IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


‘හමුදාවයි කොටියයි යුද අපරාධ කරලා : වැරදිකරුවන් පන්නනු‘

ශ්‍රී ලංකා රජයේ හමුදා හා කොටි කැරැළිකරුවන් සමූහ ඝාතන ඇතුළු යුද අපරාධ සිදුකළ බව බොහෝ දුරට පෙනී යතියි කියන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ජාත්‍යන්තර විනිසුරුවරුන්ගෙන්ද සමන්විත විශේෂ අධිකරණයකින් ඔවුනට එරෙහි නඩු විභාග කළ යුතුයැයි යෝජනා කරයි.

යුද සමයේ සිදුවූ අපරාධ ගැන දේශීය වශයෙන් වගවීම සඳහා දේශීය පරීක්ෂණයක් ඇරඹීමට මෛත්‍රිපාල සිරිසේන ජනපති දුන් ප්‍රතිඥාව නොතකා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පවසනුයේ එවැනි සුවිසල් කාර්යයක් සඳහා ශ්‍රී ලංකාවේ අපරාධ යුක්ති පටිපාටිය ප්‍රමාණවත් නොවන බවයි.

2009 දී අවසන්වූ යුද්ධයේදී මානව හිමිකම් කඩ කළැයි සාධාරණ හේතු ඇති හමුදා හා ආරක්ෂක හමුදාවන්හි පිරිස් හා වෙනත් නිලධරයන් ඉවත් කරන ලෙසද එම වාර්තාව ඉල්ලයි.

එම වාර්තාව ඉදිරිපත් කරමින් කොමසාරිස් අල් හුසේන් කීවේ මෙම ඵෙතිහාසික අවස්ථාව සැබැවින්ම ප්‍රයෝජනයට ගැනීම ශ්‍රී ලංකාවට තීරණාත්මක කාර්යයක් බවයි. එය ලිස්සා නොහැරිය යුතු බවද ඔහු කියයි.

අල් හුසේන්ගේ වාර්තාව පිටු සියයක් පමණ වන අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ත්‍රස්තවාදය අවසන් කිරීමේදී 40,000ක් පමණ දෙමළ ජාතිකයන් අවසන් සටනේදී මරා දැමුණු බවද එහි සඳහන්වේ.

UN2015916789257-01-02 UN2015916789257-01-022

(පරිවර්තන සහාය - හර්ෂණ තුෂාර සිල්වා)



අදහස් (0)

‘හමුදාවයි කොටියයි යුද අපරාධ කරලා : වැරදිකරුවන් පන්නනු‘

ශ්‍යාමලී Thursday, 17 September 2015 03:35 AM

එරන්ද ලංකාව ශිෂ්ට රටක්.. ඔබට මරාගෙන මැරෙන්න ඔනේනම් ඉරාකෙට ගිහින් ත්‍රස්ත සංවිධානෙකට බැදෙන්න...(බ)

:       0       0

පුබුදු Thursday, 17 September 2015 03:44 AM

වෙච්ච දෙය ඉවරයි. දැන් උඹලා අපට අත දීපල්ලා ලෝකෙම හොඳ රටක් වෙන්න. (බ)

:       0       0

සමන් Wednesday, 16 September 2015 01:43 PM

අරහේ බෙලි කපනවා මෙයා මෙහෙ ඔලුව උඩ ඉඳගෙන කතා කරනවා! (අ)

:       0       0

ඩොනල්ඩ් Thursday, 17 September 2015 03:58 AM

අපි වෙන දේ බලාගෙන නිශ්ශබ්දව සිටින්නෙමු (නි)

:       0       0

සෙනෙවි Wednesday, 16 September 2015 01:47 PM

මට පේන හැටියට අපේ රටේ මෝඩයො වැඩියි .මේ ඊනියා මානම හිමිකම් කවුන්සලය ලවා දෙයක් කරවාගන්න දේශපාලන පසුබිම සකස් කරල දීල තියෙන්නෙත් අපේ ඡන්ද දායකයොමයි . (අ)

:       0       0

ප්‍රසන්න Wednesday, 16 September 2015 01:57 PM

අනුන්ගේ කුණු අවුස්සන්නේ නැතුව මැදපෙරදිග දිහා බලන්න. (අ)

:       0       0

විජයබාහු Wednesday, 16 September 2015 02:16 PM

සෙනෙවිගේ කතාව ඇත්ත (අ)

:       0       0

කුමාර් Wednesday, 16 September 2015 02:41 PM

කන්න ඕනා වුනාම කබර ගොයි මාළු තලගොයි මාළු වෙනවලු. ලංකාවට ගහන්න ඕනනිසා නැති වැරදි හෝ හදලා දඬුවම් දෙන්න තමා හිත. ඔය කියන 40,000 දාහ මරුන අය වාෂ්ප වුනාද? කෝ මළකුණු? අවසාන යුද්ධය පෙන්නුවානේ බටහිර තානා පතිවරුන්න්ට පවා ඒක සිදුවන අවස්ථාවේදීම. මේ වගේ අසාධාරණ වලට උත්තර දෙන්න රුසියාවේ පුටින් වගේ නායකයෙක් ඉන්න ඕන. (බ)

