IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


හමුදා කඳවුරු ඉවත් කළේ විජයකලාගේ ප්‍රකාශය නිසාද‘යි සේරුවිල නාහිමියෝ විමසති

අමදෝරු අමරජීව
 
මේ මස අවසන් වන විට උතුරු නැගෙනහිර ප්‍රදේශවල හමුදා කඳවුරු 33ක් ඉවත් කිරිමට සුදානම් වන බවත් රාජ්‍ය ඇමැතිනිය විජයකලා සිදුකර ඇති ප්‍රකාශය හා කඳවුරු ඉවත් කිරිම අතර සම්බන්ධතාවයක් පවතින බවට සැකයක් මතුවන්නේ යැයි සේරුවිල සංඝ සභාවේ සභාපති සේරුවිල මංගල රජමහා විහාරාධිපති මුංහේනේ මෙත්තාරාම  අමරපුර කල්‍යාණවංශ මහා නිකායේ  නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක හිමියෝ නිවේදනයක් නිකුත්කරමින් පැවසිය.
 
එල්.ටි.ටි.ඊ සංවිධායන ඇති කිරිමේ  කිරිමේ අවශ්‍යතාවය රාජ්‍ය ඇමැතිනිය පෙන්වා දෙන අතරේ රාජ්‍ය හමුදා කඳවුරු  33 ක් ඉවත් කිරිම තුළින් එයට පසුබිම සකස් කර දෙන බවට සැකයක් පවතින බව පෙනී යන්නේ යැයි  සංඝ නායක හිමියෝ පැවසුහ.


නිවේදනයෙන් තවදුරටත් අදහස් දැක්වු ඒ හිමියෝ උතුරු නැගෙනහිර පළාත් දැනට ඇති විහාරස්ථාන 50කට පමණ දානය සපයන්නේ මේ කඳවුරුයි. මේවා ඉවත් කිරිම තුළින් විහාරස්ථානවල හිමිවරුන්ට දානය නැතිවීම පමණක් නොවෙයි ප්‍රදේශයේ ආරක්ෂාවත් අනතුරට වැටෙනවා. 


ඒ නිසා මේ හමුදා කඳවුරු 30 වැනි දාට ඉවත් කිරිමේ සැලසුම හකුලා ගන්නා ලෙස ජනාධිපතිවරයාට දැනුම් දුන්නා. ඒවගේම විජයකලා රාජ්‍ය ඇමැතිනියගේ ප්‍රකාශය දැඩි ලෙස හෙළා දකිනවා. මේ ප්‍රකාශය සැලසුම් සහගතව කළ ප්‍රකාශයක් නිසා මේ ඇමැතිනියට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගතයුතු යැයි කීය.



අදහස් (18)

හමුදා කඳවුරු ඉවත් කළේ විජයකලාගේ ප්‍රකාශය නිසාද‘යි සේරුවිල නාහිමියෝ විමසති

jayantha Wednesday, 04 July 2018 08:28 AM

මේ වගේ දේවල් වලට කලබල වෙන්න ඕනි නැහැ.......... මොකෝ දේශපලකයෝ කියන්න දේවල් දැන් කවුරුත් ගණන් ගන්නේ නෑ........ ඒගොල්ලන් නින්දෙන් නැගිටලා කියල දේවල් , යනවා එන්නාව දන්නේ නැහැ..................

:       338       307

senaWednesday, 04 July 2018 01:32 PM

මම නම් කියන්නේ මේ මනුස්සයා කියන දේ අපි තේරුම් ගන්න ඕන ඒ මනුස්සයා කතාකරලා තියෙන්නේ කොටි ගෙනල්ලා මිනීමරන එකවත් රට දෙකඩ කරන එකවත් නෙවෙයි නීතියේ ආධිපත්‍ය සහ රටේ විනය.

:       0       0

rohan Wednesday, 04 July 2018 08:35 AM

ඔබවහන්සේ පමණක් නොවේ රටේ ජනතාවම මේ ප්‍රකාශයට විරුද්ධ වෙන්න ඕනේ අපේ විරෝදාර හමුදාව ලේ ඇස මස් පුදලා බේරගතු රට ආපසු කොටියට දෙන්න අපි කොහෙත්ම සුදානම් නැහැ........... මෙයාට මතක නැහැ තමුන්ගේ මනුස්සයව අමු අමුවේ මැරුවේ කොටි කියල....... ලැජ්ජාවක් නැත කම එකනේ මේවගේ ප්‍රකාශ කරන්නේ

:       116       666

KANDEPOLA Wednesday, 04 July 2018 08:45 AM

ලොක්කන්ගේ සංහිදියාවේ තරම පේනවා විජයකලාගේ කතාවෙන්. දැන් මඩු වලිගෙන් තලන්න ඕනේ කාටද කියලා ජනතාව දන්නවා.

