IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


හිමිනමක් ලොකුම පින්කමක් කරයි

දඹුල්ල උයන්වත්ත පුරාණ විහාරයේ ශ්‍රී ජිනරතන සාමනේර භික්ෂු ආයතනයේ දෙහැවිරිදි දරුවෙක් සිටී. අඟ හිඟකම් නිසා මව්පියන් මේ දරුවා පංසලට භාර දී ඇත.

දරුවා භාර දී ඇත්තේ ඔහුට වයස මාස දෙකක් වූ විටය.

විහාරාධිපති හල්මිල්ලෑවේ ප්‍රේමරතන හිමියෝ දරුවා හදා වඩා ගනී.

හාමුදුරුවන්ගෙන් ලැබෙන කිරි බෝතලය බී සිවුරට තුරුළු වී නිදාගන්නා මේ දරුවාගේ කුදු මහත් කටයුතු කරනුයේ පංසලේ හාමුදුරුවරු කැමැත්තෙන් කැමැත්තෙන්ම ඉදිරිපත් වෙති.

 

 

 

 



අදහස් (0)

හිමිනමක් ලොකුම පින්කමක් කරයි

අනුර Sunday, 12 May 2013 11:59 AM

අර 3වැනි පින්තුරය දකිනකොට මොන තරම් දුකක් ඇති වෙනවද කියලා කාටත් තේරෙයි (නි)

:       0       0

පෙරේරා Sunday, 12 May 2013 12:07 PM

වචනයේ පරිසමාර්ථ අර්තයෙන්ම මෙන්න බුද්ධ පුතයෝ! (නි)

:       0       0

අතපත්තු Sunday, 12 May 2013 12:08 PM

"ජනක", ඔබේ කියමන හරි. නමුත් හිතට එකග නොවෙන දේවල් කරන්න වෙනවා ජිවිතේ සමහර වෙලාවට. මේ උදාර පිංකම වචනයෙන් අර්ථ දක්වන්න බැහැ. අපේ හාමුදුරුවනේ,ඔබලා ඇති දැඩි කරපු,දෙමවුපියන්ටත් මෙපින් අත්‍ වේවා! (නි)

:       0       0

සුරංග Tuesday, 14 May 2013 08:00 AM

මා අදහස් පලකලේ බුද්ධ දර්මය පදනම් කරගෙනයි. හිගි හෙයි හොද සියලු දේවල් භික්ෂුවට ඔබින්නේ නැත. සදහන් කර ඇති පොත කියවන්න. අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේ යනු, මාරගපල ලාභී යයි සැලකෙන භික්ෂුන් වහන්සේ කෙනෙක්. http://www.rerukanemahanahimi.lk පුජකයින්ට දරුසුරතල් බැලිය හැකි යි. භික්ෂුව පුජකයෙක් නොවෙයි , භික්ෂුව සියලු රහතන් වහන්සේලා ඇතුළුව පුජ්‍ය කොටයි සලකන්නේ. බෞද්ධයින්ට තෙරුවන් උසස් වන්නේ ඒ නිසයි. මේ දරුවාට උපකාර කළහැකි එකම ක්‍රමය මෙය යැයි කිව නොහැක.(නදී)

:       0       0

සරත් Sunday, 12 May 2013 12:09 PM

වැඩේ හොඳ බව ඇත්ත, ඒත් ජනකගේ අදහස මමත් අනුමත කරනවා.(නදී)