:       0       0

සෙනරත් Thursday, 17 September 2015 04:41 AM

කොටියාගේ යුධ අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන මතක්වුණේ ඒවා කළ ලොකුම කොටි ටික පරලොව ගිය බව දැනගත්තාට පසුවද? (නි)

:       0       0

ප්‍රභා Thursday, 17 September 2015 09:18 AM

මේක උගුලක්. අවධි වෙමු සැවොම. වාර්තාව සාධාරණ කරන්න දෙපැත්තෙන්ම වැරදි ඇති බව කියනවා. පසුව දඩුවම් දෙනකොට වැරදි කාරයෝ විදියට මැරුණ කොටි නම් කරයි. අන්තිමට අපේ වීරයෝ දඟගෙට​. කොහොමද මුංගේ ටිකිරි මොලේ. ජාති හිතෛශියෙනි, අපේ ඉදිරියේ ඇති අනතුර වටහා ගන්න. (හේ)

:       0       0

මහි Wednesday, 16 September 2015 03:10 PM

ඇමෙරිකාව මැදපෙරදිග බෝම්බ දානකොට මරණයට පත්වන්නේ ත්‍රස්තවදීන් විතරක් වෙන්න අැති. සාමාන්‍ය වැසියන්ට කිසිම අනතුරක් වෙන්නේ නැතිව ඇති. යුද්ධය පවතී කාලයේ ඒවගේ යුද ටිකක් ලංකාවට දුන්නනම් දැන් ඔය කොමිසන් දන්නා අවශ්‍ය නැහැනේ. අනේ අනිච්චන්.l (අ)

:       0       0

සෙනරත් Thursday, 17 September 2015 02:59 PM

ප්‍රභා, ඔබවත් බුද්ධිමත් ලෙස පුවත තේරුම්ගැනීම ගැන සතුටු වෙමු. (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 16 September 2015 04:28 PM

අපි නව යහපාලන රජයෙන් බලාපොරොත්තු වෙන්නේ සැබෑ වෙනසක් (නි)

:       0       0

නිර්මල Wednesday, 16 September 2015 09:53 AM

අපි අපරාධ කරලා කියලා කියනවා නම් ඒවා ඔප්පුකරලා පෙන්වන්නත් වෙනවනේ එයාලට (නි)

:       0       0

යටවත්ත Wednesday, 16 September 2015 09:58 AM

අනේ මන්දා මොනවා වෙන්න යනවද කියලා? (නි)

:       0       0

හිරු Wednesday, 16 September 2015 10:01 AM

පෙනීයනවා කියලා කියන්නේ මොනවා පදනම් කරගෙනද? (නි)

:       0       0

විජයබාහු Wednesday, 16 September 2015 10:02 AM

එහෙනම් අපේ හමුදාවේ කට්ටිය ඔච්චර මැරෙන්න ඕනෑ නැහැනේ. (නි)

:       0       0

තුසිත Wednesday, 16 September 2015 10:14 AM

දැන් හොඳ ඇති නේද (බ)

:       0       0

විජේපාල Wednesday, 16 September 2015 05:27 PM

අපේ රට තමයි මේ හැමෝටම පේන්නේ. මට නම් තියෙන්නේ පුදුමාකාර තරහක් (නි)

:       0       0

තුසිත Wednesday, 16 September 2015 10:20 AM

ඔහොම යමු. එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් කිවුවලු..... (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 16 September 2015 07:34 PM

ඇමරිකාව සහා යුරෝපය කළ සහ කරන අපරාධ ගැන මානව හිමිකම් එකේ අයට පෙනෙන්නේ නැතුව ඇති. මෙම ප්‍රශ්නයේදී නිසියාකාරව රටත් හමුදාවවත් පාවානොදී එය නිසිලෙස කළමනාකරනය කරගත යුතුය (නි)

:       0       0

කුමාර් Wednesday, 16 September 2015 10:28 PM

ඉරාකයේ ,ඇෆ්ගනිස්ථානයේ, වියෙට්නාමයේ ලක්ෂ ගණන් මරනතුරු මොවුන් ඇහැ කන පියාගෙනද හිටියේ? (නි)

:       0       0

රොක්සි Wednesday, 16 September 2015 11:55 PM

වැරැද්දක් කර ඇත්නම් දඬුවම් ලැබීම සාධාරණ වුවත් අපේ රට පසුපසම පන්න පන්නා මෙලෙස පහරගසන්නේ ඇයිදැයි නොතේරේ (නි)

:       0       0

ඩයස් Thursday, 17 September 2015 12:27 AM

ඉස්සරහට සිදුවෙන දේ ගැන මට නම් කිසිම දෙයක් හිතාගන්න අමාරුයි (නි)

:       0       0

දම්මික Thursday, 17 September 2015 12:55 AM

මෙම ජගත් සමුළුවේ ලේකම්වරයා අපක්ෂපාතීව කටයුතු කර ඇත්දැයි සෙවීමට විශේෂ කමිටුවක් පත්කරන මෙන් ජගත් සභාවෙන් ඉල්ලීමක් කළොත් හොඳයි කියා මට සිතෙනවා (නි)

