IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


හෝමගම දිසා විනිසුරුට ඇප

මහරගම හෝටලයක් හිම් කතකගෙන් රුපියල් තුන්ලක්ෂයක අල්ලසක් ගත්තැයි සැක පිට රිමාන්ඩ් බාරයේ සිටි හෝමාගම දිසා විනිසුරු සුනිල් අබේසිංහ රුපියල් ලක්ෂ 50 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

විදේශ ගමන් බලපත්‍රය උසාවි භාරයට ගත් අතර සාක්කිකරුවන්ට බලපෑම් කළහොත් ඇප අවලංගු කරන බවද මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය. ඇපකරුවන් දෙදෙනා ළගම ඥාතීන් විය යුතු බවටද නියමයක් පැනවිණි.

 පළමුවැනි සැකකරු  පොලිස් කොස්තාපල් මහින්ද කිත්සිරි  ලබන 24 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබීය.



අදහස් (0)

හෝමගම දිසා විනිසුරුට ඇප

සේකර Tuesday, 11 June 2013 10:36 AM

මේ වගේ අයව තව සොයා බලා අල්ලන්න. උසාවි වල නඩු කල් යනන් හේතුව ඕක තමා මගේ හිතේ. (නි)

:       0       0

විමල් Monday, 10 June 2013 03:43 PM

අන්තිමට කොස්තාපල් වැරදිකරු වේවි. අල්ලස් දීමට උත්සහ කිරීමට හොටල් හිමිකරුත් වරදකරු වේවි.(නදී)

:       0       0

මහේෂ් Monday, 10 June 2013 04:06 PM

මේ පිලිබඳ ඉතාමත් සුක්ෂම පරීක්ෂණයක් සිදු කළ යුතු වේ. මොකද ලක්ෂ 3 ක් කියන්නේ විනිසුරුට ලොකු ගානක් නෙමෙයි. ඒක නිසා මේක ලොකු වෑයමක් විය හැකියි. තවද අර කාන්තාවගේ වටපිටාව ගැනද සොයා බැලිය යුතුයි (නි)

:       0       0

ද සිල්වා Monday, 10 June 2013 04:12 PM

මේ නඩු අවරුදු ගණන් කල්දමා දමා ඉන්න එපා ඉක්මනට අහල තීන්දුවක් දෙන්න.(ස)

:       0       0

රංජනී Monday, 10 June 2013 11:51 PM

දිසානායක,ඔයා කොහොමද දන්නේ මම එහෙම කෙනක් කියලා. නිකන් විහිලු කරන්න එපා! මම හරිම සැහැල්ලුවෙන් ජීවත්වෙන කෙනක්.ඒක වෙන්න ඇති මම ඒ වගේ අදහස් දාන්නේ. (නි)

:       0       0

නිශ්ශංක Monday, 10 June 2013 04:34 PM

නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න මේ වගේ අයත් මේ වගේ වැඩ කරනවා නම් අන් අය ගැන කවර කතාද? උපරිම දඬුවම් දිය යුතුයි සෙසු අයට ආදර්ශයක් වෙන්න. රට හදන්න බැහැ නැත්නම් (නි)

:       0       0

අසන්ත Monday, 10 June 2013 12:47 PM

හාල්මැස්ස අහු වෙලා .(නදී)

:       0       0

පෙරේරා Monday, 10 June 2013 05:10 PM

දඩෙයි, ශරීර ඇපෙයි වෙනස දන්නේ නැති මිනිස්සුත් අපි අතර ඉන්නවනේ? (නි)

:       0       0

රූපවතී Monday, 10 June 2013 01:08 PM

නීතිය සාධාරණව ජනතාවට තීන්දු ප්‍රකාශ කිරීමට ශපත කර දිව්රා පොරොන්දු වුන කෙනෙක් මෙලෙස නීතිය මුදලට විකුණුව නේද ? (නි)

:       0       0

ජයසිංහ Monday, 10 June 2013 01:12 PM

මුදල් මත පදනම් උන ආර්ථික රටාවක ඔබ වැනි උගත් අය කරන්නා වූ මෙවැනි පහත් ක්‍රියාවන්ට ලැබුණු හොද දඩුවමක් ලෙස මෙය මා දකිමි. (ස)

:       0       0

නීල - රානා Monday, 10 June 2013 01:16 PM

ඇයි ලොක්කට විතරක් ඇප දෙන්නේ, කොස්තාපල් අඩු කුලේද?(නදී)

:       0       0

රංජනී Monday, 10 June 2013 01:28 PM

නියම දඩය. (ස)

:       0       0

අයේෂා Tuesday, 11 June 2013 06:58 AM

මේක විහිලු කතාවක් හෝ බොරුවක් මේ මනුස්සය අමාරුවේ දන්නා කරපු උගුලක්.(නදී)

:       0       0

හේරත් Monday, 10 June 2013 05:58 PM

ලොකු තල් මසුන් දැවටුන පොඩි මාළු දැලේ - පොඩි පොඩි පාරු සෙලවී පෙරළෙනවා බොලේ.(නදී)

:       0       0

දෙව්මිණි Monday, 10 June 2013 06:09 PM

මොහු මේ දේ කළා කියල හිතන්න මගේ හිත නම් ඉඩ දෙන්නේම නැහැ. මේ වගේ මුදලකට තම ආත්ම අභිමානය කෙලෙසා ගන්න මෙවැනි උගත් පුද්ගලයෙකුට පුළුවන්ද? (නි)