:       0       0

සුරංග Sunday, 12 May 2013 10:43 PM

දරුවාට උදව් කිරීම හොදදෙයක්. නමුත් මෙය භික්ෂුන් වහන්සේලාට කොහොත්ම ගැලපෙන දෙයක් නොවෙයි. සියලු දෙනාගේ ධර්ම අවබෝදය පිණිස, මහාචාර්ය අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේ ගේ "බෞද්ධ‍යාගේ අත්පොත" හි කොටසක් දක්වන්න කැමැත්තෙමි. භික්ෂුන් වහන්සේලා "එක්විසි අනෙසනයෙන්" වෙන්ව වාසය කළ යුත්තෝය. ගිහියන් ට සංග්‍රහ කිරීමට ගියහොත් භික්ෂුව වරදට පැමිණේ. "එක්විසි අනෙසනය" හි නොකළයුතු කරුණු 21 හි, 12 වෙනි කරුණ: හිස පිරිමැදීම ආදියෙන් දායකයාගේ දරුවන් හුරතල් කිරීම නොකලයුතුය යන්නයි. ගිහියන් තමාට අවවාද අනුශාසනා ලබා ගැනීම හා උපස්ථාන කොට පින් සිදු කර ගැනීමටත් මිස අන් ලාභයක් ප්‍රයෝජනයක් සදහා භික්ෂුන් ආශ්‍රය නො කළ යුතුය. ආගමික කටයුතු හැර අනෙකක් බලාපොරොත්තු නො විය යුතුය. මේ හේතුවෙන් මේ දරුවන්ගේ දෙමාපියන්ටත් අකුසල් සිද්ධ වෙනවා. වැඩි අවබෝදයක් ලබාගැනීමට උන්වහන්සේ ගේ "බෞද්ධ‍යාගේ අත්පොත" හි පිටු අංක 34-36 කියවන්න. (නි)

:       0       0

ප්‍රියන්ත Sunday, 12 May 2013 12:15 PM

සෙනෙහස වැරදියට තේරුම් නොගන්න. මෙතන වැදගත් වන්නේ පරමාර්ථය සහ චේතනාවයි (නි)

:       0       0

අරුණ-දෝහා Sunday, 12 May 2013 12:21 PM

ගතට , සිතට, නෙතට, සවනට, මහත්ම මහා සැනසිල්ලක් අපේ හාමුදුරුවනේ. අද දකින්නට, අසන්නට ලැබෙන දේවල් ගැන බැලුවම ඔබවහන්සේ ඇතුළු සියලුම සමනේරයින් වහන්සේල්ට මතු බුදුන් දැක නිවන් දකින්ට මේ පින හේතු වේවා!(නදී)

:       0       0

උද්දික Sunday, 12 May 2013 12:40 PM

බොහොම පින් ඔබ වහන්සේලාට. නරකද ලංකාදීප පත්තරෙන් මුලික වෙලා පාටක සමාජයක් හදල මේ වගේ වැඩ වලට උදව් කරන්න හැදුවොත්.ලොකු පිනක් නේද එක? කල්පනා කරලා බලන්න. අපිත් එන්නම්.(නදී)

:       0       0

ලක්ෂ්මන් පෙරේරා Sunday, 12 May 2013 10:55 PM

ඔබ වහන්සේලාට ගොඩක් පින් ඔය කරන දේට. ඔය ටික ඇති ඔබ වහන්සේලාට නිවන් දකින්න. (නි) ‍

:       0       0

සේරම් පැරිස් Tuesday, 14 May 2013 11:10 PM

රනිල් මේ ලමයව ක්‍රිස්තියානි මිෂනාරි එකකට දුන්නම අර ලඟදි වගේ ඌරෝ හදන හරක් හදන තැනක තියලා, මේ ළමයට කියවලා මරවයිද දන්නේ නැහැ නේද? තරහ ගන්න එපා මේකට. මම කිව්වේ අද ලංකාවේ වෙන දේවල් (නි)

:       0       0

චතුර Sunday, 12 May 2013 12:47 PM

ජනක, ඔබ හරි වෙන්නත් පුලුවන්. නමුත් මට හිතෙන්නේ චේතනාව සහ අවබෝදය තමයි සසරෙන් එතෙර වෙන්න අවශ්‍ය. එම චේතනාව සහ අවබෝදය බුද්ධ වචනය අනුවනම්, එය අපිට ජිවිතේ යුතුකම් ඉටු කරන්න අවස්ථාවක් දෙනවා. අපි ගොඩ දෙනෙක් කරන්නේ ජීවිතය එපා කරගෙන කලකිරීම කියලා තමයි මට හිතෙන්නේ. නමුත් වියයුත්තේ ජිවිත අවබෝදය ඇතිකරගැනීමයි කිවොත් මම වැරදි නැතුව ඇති.(නදී)

:       0       0

විජේවීර Sunday, 12 May 2013 12:55 PM

බොහොම උතුම් වැඩක්. සියල්ලන්ටම ආදර්ශයක් වේවා.(නදී)