:       20       477

sirimal Wednesday, 04 July 2018 09:03 AM

කොයි කාටත් කොටි නැතුව පාළුයි වගේම පාඩුයි කියලයි පෙනෙන්නේ.

:       1       191

රාජේශ් ඛන්නා Wednesday, 04 July 2018 09:43 AM

මහ ඇමති කියනවා සම්පුර්ණ පොලිස් බලතල යාපනය පළාත් සභාවට අවශ්‍ය යයි කියා. මෙම රාජ්‍ය ඇමතිනිය ගේ ප්‍රකාශයෙන් එසේ පොලිස් බලතල ලබා ගැනීමට තිබු ඉඩකඩ ඇහිරී යනවා. රටට අවශ්‍යත් එයමයි. ඇයි මේ කලබල වෙලා.

:       70       1

ලුම්බිණි Wednesday, 04 July 2018 09:45 AM

දානය සපයන්නේ මේ කඳවුරුයි කියන එක පමණක් මේ කඳවුරු තියා ගන්න හේතුවක් නොවෙයි නේද හාමුදුරුවනේ. බොහෝ හමුදා කඳවුරු ඉවත් කිරිමට හේතුව එම ඉඩම් අයිති කරුවන්ට බාර දිය යුතු නිසා.

:       1060       626

manoj Wednesday, 04 July 2018 09:46 AM

මේවට කාටවත් බැනල වැඩක් නැහැ අපේ හාමුදුරුවනේ. ජනවාරි 8 ලක්ස 62ක් ජනතාව මහින්ද මහත්තයව එලෝලා යහපාලනෙට ඡන්දේ දුන්නේ විජයකලා වගේ අයගේ ඔය වැනි ප්‍රකාශ අනුමත කරන නිසා තමයි. මේ තත්වෙට වගකියන්න ඕන කවුරුත්ම නෙමේ ජන්දේ දීපු ලංකාවේ ජනතාවයි.

:       138       254

athuraWednesday, 04 July 2018 10:31 AM

මහින්ද මහත්තය මැරෙනකන්ම රට පාලනය කරලා ඊටපස්සේ එයාගේ අයියල මල්ලිලා පුතාල රට පාලනය කරන්න ඕන නැති නම් ඉතින් කොටි නැගිටිනවා.

:       118       51

manojWednesday, 04 July 2018 11:47 AM

සිංහල අපි රට බේරලා දීපු නායකයට, හමුදාවට ගැරහුවට, දෙමල මිනිස්සු තමන්ගේ නායකයා ත්‍රස්තවාදියෙක් උනත් මිය ගිහින් උනත් ඔහු වෙනුවෙන් පෙනී සිටිනවා මිත්‍රයා. එකයි සිංහල අපේ සහ දෙමල ඔවුන්ගේ වෙනස.

:       49       365

Mahesh Wednesday, 04 July 2018 09:48 AM

රටේ අභිමානය සහ යුධ හමුදාවේ අභිමානය කෙලෙසමින්, ගෝඨාබය සහ හමුදා බුද්ධි අංශයේ සුලු පිරිසක් එක්ව රටේ නැවතත් ත්‍රස්තවාදය ඇතිකිරීමට උත්සාහ කරයි. දෑස් ඇර බලනු

:       967       1023

දානය සහ නිදහස Wednesday, 04 July 2018 10:01 AM

"විහාරස්ථාන 50කට පමණ දානය සපයන්නේ මේ කඳවුරුයි." දානය නැතිවන බැවින්, මිනිසාගේ නිදහස නැති කිරීම, බුද්ධ දර්ශනයට එකඟද? නමුත් දකුණේ සියලු කදවුරු රෝඩ් බ්ලොක්ස් 2010 ඉවතට. 1988-89 ජවිපෙ භීෂනය සහ තස්ත්‍රවාදය. අවුරුදු 5 ට පසු, 1994 දී ජවිපෙ ජනපති ඡන්දයට ඉල්ලති. 2009 එල්ටීටීඊ හමාරයි. දැන් අවුරුදු 9 ට පසු ? එල්ටීටීඊ තහනම ඉවත් කර ඔවුන් ජවිපෙ මෙන් ප්‍රජාතන්ත්‍රවාදයට නොගන්නේ නැවත එල්ටීටීඊ යුද්දයක් දකුණට ඕන නිසාද? ජවිපෙ මිට වඩා පාර්ලිමේන්තුවේදී අවංක වන්න.

