IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


හාමුදුරුවන්ගේ ගිවිසුම එපා වෙලා

මාධ්‍යවේදීන්ට ඇතුළු වීමට ඉඩ නොදී දැඩි පොලිස් මුරකාවල් මැද්දේගම්පහ දී පොලිසිය, ගම්වාසීන් හා නීතීඥයන් පිරිසක් සමග අද (16) පැවැති සාකච්ඡාවක දී ගම්වාසීන් එක හඩින් කියා සිටියේ  තෙරිපැහැ සිරිධම්ම හිමියන් ගම්පහ පොලිස් අධිකාරී කාර්යාලයයේ දී පසුගිය 10 වැනි දා අත්සන් කළ ගිවිසුමට තමන් විරුද්ධ බවයි.

ගම්පහ අධිකරණයේ නීතීඥවරුන්ගේ හමුවීම් ශාලාවේ  මේ සාකච්ඡාවට නැදුන්ගමුව, ඌරුවල සහ රතුපස්වල ගම්වැසියෝ පිරිසක් සහභාගී වූහ.

පැයක පමණ කාලයක් පැවැති මේ සාකච්ඡාව සඳහා මාධ්‍යවේදීනට අවසර ලැබුණේ නැත. මාධ්‍යවේදීන් අවට රැස්ව සිටි නමුත් ඔවුන් රැස්වීම් ශාලාවට පැමිණීම වැලැක්වීම සඳහා පොලිසියේ දැඩි ආරක්ෂාව යොදා තිබිණි. රැස්වීම් ශාලාවට ඇතුළු කර ගැනුණේ ඔවුන් කළින් අනුමැතිය දුන් පිරිසක් පමණි.

ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතා, සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු, ගම්පහ නීතීඥ සංගමයේ සභාපති පද්මා අමරතුංග, ගම්පහ නාගරික මන්ත්‍රී නීතීඥ තිස්ස ගුණවර්ධන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්  ද ඊට එක්ව සිටියහ.

මාධ්‍යවේදීනට රැස්වීම පැවැති ස්ථානයට ඇතුළු වීමට නොහැකිදැයි ප්‍රධාන ගේට්ටුව අසල සිටි පොලිස් පරීක්ෂකවරයකුගෙන්  විමසූ විට ඔහු සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතාගෙන් ඒ ගැන විමසා නැවත පැමිණ පැවසුවේ එම සාකච්ඡාවට මාධ්‍ය අනවශ්‍ය බවයි.

ඉන් අනතුරුව සියනෑ ජල සුරැකීමේ ජන නැගුමේ කැඳවුම්කරු ප්‍රමිත හෙට්ටි ආරච්චි මහතා එම දොරටුව අසලට පැමිණි විට සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා ඔහු වෙත පැමිණ ලැයිස්තුවේ නම නැති බැවින් සාකච්ඡාවට සහභාගී විය නොහැකි බව ඔහුට ද දැන්වීය. ඔහුව හරවා යැවිණි.

 සාකච්ඡාවෙන් අනතුරුව එයට සහභාගී වූ  නැදුන්ගමුවේ ගැමියෙකු වු  ජූඩ් පෙරේරා මහතා මෙසේ පැවසීය.

   ‘ මමත් වැලිවේරියෙදී වෙඩි වැදී තුවාල වුණු කෙනෙක්. ගම්පහ පොලිස් අධිකාරීවරයා ඊයේ  ( 15) රෑ හතට විතර අපේ ගමට ඇවිත් ප්‍රජාශාලාවේ  සාකච්ඡාවක් පැවැත්වුවා.  ඒක පටන් ගත්තේ රෑ හතට විතර ඉවරවෙනකොට නමය විතර වුණා. මමත් ඒකට ගියා.

