IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


හමුදාපතිකම බාර ගන්නා ලෙස ජනපතිගෙන් ඉල්ලීමක් - ෆොන්සේකා සුදානම්

(රංජන් කස්තුරි)
 
ඇමැතිකමින් අස්වී යළි යුද හමුදාපතිකම හෝ සියලු ආරක්ෂක අංශවල නායකත්වය බාර ගන්නා ලෙස ජනාධිපතිවරයා ඊයේ කැබිනට්  මණ්ඩලයේ දී ඇමැති සරත් ෆොන්සේකා මහතාගෙන් ඉල්ලීමක් කළ බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසීය.
 
ඇමැතිවරයා ඒ බව කීවේ ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
 
ජනාධිපතිවරයා එලෙස ඉල්ලා ඇත්තේ රටේ ඇතිවී තිබෙන උද්ඝෝෂණ රැල්ල  පාලනය කිරීමට සහ විනය සකස් කිරීම සඳහාය. 
 
ඊට පිළිතුරු දෙමින් සරත් ෆොන්සේකා මහතා පවසා ඇත්තේ නිසි බලතල ඇතිව දෙන්නේ නම් තමා එය බාර ගැනීමට සූදානම් බවයි.



අදහස් (56)

හමුදාපතිකම බාර ගන්නා ලෙස ජනපතිගෙන් ඉල්ලීමක් - ෆොන්සේකා සුදානම්

nilmini Wednesday, 26 April 2017 09:20 AM

හොඳ තීරණයක්. හැබැයි මිලිටරි බලය පහුගිය රෙජීමය වගේ අවභාවිත නොකර බහුතර ජනතාවගේ සුබසෙත වෙනුවෙන් යොදවන්න.

:       112       12

THESHAN Wednesday, 26 April 2017 09:22 AM

නියමයි , පමාවෙලා හරි හොඳ තීරණයක්.

:       112       3

K Perera Wednesday, 26 April 2017 09:40 AM

දැන් නැවතත් අපේ රටට ඔබ වැන්නෙකුගේ සේවය අවශ්‍යම වෙනවා. ජනාදිපති තුමා ගත්ත හොද නැණවත් තීරණයක්.

:       225       3

hafeel Wednesday, 26 April 2017 09:41 AM

හමුදාපතිකම පමණක් නොවේ, පොලීසිය භාර, අධිකරණ, මුදල් යන ඇමතිකම් වලත් වෙනස්කම් සිදුවිය යුතුයි.

:       1       29

rangana Wednesday, 26 April 2017 09:46 AM

ලංකාවේ පහුගිය කලේ තිබ්බ ඔක්කොම වගේ වර්ජන වල සේවක වෘත්තිය අයිතීන් වෙනුවෙන් කරපු වැඩ වර්ජන වලට වඩා දේශපාලන අරමුණු වෙනුවෙන් කරපුව කියල පැහැදිලිව පේනවා ඉතාම හොද තීරණයක්

:       161       59

ravin Wednesday, 26 April 2017 10:07 AM

මේ පුවතත් එක්කල බොහෝ දෙනෙක් තිගැස්සෙයි වගේ.

:       111       5

anuruddha Wednesday, 26 April 2017 10:09 AM

හොදයි

:       444       322

RataHadamu Wednesday, 26 April 2017 10:16 AM

1. උද්ඝෝෂණ රැල්ල පාලනය 2. විනය පාලනය 3. තැන තැන කුණු දැමීම පාලනය( මිනිසුන් සහ රජය) 4. මදුරු පාලනය (ඩෙංගු, මලේරිය ) 5. පාරවල්වල අනතුරු පාලනය 6. මත් කුඩු පාලනය 7. පාතාලය පාලනය 8. රජයේ ආයතනවල පගා ගැනීම පාලනය 9.මාධ්‍ය පාලනය( ඉන්දියන් නාටක,දේශපාලන ගැටෙන කතා ) 10. පාර්ලිමේන්තු විනය සහ අධික වියදම් පාලනය

:       38       85

සෙන්ජීThursday, 27 April 2017 07:12 AM

කට පාලනය කරගත්තොත් නේද හොඳ... ?

