(ඉන්දිකා රාමනායක)
මහජන දේපල මෙන්ම සියලු මර්මස්ථාන සහ මහජන ජීවිත සුරැකීමේ වගකීම හමුදාව වෙත පැවරී ඇති බවත්, හමුදාව එම බලය පාවිච්චි කිරීමට කිසිසේත්ම මැලි නොවන බව යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.
එවැනි තත්ත්වයකදී උදාවිය හැකි පසු ආදීන පිළිබඳ වගකීම එම ප්‍රචණ්ඩකාරීන් විසින්ම දරාගත යුතු බව හමුදාව දන්වා සිටියි.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිද හමුදාධිපතිවරුන් සහ පොලිස්පතිවරයා තෙවරකට වැඩි අවස්ථා ගණනකදී සාමකාමී වන ලෙසත්, රාජ්‍ය ගොඩනැගිලි හා සියලු දේපළ ආරක්ෂා කරන ලෙසත් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නික්ම යාම සමඟ මතුව ඇති තත්ත්වයන් ආණ්ඩුකිරීම ව්‍යාවස්ථාව අනුකූලව විසඳාගන්නා ලෙස විරෝධතාකරුවන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටි බවද හමුදාව පවසයි.
ආරක්ෂක හමුදාවන්ට හෝ මහජන දේපළවලට හානි කිරිම උදෙසා ප්රචණ්ඩත්වය වැඩිකරමින් කටයුතු කරන සියලුදෙනාම වහාම එම ප්රචණ්ඩ ක්‍රියාවලින් වැළකී සිටිය යුතු බවත් නොඑසේනම් පවතින තත්ත්වයන්ට අනුකූලව හා සරිලන පරිදි ආරක්ෂසක හමුදාවෝ සතු සියලු බලතල පාවිච්චි කිරීමට ඉදිරියේදී සිදුවන අතර මහජන දේපල මෙන්ම සියලු මර්මස්ථාන සහ මහජන ජීවිත සුරැකීමේ අනුලංගනීය වගකීම පැවරී ඇති ආරක්ෂරක හමුදාවන් එම බලය පාවිච්චි කිරීමට කිසිසේත්ම මැලි නොවන අතර එවැනි තත්ත්වයකදී උදාවිය හැකි පසු ආදීන පිළිබඳ වගකීම මෙම ප්‍රචණ්ඩකාරීන් විසින්ම දරාගත යුතු බව වැඩිදුරටත් අවධාරණය කෙරේ.
කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාල
අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් පෞද්ග
රාජකාරියට පැමිණේමින් සිටි වනජීවි නිළධාරීයකු අනතුරට ලක්කර පලාගිය බෝලොරෝ වර්ගයෙ කැබ් රථයක් එහි රියදුරු සමඟ අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය.
දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර
විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ 3 වන සමාලෝචනය සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් IMF සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හමුදාවෙන් දැඩි නිවේදනයක්
මැක්ස් Thursday, 14 July 2022 03:20 PM
මේවා හුදු නිවේදන පමණක් නොවී කටයුතු කිරීමට කාලය පැමිණ ඇත. මේ කඩාප්පල්කාරී ත්රස්තවාදීන්ට උන්ගේ ශෛලියෙන්ම පිළිතුරැ දී වර්තමානයේ පවතින "නීතියක් නැති තත්ත්වය" වහාම අවසන් කළ යුතුය.
"සිංහල-කොටි" Thursday, 14 July 2022 03:21 PM
මාස හයක හමුදා පාලනයකට රටම අතවනයි...! "සිංහල-කොටි" පුල්ලිය දොරට වැඩුම..!
මහසෙන් Thursday, 14 July 2022 03:22 PM
අරගලය එකක්.ප්රචණ්ඩ කාරී බව තව දෙයක්.දැන් දකින්නේ ඒ අමන ප්රචන්ඩ කමයි.මේ නීවේදනයේ පරිදිම.කෙලින් වැඩ කරන්න කාට උනත් කමක්.නෑ.
