IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘හමුදා ආධුනිකයාගේ මරණය සැකයි‘

දියතලාව කඳවුරේ දී සියදිවි නසා ගත් බව කියන ලහිරු රංජන නම් කැඩෙට් නිලධාරියාගේ (23) මරණය සැක සහිත බව ඔහුගේ පවුලේ උදවිය පවසති.

සිය දිවි නසා ගන්නට තරම් ඔහුට ප්‍රශ්නයක් නැති බවත්,අවසන් පුහුණුවේ දී ඔහු කණ්ඩායමේ හොඳම නිලධාරියා වූ බවත්, අවමඟුලේ දී ඔහුට හමුදා ගෞරව නොදැක්වීම ගැන කණගාටු වන බවත් ඔවුහු කියති.

යුද හමුදා වැඩ බලන මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර  මහතා කීවේ ඔහුගේ මරණය ගැන ගැටළු සහගත තත්ත්වයක් ඇති බැවින් හමුදා ගෞරව නුදුන් බවයි.

ලහිරු රංජන ගෙල වැලලාගෙන මිය ගොස් සිටි බව දියතලාව කඳවුරේ සිටි පිරිස් ප්‍රකාශ කරන බවත්, ඔහුගේ මරණය සැක සහිත බව පවුලේ උදවිය කියන බවත්, මරණය සම්බන්ධයෙන් ප්‍රශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වූ දියතලාව රෝහලේ අධිකරණ වෛද්‍ය වරයා මරණය ගැන විවෘත තීන්දුවක් දුන් බවත් පොලිසිය කියයි.

ශරීරයේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රස පරීක්ෂක වෙත යවා ඇති බවත්, දියතලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පොලිසිය පවසයි.

ලහිරු රංජන ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

11745617_380870552110272_6976258587990084978_n

 



අදහස් (0)

‘හමුදා ආධුනිකයාගේ මරණය සැකයි‘

ශිරන්ති Sunday, 26 July 2015 09:11 PM

අනීවාර්යයෙන්ම මේ ගැන හොයා බලන්න .මෙතන අනවශ විදියට දඩුවම් දෙනවා ,වද දෙනවා ,එසේම ලිංගික අපයෝජනය සිදුවෙනවා .වගකීමෙන් කියන්නේ මේ ගැන හොයාබලන්න ඔහුගේ දෙමාපියන්ට සහය වෙන්න . (ත)

:       0       0

වසා Monday, 27 July 2015 07:44 AM

මිනිසුන්ගේ මානසික ගැටලු වලට කරගන්න දේවල් වලට යුද හමුදාවට දොස් තියන්න එපා. ශිරන්ති දන්න කෙහෙල්මලක් නෑ. (ස)

:       0       0

චරිත් Monday, 27 July 2015 08:16 AM

ඔය කියන පවුලේ වැදගත් කම අපි දැක්ක. අධිකරණ වෛද්‍ය නිලදාරී ගෙන් ඇහුවනම් කියයි. (ස)

:       0       0

සුදත් Sunday, 26 July 2015 04:14 PM

මේ හමුදා පුහුණුවේදී අමානුශික විදිහට නවක වදය දෙනවා... සමහරවිට ඒක දරාගන්න බැරුව මැරුනද දන්නෑ... (ත)

:       0       0

විරාජ් ඒකනායක Monday, 27 July 2015 04:59 AM

වැදගත් පවුලක ළමයෙක් සියදිවි නසගනිවියයි විස්වාස කරන්න බෑ. සාධාරණ පරීක්ෂණයක් කරන්න. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 356 0

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 634 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 1509 0

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1731 1

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 2180 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 1112 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20391 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18363 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 302 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 162 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site