:       28       35

thushara Wednesday, 26 April 2017 10:20 AM

මිනිස්සු ආසාවට උද්ඝෝශන කරන්නේ නෑ. මිනිස්සුන්ට ඕනෑ ප්‍රශ්ණ වලට විසදුම් මිසක් පාලනය කරන්න නිලධාරියෝ නෙවෙයි.

:       634       1004

පිටිගල මිලානෝ Wednesday, 26 April 2017 10:25 AM

වැදගත් යෝජනාවක්. එය එසේම සිදුවෙයි යයි අප බලාපොරොත්තු වෙනවා.

:       971       863

shan saudi Wednesday, 26 April 2017 10:26 AM

එකට නම් කමක් නැ රටේ ආරක්ෂාව හා ජාතික ආරක්ෂාව ආරක්ෂා කිරීම සදහා එතුමා වැනි හොද නායකයෙක් හොද පළපුරුදු හමුදා නිලදාරියෙක් ගැලපෙනවා නමුත් ඒ තනතුරු ලබාගෙන අතීතයේ සිදුවූ දේ වෙනුවෙන් කිසිවෙකුගෙන් පලිගන්න හදන්න එපා මොකද බල්ලෙක් මිනිසේව සපා කැ පමණින් මිනිසෙක් කිසිවිටක බල්ලෙක්ව සපාකන චර්යාවක් මිහිතලයේ නැති නිසාවෙනි යම් කෙනෙක් තවකෙකුට යම් අසාධාරන හා අවිනීත පහත් ක්‍රියාවක් කලානම් ඔහුට තම දිවි නිම කිරීමට පෙර ඒ සදහා වන්දි ගෙවීමට සිදුවන අතර මොන තරම් නීතියෙන් ගැලවුනත් තමන්ගේ හෘද සාක්ෂියෙන් තමන්ට ගැලවුමක් නැති වනු ඇත ඔබ තුමාට ජය !

:       166       357

sam Wednesday, 26 April 2017 10:35 AM

හොඳ ඉල්ලීමක් සහ හොඳ පිළිතුරක්. රටේ විනය අන්තිමටම පිරිහිලා. විසේසයෙන්ම උතුරු නැගෙනහිර.

:       33       99

pitabaddara jayaa Wednesday, 26 April 2017 10:57 AM

දෙනවනම් මේ මනුස්සයව බාල්දු නොකර දෙන්න ආරක්සක ඇමති කම , අන්න එතකොට මේ මනුස්සයගෙන් වැඩක් ගන්න පුළුවන්

:       18       279

lalithsjm Wednesday, 26 April 2017 11:07 AM

කොහොමද ගමේ අහිංසක ජනාධිපතිතුමාගේ වැඩ.

:       217       639

kumar (guaf) Wednesday, 26 April 2017 11:12 AM

අවිනීත රට හරි මගට ගෙනෙන්න මේ යෝජනාව ඉතා අගනා දෙයක්.

:       18       176

bandara Wednesday, 26 April 2017 11:24 AM

සරත් ෆොන්සේකා කියන හමුදාපති තුමා කියන්නේ රටම ආදරේ සහ රටම ගරු කරන චරිතයක්. එතුමාගේ දේශපාලන චරිතයට කැමති අයත් අකමැති අයත්, එතුමාගේ යුධ නායකත්වයට කැමතියි. මගේ අවබෝධයේ හැටියට, එතුමාගේ යුධ නායකත්වයට වඩාත් කැමතිවෙලා හිටිය අයම තමයි එතුමාගේ දේශපාලන චරිතයට වඩාත් අකමැති වුනේ. ඒ වගේම, දේශපාලන වශයෙන් එතුමාට කිට්ටු වුනේ එතුමාගේ හමුදා නායකත්වයට අකමැතිවුනු අය.