වසන්ත සිල්වා Thursday, 14 July 2022 03:28 PM
ඉතාම සතුටුදායක ආරංචියක්, අරගලය එහි සීමාවන් ඉක්මවා ගොස් ඇත. දැන් එය ත්‍රස්ථවාදය දක්වා වර්ධනය වී ඇත. අරගල ඇවිලු වු දේශපාලන කන්ඩායම් මෙහි වගකීම භාරගත යුතුය.
මංගල Thursday, 14 July 2022 03:29 PM
හමුදාව ඔය දැඩි නිවේදනය දෙන්න තිබුනෙ ගොඩක් දවසකට කලින්. මම දැක්ක අර එයා පෝට් එක ලඟට ආපු ඔයා ආදරෙන් කරනව කියන අරගලේ එකෙක් සෙබලෙක් ලඟට ගිහින් තුවක්කුව අල්ලලා පපුවට තියාගත්තා තියන්න කියලා. අපි ආමි ඉද්දි ඔය වගේ එකෙක්ව අඩි ගානක් ඇතින් නතර කරනව, පණ වගේ ආරක්ෂා කරන තුවක්කුව ඇල්ලුවනම් හොක්ක කැඩෙන්න ගහනව තුවක්කු බට් එකෙන්. අර ටීවී එකත් උගේ පස්සෙන්ම ගිහින් නිව්ස් එක හොඳ නිසා. මටම පුදුමයි මේ සෙබලු කොහොම ඉවසන් ඉන්නවද කියල. රෙද්දෙ ආදරේ.
ShammiThursday, 14 July 2022 06:20 PM
අනිවාර්යයෙන්ම, තුවක්කුවේ ඉඳලා ඔයාලාට පුහුණුවට යනකන් හැමදේම දෙන මහජනයාගේ හක්ක කඩලා මරලා, රට විනාශ කළ දේශපාලුවන්ගේ ගෙවල් ආරක්ෂා කරලා තව නැමිලා වඳින්නත් ඕනේ....
බද්රානි Thursday, 14 July 2022 06:28 PM
කෙරුමෙක් කියලා හිතාගෙන හිටියට, පාලකයින්ගේ කකුල් කුක්කෙක් වගෙයි කතාවෙන් නම් පේන්නේ. සමහර විට එතන හිටියේ ඔහේ වගේ අට පාස් සොල්දාදුවෙක් නොවෙන්න ඇති. අනික ඔහේ දැනගන්න ඕනෑ, ලයිසන් තුවක්කුවක් අතට දුන්නේ රටේ ජනතාවට කොකා ගස්සන්න නෙවෙයි කියලා. නියම නිර්භීතකම කියන්නේ, ඔහේ වගේ කෙනෙක් ලෙස ජීවත් වෙන එක නෙවෙයි. සිංහයෙක් වගේ මැරෙන එක ඊට වඩා වටිනවා. කොහොමත් දැන් ඉන්න පරම්පරාවට තියෙන්නේ ඔහෙලාගේ වගේ ජාන නෙමේ, ඊට වඩා බලවත් ජාන. ඒකට ඉතින් දෙමව්පියන්ගේ ජානත් බලපානවා.
chamaraThursday, 14 July 2022 06:55 PM
නියමයි අදහස. අතට පයට දෙනවා නම් ප්‍රශ්න නෑනේ දේශපාලුවන්ට වගේ...!
කඳුලු ගෑස්වැදිලThursday, 14 July 2022 08:08 PM
බද්රානි ඔයාට බුරුකාව ඇඳලා පුරුදුද..??
රණවිරුවෙක් Thursday, 14 July 2022 09:21 PM
අට පාස් සොල්දාදුවන් සිටියේ මිට වසර 50කට පෙර වේ. අට පාස් සොල්දාදුවන යනුවෙන් හමුදා සෙබළුන්/ රණවිරුවන් හැදින්වීම පහත්ම පුද්ගලයන්ගේ කියවීමක් සහ එවැනි හැදින්වීම් සහ පත්කර හදුන්වා දීම තරයේ ප්රතික්ෂපක කලයුතු මෙන්ම එවැනි ප්‍රකාශ කනගටුවට කරුණකි.
