IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකය-ශල්‍යාගාරය වසා දමයි

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

ශල්‍යකර්මයකට ලක් කළ රෝගියකුට  කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා හෝමාගම මූලික රෝහලේ ශල්‍යාගාරය සහ දැඩි සත්කාර ඒකකය අද(06)  සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.

ඒ අනුව  දැඩි සත්කාර ඒකකයේ සහ ශල්‍යකර්මයට  සහභාගී වූ  වෛද්‍යවරුන් ඇතුළු  කාර්ය මණ්ඩලය පී.සී.ආර් පරීක්ෂණයට ලක් කරන තෙක් ස්වයං අවධානයට ලක් කිරීමට පියවර ගත් බවද වෛද්‍යවරයා පැවසීය.

ඉකුත් 4දා රිය අනතුරකට ලක් වූ අතුරුගිරිය පෝරේ ප්‍රදේශයේ පදිංචි 44  හැවිරිදි පුද්ගලයකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලේ තුනේ වාට්ටුවට ඇතුළත් කර ඇතැයි ඒ මහතා කීය. පසුව ඔහුගේ අසාධ්‍ය තත්වයේ හේතුවෙන් 05 දා ශල්‍යකර්මයකට යොමු කර ඇති අතර එහිදී පී.සී.ආර්  පරීක්ෂණයකට ද ලක් කර ඇතැයි පැවසේ.

ශල්‍යකර්මයෙන් පසුව ඔහු  රෝහල්  දැඩි සත්කාර ඒකකයට යොමු කර ඇත. රෝගියාගේ  පී.සී.ආර් පරීක්ෂණ වාර්තාව  අද  ලැබී ඇති අතර එහිදී ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට වාර්තා වී ඇතැයි පැවසේ.

ඒ අනුව රෝහලේ දැඩි  සත්කාර ඒකකය සහ ශල්‍යාගාරය විසබීජහරණය කර යථා තත්ත්වයට පත් කරන තෙක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන,  ශල්‍යකර්මය සඳහා සහභාගි වූ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජනිත ආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (1)

හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකය-ශල්‍යාගාරය වසා දමයි

janahitha UAE Friday, 06 November 2020 02:01 PM

අපේ සුබපැතුම්...!!! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ලංකා සිසුන්ට සිංගප්පූරු උපාධි ගන්න ගිවිසුමක්
2025 අප්‍රේල් මස 29 1 0

උසස් අධ්‍යාපන සහයෝගීතාවන් උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්


ජනපති වියට්නාමයට
2025 අප්‍රේල් මස 29 135 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි මාසයේ වියට්නාමයේ තෙදින සංචාරයක නිරත වන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


පුනර්ජනනීය බල ශක්තියට තවත් දොරක් අරී
2025 අප්‍රේල් මස 29 183 0

භූමිය මත ඉදි කර ඇති සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාර වලින් මෙගාවොට් 152 ක විදුලිය ප්‍රසම්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැති ලැබී ඇත.


රබර් පාලන පනත පාර්ලිමේන්තුවට
2025 අප්‍රේල් මස 29 100 0

රබර් පාලන පනත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බැංකු මූල්‍ය ප්‍රකාශ -මෙහෙයුම් වාර්තාව ජනපතිට
2025 අප්‍රේල් මස 29 103 0

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2024 මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත


ආර්ථික සංගණනයක් කරන්න යයි
2025 අප්‍රේල් මස 29 214 0

ආර්ථික සංගණනයක් පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1041 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 444 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 590 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site