:       119       64

nimal rajapaksha Wednesday, 26 April 2017 11:46 AM

ගරු ෆොන්සේකා මැතිතුමනි ,මේක දැනගත්තම සමහරුන්ට කකුල් වෙව්ලනවා දැන්මම

:       22       260

සෙනෙවි Wednesday, 26 April 2017 11:54 AM

ජනතා උද්ඝෝෂණ වෙඩි උණ්ඩ වලින් විසඳන්න ගියොත් ඊලඟ ඡන්දෙදි නිසි පිළිතුරු ලැබේවි ඇඩ්‍රස් නැති වෙන්නම

:       110       121

saman Wednesday, 26 April 2017 12:11 PM

යහපාලනයක් දෙනවා කියල ඇවිත් දැන් හමුදා රාජ්‍යක් හදන්න වගේ හදන්නේ ....

:       7609       8374

sarathWednesday, 26 April 2017 08:56 PM

කව්ද එම තත්වයට රට තල්ලු කරන්න හදන්නේ? මේ උද්ගෝෂණ පිටුපස සිටින බංකොලොත් දේශපාලන පක්ෂය මිස වෙන කව්ද? කවද හරි රට හමුදා පාලනයකට තල්ලු උනොත් එම තත්වයට එම බංකොලොත් දේශපාලන පක්ෂය ජනතාවට වග කිව යුතු වෙනවා.

:       409       664

dumindaSaturday, 29 April 2017 09:29 AM

හරියට හරි... බංකොලොත් පොහොට්ටු කාරයෝ ටික මොකක් හරි වචනෙක එල්ලිලා රට ගිනි තියනවා, මේ රටට මොන අතකින් හරි අවැඩක් වෙනවා නම් මේ අය පුදුම සතුටක් ලබන බව පේනවා. සරත් ෆොන්සේකා දාල වෙන්න ඕනෙ... වර්ජන කරන අයට ගහන එක නෙවේ. එනිසා පීඩාවට පත්වෙන මහජනතාවට සේවා ලබා දීල අපහසුතාවය අඩු කරන්න ඕනෙ.

:       0       12

dingirala Wednesday, 26 April 2017 12:19 PM

අවංකවම කරනවානම් මෙන්න හොඳ අදහසක්. හැබැයි යම් දිනක දේශපාලන විරුද්ධ වාදීන් මැඩලීමට පමණක් එතුමා තමන්ගේ බලතල යොදනවා නම් එක වැරදියි. ඒ වගේම එදාට දුශිතයෝ රකින්නත් බැහැ. ඒ වගේම ජනාධිපතිගේ මේ යෝජනාවෙන් ගම්‍ය වන්නේ ජනාධිපති කොයිතරම් නිවට බියගුළු කොන්දක් නැති පුද්ගලයෙක්ද කියායි. තමන්ගේ පව්, බලතල සහ වගකීම් අනුන්මත පටවල තමන් හොඳ පාලකයෙක් කියල පෙන්වන්න බලනවා. විධායක ජනාධිපති බලතල යොදවා ඇයි ඔහුට රටේ විනය සහ නීතිය රකින්න බැරි?.

:       8       171

rohan dayaadara paris Wednesday, 26 April 2017 12:35 PM

ඇත්තටම මෙතුමා රට බේරාගත් හමුදා නායනයා නිසා ....සියලු ආරක්ෂක අංශ භාරව කටයුතු කරන්න ඉතා සුදුසු පුද්ගලයා බව මමද සනාථ කරමි.... ජනාධිපතිතුමා මේ ගන්න යන තීන්දුව ඉතා කාලෝචිත ..... සුදුස්සාට සුදුසු තැන යන වචනයේ පරිසමාප්ත අර්ථය අර්ථගැන්වෙයි ...

:       519       884

M.Y.AZEEZ Wednesday, 26 April 2017 12:35 PM

හොඳ යහපත් තීරණයක්....