සත්‍ය ගවේෂී.Friday, 15 July 2022 07:32 AM
මේ වගේ අටපාස් කුක්කන් මෙහෙම උජාරුවෙන් උඩ පැන්නාට, දැක්කද සරත් ෆොන්සේකා මහත්තයා තරුණයෙකු වගේ එඩිතරව රටේ මහජන මතයත් සමග හිටගත් හැටි. ෆීල්ඩ් මාර්ෂල්වරයෙකු හා කටුකන කුක්කෙකු අතර වෙනස මංගල නමින් ලියන කෙනාගේ අදහස් වලින් ඔප්පුවෙයි...
යෝගා Thursday, 14 July 2022 03:35 PM
රනිල්! රනිල්! රනිල්!
NO $$ Income Thursday, 14 July 2022 03:42 PM
රටේ තත්වය ඉතා බරපතලය...! මේ හැසිරීම පිළිකුල් සහගතය..! ලොවේ රූපවාහිනි මාධ්‍යවල පැයෙන් පැයට මේවා පෙන්වනවා..! රටවල් 9 ක් විදේශික සංචාරකයින්ට යාමට නුසුදුසුම රටක් ලෙස දැන් ලංකාව ගැන හංවඩු ගහලා තියෙන්නේ...! අප්‍රේල් මාසයේ තිබුණේ ආසියාවේ පළමු රටවල් දහය අතරය...! කොරෝනා වෛරසයට වඩා රටට හානියක් සිංහලයාම කරගත්තා නේද..?
susithThursday, 14 July 2022 06:34 PM
ලෝකෙට පෙන්නන්නේ අපේ දේශපාලකයින්ගේ සක්කිලිකම්... ඒවා තමයි ජාත්‍යන්තර වාර්තා කරන්නේ..! කොහෙවත් ජාත්‍යන්තර මාධ්‍ය අරගලයට වරදක් කියන්නේ නෑ. මමත් ඉන්නේ පිටරට. අපිත් දකිනවා ජාත්‍යන්තර ප්රවෘත්ති.
Al JazeeraThursday, 14 July 2022 08:04 PM
එහෙම නම් ඔයාගේ ප්රවෘත්ති බලන දෑස්වලට ලංකාවේ ගහණ කඳුලු ගෑස්වැදිල ඇති...! කටුණායකට එන සුද්දෝ ගැන අහලම දැනගන්න...! ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද උදෑසන 7.11 ට පමණ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් විශේෂ ප්‍රකාශයක් නිකුත් කලා ලංකාවේ අරගල තත්වය ගැන...! ඒක ඉංග්‍රීසියෙන් කිව්වේ...! ඔයා ඉන්නේ පිටරට කිව්ව නිසා ඒ බාසාව සුසිත්ට තේරෙන්න නැතුව ඇති .
nimalThursday, 14 July 2022 07:20 PM
අප්‍රියෙල් අරම්බකල gota go gama සාමකාමී නිර්පාක්ෂික අරගලයට හමුදාවන් සහ පොලිසිය ඇතුළුව සියලු ශ්‍රී ලාංකිකයන් සහයෝගය ලබාදෙන ලදී. ඉන්පසු සාමකාමී අරගල පිලිබදව කිසිදු විස්වාසයක් හෝ අවබෝදයක් නොතැබූ අරගල නොමැතිව,අරගලය ජීවිතය කරගත් දේශපාලන කණ්ඩායම් විසින් මානුෂිය අරගලය ඔවුන්ගේ කරගැනීමට ගොස් අරගල කණඩායම් කිහිපයක් ඔවුනොවුන්ගේ දේශපාලන බලකොටුබවට මේවනවිට අරගල බුමිය නිර්මාණය කරගෙන තිබේ. වර්තමානයේ අරගලබුමිය තුල පසුබිම සහ උදවිතිබෙනාවූ තත්ත්වයකදී උදාවිය හැකි පසු ආදීන පිළිබඳ වගකීම එම ප්‍රචණ්ඩකාරීන් විසින්ම දරාගත යුතු බව හමුදාව මගින් ලබාදුන් පැහැදිලි පණිවුඩය ඔවුන් තේරුම් ගන්නවට කිසිදු සැකයක් නොමැත.
