IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


හමුදා සෙබළෙක් අත්අඩංගුවට

හොරණ මහවත්තේ කහ ඉරක් මතදී ගැබිණියක අනතුරට පත් කළැයි අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි හමුදා සෙබළකු නැවත අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ගැබිණිය කහ ඉර මතින් පාර මාරු වෙද්දී සැකකරු විසින් පදවාගෙන ගිය යතුරු පැදියේ ගැටීමෙන් පසු හොරණ රෝහලට ඇතුළත් කළ අතර සිසේරියන් සැත්කමක් මගින් ඇය බිහි කළ දරුවා දින තුනකට පසු බ්‍රහස්පතින්දා මිය ගියේය.

දරුවාගේ මරණ පරීක්ෂණය පැවැත්වූ හොරණ හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන මහතාගේ නියෝගයක් මත ඇප මත සිටි සැකකාර හමුදා සෙබළා යළි අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.



අදහස් (0)

හමුදා සෙබළෙක් අත්අඩංගුවට

වරුණ Friday, 07 June 2013 11:05 AM

නොසැලකිල්ල වෙන්නත් පුළුවන් වැරදිමක් වෙන්නත් පුළුවන්. අපිත් වාහන එලවන නිසා මුකුත් කියන්න බෑ. හැබැයි බීල වාහන එලවලනම් දැඩි දඩුවම් දිය යුතුයි.(නදී)

:       0       0

වසන්ති Friday, 07 June 2013 11:07 AM

ලංකාවේ හදිසි අනතුරු වැඩියි. මෙයට පිට රටකින් චීනයෙන් හෝ ජර්මනියෙන් ආදර්ශයක් ගෙන නීති තද කල යුතුයි. මේ නොසැලකිල්ලට ලොකු වන්දියක් ගෙවිය යුතුයි.(නදී)

:       0       0

අනුරාධ Friday, 07 June 2013 11:12 AM

මොනවා උනත් උතුම් මව් ගුණයට ගෞරවයක් නැති පුද්ගලයන්ට දඬුවම් පමුණුවන්න ඕනේ. සාරධර්ම ඒ තරමටම දැන් පිරිහිලා නිසා අවස්ථානුකූලව වරදේ ස්වාභවය අනුව දඬුවම් නොකලොත් අපේ රට තව තවත් අරාජික වෙනවා වලක්වන්න බැහැ. දරුවෙක් බිහිකරන්න ඉන්න අම්ම කෙනෙක් පාරේ ගමන් කරද්දී හෝ ඕනෑම තැනකදී වාහන පදවන උදවිය හෝ ඕනෑම කෙනෙක් ඒ අම්ම කෙරෙහි දැඩි අවදානයක් ගන්න ඕනේ ඇයි? ඒක ජාතික වගකීමක් මෙන්ම ඒ අම්මත් අපේ අම්ම වගේ නිසා.(නදී)

:       0       0

චතුල වෙරෝනා Friday, 07 June 2013 11:10 AM

කහ ඉර මත නම් අපරාධයක්. පව් අහිංසක දරු පැටියා (නි)

:       0       0

වික්‍රම Friday, 07 June 2013 11:13 AM

කහ ඉර මතදී නම් නොසැලකිලිමත්කම තමයි නේද? (නදී)

:       0       0

සන්ජීව ජගත් Friday, 07 June 2013 11:30 AM

ටිරෝන් ඔයාට ඔල්මාදෙද. අනතුරෙන් අනතුරට පත්වෙන්නෙ එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක්. ඉපදෙන්න ඉන්න දරුවෙකුත් ඉන්නවා. ඕනේකම නෙවෙයි තමන්ට තමන්ව පාලනය කරගන්න බැරිකම තියෙන්නේ. කහ ඉර ලං වෙනකොට වේගය පාලනය කරගන්න ඕනෙ කමක් තියෙන්නේ. අනික වේග සීමාවක් තියෙනවනෙ කහ ඉරක් ලගින් යන්න.(නදී)

:       0       0

රංජනී Saturday, 08 June 2013 04:51 AM

අපරාදේ ජීවිත දෙකක්. ටැෆික් ලයිට්‌ දානවා නම් හරිනේ. දිනපතාම විනාඩි දහයක් ඇවිදගෙන යන මම ටැෆික් ලයිට්‌ හයකින් මාරුවෙනවා, තාම දැක්කේ නැහැ කව්රුවත් වාහනයකකට අහුවෙනවා.අවුරුදු දහහතරකටම. (නි)

:       0       0

සන්ජීව ජගත් Friday, 07 June 2013 11:35 AM

මේ අම්ම මාස කීයක්නම් මේ දරුවව කුසේ දරා ගෙන ඉන්න ඇද්ද? දරුවා මැරුනා. අම්මටත් මොනව වෙයිද පසුකාලීනව මෙ බලපෑමෙන්. දඩුවම් පුලුවන්තරම් දෙන්න ඕනෙ. නිරපරාදේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන නිසා.(නදී)

:       0       0

ජකොලිස් අප්පු Friday, 07 June 2013 11:38 AM

ටිරාන් මහතා අදිකරණ තීන්දුව දී ඇත.(නදී)