එතැනදි ගමේ අය කිව්වා අපිට වතුරත් එපා, මොකුත් එපා මේ කර්මාන්ත ශාලාව වහන්නයි ඕනෑ කියා. තෙරිපැහැ සිරිධම්ම හිමියන් අත්සන් කළ ගිවිසුමට අපි කැමති නැහැ කියලත් අපි කිව්වා. 

එතනදී පොලිස් අධිකාරීතුමා කිව්වා  ගම්පහ නීතිඥ සංගමයත් ඔයාලගේ  සහයට එනවා එක ගමකින් නියෝජිතයෝ දෙන්නා හෝ තුන්දෙනා ගානේ පත්කරගෙන ලැයිස්තුවක් හදන්න කියලා.

අපි ලැයිස්තුවක් හදා දුන්නා. ඒ අනුව තමයි අපි අද මේ රැස්වීමට ආවේ.

අද මුලින්ම නිතිඥ සංගමයේ අය කිව්වා එයාලා මේ වැඩපොල අරින්න දෙන්නේ නැහැ. ඒ ගිවිසුම් වලංගු වෙන්නේ නැහැ කියා. අපිත් ඔයාලගේ සහයට එනවා කිව්වා.

අපි අපේ මතයත් කිව්වා. දැන් අපිට වතුර අවශ්‍ය නැහැ. මේ කර්මාන්ත ශාලාව වහන්නයි ඕනෑ. තෙරිපැහැ හාමුදුරුවන් ගහපු ගිවිසුම අපි පිළිගන්නේ නැහැ. මේ කර්මාන්ත ශාලාව වහාම ගමෙන් ගෙනියන්න කියා අපි කිව්වා.

නීතිඥ සංගමයත් පොලිස් අධිකාරීවරයාත් අපිට පොරොන්දු වුණා මේ ප්‍රශ්නය ජනාධිපතිවරයා හරහා විසදාගැනීමට අපිට පුර්ණ සහයෝගය දෙනවා කිව්වා. වැඩපොළ නැවත අරින්න දෙන්නේ නැහැ කිව්වා.

තෙරිපැහැ සිරිධම්ම හිමියන් අත්සන් කළ ගිවිසුම ගනන් ගන්නේ නැහැ ඒ ගැන කව්රුවත් කලබල වීමට අවශ්‍ය නැති බවත් කීවා.

ලබන 20 වෙනිදා වෙනකොට කර්මාන්ත ශාලාවේ අයත් සමග සාකච්ඡා කරන්න අවස්ථාවක් ලබා දෙන බවත් කර්මාන්ත ශාලාව වසා දමන ස්ථීර දිනයක් එහිදී ලබා දෙන බවත් ඔවුන් අපිට කිව්වා.‘

මෙම  සාකච්ඡාවට පැමිණි නැදුන්ගමුව ඌරුවල පදිංචි ඈන් ප්‍රණාන්දු පෙරේරා(60) මහත්මිය මෙසේ පැවසුවාය.

ගම්පහ පොලිස් අධිකාරී විජිත කොමසාරු මහතා පෙරේදා ගම් වැසියන් සමග සාකච්ඡා කළා. ඒ අවස්ථාවේ එක ගමකින් ගැමියන් තුන්දෙනා බැගින් මේ සාකච්ඡාව සඳහා තෝරාගත්තා.  අද මෙතනට ආවේ ඒ තෝරාගත් පිරිසයි.

අපි ගම්වැසියන් ඒකමතිකව තීරණය කරලා තිබුනේ අපිට දැන් වතුර ඕනේ නැහැ මේ කර්මාන්ත ශාලාව අරගෙන යන්නයි අවශ්‍ය කියා.

අපි කිව්වා දැන් මාස තුනක් විතර කර්මාන්ත ශාලාව වසා තිබුන නිසා අප ද්‍රවය ගම වටේ නැහැ. කර්මාන්ත ශාලාවෙන් පිටවන   විෂ දුම් රොඩු අවට ගෙවල් වලට යන්නෙත් නැහැ. ළිං වලට යන්නෙත් නැති කිසා දැන් අපේ ළිං වල ජලය පිරිසිදු වේගෙන එන්නේ. 