:       0       0

ධම්ම Sunday, 12 May 2013 12:55 PM

ජනක, මේ හාමුදුරුවන් තවම ඉන්නේ පින් රැස් කරන අවධියේ බව අමතක කරන්න එපා.මේක පින් කමක්. (නදී)

:       0       0

හනිෆා Sunday, 12 May 2013 01:19 PM

අගය කල යුතු ක්‍රියාවක්.(නදී)

:       0       0

ලුම්බිණි Sunday, 12 May 2013 01:21 PM

පින් සිද්ධ වෙන දෙයක් උනත් හාමුදුරුවරු වශයෙන් මීට වඩා කල යුතු දේ තියනවා නේද? (නදී)

:       0       0

පද්මිණී Sunday, 12 May 2013 01:22 PM

ජනක, දාරක ස්නේහය ඇතිවෙලා සංසාරයෙන් එතෙර වන්නට තව ටිකක් කල් ගියත් මොකද රත්තරන් වටිනා කිරි සප්පයෙකුට ආදරය, කරුණාව, රැකවරණය ලබා දීලා.(නදී)

:       0       0

උපුල් Tuesday, 14 May 2013 01:31 PM

ඔබ වහන්සේ නියම බුද්ධ පුත්‍රයෙක්.මේක දකිනකොට ගොඩාක් දුකයි.ඔබ වහන්සේට බුදුසරණයි. (නි)

:       0       0

මෝහම්මෙඩ් අනිස් Sunday, 12 May 2013 01:25 PM

මේවා දැක්කම අපට මහන වෙන්න හිතෙනවා. අපේ ආගම මහා බොරුවක්.(නදී)

:       0       0

ඉස්ලාම් Monday, 13 May 2013 07:09 PM

මම මුස්ලිම් ජාතිකයෙක්. සත්‍ය වශයෙන්ම මට හරි ආඩම්බරයි මෙම හාමුදුරු නම ගැන. මම කැමතියි මෙම පන්සලට උදව් කරන්න. මෙම හාමුදුරු නමට හා ලමයා වෙනුවෙන් උදව් කරන්න ජාති බේද අවශ්‍ය නොවේ. අපි සියල්ල එකම මනුස්ස ජාතියක්. (නි)

:       0       0

සේරම් පැරිස් Sunday, 12 May 2013 01:31 PM

අද කාලයේ අපේ ලංකාවට අවශ්‍ය මේ වගේ හිමිවරු . අපි සැවොම මේ වගේ හිමිවරු බොහෝ අගය කල යුතුයි. නමුත් අද බොහෝ හිමිවරු බුදු දර්ශනය පසෙක තබා කරන්නේ ආගම් බේද, ජාති වාදී අදහස් වපුරන එක. මේ හිමිවරු එයට ආදර්ශයක්. නිවන් සැප ලැබේවා.(නදී)

:       0       0

ඉෂාන් Sunday, 12 May 2013 01:35 PM

බොහොම අගෙයි, ඔව් දාරක ප්‍රේමය ඇතිවේ ඒක බාදාවක් තමයි. ඒකට හාමුදුරුවරු මෙය ඉගෙන ගෙන ප්‍රගුණ කල යුතුයි. ස්නේහය, ප්‍රේමය හිතේ ඇති උන බව දැන ගත යුතුයි. ඒ හා සමානව අනෙකුත් ක්ලේශයනුත් සිහියෙන් සිටීම ප්‍රගුණ කල යුතුය.(නදී)

:       0       0

සනත්-ඉතාලිය Sunday, 12 May 2013 01:37 PM

සම්බුද්ධ සාසනය රැකිය යුතුයි.(නදී)

:       0       0

සේරම් පැරිස් Sunday, 12 May 2013 01:38 PM

බුදුරජාණන් වහන්සේ දේශනා කරා චේතනාව කර්මය කොට වදාරමි. (චේතනවම් බික්කාවේ කම්මන් වදාමි ) එයට හොඳ නිදසුනක්.(නදී)

:       0       0

සමීර Monday, 20 May 2013 04:49 PM

අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේලාට බුදු බව අත් වෙනවා. (නි)