:       0       0

රජිත් ඉතාලි Monday, 10 June 2013 06:07 PM

ගාමිණී -සිරි, ඔතන තියෙන්නේ තමන්ගේ වගකීම හා රැකියාවේ ඇති ගරුත්වය මුදලට පාවාදීමක් නේද? (නි)

:       0       0

චානක Tuesday, 11 June 2013 01:16 PM

ඔය අහුවෙලා ඉන්නේ හාල් මැස්සෙක් පමණයි ....ඔය වගේ වැඩ කරන තෝරු මෝරුන් කොච්චර රටේ ඉන්නවද? උන් කවදාවත් දැල්වලට අහු වෙන්නෙම නැහැ. (ස)

:       0       0

උපාලි Monday, 10 June 2013 02:00 PM

ඇයි කොස්තකාපල් ආපහු කුඩුවට ගියේ? (අ)

:       0       0

දිසානායක Monday, 10 June 2013 02:22 PM

හොරා නිදහස්. අහිංසකයා හිරේ.(නදී)

:       0       0

ජ.හේරත් Monday, 10 June 2013 02:20 PM

ගිහාන් පිලපිටිය කියන්නේ නොම්මර එකේ ව්නිසුරුවරයෙක් , යාළුකමට උදව් නම් ලැබෙන එකක් නැහැ ඔන්න. (ස)

:       0       0

දිසානායක Monday, 10 June 2013 02:21 PM

රංජනීගේ අදහස් හරිම ලාමකයි සෞම්‍යයයි ,මටසිලුටුයි, ලස්සනයි... මම හරි කැමැතියි (නි)

:       0       0

ෂිරා Monday, 10 June 2013 02:28 PM

මේ පොලිස් කාරයෝ, නඩුකාරයෝ, නීති තැරව් කාරයෝ එකතු වෙලා මිනී මැරුම්, වන්දි ,හොරකම් නඩු තීන්දු වෙනස් කොලේ පහු ගිය ආණුඩුව තිබුන කාලේ ඉඳලා. පාතාලේ අය හරහා මුදල් බෙදා දුන්නේ. දැන් මේ තනියෙන් කන්න ගිහින් වැඩේ වරද්දගත්තා. නයා තනියෙන් නටන්න ගියාම ඔහොම තමා.(නදී)

:       0       0

ඇසල Monday, 10 June 2013 02:30 PM

මෝරා දැන් එළියේ හාල්මැස්සා තාම ඇතුලේ. (නදී)

:       0       0

අනුරාධ Monday, 10 June 2013 02:43 PM

මෙතන ඉන්න හැමෝම අදහස් දාලා තියෙන්නේ හරියට තීන්දුව දුන්නා වගේනේ. අපි ටිකක් ඉවසා ඉදිමු. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමේ කියනවනේ. (නි)

:       0       0

දාබරේ Tuesday, 11 June 2013 03:11 PM

ජීවත්වීමට සරිලන වැටුප් කාටත් ඕනය. සල්ලි මිනිසා දෙවියකු හෝ තිරිසනකු කරති.(ස)

:       0       0

චන්දා Monday, 10 June 2013 02:54 PM

බොහෝ කලක පටන් අපේ රටේ මුළු නීති ක්ෂේත්‍රයම පල් ගදගහන මඩ ගොහොරුවක් වැනිය, කිසිදා නීතියේ පිළිසරණක් නොපතමි.(නදී)

:       0       0

ගාමිණී-සිරි Monday, 10 June 2013 03:05 PM

එසැනට පින්සිද්ද වෙන්න ,රටේ සිද්ධීන් ක්ෂණයකින් කියවනවා.පියෙක් හැටියට උසස් නිලධාරියෙක් මුහුනපාපු ඉරණම ගැන මම කම්පාවටත් ,දැඩි සංවේගයටත් ,දුකටත් පත් උනා. මින් ඉදිරියටවත් "අසේව නාච බාලානං - පණ්ඩිතා නන්ච සේවනා " බණ පදය අපි කාටත් පාඩමකි ! (ස)

:       0       0

සඳරුවන් Monday, 10 June 2013 03:06 PM

ඉර හඳ සහ සත්‍යය දීර්ගකාලයක් ලොවෙන් වසන්කල නොහැක. (ස)

:       0       0

දයා අළහකෝන් Monday, 10 June 2013 03:09 PM

මහජන මුදල් කෝටි ගණනින් ගසාකන දේශපාළුවන් ගැනද සොයාබැලීම වටී (නි)

:       0       0

චමිල Monday, 10 June 2013 09:23 PM

නීතිය කාටත් එකම විදියට ක්‍රියාත්මක කරනවා කියලා හොද ආදර්ශයක් ලබා දුන්න ගිහාන් පිලපිටිය ගරු විනිසුරුතුමාට අපේ උපහාරය. (නි)

:       0       0

ගාමිණී -සිරි Monday, 10 June 2013 09:26 PM

රජිත්-ඉතාලි පුතේ,අල්ලස් ගැනීමත්, අල්ලස් දීමත් දඬුවම් ලැබියයුතු වරදක්. ඔබ කියනදේ හරි. අපි කව්රුත් මාර්ග ඵල වලට පැමිනිලා නැහැ. නමුත් මෙතන කිසියම් අකටයුත්තක් ,අසාධාරණයක් ,වෙලා තියෙන බව පෙනීයනවා. දුරකථන සංවාද,සාක්ෂි මෙහෙයවන තෙක් බලන් ඉඳිමු පුතේ ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1732 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1087 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1638 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1146 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 613 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1135 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37969 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site