අපිට හොදටම විශ්වාසයි අපේ ළිං ජලය අපවිත්‍ර වුණේ මේ කර්මාන්ත ශාලාව නිසා මේක වහලා දාලා තව ටික කාලයක් යනකොට මේ වතුර හොද වෙනවා කියලත් අපි කිව්වා.

ඒ නිසා මාස හයකට හරි නැවත ඇරියොත්  නැවත  ළිං ජලය අපිරිසිදු වෙනවා කියලත් කිව්වා. ඒ නිසා අපේ අන්තිම තීරනය මේ කර්මාන්ත ශාලාව වෙන කොහාට හිරි ගිනියන එකයි කියලත් කිවා.

අපි කිව්වා හාමුදුරුවන් මේ කර්මාන්ත ශාලාව මාස හයක් නැවත අරින්න තිරණය කළේ උන්වහන්සේගේ  තනි කැමත්තට.  අපේ අදහස් නොවිමසා ගත් තීරණයක් ඒක.  අපි ඒ ගිවිසුමට කැමති නැහැ කියලත් කිව්වා.

එවිට අපෙන් ඇහුවා ඇයි එහෙනම් සභාවේ පන්සලට ගැහැව්වේ කියා. අපි කිව්වා අපි පන්සලේ චෛත්‍යයටවත් බෝධියටවත් ගැහුවේ නැහැ. අපි පන්සලට යනකොට මහ රෑ පෙරේත තටු, කුකුල්ලූ දෙන්නෙක්, පුහුල් තිබුනා. අපි බිලි පුජාව කරන තැනටයි ගැහැව්වේ කියලත් කිව්වා.

එතකොට නීතිඥ සංගමයත් පොලිස් නිලධාරීනුත් කිව්වා අපි මේක 20 වෙනි දාට කලින් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහත්තයට යොමු කැර  ජනාධිපති ළගට අරන් යනවා කියලා.

 

 



අදහස් (0)

හාමුදුරුවන්ගේ ගිවිසුම එපා වෙලා

ලන්කපුත Thursday, 17 October 2013 10:49 AM

මාස තුනෙන් භූගත ජලය පිරිසිදු උනේ තව විස එකතු නොවීමත්, ජලය පොලව හරහා අනෙත් සියල්ල සමග මිශ්‍ර වීමත් අපිරිසිදු ජලය ගලායමත් නිසා. (දී)

:       0       0

මධු Wednesday, 16 October 2013 08:35 PM

ප්‍රතිචාර දාන අයට තේරෙන්නේ නැහැ මේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නය. ඔය කර්මාන්ත ශාලාවේ දවසකට දර ටොන් ගානක් බොයිලේරුවට දානවා. ඇතුළට ගිහින් බලන්න දුම් රොටු. අවට ගෙවල් වලටත් ඒවා වැටෙනවා. ගමේ මිනිස්සු කියන්නේ දැන් මාස තුනක් ඒ අපද්‍රව්‍ය ළිං වලට ගියේ නැහැ. අවට වතුවලට අපද්‍රව්‍ය දැම්මේ නැහැ කියලා. ඉතින් ළිං වල වතුර පිරිසිදු වෙන්නේ නැද්ද? (නි)

:       0       0

තිලක්- ඩුබායි Thursday, 17 October 2013 11:05 AM

කොළ පාට තාප්පයේ ගාපු පමණින්, කොළ පාට වැහි පීලි හෙවිල්ලපු පමණින්, ගේට්ටුව සහ මුර කුටිය කොලපාට කල පමණින් පරිසර හිත කාමී වෙනවා කියලා හිතනවා නම් ඒ මනුස්සයන්ගේ මොලේ පරික්ෂා කිරීම වටී. (ස)