:       0       0

සදුනි Sunday, 12 May 2013 01:39 PM

ජනක, නිවනින් මෙපිට කළ හැකි ලොකුම පින්කමක් ලෙසයි මට නම් පෙනෙන්නේ. කාන්තාවක් ලෙස අතිශයින්ම අගයමි.(නදී)

:       0       0

මංජුලා Sunday, 12 May 2013 01:40 PM

ජනක ඔබ හරි. මේ දේ කරන එක පිනක් උනත්, බැදීම් ඇතිකර ගැනීමෙන් සංසාරේ දික් වෙනවා.(නදී)

:       0       0

ඉස්ලාම් Monday, 13 May 2013 07:28 PM

සුරංග , මේ හාමුදුරු නම කරන පින්වත් මේ කටයුත්තට බාධා නොකර පාඩුවේ ඉන්න. සමහර මිනිස්සු අනිත් අයට පින් වැඩ කරන්න දෙන්නෙත් නැහැ. එයාලා කරන්නෙත් නැහැ. කිසිම ආගමක කියලා නැහැ පුජකවරුන්ට ළමයින් හුරතල් කරන්න එපා කියලා.මෙම හාමුදුරු නමට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේට බුදුසරනයි! (නි)

:       0       0

නදීකා Monday, 13 May 2013 07:29 PM

පල්ලියේ ෆාස්ටර් කෙනෙකුට බාර දුන්නා නම් හරි. (නි)

:       0       0

සදී Sunday, 12 May 2013 01:44 PM

මන් දන්නා හාමුදුරු නමක් අබාධිත වයසක ජෝඩුවක් පන්සලේ තියාගෙන සිය අතින්ම උපස්ථාන කරනවා. කාගෙන්වත් ආධාර ගන්නෙත් නෑ. උන්වහන්සේගේ නෑයොත් නෙවෙයි. හාමුදුරුවෝ කියන්නේ එක සමාජ යුතුකමක් කියලා.(නදී)

:       0       0

සෑම් Monday, 13 May 2013 07:37 PM

මමත් මුස්ලිම්. ඒත් මේ ක්‍රියාව බොහොම ඉහලින් අගය කරනවා. මේ හාමුදුරුවරු අර බීලා කාර් එලවන දේශපාලන මට්ටමේ ජාතිවාදය අවුස්සන අයට වඩා ගොඩක් ඉහළින් ඉන්නවා. (නි)

:       0       0

ගාමිණී Sunday, 12 May 2013 01:58 PM

ළමයාගේ දෙමාපියන් කරලා තියෙන්නෙත් හොඳ දෙයක් ළමයාගේ ජීවිතය ගැන හිතලා. ඔබ වහන්සේලාට බොහොම පින්.(නදී)

:       0       0

තිසල් Sunday, 12 May 2013 02:11 PM

ජනක කියන දෙයට මම එකගයි . මම නම් එක්තරා අතකින් නොවෙයි තරයේ විරුද්දයි මේ කරන දෙයට. මේ ළමයා වහාම පරිවාස බාරයට පත් කල යුතුමය. දරුවා මෙලෙස සිප ගැනීම වැළද ගැනීම පැවිද්දන්ට නුසුදුසු වගේම සම ලිංගික අතවරයකට ඇත වැනීමක්මය. බොහෝ දෙනෙක් මා සමග ගැටුමට එන බවද මම දනිමි. එහෙත් වහා මේ දරුවා පරිවාස බාරයට ගත යුතුමය. එපමණක් නොව ඉතා කුඩා දරුවන් දෙමවුපිය අනුමැතියෙන් හෝ මහන නොකළ යුතුය.(නදී)