:       462       526

isurandi Wednesday, 04 July 2018 10:42 AM

ජාතිවාදය නැතිතැන මේ දේශපාලුවන්ට පැවැත්මක් කොහෙන්ද. විශේෂයෙන් උතුරේ ඉන්න අය...

:       2       88

tommy Wednesday, 04 July 2018 10:48 AM

විජයකලා එල්.ටි.ටි.ඊ සංවිධායනය නැවත අවශ්‍යයි සිදුකර ඇති ප්‍රකාශය එතරම් ගණන් ගත යුතු දෙයක් නොවේ. බොහෝ දෙනා තමන් මුහුණ පාන සමහර පීඩාකාරී අවස්ථාවලදී මෙවැනි ප්‍රකාශ සිදු කරනවා. මේ ප්‍රකාශය මෑතකදී කෙනෙක් ලංකාවට හිට්ලර් කෙනෙක් අවශ්‍ය යයි කිවා වගේ දෙයක්. නමුත් වචනයේ පරිසමාප්තියෙන්, මේ ප්‍රකාශන වල කිසිම අර්ථයක් නැහැ.

:       332       218

nnk Wednesday, 04 July 2018 11:24 AM

දැන් මේ රටේ හුගක් දේවල් වෙන්නේ මමත් නොදැන ඒ විදියට තමයි අපේ හාමුදුරුවනේ අතිගරු ජනපති

:       0       25

සතයපාල Wednesday, 04 July 2018 12:38 PM

හමුදා කඳවුරු ඉවත් කරන්නේ ඒ ප්‍රදේශ වල සිවිල් පාලනය තහවුරු වී ඇති නිසායි. රටේ හදිසි නීතිය ක්‍රියාත්මක නොවන නිසා හමුදාව උතුරු නැගෙනහිර පළාත්වල සිටියද ඔවුනට සිවිල් පරිපාලන කටයුතු මැදිහත් විය නොහැකිය. ඒ නිසා හමුදා කදවුර තිබුණා කියා කල හැකි බලපෑම අවමයි. ඒවගේම එක එක මිනිසුන්ට විවිධ මත තිබිය හැකි අතර එවැනී මත ක්‍රියාත්මක වෙනවාද යන්න ගැන පරික්ෂාකාරී වීම හැර වෙනත් ක්‍රියාමාර්ගයක් ගත හැකිද යන්න ප්‍රශ්ණයකී.

:       0       0

jayatissa Wednesday, 04 July 2018 01:54 PM

ඒවා පෞද්ගලික ඉඩම් නම් අයිතිකාරයින්ට දෙන්න ඕනේ. හමුදා කඳවුරු සඳහා සුදුසු ස්ථාන හඳුනාගෙන හමුදාව එම තැන් වලට යාම තමයි වෙන්න ඕන. කල් තිබුනනේ මේ කාර්යයන් වෙනුවෙන්. නැත්නම් මේක හිඟන්නාගේ තුවාලේ වගෙයි.

:       0       0

pissa Wednesday, 04 July 2018 01:59 PM

මාළුවා නහින්නෙත් කට හින්දලු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අරාබි උප අගමැති ජනපති හමු වෙයි
2025 අප්‍රේල් මස 22 17 0

ශ්‍රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත


අර්චුනාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
2025 අප්‍රේල් මස 22 98 0

රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්


පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති
2025 අප්‍රේල් මස 22 205 0

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා


’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
2025 අප්‍රේල් මස 22 159 1

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය


චීන මහජන කොංග්‍රස් ලොක්කෝ කතානායක හමුවෙති
2025 අප්‍රේල් මස 22 112 0

චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්


දළදා වන්දනාවට අද දිනයේ බැතිමතුන් ලක්ෂ තුන පනී
2025 අප්‍රේල් මස 22 213 0

සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 575 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 304 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 457 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site