අශාන් Thursday, 14 July 2022 03:44 PM
ඇත්තටම ඉතාමත් හොඳ තීරණයක්. ජීවිත බිලිදෙමින් තම දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීමට වෙරදරන පක්ෂයක් අරගලය දැන් තමාගේ කරගනිමින් නැවතත් 88/89 භීෂණයට අතවනමින් සිටියි. ඊයේ දේශපාලන මණ්ඩල සභිකයෙකුට ගුටි පූජාවකුත් ලැබුණේ ඒ නිසයි. අරගලයේ අවංක නිර්පාක්ෂික තරුණයින්ට ජයවේවා..! බංකොලොත් දේශපාලන ජ.වි.පය ගිනිතැබීමට වෙරදරන මවුබිම රැකගනිමු...
susantha Thursday, 14 July 2022 04:14 PM
ඔව්, මතක තියාගන්න. ඔයාලට වගකීම තියෙන්නේ මහජන ජීවිත සුරැකීමට. එහෙම නැතිව මහජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ දේශපාලකයෝ කීප දෙනෙක් සුරකින්න නෙවෙයි. ඒක ඔයාලාම හොඳින් තේරුම් ගන්න.
susantha Thursday, 14 July 2022 04:17 PM
පසු වගකිම විරෝධතාකරුවො බලගන්න කියන්නෙ කොහොම්ද? මෙක කලේ හමුදාවක කැලෑ නීතියක්ද? රටක නීත්‍යනුකුල හමුදාවට වගකිමක් තියනව විරොදතාකරුවන්ව උනත් අරක්ශා කරන්න. දැන් ඉතින් ජාත්‍යන්තරයෙන්ම කන්න තමයි හදන්නෙ. ඔය විදියට ගියොත් ඔය හමුදාපතිය, මන්ඩලික ප්‍රධානිය ජාත්‍යන්තර අදිකරනයක එල්ල දාන්න නියම වෙයි.
BTThursday, 14 July 2022 05:19 PM
මෙච්චර කල් අරගල බබාලාගේ විකාර සෙල්ලම් බල බලා, ඉවසාගෙන හිටිය නිසානේ අපිට ගෙවල්වල ඉන්නත් බය තත්වයක් දැන් උදාවෙලා තියෙන්නේ. විරෝධකාරයෝ ඔබගේ නිවසටත් ගිනි තියන්න ආවොත්, එතකොටත් හමුදාවටයි පොලිසියටයි ඒ් උදවිය ආරක්ෂා කරන්න කියල කියනවද?
රංග ප්‍රියංකරThursday, 14 July 2022 05:21 PM
දැන් ද නැගිට්ටේ? පාට කන්නාඩි ගලවලා ඉපදුනු මාතෘ භූමිය ගැන බලන්න. වගකීමෙන් කටයුතු කරන්න.
datmanThursday, 14 July 2022 05:56 PM
එතකොට මොන පොතේද තියෙන්නේ.රජයේ පෞද්ගලික දේවල් ගිනිතියන්න අයිතියක්.ඒක අරගලේ ශුද්ධ අයිතිවාසිකමක් වෙන්න ඇති.මාස 2 ට කලින් ගෙවල් හෝටල් 75 ක් ගිනිතිබ්බ.මංකොල්ල කෑවා මොරටුව නගරසභාව ගිනිතිබ්බ.මේ සැරේ අගමැතිගේ ගෙට ගිනි තිබ්බ.පෙන්දෙක් රටේ නායකයා නොවුනා නම් එදාම බබා හම්බවෙලා.
කිරිපුතා Thursday, 14 July 2022 04:26 PM
ඔවුනට තේරෙන භාශාව ඔවුන් විසින්ම තොරා ගනිමින් සිටී.
kasun Thursday, 14 July 2022 04:26 PM
මේක කියන්න පරක්කු වුණේ ඇයි? මීට කළින් මේක කරන්න තිබ්බේ... ගංජා කාරයොයි, කුඩු කාරයොයි මගුල් නටන්න කළින්...!