:       0       0

සුමිත් Sunday, 12 May 2013 02:21 PM

ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේලා වෙත , කුඩා දරුවෙක් අග හිඟ කම් නිසා කාලකන්නි වෙනවට වඩා මේ පන්සලට බාර දීපු එකෙන් ඔය දරුවා ඉදිරි අනාගත කාලයේදී රටට ජාතියට සහ ආගමට වැඩ දායක උසස් පුද්ගලයෙකු වෙනවා සහතිකයි. ඔබ වහන්සේලා කරන්නේ නිවන් දකින්න පුළුවන් පින්කමක්. ජීවිතයකට එලිය දීම විස්තර කරන්න බැහැ. ඇස් දෙක විතරක් නෙවේ ගුණ නුවන සහ බුද්ධිය ලබා දීම කියල නිම කරන්න බැරි අගයක්. එම මව් පියන්ටත් ලොකු පින්කමක්. එයාල ළඟ හිටිය නම් නොවරදවාම සිගමන් ඉල්ලන ළමයෙක් විදියට පාරට බහින්න බොහෝ දුරට ඉඩ තිබුනා. ඔබ වහන්සේලාට බොහොමෝ පින්. සසර දිග හෝ කෙටි වීමට වැඩ මිනිස් ජීවිතයකට එලිය දීම අද කාලයේ වඩා වැදගත් කියලයි මම නම් හිතන්නේ. හැමෝටම තෙරුවන් සරණයි.(නදී)

:       0       0

ජගත් Tuesday, 21 May 2013 05:40 AM

උතුම් බුදු පුත්‍රයන් වහන්සේලාට මගේ නමස්කාරය හිමි වේවා! ඔබ වහන්සේලා මෙලොවට ජනිත කළ දෙමාපියන්ටද මේ පින් බලයෙන් සංසර ගමන කෙලවර කර ගැනීමට හැකි වේවා ! (නි)

:       0       0

ප්‍රසන්න Friday, 17 May 2013 11:32 AM

ප්‍රසන්නගේ ප්‍රතිචාරයට මමත් එකඟ වෙනවා. බුදු පුතනුවනි, ඔබ වහන්සේලාට නිවන් මග වැඩි දුර නැත (නි)

:       0       0

මනෝජ් Sunday, 12 May 2013 02:24 PM

මේක ළමා ආරක්ෂක දෙපර්තූමෙතුවෙන් දැක්කොත් ළමය පරිවාසයට අරගෙන ළමා නිවාසයකට දානවා. එතකොට දැන් මේ ළමයට හාමුදුරුවන්ගෙන් ලැබෙන ආදරය කරුණාව ලැබෙන් නැ.(නදී)

:       0       0

ජයන්ත Monday, 13 January 2014 02:40 AM

මේ වගේ උතුම් වැඩ කරන එකත්, මේවගේ දේවල් මිනිසුන්ට දැන ගැනීමට සලස් වන එකක් මහගු පින් කමක්.(නදී)

:       0       0

දිසානායක Sunday, 12 May 2013 02:33 PM

වදන්නට පින් ඇතිමුත් හදන්න පින් නැත.(නදී)

:       0       0

අනුල Monday, 13 May 2013 02:23 PM

සාදු..සාදු..! ඔබ වහන්සේට අනේක වාරයක් පින්. (නි)

:       0       0

රුවන් Sunday, 12 May 2013 02:40 PM

මෙවැනි සේවාවන් යුතුකම් සියලුම පන්සල්වලින් වෙනවනම් නිර්මල බුදුදහමට වෙනත් ආගමික අයත් හුගක් ගරු කරාවී. මොහමඩ් මුස්ලිම් වුවද ප්‍රතිචාර දැක්වීමට ස්තුතියි. නමුත් මේ වෙනතාක් බුදුදහමේ දේශනා කරපු කිසිමදෙයක් බොරු වෙලා නැහැ.(නදී)

:       0       0

අනුර Sunday, 12 May 2013 02:49 PM

නිසල්ගේ කීම මමත් අනුමත කරනවා.(නදී)

:       0       0

රකිත් Monday, 13 May 2013 07:48 AM

මේ දරුවාටද අනිකුත් දරුවන් මෙන් පාසල් අධ්‍යාපනය ලබා දිය යුතු බව මගේ අදහසයි. තවද, ඔහු පැවිදි කල යුත්තේ නිසි වයසේදී ඔහුට පැවිදි ජීවිතය ගැන අවබෝධයක් ලබා දීමෙන් සහ පැවිදි ජිවිතයට ඔහුගේ කැමැත්ත ලබා ගැනීමෙන් මිස බල කිරීමෙන් නොවිය යුතුය. හතර කෙන්දරේම හරි නැති නිසා අපේ දෙමව්පියන් තම දරුවන් පැවිදි බිමට ඇතුලත් කල අවස්ථා මා අසා ඇත. (නදී)