:       1672       1849

රොමේෂ් Wednesday, 26 April 2017 12:45 PM

"ජනාධිපතිවරයා එලෙස ඉල්ලා ඇත්තේ රටේ ඇතිවී තිබෙන උද්ඝෝෂණ රැල්ල පාලනය කිරීමට සහ විනය සකස් කිරීම සඳහාය". උද්ඝෝෂණ රැල්ල පාලනය කරන්න ආණ්ඩුව තෝරාගන්නේ "මර්ධනයනම්" ඒක කරන්න ඕනෑම කෙනෙකුට පුළුවන්. ඒකට විශ්ෂඥයෙක් හෝ විශ්‍රාමික හමුදා නිලයක්ම අවශ්‍ය නැහැ. නමුත් රටේ "විනය හැදීමයි" මේ පත්වීමයි අතර තියෙන සම්බන්ධය තමයි හිතාගන්න බැරි....ඉස්සර හිටපු ලේකම් කෙනෙකුත් අපේ රටේ විනය හදන්න කියලා රටම අර්ධ මිලිටරිකරණයකට යටත්කරන්න ගිහින් නාගත්තා. විනය හැදීම ආරම්භ කරන්න ඕනෑ.. ප්‍රාථමික පාසල් අධ්‍යාපනය තුලින්, පාසල් නිල ඇඳුමේ පාට වෙනස්කරනවාද නැද්ද ගැන කතාකරකර කාලය නාස්තිකරනවාට වඩා, "අනාගත ශ්‍රී ලාංකික මිනිසා නිර්මාණය කලයුත්තේ කෙසේද?" යන්න පිළිබඳව පුළුල් සමාජ කතිකාවතක් ඇතිකර එයින් මතුවන යහපත් අදහස් ප්‍රාථමික පාසල් විෂයමාලාවට මුසුකිරීම තුලින් ප්‍රායෝගිකව මහපොළොවේ යතාර්ථයක් බවට පත්කරගත්තොත් තව අවරුදු 20කින් අපේ රටේ අමුතුවෙන් "විනය" හදන්න ඕනෑ වෙන්නේ නැහැ.

:       22       768

චන්දා Wednesday, 26 April 2017 12:46 PM

ලංකාවට සුභ අනාගතයක් උදවෙන්නයි යන්නේ...

:       355       185

nayana Wednesday, 26 April 2017 12:47 PM

ඒ කියන්නෙ මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ ආරක්ෂක අංශ දුර්වල නිසා මිසක් ඇත්තටම ප්‍රශ්න තියෙන නිසා නෙවෙයි.. අපෙ ජනාධිපතිතුමානන් මාරයි...

:       173       223

Mahesh Chaminda kumara Manikgamage. Wednesday, 26 April 2017 12:48 PM

අපේ රටට එතුමාගේ සේවය අවශ්‍ය වෙනවා. එතුමා එය අවංකවම කරාවි.

:       209       156

සමන් Wednesday, 26 April 2017 12:59 PM

ඕක නම් හොඳකට නෙවේ පුතෝ, හමුදා පාලනය කියල දේකුත් තියෙනවා,...

:       92       100

lasantha Wednesday, 26 April 2017 02:01 PM

ජනපතිතුමාගේ හොද තීරණයක්.

:       51       2

lasantha Wednesday, 26 April 2017 02:01 PM

ජනපතිතුමාගේ හොද තීරණයක්.

:       49       27

SL Wednesday, 26 April 2017 02:05 PM

ශ්‍රී ලංකාවට අබ සරණයි වගේ !!!

:       73       93

vidya Wednesday, 26 April 2017 02:28 PM

අවුරුද්දක් හරි කරලා බලන්න. තාජුඩීන් ඝාතකයන්, පුවත්පත් අතුරුදහන් කල ඝාතකයන් සොයලා දෙන්න. තවද ආබාධිත රණවිරුවන් පිළිබඳ හොඳ වැඩ සටහනක් හදන්න.

:       8       48

Chanak Los Angeles Wednesday, 26 April 2017 02:33 PM

සහෝදර සමාගම ටිකක් තිගැස්සිලා ඇති..

:       307       286

duminda boteju Wednesday, 26 April 2017 02:46 PM

ජනාධිපතිතුමා ගත් හොඳ තීරණයක්.., ඔබතුමාට ජයවේවා !!! ෆොන්සේකා මහත්තයාට මේ රට මකල හදන්න පුළුවන්...

:       97       36

deepthi Wednesday, 26 April 2017 02:56 PM

ජනාධිපතිතුමා පළමුව ඔය ඇතුලේ ඉන්න 225 හේ විනය හදන්නකෝ.... හොරකම, දුෂණය, අල්ලස අයින් කරල ඉන්න....