:       0       0

ජගත් Wednesday, 16 October 2013 09:46 PM

ඔබ වහන්සේ ගම්පොළටම වෙලා හිටියොත් හොදයි! (නි)

:       0       0

සඳුන් Thursday, 17 October 2013 01:02 PM

ගරු ස්වාමීන් වහන්ස සාසනය නැති කරන්න එපා. (ස)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 16 October 2013 04:17 PM

අනේ මන්දා, මගේ මොලේ කොලොප්පන් වෙලාද කියලා..අවරුදු 18ක් තිස්සේ අපිරිසිදු වූ වතුර මේ මාසෙට දෙකට පිරිසිදු වෙලා බොන්නත් පුළුවන් තත්වෙට පත් වෙලාලු..වතුර ඕන නැහැලු. කම්හල වහන්නම ඕනලු..හැමදුරුවොත් දුෂ්ටයෙක් උනා එහෙනම් ..නාඩගමේ රගපාන අලුත් නළුවන්ගේ නම් ටික දැක්කම නම් මට නාඩගමේ පිටපත වෙනස් කෙරෙන තැන පේනවා පේනවා වගේ. (ස)

:       0       0

නිලන්ත Wednesday, 16 October 2013 04:21 PM

අන්න දැන් තමා නියම ක්‍රමේට ප්‍රශ්නෙට උත්තර ලැබෙන්නේ....මමත් ඔය අවට ඉන්නේ....ඇත්තටම දැන් අපේ ලිඳෙත් වතුර ටිකක් හොඳයි....අපි ඔය විදිහට ඇත්තට මුණ දීල ප්‍රශ්නේ විසඳමු.... (ස)

:       0       0

ගාමිණි Wednesday, 16 October 2013 04:41 PM

හාමුදුරුවෝ නියමෙට වැඩේ දුන්න නේද ? අනේ සාදු එයා නිවන් දකීවි විගසින්. (ස)

:       0       0

රාධා Wednesday, 16 October 2013 04:46 PM

අවුරුදු 18 ක් වතුර හොඳට තිබුනා. මාස 3 කින් වතුර නරක් වුනා. අයෙත් මාසෙකින් වතුර හොඳ වුනා. අන්තිමට හාමුදුරුවෝ නරක් වුනා. දෙයියෝ කෝප වෙලා වගේ. (ස)

:       0       0

චන්දිම Wednesday, 16 October 2013 05:03 PM

මෙතන තියෙන්නේ වෙන ප්‍රශ්නයක්. අවුරුදු 18 ක් තිස්සේ අපවිත්‍ර වුණ වතුර කොහොමද මාස දෙකෙන් පිරිසිදු වෙන්නේ? කාට හරි වුවමන වෙලා තිබෙනවා කම්හල වහන්න. කම්හල් වහන්න නෙමෙයි, පුළුවන් තරම් අරින්නයි අපි බලන්න ඕනෑ. රස්සාවල් නැති අයට ඔය දඟලන අය රස්සාවල් දෙනවද?ඉන් ජීවත් වෙන මිනිස්සුන්ට මොකද වෙන්නේ? (නි)

:       0       0

කටුවා Wednesday, 16 October 2013 05:04 PM

ඈන් පෙරේරා ? ඡූඩි ප්‍රනාන්දු ? එතකොට පන්සලට ගැහුවෙ පල්ලියෙන්ද ? (අ)

:       0       0

කපිල Wednesday, 16 October 2013 05:12 PM

බන්දුල පෙරේරා කියන්නේ බත් පැකට් එකට ආණ්ඩුවට කඩේ යන කෙනෙක් (අ)

:       0       0

දිසානායක Wednesday, 16 October 2013 05:17 PM

බන්දුල පෙරේරා තුවාලේ තියන මිනිස්සු විතරඊ එකේ වේදනාව දන්නේ ..නිකන් නයට කරන්නේ නැතුව ඉන්නවා .(අ)

