පසුගිය සැප්තැම්බර් 7 වැනිදා කෝකිළායි හි දී ඇරැඹුණු ‘දියකාවා 7‘ යුද ඇබෑසිය ත්‍රිකුණාමල තිරියායේ දී අවසන් විය.
යුද භටයන් 2500ක් ද නාවික හමුදාවේ 638 දෙනෙක් ද ගුවන් හමුදාවේ 506 දෙනෙක් ද මෙම ඇබෑසියට එක්ව සිටියහ.
නිල ඇඳුමින් සැරසී අවිද දරමින් මේ ඇබෑසියේ දී යුද භටයන් 41 දෙනකු පැරෂුට් ආධාරයෙන් ගොඩබිමට පැමිණීම සුවිශේෂ සිද්ධියක් බව මෙහෙයුම් අධ්යක්ෂ මේජර් ජනරාල් සුදන්ත රණසිංහ කියයි.
ඉන්දියාව, බංගලිදේශය, චීනය, නේපාලය, සුඩානය, ඇමරිකාව, මාලදිවයින ඇතුළු රටවල් 41ක නියෝජිතයෝ ද එම ඇබෑසිය නිරීක්ෂණය කළහ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි
පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හමුදාවේ 3000ක් ‘දියකාවා‘ සමග තිරියායේ
සමීර Tuesday, 20 September 2016 05:47 PM
88-89 යුද්ධකළේ නැහැ කියලා සමහරු කියන්නේ මැරිලා ඉපදුලාද? නැත්නම් ඉපදිලා හිටියේ නැද්ද? දන්නේ නැද්ද හමුදා කෑම්ප් කීයකට ගැහුවද කියලා? නිකන් බොරුවට කාටවත් කඩේයන්න එපා. (නි)
බමුණුසිංහ Tuesday, 20 September 2016 08:15 AM
ඉන්දියාව, බංගලිදේශය, චීනය, නේපාලය, සුඩානය, ඇමරිකාව, මාලදිවයින ඇතුළු රටවල් 41ක නියෝජිතයෝ ද එම ඇබෑසිය නිරීක්ෂණ කරන්නේ අපිට කාසමග යුද්ද කරන්නද? අපට යුද්ද කරන්න වෙන්නේ ද්‍රවිඩයින් සමග පමණයි. (අ)
කුමාර් (ගල්ෆ්) Wednesday, 21 September 2016 06:18 AM
අද එන්න එන්න හමුදාවට තිබෙන ගෞරවය හා සැළකිල්ල අඩුවෙමින් යනවා. ඒක මහා කළගුණ නොසැළකීමක්. (නි)
බමුණුසේන Tuesday, 20 September 2016 10:31 PM
සමීර, යුද්ධ කරන්නයි යුද පුහුණව ඕනෑ. ද්‍රවිඩ ත්‍රස්තයින් සමඟ කළේ යුද්ධයක්. රටින් පිට ඉන්න කිසිම ජාතියක් සමඟ යුද්ධ කිරීමට තරම් අපට ශක්තියක් නැත. නමුත් රට තුළ ඉන්න සතුරා එතරම් ප්‍රශ්නයක් නොවෙයි. මේ යන විදිහට රට බෙදන්න ගියොත් සිංහල අපට වෙනවා රටේ යුදහමුදාවත් සමඟම යුද්ධ කරන්න. (නි)
සුගත් Wednesday, 21 September 2016 12:23 AM
බමුණුසිංහ, ද්‍රවිඩ සේරම කොටි නෙමෙයි. අපි යුද්ධ කළේ කොටි ත්රස්තවාදීන් සමඟ. අනාගතයේදී ඊටත්වඩා භයානක අන්තවාදයක් සමඟ යුද්ධ කරන්න වෙයිද කවුද දන්නේ (නි)
නිමල් ලලිත Wednesday, 21 September 2016 01:11 AM
බමුණුසිංහ, ඔබට ස්තුතියි. නමුත් මේ ද්‍රවිඩයන් කියා යොදනවාට වඩා දෙමළ බස කතාකරන්නවුන් යනුවෙන් පැවසුවා නම් වඩා හොඳයි. (නි)
විශ්ව Wednesday, 21 September 2016 08:47 AM
නිමල් ලාලිත අපේ තාත්තට විතරක් නෙමෙයි මටත් හොදට දෙමල පුළුවන්, අමාරුවෙන් ඉගනගත්තේ මොකද අපි සිංහල නිසා, රටේ අප්පචිටටත් දෙමල පුළුවන් නේ. එතකොට දෙමල බස කතාකරන අපි හැමෝම ත්රස්තවදීද....? මෝඩ තර්ක දීල නොන්ඩි වෙන්න එපා. (ර)
මහින්ද Wednesday, 21 September 2016 06:48 PM
බමුණු මත ප්‍රකාශ කරන නිසා වෙන්න ඇති අම්ම තාත්ත ඔය නම දාල තියෙන්නේ. නිල බලල දාල තියෙනවා නම (අ)
රුපවතී Tuesday, 20 September 2016 10:53 AM
හරිම ආඩම්බරයි ...! මහා ඝාම්භීර හැගීමක් ඇති උනා ... (ර)
එරන්ද Wednesday, 21 September 2016 03:47 AM
බමුණුසිංහ, ඔයා හොඳ මානසික මට්ටමකද ඉන්නේ?
සජී Wednesday, 21 September 2016 03:50 AM
අපේ හමුදාව ගැන අපිට ආඩම්බරයි (නි)
සමීර Tuesday, 20 September 2016 12:56 PM
අනේ බමුණුසිංහ ඔයාගේ ඔය බමුණු මත වෙනස්කරගන්න මතක නැද්ද 88 89 දී සිංහලයොත් එක්කත් යුද්ද කරා යුද හමුදා පුහුණු වේන්නේ කාත් එක්ක යුද්ද කරත් යුද්ද කරන්න මිසක් මොනව හරි ජාතියක් ඉලක්ක කරගෙන නෙමෙයි (අ)
පෙරේරා Wednesday, 21 September 2016 03:58 AM
පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි එක්ක ඒ කාලේ සිටම සටන්කළේ ඔය ලංකාව අල්ලන්නනේ. ඒත් අපි එහෙම වෙන්න දුන්නේ නැහැ (නි)
රංජිත් Tuesday, 20 September 2016 03:41 PM
88-89 දී යුද්ධ කාළේ නැත කළේ සිංහල කොල්ලන් සමුලඝාතානයක්. ජත්‍යන්තර යුද අධිකරණ තියන්න ඕනේ 88-89 වුණා. සමුලඝාතයයන්ට. යාපනේදී එහෙම කළා නම් මෙලහකට අපේ යුද හමුදාවේ කැලිවත් හොයාගන්න වෙන්නේ නැත (අ)
රුවන් Tuesday, 20 September 2016 04:48 PM
88-89 කාලේ කාටවත් මානව හිමිකම් මතක් වුණේ නැහැ. "ඇස් ගෙඩි දෙකට හෙණ ගැහිලද සිහලුන්නේ" (නි)
රුවන් Tuesday, 20 September 2016 04:53 PM
අපේ කොල්ලෝ මැරෙන්න බලාගෙන උතුරට ගියේ නැත්නම් අද තත්වය මොනවගේ වෙයිද? එහෙම ජීවිතය පරදුවට තියලා ගිය අය ගැන කටක් අරින්න අද ඉන්න සමහරුන්ට කොන්දක් නැහැ (නි)