IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


හමුදා සෙබළාට සමාව දුන්නාට ප්‍රකාශයක් දෙන්නැයි ගෝඨාට දන්වයි

(මනෝප්‍රිය ගුණසේකර)

යාපනය, මිරිසුවිල් ප්‍රදේශයේ දී අවුරුදු පහක කුඩා දරුවකු ඇතුළු අවතැන්ව සිටි සිවිල් වැසියන් අටදෙනෙකු කපා කොටා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළ යුධ හමුදා සැරයන් සුනිල් රත්නායක නමැත්තාට ජනාධිපති සමාව දී නිදහස් කිරීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන ලෙස නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද නොතීසි නිකුත් කළේය.

2000 වසරේ සිදුවු මහත් ආන්දෝලනයකට තුඩු දුන් මෙම අපරාධයට අදාළව සිරදඬුවම් විඳිමින් සිටි යුධ හමුදා සැරයන් සුනිල් රත්නායක නමැත්තාට ජනාධිපති සමාව දී නිදහස් කිරීම අභියෝගයට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳ වූ අවස්ථාවේදී එලෙස නියම කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ සහ අචල වෙන්ගප්පූලි යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවීය.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති සමාව ලබා නිදහස් වූ යුද හමුදා සැරයන් සුනිල් රත්නායක සහ නීතීපතිවරයා ඇතුලු පිරිසක් නම් කර ඇත.

 



අදහස් (9)

හමුදා සෙබළාට සමාව දුන්නාට ප්‍රකාශයක් දෙන්නැයි ගෝඨාට දන්වයි

චතුරි Saturday, 18 May 2024 03:30 AM

අපේ රටේ විතරයි මේ වගේ... අමන වැඩ කරන්නේ.. මේ වගේ අයට ජනාධිපති කියන නාමේත් අපරාධයක්. කිසිම දැනුමක් නැති අය ජනතාව පත්කර ගන්නවා... ඊට පස්සේ කරන්නේ රට දියුණු කරන්නේ නැහැ. සේරම තමන්ගේ හොර කුඩු සල්ලාල, මිනීමරුවන් නිදහස් කරනවා. අධිකරණය තමන්ගේ අතට ගන්නේ මෝඩ චණ්ඩිකම් පෙන්වන්න. ඊට පස්සෙ පවුලේ අයට රටේ ආයතන, දේපල සම්පත් ටික බෙදලා දෙනවා. මේ කාටවත් ඉගෙනීමක් නැහැ. ඒකන්නේ ඒ වගේ වැඩ කරන්නේ... ඊට පස්සේ පටන් ගන්නවා පාතාලය ලන්කරගන උගත්, බුද්ධිමත් කට්ටියව මරලා පලි ගන්න. අන්තිමට රටට කරපු දෙයක් නැහැ... රටේ මුදල් වලින් පවුල් පිටින් රට සවාරි යනවා. මොවුන්ට විතරක් අයිති විදියට... අන්තිමට පැදුරටත් නොකියා බලය අතහැරලා, උඩු ගුවනේ පාවෙන්න ගත්තා... දෙවියන්ගේ හාල් කැවිලා වගේ කරපු දූෂිත වැඩවලට... මුලු ලෝකේම හිනස්සලා දැන් කරපු මෝඩ වැඩවලට උත්තර බඳින්න එන්නලු.

:       133       171

NAMAL Saturday, 18 May 2024 09:23 AM

මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. දෙවියන්ගේ ශාපය අත්වේවා !!

:       86       146

fairoos Saturday, 18 May 2024 12:30 PM

ජාතිභේදය අවුස්සලා බලයට ආපු ගෝඨාභයට මෙහෙම වෙලා මදි...

:       60       151

සෙනෙවිරත්න Saturday, 18 May 2024 03:11 PM

මට පුදුම පරම සත්‍යය පලකරත් ඒකට එරෙහිව කමෙන්ට් කරන ගව සම්පතක් ඉන්න එකයි...

:       35       21

JiwanSaturday, 18 May 2024 03:51 PM

අපි නොදන්න සෙනෙවිරත්න කියන පරම සත්‍යය, පට්ට කෙබරනේ කියන්නේ... ඔහේට කලින් අපි මේ පත්තරේ කියවන්න ගත්තේ මහත්තයා.

:       14       60

විජිත් Saturday, 18 May 2024 07:16 PM

ගෝටා සිටිය යුත්තේ හිරගෙදර, නැතිනම් පිස්සන් කොටුවේ !!! සමහරවිට ළඟදීම....

:       8       54

Lalla Saturday, 18 May 2024 09:16 PM

තව පෙත්සමක් රතුපස්වල උද්ඝෝෂණ වලට වෙඩිතියල අහිංසක දරුවන් මරාදැමූ නීචයින්ට එරෙහිව එන්න ඕන....

:       1       57

කේ.කරුනාරත්න Tuesday, 21 May 2024 06:16 PM

මේ වගේ හරකුන්ට කියවන්න අදහස් දක්වන එකේ තේරුමක් නැති නිසා එයින් වැළකී ඉන්නවා...

:       0       0

Bernard Perera Thursday, 23 May 2024 10:14 AM

මිනිමැරුවන්ට පට්ට දූෂිතයන්ට හොර බොරු කරන වංචාකාරයන්ට ජනාධිපති සමාව දෙන්න පුළුවන්නම්, රටට නීතියක් අවශ්‍ය නැහැ , අධිකරණයක් අවශ්‍ය නෑහැ....නීතිය ඒකාධිපතියෙක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 149 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 105 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 105 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 513 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 1013 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 1077 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38090 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site