ගම්පහ නගරයේදී තෙල් බවුසරයක් කාරයක හැපීමේ අනතුරක් සම්බන්ධයෙන් බවුසර් රියදුරා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙක් ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා ඉදිරියේ නැගී සිටියේය.
මහේස්ත්‍රාත් - ඔබ යුද හමුදා නීති අංශයේ කෙනෙක්ද?
නීතිඥවරයා - අපි හමුදාවට ගරු කරනවා.
මහේස්ත්‍රාත් - ඔබ හමුදා නිලධරයෙක්ද?
නීතිඥවරයා - ඔව්
මහේස්ත්‍රාත් - කපිතාන්වරයෙක්ද?
නීතිඥවරයා - ඔව්
මහේස්ත්‍රාත් -යුද හමුදා නීති අංශයේද?
නීතිඥවරයා - ඔව්
මහේස්ත්‍රාත් - රජයේ නිලධරයකුට පෞද්ගලික නඩු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීමේ අයිතියක් නැහැ. ඔබ උසාවිය නොමග යවනවා. අධිකරණයට යුද හමුදාවේ බලය පෙන්වන්න යනවා. උසාවියට ඇවිත් එහෙම බලය පෙන්වනවානම් වෙනත් තැන් වලදී කෙසේ බලය පෙන්වනවාදැයි සිතා ගත හැකියි.
උසාවියට ගැලපෙන ඇඳුමින් සැරසී සිටි එම පුද්ගලයා පෙනී සිටි රියදුරා පැදවූ බවුසරය යුද හමුදා මේජර් ජනරාල්වරයකුගේ බව නීතිවේදීන් අතර කථා බහේදී දැනගත හැකි විය. පසුගිය 13 වැනිදා සවස ගම්පහ දුම්රිය හරස් මගේදී කාන්තාවක විසින් පැදවුණු මෝටර් රථයක එම බවුසරය වැදී ඇත. පොලිසිය නඩු පවරා ඇත්තේ අපරික්ෂාකාරී ලෙස රිය පැදවීමේ චෝදනාව යටතේය.
මහේස්ත්‍රාත් යුද හමුදා නීති නිලධරයාට පැවසූයේ ඔහු අනිසි වැඩක් කළ බවයි. ‘‘අපි යුද හමුදාවට ගරු කරනවා. මේ වගේ අය ඒ ගෞරවය නැති කරනවා.“
ආර්.එම්.ඉන්දික රාජපක්ෂ නම් බවුසර රියදුරා රුපියල් 2000 මුදල් සහ රුපියල් 25,000 ක ශරීර ඇප මත මුදාහරිමින් මහේස්ත්‍රාත් හමුදා නීති නිලධරයාට පැවසූයේ මෙවැනි වරදකට ඇප දිය හැකි බවයි. දෙසැම්බර් 23 ට නඩු විභාගය කල් තැබිණි.
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.
දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ
ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi
කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න
ශ්රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.
ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හමුදා නීති නිලධරයාට උසාවියෙන් අවවාද
රන්ජිත් Tuesday, 16 December 2014 05:11 AM
මේ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයක් ගන්න ඕනෑ (නි)
පද්මේන් Tuesday, 16 December 2014 05:42 AM
සංජීව සම්පත්, ඔබේ කතාව සම්පුර්ණ ඇත්ත.මමත් ඔයදේ හොඳට බලලා තියනවා. (නි)
සම්පත් Monday, 15 December 2014 06:40 PM
බන්දුල, ඔබ හරි. යුදහමුදා නීති අංශයේ ඉන්නේ සිවිල් අධිකරණයේ පෙනී සිටින්න අවශ්‍ය සුදුසුකම්ලත් නීතිඥවරුන්. ඔවුන් අධිකරණයේ පෙනීසිටිය හැකි පරිදි සුදුසුකම් ලබා තිබෙනවා. (නි)
කනිල් බණ්ඩාරවෙල Monday, 15 December 2014 06:55 PM
