පක්ෂය පරාජයට පත්විය.
මුල්වතාවේ අයවැයට විපක්ෂව ඡන්ද 11ක් ලැබිණි. පක්ෂව ලැබුණේ ඡන්ද දෙකක් පමණී. දෙවන වර අයවැයට පක්ෂව දුන්නේ උපසභාපති පමණී. දෙවනවර ඡන්දය පැවැත්වූයේ මුල්වතාවේ ඡන්දය දුන් අයගේ නම් අපහැදිලිව සටහන් වීම නිසා බව එහි උපසාපති පැවැසීය.
මත්පැන් නිෂ්පාදකයන්ට හිඟ බදු ගෙවීම සඳහා අවසන් කාලයක් සුරා බුදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා අම්පාර අරුගම්බේ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක අද නිරත විය.
ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීමට අදාල යෝජනා ඉදිරිපත් කිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් තවත් සති දෙකක කාලයක් ඉල්ලා සිටි බව එම මණ්ඩලයේ උසස් න
දේශපාලන සිරකරුවන් නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වව්නියාවේදි අද පැවසීය.
නොවැළැක්විය හැකි හේතුවක් නිසා ගුවන් ගමන් වාර කිහිපයක් අවලංගු කිරීම පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සේවය කණගාටුව පළ කරයි
වැලිගම මිරිස්ස සංචාරක හෝටලයක ගණකාධිකාරීවරයකු ඇමරිකන් ඩොලර් 100 හොර නෝට්ටු 28 ක් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර අපරාධ කොට්ඨාසය පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හෝමාගම අයවැය ආයෙත් පරදී
බන්දුල Thursday, 12 December 2013 07:09 AM
හෝමාගම මිනිස්සුන්ගේ වාසනාව.ජය වේවා! (නි)
ද සිල්වා Thursday, 12 December 2013 03:46 PM
හෝමාගම සභාපතිගේ විස්තරයක් මම නම් දන්නේ නැහැ. නමුත් නලින් මහතා ලියපු දෙය ලංකාවේ ඉන්න ප්‍රාදේශීය සභා සභාපතිලා වැඩි දෙනෙකුට අදාලයි. (ස)
බණ්ඩා Wednesday, 11 December 2013 09:28 PM
ප්‍රාදේශිය සභා එහෙම වුනත්, පාර්ලිමේන්තුව එහෙම වෙන්නේ නෑ. එතන ඉන්න ඇමතිලාට කිසි අඩුවක් නෑ. ඒ හින්දා පරදින්නේ නෑ.(නදී)
ගුණරත්න/ඩුබායි Thursday, 12 December 2013 09:04 AM
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ සභාපතිව පත් කරන්නේ කවුද?සභාපති පත් කරන අවස්ථාවේ ඔහුව පත් නොකර සුදුසු පුද්ගලයෙක් පත් කරගත්තා නම් සභාවේ සියලු දෙනාගේ කැමැත්තෙන්, කාටවත් ඔහුට විරුද්ධ වෙන්න බැහැ (නි)
සුදත් සුරාජිත් Wednesday, 11 December 2013 10:19 PM
කිසිම වැඩක් නැති ප්‍රාදේශීය සබාවක් . පාරකට තාර දාගන්න සබාපතිට කීපාරක් කියල තියනවද. (ස)
නලින් Thursday, 12 December 2013 09:34 AM