:       0       0

උපුල් Wednesday, 16 October 2013 05:17 PM

බන්දුල පෙරේරා මහතා එහෙනම් අපි දැන් 50% දිනුම්. ඉතිරි ටිකත් දිනුවහැකි නේද? (අ)

:       0       0

සුමන Wednesday, 16 October 2013 05:18 PM

හාමුදුරුවෝ, වෙනත් "සරණක්"පස් සේ ගිහින් නම කැතකර ගත්තා. (අ)

:       0       0

කුමාරි Wednesday, 16 October 2013 05:20 PM

කොහොම වෙලා හරි මේ රතුපස්වල ප්‍රශ්නේ ඉවර වුනොත් එක ලොකු දෙයක්.දැන් ඩෙංගු තරම් භයානක වෙලානේ තියෙන්නේ ඕක.(දිල්)

:       0       0

චතුර Wednesday, 16 October 2013 05:24 PM

දැන් තේරෙනවා මෙයාලගේ අරමුණ මොකක් ද කියල. අන්තිමට හාමුදුරුවොත් වැරදි වුණා.(අ)

:       0       0

සෙනරත් Wednesday, 16 October 2013 05:43 PM

ජලයේ හොඳ නරක පරීක්ෂා කිරීමට ලංකාවේ සිටින ලොකු ලොකු විද්වතුන්ටත් වඩා මේ ගම්වල සිටින ගම්වැසියන් දක්ෂයි වගේ. ඒ කොහොමද කියලා මට නම් තේරුමක් එන්නෙම නැහැ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 16 October 2013 05:45 PM

බන්දුල, මොනවා කිවුවත් ඔය කම්හල වහන්නම වෙනවා. මොකද ඒකෙන් විඳවන්නේ ගමේ මිනිසුන්. ගමකට සුදුසු නිෂ්පාදන කම්හලක් නෙමෙයි ඕක . ගමේ මිනිසුන්ට ජයග්‍රහණය අත ළඟයි , ජය වේවා ! (නි)

:       0       0

කමල් Wednesday, 16 October 2013 05:51 PM

ඇත්ත මොකක්ද කියලා හිතාගන්න බැහැ. සත්‍යය සදහා නියෝජ්‍ය ඇමැතිවරයෙක් පත්කරමු. (නි)

:       0       0

ක්‍රිස් Wednesday, 16 October 2013 05:53 PM

බන්දුල, ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්නය ඒ අයට විසදා ගන්න දෙන්න (නි)

:       0       0

ච ජ රත්නායක Wednesday, 16 October 2013 05:55 PM

බන්දුල පෙරේරා කම්හල හොදින් දන්නවා වගෙයි (නි)

:       0       0

මංජු Wednesday, 16 October 2013 05:55 PM

බන්දුල පෙරේරා, තමන්ගේ දරුවෙකුට විෂ වතුර පොවන්න තමන් කැමතිද?ප්‍රශ්නය තේරුම් ගන්න බලන්න.මේ ප්‍රශ්නය හරි සංවේදියි.මිනිස්සුන්ගේ ජීවිත වටිනවා හැමදේටම වැඩිය. (නි)

:       0       0

අතුල Wednesday, 16 October 2013 06:08 PM

අපේ හාමුදුරුවන්ට කොතනක හෝ වැරදීමක් වෙලාද කියලා හිතෙනවා (අ)

:       0       0

බණ්ඩා Wednesday, 16 October 2013 06:10 PM

හාමුදුරුවෝ වෙනස් වෙලා වගේ .... (නි)

:       0       0

මංජු Wednesday, 16 October 2013 06:18 PM

හාමුදුරුවෝ සහ දයාසිරිගේ වෙනස්වීම අතරේ ලොකු වෙනසක් නොවන බවයි පවසන්නේ (අ)