මහේල් Thursday, 14 July 2022 04:46 PM
ඔය විදියටම වෙනවනං මාත් කැමතියි. මාත් අරගලයට ගිය මිනිහෙක්. කඳුලු ගෑස් කාල මාස 2 ට පස්සෙත් ඇහැ පේන්නෙ අඩුවෙන්. අරගල අල ගල කලෙ අන්තරේ. දැන් අන්තරේ මහලොකු ශිෂ්‍ය බැටෑලියන් එකට කන්න ලැබෙයි කහපාට බැටෑලියන් එකට වලඳන්න ලැබෙයි අඩුවක් නැතිවෙන්න. නන්දෙ වගෙද කිව්වලු බටලන්දේ
Prase Thursday, 14 July 2022 04:46 PM
හමුදා භටයන් 2ට පහර දුන්නු අරගලකරුවන් අත්අඩංගුවට ගෙන මහපාරෙ වෙඩිතැබිය යුතුයි. අවියත් අතේදරාගෙන ඉවසීම රාජකාරිය කරපු එම නිලධාරීන්ට අපේ ගෞරවය...
Toni Thursday, 14 July 2022 04:46 PM
ඒක හොඳයි...! ගහලා පන්නන්න.. රට තවත් වලපල්ලට යනවා...
K Perera Thursday, 14 July 2022 04:48 PM
අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්... ! වෙලාවක් නොමැතිව මේ ප්රචණ්ඩකාරීන්ව පාලනය කිරීමට නොහැකිය. දැන් අරගලය නැවැත්විය යුතුය.
fairoos Thursday, 14 July 2022 04:49 PM
සාමකාමී අරගලයට අත තිබ්බොත් ඔයාලාට හොඳටම හම්බවෙයි.
ලුම්බිණි Thursday, 14 July 2022 04:49 PM
ඉතිහාසය ආපසු එන්න වගෙයි යන්නේ. ජවිපෙ ප්‍රවේශමෙන්!
සුජිත් පල්ලේවත්ත Thursday, 14 July 2022 04:55 PM
ඔව්.ඉවසුවා ඇති..මොවුන්ගේ යටි අදහස් දැන් හොඳටම පැහැදිලියි..අර ඊයේ රූපවාහිනියට බලෙන් කඩා වැදිච්ච කල වැද්දා වගේ එකා කිව්වේ පෝය දවසේ බණ විකාශය මොකක්ද ඊට වැඩිය උන්ගේ අරගලය ලොකුයි කියලයි.මුන් එන්නේ වෙන පොටකට..හමුදාව වැඩේ පටන් ගත යුතුයි.
Real Thursday, 14 July 2022 04:58 PM
දූශිත දේශපාලනය වෙනස්කල යුතුයි. ඒ් ගැන වදයක් නෑ. වෙනස් කිරීඑමට හැකි අවස්තවක් පසුගිය දිනවල ආව. ඒත් එය ප්‍රයෝනයට ගත්තෙ නෑ .දැන් මෙක ප්‍රචන්ඩයි. මේ රටෙ අති බහුතරය ප්රචන්ඩත්වය ප්‍රතික්ශප කරනව. ඒ් නිසා මෙම තීරනය අගේ කරන අය බොහොමයි. අපි ගරු කරනව ආරක්ශක අංශ මෙතෙක් කල ඉවසීම. අරගලකරන්නන් දැන්වත් බුද්මත් වෙන්න.