මම කලිනුත් කිව්වා වගේ මෙතන ප්රශ්නය සරලයි. ගොඩක් ප්‍රාදේශීය සභාවල සභාපති තමයි ප්‍රදේශයේ ඉන්න ලොකුම මැරයා, කුඩුකාරයා, ස්ත්‍රී දුෂකයා, කප්පම් කාරයා. ඉතින් ගොඩක් මන්ත්‍රීලා පහත කාරණා දෙකෙන් එකක් හින්ද සභාපතිට කැමති නෑ. එකක් තමයි හොඳ මිනිහෙකුට ඒ වගේ මිනිහෙක් එක්ක වැඩක් කරන්න අමාරුයි. ඒ හින්ද විරුද්ධව ඡන්දය පාවිච්චි කරනවා. නැත්නම් ඒ වගේ කෙනෙක් ඉන්නකොට තමන්ට කප්පම් ගන්න අවස්ථාවක් නෑ. ඒක හින්ද විරුද්ධව ඡන්දය පාවිච්චි කරනවා. (ස)
ගමගේ Wednesday, 11 December 2013 10:38 PM
දැත ශක්තිමත් කරන්න ගත්තු හින්ද තමයි මේ කචල් එක , හෝමාගම (ස)
සුමේධ ප්‍රියංකර Wednesday, 11 December 2013 10:55 PM
ජ්‍යේෂ්ඨයට තැන දිය යුතුයි. (ස)
ප්‍රසන්න රත්නායක Wednesday, 11 December 2013 11:12 PM
කානුව වහලා නිසා වතුර ගලාගෙන එන විදිය ෆොටෝ අරන් ගිහින් පැහැදිලි කරලා දුන්න. එත් කිසිම විසඳුමක් දුන්නේ නැහැ . ලයිට් කණුවකට පිළිස්සුනු බල්බ් එකක් වෙලාවට දාලා දෙන්නේ නැහැ (ස)
තබුක් සිල්වා Thursday, 12 December 2013 10:22 AM
මොරටුවේ ප්‍රාදේශීය ඡන්දය කවදාද? (ස)
සුමනා මනන්දුව Thursday, 12 December 2013 10:52 AM
නලින් මහතා, හෝමාගම සබාපතිතුමගේ අතීතය නොදැන අදහස් දක්වලා තියෙන්නෙ ඔය සබාපතිතුමා ගැන සොයා බලා අදහස් දක්වන ලෙස ඉල්ලමි. (ස)
ධම්ම Thursday, 12 December 2013 12:59 AM
පාක්ෂිකයිනි බිය නොවන්න අයවැය දිනවන හැටි මම පෙන්වන්නෙමි. පළමුවර පැරදුනොත් දෙවනවර කියවීමට ඉහලින් උපදෙස් ලැබේ.(ස)
මාටින් Thursday, 12 December 2013 11:51 AM
සුමනා මනන්දුව, ඔබට වඩා ජනතාව දැනුවත්. අපි මෙයා ගැන දන්නවා. (ස)
අතුල Thursday, 12 December 2013 01:31 AM
හෝමාගමට මොකද වුණේ. (ස)
කුමාරි Thursday, 12 December 2013 01:40 AM
ලංකාදීපය මම සැහෙන කලක සිට කියවනවා මම බොහෝ ලිපි ලිව්වා කරුණාකර හෝමාගම මත් උවදුර සමනය කර දෙන්න කියල,මම හිතනවා දැන් වත් හරි යි කියල (අ)
මහගෙදර ඇඹිලිපිටිය Thursday, 12 December 2013 12:27 PM
අර නෝනා ජන්දේ දුන්නේ කාටද දන්නේ නැහැ. (නි)
පෙඩ්රික් Thursday, 12 December 2013 12:32 PM
ගොඩක් ප්‍රාදේශීය සභාවල සභාපතිලා තමයි ප්‍රදේශයේ ඉන්න ලොකුම චණ්ඩි (නි)
සුනිල් Thursday, 12 December 2013 01:03 PM
අනේ හරි හොඳ මනුස්සයා. (ස)
තුෂාර Sunday, 15 December 2013 01:30 AM
ඔය වැඩ නිසා පරාජය වනේ විරුද්ධ වන අයයි. මක් නිසාද ඔවුන් ගැටළු විසදා ගැනීමට ඇති අකමැත්ත නිසයි.(නදී)
එදිරිසිංහ Thursday, 12 December 2013 09:13 PM
නලින්, ඒක තමා ඇත්ත (නි)