අපේ රට කොහෙටද මේ යන්නේ (දී)
මොහමඩ් ඛාන් Tuesday, 16 December 2014 12:36 AM
මහේස්ත්‍රාත්තුමාට උපහාරය පුදමි! (නි)
යසපාල Tuesday, 16 December 2014 06:46 AM
හොඳ ඔවදනක් (නි)
මාලනී Tuesday, 16 December 2014 01:22 AM
මෙහෙම අයට රණවිරුවන් විදියට ගෞරව කරන්න අපිට බැහැ (නි)
මොහාන් Monday, 15 December 2014 11:41 AM
මෙයාලත් මෙහෙම කරනකොට අනෙක් අය ගැන මොන කතාද? (නි)
එකොන් Tuesday, 16 December 2014 02:05 AM
නඩුකාර තුමාට ඉහලින් නීතිය දන්නවද බන්දුල. (දී)
බමුණු ආරච්චි Tuesday, 16 December 2014 02:50 AM
බන්දුල නරකද ටියුෂන් පන්තියක් දාලා ඔබ දන්නා තරමට නීතිය කියලා දුන්නොත්. (නි)
මනෝ Tuesday, 16 December 2014 08:00 AM
අපොයි බන්දුල සුදුසුකම් තිබුන පලියට හමුදා නිලධාරීන්ට පෞද්ගලික නීති කටයුතුවලට පෙනී සිටීම සදාචාර සම්පන්න නෑ. විනිසුරු තුමා ගේ තීන්දුව සර්ව සාධාරණයි. අධිකරණයේ ගව්රවය රකින මෙවන් විනිසුරු වරයින්ට මගේ ප්‍රණාමය (නදී)
ටීෂා Monday, 15 December 2014 12:33 PM
මහේස්ත්‍රාත්තුමාට අපේ උපහාරය! (නි)
බමුණු ආරච්චි Tuesday, 16 December 2014 02:51 AM
අපේ රට මේ යන්නේ ආගාධයට නොවේද අපත් සමඟම? (නි)
සංජීව සම්පත් Tuesday, 16 December 2014 03:03 AM
අද වැඩිපුරම මාර්ග නීති කඩන්නේ ත්‍රිවිධ හමුදා සහ පොලිස් රථවල රියදුරන්. කොළඹ නගරයේ කහ ඉරක් ළඟ ටික වෙලාවක් බලාගෙන හිටියොත් මේ ගැන තහවුරු කරගන්න පුළුවන් (නි)
අමල් Monday, 15 December 2014 01:05 PM
උසාවියත් වෙනස් වේගෙන එන්නේ. වෙනසකට මෙත් වඩමු.(හේ)
බන්දුල පෙරේරා Monday, 15 December 2014 01:09 PM
මම දන්නා තරමින්නම් යුද හමුදා නීති අංශයේ ඉන්නේ සිවිල් අධිකරණයේ පෙනී සිටින්න අවශ්‍ය සුදුසුකම් ලත් නීතිඥවරුන්. ඔවුන් අධිකාරිලත් නිලධාරින් ලෙස ඍජුව යුධ හමුදාවට බදවා ගන්නවා..යුද හමුදාවේ වෙනම නීති විද්‍යාලයක් නැහැ නිතිය හදාරලා නීතිඥවරයෙක් වෙන්න.(හේ)
නිහාල් Tuesday, 16 December 2014 03:19 AM
නියම මහේස්ත්‍රාත්වරයෙක්. ඔබට අපේ ප්‍රණාමය! (නි)
රාජපක්ෂ Monday, 15 December 2014 02:02 PM
බන්දුල, ඔයා මහේස්ත්‍රාත්ට වැඩිය දන්නවානේ නීතිය ගැන. ටිකක් විතර දැනගෙන පණ්ඩිත වෙන්න එපා. (නි)
අසිත් Monday, 15 December 2014 02:12 PM
බන්දුල පෙරේරා, තමුන් මානසිකව මිලිටරි පාලනයකට යටවෙලා. ලෝකයේ සාමකාමී රටවල් කොයිතරම් සිවිල් නිදහස ගරු කරනවද. පොඩ්ඩක් ඔය රාමුවෙන් එළියට විත් ලෝකය දිහා බලන්න. මේ විනිසුරුතුමා අපි අගය කරමු (නි)
යටගම Monday, 15 December 2014 03:07 PM
අපි ගෞරව කරන අය නේද මෙහෙම හැසිරෙන්නේ? (නි)
මංජුල Wednesday, 17 December 2014 01:39 AM
අදාළ නිලධාරියා තමුන්ගේ උසස් නිලධාරියෙක් වෙනුවෙන් පෙනීසිටීමේ වරදක් මම නම් දකින්නේ නැහැ (නි)