යෝගා Thursday, 14 July 2022 05:04 PM
දැනටමත් හමුදා තුවක්කු පැහැරගෙන. ඊලඟට නාදුනන තුවක්කුකරුවන් එලියට බහියි. අරගලවලට
Anura Thursday, 14 July 2022 05:05 PM
මේ විරෝදතා වල නිරත වන්නේ බංකොලොත් රටක අපේක්ෂා බන්ගත්වයට පත්වූ රටේ මහජනතාව , පිනා චාන්ස් එකකින් බලයට ආපු තක්කඩියෙක් ගේ කීමට හමුදාව මිනිස්සු මැරුවොත් ඒ ගොලොන්ට වෙන්නත් රාජපක්ෂලාට උන දේම තමයි
K Perera Thursday, 14 July 2022 05:06 PM
දැන් කරන්න තියෙන්නේ රනිල්ටම ජනාධිපතිකම් කරගෙන යන්න දීලා අන්තර්කාලීන අගමැති කෙනෙක් සහ ආණ්ඩුවක් පත්කොට හැකි ඉක්මණින්ම මහ මැතිවරණයකට යාමය...
සෝමා Thursday, 14 July 2022 05:17 PM
මේවා කරන්න තිබුණේ මීට කළින්. ත්‍රස්තවාදී වැඩවලට වැඩි ආයුෂ නෑ...
රංග ප්‍රියංකර Thursday, 14 July 2022 05:18 PM
හරියටම හරි. දේශපාලන අරගලය වෙනමම කාර්යයක් රටේ ආරක්සාවට අත පොවන කිසිදු මිනිහකුට කිසිදු ආකාරයක සමාවක් දෙන්න එපා. මොකද මේ අයුරින් රටේ සාමය හා ආරක්ෂාව නැති වුනොත් අපේ බදු මුදලින් ඉදිකරපු ගොඩනැගිලි නැවත වරක් ඉදිකිරීමට සිදු වේ. එම මුදල්ද අප ව්සින්ම ගෙවිය යුතු වේ. අනෙක මෙම රටේ ප්‍රධාන ආයතන තුළට විවිධ ආකාරයේ පුද්ගලයන් නිදහසේ ගැවසීම ඡායා රූප ගත කිරීම එහි පවතින රහසිගත ස්ථාන හදුනා ගැනීම ආදි කාර්යයන් දැනටමත් සිදුකර හමාරය. මා දන්නා තරමින් මෙම ගොඩනැගිලි තුළට මින් ඉදිරියට රාජ්‍ය නායකයින් ඇතුලුවීම විශාල ගැටලුකාරී තත්ත්වයකි. එමෙන්ම විදෙස් නායකයින් මෙම ආයතන තුළට පැමිනේ ද යන්න ගැටලුවකි. අපේ ජීවිත බේරාගත් හමුදාවනී ඔබගේ බලය පාවිච්චි කිරීමට හොදම කාලය උදා වී ඇත. අරගය කළ යුත්තේ අරගල කරුවන් මිස ත්රස්තවාදීන් නොවේ. ත්‍රස්වාදීන් මෙම මාතෘ භූමියෙන් ඉවත්කළා මෙන්ම මෙම ත්‍රස්තවාදීන්ද ඉතා කඩිනමින් ඉවත් කළ යුතු වේ.
Ruwan R Thursday, 14 July 2022 05:45 PM
ඉන්දියන් හමුදාවෙන්වත්ද?
Aruna Thursday, 14 July 2022 05:48 PM
15% වගේ වෙන ඊනියා අරගලකාරයින්ට අයිතිවාසිකම් ඇත්නම් 85% අපගේ අයිතිවාසිකම් රකින්න හමුදාව සිටිය යුතුයි. වැදගත් තීරණයකි...
Sanjaya Senarathna Thursday, 14 July 2022 05:52 PM
දැන්වත් රටේ සාමාන්‍ය මහජනතාව ගැන හිතලා මේ වගේ තීරණයක් ගැනීමට හැකිවීම පිළිබඳව ත්‍රිවිධ හමුදාවට අපගේ ආචාරය..!
Shammi Thursday, 14 July 2022 05:54 PM
දැන් අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ රට කරගෙන යන්න දෙමු... ගෑස් ටික ගෙනැල්ලා දුන්නු එකම කොච්චර ලොකු දෙයක්ද?