:       0       0

නිරෝෂන්-බලපිටිය Friday, 07 June 2013 04:50 PM

කහ ඉර උඩින් පර මාරු වෙද්දී එන වාහන ගැන සැලකිලිමත් වෙන්න ඕනෑ. මොකද හයියෙන් එන වාහනයකට එක පාර නවත්තගන්න බැරී බව අපි හැමෝම දන්නවනේ (නි)

:       0       0

ජෙෆ් Friday, 07 June 2013 05:05 PM

රොෂාන්, හමුදාවට හැමදා රටවැසියා ගරු කළ යුතුයි. නමුත් එය කෙළෙසා ගැනීම ඔවුන් නොකළ යුතුයි. (නි)

:       0       0

සම්පත් Friday, 07 June 2013 12:04 PM

ටිරාන් හරි, පේනවිදියට මේක සිද්දවෙච්ච අනතුරක්. (නදී)

:       0       0

විමලසේන Friday, 07 June 2013 12:36 PM

අයිඋඔ සල්ලි

:       0       0

විරාජ් කාලිංග Friday, 07 June 2013 01:01 PM

ඇත්ත කතාව ටිරාන් හිතල මිනිස්සුන්ව හප්පන්නේ නැහැ. කෙසේ හෝ අවාසනාවන්ත සිදුවීමක්. පාරේ යන පදිකයොත් හිතුමතේ පාර පයිනවා. කහ ඉර කියන්නේ ඕන වෙලාවක පාර පනින්න නෙවේ. පාරේ වාහන නැත්නම් මාරු වෙන්න තියෙන තැනක්. මිනිස්සුත් කිසි බැලිල්ලක් නැහැ ඔහේ පයිනවා වට පිට බලන්නේ නැතුව. මේක අපි හොදටම දකිනවා පාරේ යද්දී. නොසැලකිල්ල තමයි මේ අනතුරට හේතුව. වලක්වාගන්න තිබ්බ අනතුරක්.(නදී)

:       0       0

පිස්කෝ Friday, 07 June 2013 01:40 PM

ආමි එකේ කට්ටිය යන්නේ උඩින්. මිනිස්සු ඉන්නවා කියලා කිසිම ගානක් නැහැ (නි)

:       0       0

ලංකාසිරි Friday, 07 June 2013 01:50 PM

ටිරන් , මේ මොන කතාද? කහ ඉර මත හැප්පුවොත් ගස් තමයි. (නි)

:       0       0

චාමිකා Friday, 07 June 2013 02:12 PM

කහ ඉර උඩදී හප්පන එක නොසැලකිල්ල මිසක් අහවල් එකද ටිරාන්? උපරිම දඩුවම් දෙන්න ඕනෑ. හමුදාවේ අය වුනාම අනික් අයට වැඩිය නීති ගරුක, විනය ගරුක වෙලා සාමාන්‍ය මිනිස්සුන්ට ආදර්ශයක් වෙන්න ඕනෑ. එතකොට තමයි අපේ හමුදාව ලෝකේ ඉන්න විනයගරුකම හමුදාවක් කියන එක තහවුරු වෙන්නේ. අඩුම තරමේ නූපන් දරුවන්ගේ උපදින්න තියෙන අයිතියවත් තහවුරු කරන්න මහන්සිගන්න හැමදෙනාම. (නි)

:       0       0

ජයසිංහ Friday, 07 June 2013 02:44 PM

කියියම් පුද්ගලයෙක් හිතාමතා අනතුරක් කරන්නෙ නැහැ. නමුත් සිදුවුනේ ලොකු අපරාධයක්. (නි)

:       0       0

ටිරාන් Friday, 07 June 2013 10:33 AM

සාමාන්‍යයෙන් කව්රුවත් ඕනෑකමින් හප්පන්නේ නැහැ.වැරදීමක් විය හැක. නමුත් නොසැලකිල්ලක් නම් ඒකට දඬුවම් කළ යුතුයි (නි)

:       0       0

නීල් Friday, 07 June 2013 10:36 AM

කහ ඉර මත පාර මාරුවෙන මගීන් අතරින් රිංගා යන්න යතුරු පැදිකරුවන් බොහෝ විට උත්සාහ කරන නිසා අනතුරු සිදුවෙනවා. (නි)

:       0       0

උපාලි Friday, 07 June 2013 10:52 AM

කහ ඉර ගැන සැලකිලිමත් නොවෙන ඕනෑම රියදුරෙකුට දඬුවම් ලැබිය යුතුයි. (නදී)

:       0       0

පෙරේරා Friday, 07 June 2013 10:57 AM

ටිරාන්, යතුරුපැදියේ නොසැලකිල්ල මිසක් වෙන මොකද්ද මෙතන තියෙන්නේ? කහ ඉරක් උඩදී පදිකයකු යටකරා කියන්නේ කතා දෙකක් නැහැ.(නදී)

:       0       0

රොෂාන් Friday, 07 June 2013 10:58 AM

හමුදාවට ඉස්සර වගේ සලකන්නේ නැහැ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 114 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 131 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 706 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 487 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 3154 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1742 7

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37994 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site