:       0       112

janathava Wednesday, 26 April 2017 03:10 PM

රටට හමුදා පාලනයක් අවශ්‍ය වෙනවා නම් ඒක වෙනම ප්‍රශ්නයක්...නමුත් මෙතන ජනතා විරෝධය මැඩ පවත්වා ජනතා විරෝධී වැඩ රැක ගැනීමට බළලුන් ලවා කොස් ඇට බාව ගන්න නම් ෆොන්සේකා මහතා යොදා ගන්නවා. ඔහු අම්බලන්ගොඩ හොඳ අභීත සිංහලයෙක්....

:       15       21

නීල් Wednesday, 26 April 2017 03:23 PM

නැවත වතාවක් සිතිය යුතුයි ? කුමන්ත්‍රණයකින් බේරීම සඳහාද නැතිනම් වෙනත් අරමුණක් සඳහාද? යුද්ධය අවසන් වෙන තෙක් හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා සහා දැන් දේශපාලනයේ ඉන්න සරත් පොන්සේකා අතර ලොකු වෙනසක් තියනවා. යුද්ධයේදි රට වෙනුවෙන් සටන්කරපු ඔහු දේශපාලනයේදි තම බලය වෙනුවෙන් එම සටනත් රටත් යුද විරුවනුත් පාවා දෙනවා.

:       15       243

Susil Wednesday, 26 April 2017 04:00 PM

ඕවා ඕනෙ නෑ, පොලීසිය බාර ඇමති කලානම් ඇති. එතකොට FCID යත් හරියට වැඩ කරයි.

:       11       20

lalith Wednesday, 26 April 2017 04:32 PM

උද්ඝෝෂණ නිසා මිසක් ඉන්දියාව එක්ක ගිවිසුම ගහන්නයි, ඉස්සරහට තියන්න යන ජනමත විචාරනයටයි එහෙම නෙමෙයි නේද?

:       39       109

kalum - verona Wednesday, 26 April 2017 04:45 PM

මෙහෙම ගියොත් ලංකාව තවත් ලිබියාවක් වෙනවා

:       47       870

pereraa. Wednesday, 26 April 2017 05:17 PM

දැන් ලංකාවේ වෙන දේවල් දිහා බලනකොට නිවැරදි තීන්දුවක් .

:       24       33

silwaa Wednesday, 26 April 2017 05:19 PM

නිවැරදි යෝජනාවක් ජයවේවා

:       36       52

sanath Wednesday, 26 April 2017 06:33 PM

බැඳුම්කර හොරු අල්ලයිද ?

:       0       0

sanju Thursday, 27 April 2017 02:32 AM

එතකොට මේගොල්ල අනිත් අයට අවස්ථාවක් දෙන්නෙම නැද්ද?

:       0       7

willows Thursday, 27 April 2017 02:42 AM

ජනාධිපතිතුමා ගත් හොඳ තීරණයක්.., ඔබතුමාට ජයවේවා !!! ෆොන්සේකා මහත්තයාට මේ රට මකල හදන්න පුළුවන්...

:       5       3

gamage Thursday, 27 April 2017 02:52 AM

පක්ෂ විපක්ෂ බේදයක් නැතිව වැඩ කරනවානම් හොදයි. ලංකාවට ඕනේ තද සාධාරන පාලකයෙක්.

:       0       3

MGJ Thursday, 27 April 2017 05:56 AM

හොද තීරණයක් . නමුත් තීන්දු මහජනතාවටත්, ඇමති , මන්ත්‍රී , ලොකු , පොඩි කියල බේදයකින් තොරව එක සමානව දිය යුතුය . පගාවට , බොරුවට , වංචාවට පළමුව දඩුවම් දිය යුතුය.

:       0       0

Shan Thursday, 27 April 2017 06:17 AM

ඉතා හොඳ තීරණයක්.