Nandasena grSaturday, 16 July 2022 05:57 AM
ඇයි රනිල් කියන්නේ මේ රට කලින් පාලනය නොකරපු එකෙක්ද? ගෑස් ගේන්න සල්ලි ගෙවලා තියෙන්නේ උගේ පොකට් එකෙන් ද? බොලා වගේ ගවයො
tdr Thursday, 14 July 2022 06:16 PM
ජයවේවා...!
Buddika Thursday, 14 July 2022 06:24 PM
මෙය විය යුතුමයි. මෙතෙක් ප්‍රමාද වීම නිසා මේ මිනිස්සු ඕවර් ගියා. කෙනෙක් කිව්වා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා මුකුත් නෑ කියලා. මේ මිනිස්සුන්ට බලයට එන්න ඕනෑ නම් ඡන්දෙකට ඉල්ලලා එන්න ඕනේ. මේ නිසා දැඩි පියවර ගත යුතුමයි. ඒ වගේම ජනාධිපති සහ ජන බලයක් නැති අගමැති දෙන්නම ඉවත්විය යුතුමයි.
ජගත් ලියනගේ Thursday, 14 July 2022 06:29 PM
සාමාන්‍ය ජනතාව, ත්‍රිවිධ හමුදාවටත්, පොලිසියටත් කෙරෙහි තිබුණ ආදරය, දයාව සහ කරුණාව, පාලකයින් විසින් නැති කරලා දැම්මා... හරිම කණගාටුයි ඒකට...
Hemantha kumara Thursday, 14 July 2022 06:34 PM
මීට කළින් රටේ හිටිය දේශපාලනඥයින් මේ ගැන හිතන්න තිබුණා. රට කාබාසිනියා කළේ මොවුන්. සම්පූර්න වගකීම මොවුන් ගන්න ඕනෑ...!
sumedha Thursday, 14 July 2022 06:45 PM
මාස ගාණකට පස්සේ උණු ලේවලින් හදවත පිරිලා ශරීරය පුරාම ගලාගියා...!
BamunuarachchiFriday, 15 July 2022 01:59 PM
අම්මපා? නරකද බෙහෙත් ටිකක් ගත්තොත්? කොහෙද දොස්තරලාත් පැට්රල් පොලිමේනේ.. ඒ ගොල්ලෝ බූලිවලට පැට්රල් එකතු කරනවා...
Siri Thursday, 14 July 2022 10:32 PM
මෙතරම් අසීරුතා මැද ජීවිතේ ගෙවන මිනිස්සු හට කිසිම ආරක්ෂාවක් අනාගතේ නොලැබෙන බව මෙම ප්‍රචණ්ඩකාරීන් හැසිරෙන ආකාරයෙන් වටහා ගත හැකිය. පොලීසිය සහ ආරක්ෂක හමුදාවල නිශ්ශබ්දතාවය නිසා රට තුළ සිවිල් නීතිය සීඝ්රයෙන් බිඳ වැටෙමින් පවතියි. තවමත් නීතිය ක්‍රියාත්මක කිරීමට පරක්කු නැත..
Rashath Udawatta Friday, 15 July 2022 05:48 AM
අවසාන වශයෙන්.....මෙය සිදු විය යුතුව තිබුණේ මීට මාස කිහිපයකට පෙර... මෙනයම් හරි මෝඩයෙක්, තක්කඩියෙක් රාජ්‍ය හෝ පෞද්ගලික දේපළ හෝ පුද්ගලයකු විනාශ කරන්නේ නම් දුටු සැණින් වෙඩි තියන්ඩ.
අනුරංග Friday, 15 July 2022 08:04 AM
ත්‍රිවිධ හමුදා, විශේෂ බලකාය හා පොලිසිය නියමිත රාජකාරි කරන්න පසුබට වෙන්න එපා...
Lal Sunday, 17 July 2022 12:56 PM
පෙට්‍රල් අරන් වැඩි ගාණට විකුණන අයව අල්ලන්න...
sharm warn Tuesday, 19 July 2022 10:24 AM
රට වලපල්ලට යවන්න දායක වෙච්චිඅය කොච්චර ඉන්නවද කියලා මේ උඩින් තියෙන අදහස් බලපුවාම පේනවා. ඔහොමම යන්න...