:       0       0

අරුණ Thursday, 17 September 2015 12:57 AM

මේ වාර්තාව අපක්ෂපාතීව සකස්කර ඇත්දැයි සෙවීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත්කරන්න. එම වාර්තාවේ සංශෝධනය වියයුතු කරුණු පිළිබඳව ජගත් සමුළුවට දැනුම් දෙන්න. (නි)

:       0       0

සිතුම් Thursday, 17 September 2015 01:07 AM

අභ්‍යන්තර අධිකරණ ක්‍රියාවලිය ප්‍රමාණවත් නොවන බව දන්වා ඇත්නම් අභ්‍යන්තර අධිකරණ ක්‍රියාපටිපාටියේ ඔවුන් දකිනා අඩුපාඩු පිළිබඳව තුන්වන පාර්ශවයක් හරහා විමසීමක් කරන්න(හොඳම රට පාකිස්ථානය). ඉන්පසු අභ්‍යන්තර අධිකරණ ක්‍රියාවලියේ එම අඩුපාඩු සකස්කර ඊටපසු ඒ බව ජගත් කමිටුවට දන්වන්න. (නි)

:       0       0

මංජුල Wednesday, 16 September 2015 12:12 PM

දැන් එතකොට හමුදාවේ විරුවන්ව ජත්‍යන්තර අධිකරණයකට ගෙන යනවද? මොකක්ද මේ සිද්ධවෙන්නේ? (නි)

:       0       0

චතු Wednesday, 16 September 2015 12:21 PM

දැන් මෙයාල කියන විදිහට මැරිලා තියෙන්නේ දෙමල අය විතරද ? අනික හමුදාව සටන් කලේ තස්ත්‍රවාදී සංවිධානයකට විරුද්දව . ඒ රටේ නිතිය රකින්න (බ)

:       0       0

ආරියරත්න Wednesday, 16 September 2015 12:35 PM

මේ මොනවාද මේ කියන කතා? (නි)

:       0       0

පාලිත Thursday, 17 September 2015 02:21 AM

දැන් කයිවාරු ගැහුව අය කෝ?? මොකක්ද දැන් මේ වෙන්න යන්නේ? (නි)

:       0       0

අචිර Thursday, 17 September 2015 02:22 AM

යුද්ධ කාලේ කවුරුත් ඔය මානව හිමිකම් ගැන කතාකළේ නැහැ. සුද්දට අපේ මව්බිම දියුණුවෙනවා බලා ඉන්නම බැහැ (නි)

:       0       0

විරාත් Wednesday, 16 September 2015 12:48 PM

ම‍ගේ හිතට දැනෙන දේ මෙතන ලියන්න අමාරුයි (නි)

:       0       0

නාමල් Thursday, 17 September 2015 02:39 AM

සමහරු මෝඩකමට සුද්දට බනිනවා. සුද්දා තමා අපේ රටට වැඩියෙන්ම ආධාර දුන්නේ. යුධ අපරාධ වෙලා නැත්නම් අධිකරණයකට ඔච්චර බයවෙන්න දෙයක් නැහැනේ (නි)

:       0       0

චම්පි Thursday, 17 September 2015 02:54 AM

දැන් මෙයාලා කියන විදියටද අපි ඉන්න ඕනෑ? දෙවියනි, මගේ ජාතිය බේරාදුන් එක රණවිරුවෙකුටවත් අවැඩක් වෙන්න එපා. දෙවියන් යැදීම මිස අපිට අන් සරණක් දැන් නැත (නි)

:       0       0

ධම්ම Wednesday, 16 September 2015 01:01 PM

බටහිර දිනාගත් මෛත්‍රිපාල සිරිසේන ජනපති දුන් ප්‍රතිඥාව නොතකන එවුනුත් ඔය සංවිධානේ ඉන්නවාද? (අ)

:       0       0

එරන්ද Thursday, 17 September 2015 03:12 AM

අපේ රට ජාතිය බේරාගත් රණවිරුවන්ට අත තියන්න ආවොත් මරාගෙන මැරෙන්න හරි අපි ඉන්නවා. (නි)

:       0       0

නාමල් Wednesday, 16 September 2015 01:11 PM

හමුදාවේ සුලු පිරසක් අතිනුත් යුධ අපරාධ වෙලාද (අ).

:       0       0

සොයිසා Wednesday, 16 September 2015 01:14 PM

වෙනස මාරයි..අපි හමාරයි...(බ)

:       0       0

ශාන්ත Wednesday, 16 September 2015 01:22 PM

අවන්කවම හීතෙන දෙය ලියන්න අමාරුයි (අ)

:       0       0

දිලුම් Thursday, 17 September 2015 03:27 AM

නාමල් වගේ අය ඉන්න නිසා සුද්දටත් හොඳයි. අපි මේ රටේ මැරි මැරී උපදිනකොට මේ එක් කෙනෙක්වත් හිටියේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 263 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 274 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 401 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 432 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 408 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


ඡන්ද පෙට්ටිය බෝට්ටුවෙන්
2024 සැප්තැම්බර් මස 20 751 0

මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 124 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site