:       0       0

අතුල Wednesday, 16 October 2013 06:21 PM

ගිවිසුම පමණක් නොවේ හාමුදුරුවනේ (අ)

:       0       0

ආරියසේන Thursday, 17 October 2013 08:01 AM

දුර්ජනයින්ගෙන් ඈත්වී ශාසන කටයුතු කරගෙන ඔබ වහන්සේ චිරාත් කාලයක් ශාසනය රැකදේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. (නි)

:       0       0

නිමල් Wednesday, 16 October 2013 07:01 PM

පුලුවන් නම් කියන්න බලන්න මේ රතුපස්වල ජීවත්වන ජනතාවට වැඩිය මේ කර්මාන්ත ශාලාව මේතරම් ලොකු වුණේ කොහොමද කියලා. මේක පිටිපස්සේ ඉන්නේ රටේ ඉහළ පෙළේ කෙනෙක් නිසාද මෙහෙම වෙන්නේ? මට හිතෙන්නේ ඒ විදියට (නි)

:       0       0

සෙන්සා Thursday, 17 October 2013 09:21 AM

ප්‍රතිපත්ති මොන තරමි ඉක්මනට බිද වැටෙනවාද?මුදලට,බලයට යටවෙනවාද? ඒ විතරක් නොවේ, ජීවිතේටත් කවුද ආදරේ නැත්තේ? අප රටේ ආර්ථිකය පමණක් නොව සියලුම පැතිකඩයන්ගෙන් අස්ථාවර හා ජරාජීර්ණ වෙලා ඉවරයි.යුක්තියක් සාධාරනයක් දකිනවා කියන එක මිරිගුවක්ම වෙලා තිබේවි. (නි)

:       0       0

බන්දුල Wednesday, 16 October 2013 07:23 PM

මේ වගේ ආයතනයක් කර්මාන්තපුරයක ඉදිකරන්නේ නැතුව ජනාවාසයක් මැද්දේ ඉදිකරන්න පාරිසරික අමාත්‍යංශයෙන් අනුමැතිය දුන්න නිසා තමයි මේ වගේ ප්‍රශ්න ඇතිවෙන්න මුලිකම හේතුව. මීට පස්සෙවත් ඔය වගේ දේවල් කරනකොට ජනතාවගේ ජීවිතවලට සිදුවන හානිය ගැනත් හිතනවා නම් නේද හොද. (නි)

:       0       0

එදිරිසිංහ Wednesday, 16 October 2013 07:36 PM

රතු පස්වල ප්‍රශ්නයට බන්දුල පෙරේරා මහතා දාපු අදහස් මෙතෙක් දුරට නිවැරදිය (අ)

:       0       0

ආරියසේන Wednesday, 16 October 2013 08:01 PM

ඔබ වහන්සේගෙන්ම බන අහල හිත සන්සුන් කර ගත්ත පිරිස ඔබ වහන්සේටම දමනය කරන්න බැරි නම් හිත හදාගෙන ඒ පිරිසගෙන් අයින් වෙන එක හොඳයි. (අ)

:       0       0

සමීර සාලින්ද Thursday, 17 October 2013 10:20 AM

එතකොට අර මැරුණු අයට මොනවද ලබන්නේ හාමුදුරුවනේ අහිංසක කොල්ලෝ ටිකක් නේද මරුනේ දෙවියෝ සාක්ෂි (ස)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 16 October 2013 08:23 PM

දිසානායකලා වගේ අය කොච්චර වේදනා වුණත්,කොච්චර දරුණු වුණත්, කොච්චර ඔඩු දුවලා වුණත් තුවාලය සනීප වෙනවට කැමති නැහැ. මොකද ඒක තමන්ගේ ජීවන මාර්ගය කරගෙන එදා වේල ඒකෙන් හොයාගන්න නිසා.සනීප වුණොත් ඒක නැතිවෙනවනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2766 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2362 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2940 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5856 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1972 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6667 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18613 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 146 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site