(අංජුල මහික වීරරත්න)
කැරලිකරුවන් අතට ගිනි අවි යාම මහජන ආරක්ෂාවට දැඩි තර්ජනයක් විය හැකි බැවින් හමුදාවෙන් පැහැර ගන්නා ලද ගිනි අවි හැකි ඉක්මනින් ආරක්ෂක අංශ භාරයට ගැනීම සඳහා ඕනෑම පියවරක් ගැනීමට හමුදාපති වරුන්ට සහ පොලිස්පතිට බලය පැවරීමට අද (15) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්විය.
රටෙි ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාපති වරුන්ට සහ පොලිස් පතිට අවශ්‍ය බලතල ලබාදීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙි.
රටේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා උපරිම පියවර ගැනීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කළේය.
එමෙන්ම පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී එහි ආරක්ෂාව තහවුරු කිරීමටත් මන්ත්‍රීවරුන්ට නිදහසේ රැස්වීමට තිබෙන අයිතිය රැකීමටත් ඕනෑම පියවරක් ගැනීමට ද කැබිනට් මණ්ඩලයේ දී තීරණයකට එළඹ ඇත.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිදහසට බාධාවන අයුරින් මන්ත්‍රීවරයකු හෝ හැසිරෙන්නේ නම් ඊට එරෙහිව පියවර ගැනීමටද මෙහිදී තීරණය වී ඇත.
පාර්ලිමේන්තු පිවිසුම අසල දී ඉකුත් 13 වෙනිදා රාත්‍රී නොසන්සුන්තාවයක් ඇති කරන ලද්දේ එක්තරා දේශපාලන පක්ෂයක් විසින් බවද කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වී ඇති අතර එම සිද්ධියේදී හමුදාවෙන් පැහැර ගත් ගිනි අවි දෙක සෙවීම සඳහා සුදුසු ඕනෑම පියවරක් ගැනීමට ආරක්ෂක අංශයට බලය පැවරීමට ද මෙහිදී තීරණය වී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පිවිසීමේ දී මන්ත්‍රීවරයකු හෝ ඊට බාධා කරන්නේ නම් ඔහුට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා මෙහිදී කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හමුදාවෙන් පැහැර ගත් ගිනි අවි සොයන්න බලය පවරයි
Abdul Friday, 15 July 2022 08:04 PM
හැම ගෙයක්ම සෝදිසි කරන්න නැති වු ගිනි අවි 1ට 100ක් ලැබෙනු ඇත. පවතින ගිනි අවි සංස්කෘතියටත් තිතක් තියන්න පුලුවන් වෙයි
Kumar (Gulf) Friday, 15 July 2022 08:40 PM
ඕක පාතාලේ වැඩක්, එහෙ තමයි හොයන්න ඕනෑ...
Janahitha Saturday, 16 July 2022 08:17 AM
ඔය ගිනි අවි දෙක නොවේ.. බොහොමයක් අවි පාතාලය අතට පත්වී ඇත. පසුගිය කාලයේ පාතාල ක්‍රියාකාරකම් සඳහා ටී56 අවි භාවිතා කර ඇත... කිසිම පියවරක් අනුගමනය කළේ නැත.
Lelwala Saturday, 16 July 2022 10:46 AM
මේක පාර්ලිමේන්තුව වටකරනවා කියූ අයගේ වැඩක් යයි මහජනතාවට සැකයක්...!