:       0       0

sunil wijesena Thursday, 27 April 2017 06:34 AM

මිනිස්සු උද්ඝෝෂන කරන්නේ හමුදාපති කෙනෙක් ඉල්ලලාද

:       0       0

සිරි Thursday, 27 April 2017 07:41 AM

නීතිගරුක බව සහ විනය ගරුක බව යහපාලනයක මූලිකම ලක්ෂණයක්. අපේ රටේ ඉහළ සිට පහළට නැත්තේම ඔය ලක්ෂණ දෙක තමයි. ජනාධිපතිතුමාට විතරක් තනිවම යහපාලනයක් ගොඩ නගන්න බැහැ. එතුමාගේ කණ්ඩායමේ අය ජහපාලකයො වගේ හැසිරෙනවා නම්, රටේ ඉන්න මිනිස්සු මහජනයා වගේ හැසිරෙනවා නම්... ඒ තත්ත්වය වෙනස් කරන්න නම් පාලනය කරන ක්‍රමයේ වෙනසක් කරන්න සිදු වෙනවා.

:       0       0

SIRILAL Thursday, 27 April 2017 07:42 AM

රට අනාථ කරල ඉවරයි.. ලෝකෙන් උතුම් රට 1948 න් පස්සේ කාලා ඉවරයි. රටේ විනය නැතිකෙරුවේ මේ වගේ අය... රට භාරගත්තට කරන්න බැහැ. මේ සියල්ලටම ඕන රට නොව මඩිය ලොකු කරගන්නයි. කවුරු හෝ ඉත්තෙක් දල ජනතාව පිඩාවට පත් කරනවා. මේ සියල්ල අපා ගත වෙයිනෙ....

:       0       0

Lakvidu Friday, 28 April 2017 03:10 AM

නා ගැනීම, අනා ගැනීම සහ වනසා ගැනීම

:       0       0

malee Saturday, 29 April 2017 06:25 PM

වෛර පළිගන්නේ නැත්නම් හොඳයි....

:       0       0

sathyayaa Saturday, 29 April 2017 09:05 PM

යහපාලනයට එකතු වෙලා ඉන්න හරිත කට්ටිය සරත් ෆොන්සේකාව නිහඬ කරන්න ඇමති කමක් දුන්නට කරන්න වැඩක් දුන්නේ නැහැ. ගිය ආණ්ඩුවේ හොරු ටික ඇල්ලීම කෙසේ වෙතත් ඔවුන්ව ආරක්ෂා කරන්න හරිත කල්ලිය දිගින් දිගටම වැඩ කරන නිසා තමයි ජනාධිපති සරත් ෆොන්සේකාව ඒ හිර කුඩුවෙන් එළියට අරගෙන වැඩක් දෙන්න වැඩක් දීල තියෙන්නේ. මෛත්‍රී පාලනය යහපාලනයට වඩා වෙනස් කියල ජනතාවට පෙනෙන්න පටන් ගන්නේ එදාට.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින් ප්‍රවර්ධනය කළ නිලධාරීන් 9ක් රාජකාරියෙන් ඉවතට
2024 සැප්තැම්බර් මස 19 574 0

දේශපාලන කටයුතුවල නියැලී ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනයට කටයුතු කළ බව කියන හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් නව දෙනෙකු මැතිවරණ රාජකාරී කටය


ෆේස් බුක් තවම ඡන්ද වැඩ
2024 සැප්තැම්බර් මස 19 721 0

සමාජ මාධ්‍යයන්හි මැතිවරණ ප්‍රචාරක කටයුතු නතර කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව අදාල පාර්ශවවලට නියෝග ලබාදී ඇතත් තවමත් ඒ ප්‍රචාරක කටයුතු සිදුවන බව වාර්ත


නිල නොවන ඡන්ද ප්‍රථිපල නිකුත් කිරීමෙන් වළකින්න
2024 සැප්තැම්බර් මස 19 316 0

ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ලැබෙන තෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම පාර


ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කරයි
2024 සැප්තැම්බර් මස 19 786 0

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබේ.


ට්‍රැක්ටරයක ගැටී සිව්දරු මව මරුට
2024 සැප්තැම්බර් මස 19 219 0

ඇතුන්ගම,උලගල්ල මාර්ගයේ අටේ කණුව වංගුව ආසන්නයේදි ස්කුටර් වර්ගයේ යතුරු පැදියක ගමන්ගත් 62 හැවිරිදි කාන්තාවක් ට්‍රැක්ටරයක ගැටී අද (19) මියගිය බව තිරප්පනය ප


ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි
2024 සැප්තැම්බර් මස 19 1741 0

ජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 35 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 71 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site