:       0       0

ෂෙරිෆ් Sunday, 12 May 2013 03:12 PM

අපවත්වී වදාළ රේරුකානේ චන්දවිමල මහ නාහිමි බණපොතක් ලියල තිබුන කොහොමද හාමුදුරුකෙනෙක් සිත මහණ කරගන්නේ කියලා. මම හිතනවා මේ පන්සලේ වැඩ වෙසෙන හාමුදුරුවරු එම බණ පොත කියවන්න ඇති කියා.(නදී)

:       0       0

සදුනි Monday, 13 May 2013 09:05 PM

වීරසිරි, ඔයා හරියටම හරි.(නදී)

:       0       0

විරාජ් Sunday, 12 May 2013 03:44 PM

මහා ලොකු පිනක් කරගන්න මේ නිහඩවම, රටට වැඩ දායී පුද්ගලයෙක් කරා නම් හොදයි, හදා ගන්න බැරි නම් මේ අසරණයින්ට පන්සලකට හරි දීපු එක ලොකු දෙයක් දෙමව්පියන්. අද කාලේ වෙන්නේ කිරි කැටියන්ගේ බෙල්ල මිරිකලා දාන එකනේ හදා ගන්න බැරි උනාම,බොහොම පින් අපේ හාමුදුරුවන්ට.(නදී)

:       0       0

ෂපීක් Sunday, 12 May 2013 04:07 PM

මේ දරුවා අසරණයි. එයාට මේ හාමුදුරුනම කරන්නේ මහත් පින්කමක්, නිසි වයස එනකම් ඔහුට මේ විදිහට ආරක්ෂාව ලැබෙනවානම් හොදා. (නදී)

:       0       0

හේමන්ත Sunday, 12 May 2013 04:35 PM

පරිවාස වල, ළමා නිවාස වල හැදෙන ළමයින්ට වෙන දෙය අපි ඕන තරම් පත්තර වලින් දෙක තියෙනවා. කවුරු මොනවා කීවත් මේ ලමයව හදා ගන්න හාමුදුරුවනේ. නිවන් දකින්න කලින් සමාජ මෙහෙවර හුගක් දැනෙන යුගයක් මේක. (නදී)

:       0       0

තිලාන් Monday, 13 May 2013 10:02 PM

හැමෝටම අයිතියක් තියෙනවා තමුන්ගේ අදහස් නිදහසේ පල කරන්න. මේ හාමුදුරුවරු කරන දේ අගයන්න ඕනෑ, අපි හැමෝම. මට පෙනෙන විශේෂ දේ තමයි අපේ මුස්ලිම්/ ක්‍රිස්තියානි සහෝදරයෝ මේ දේවල් අගය කරන එක. ජාතිවාදයක්, ආගම්වාදයක් අපේ රටේ මතුවෙලා තියෙන වෙලාවක මෙහෙම සුබදායී දේ දකින්න ලැබෙන එක සතුටක් (නි)

:       0       0

අභිජිත් Sunday, 12 May 2013 04:49 PM

මේකේ පැතී කිහිපයක්ම තියනවා. දරුවෙකුට අවශ්‍ය උණුසුම, ආදරය, කරුණාව ලැබෙනවා. පොඩි හාමුදුරුවරුවරුන්ට සහෝදර ප්‍රේමය. දරු හුරතල් ලබන වයසේ ඉන්න ලොකු හාමුදුරුවරුන්ටත් එක පිරිමැහෙනවා. මේවා ජීව විද්‍යාත්මක අවශ්‍යතා. පන්සල්වල මේ සෙනෙහස පිලිබඳ අවශ්‍යතාවය ගොඩක් දුරට පිරිමෙහෙන්නේ ඉන්න බල්ලා බළලා වාගේ සත්තුන්ගෙන්. මන් හිතන්නේ නෑ මේකෙන් පැවිදි දිවියට හානියක් වෙයි කියල. දරුවටත් යහපතක් මිස අයහපතක් නොවේවි. දැනටමත් "දරුවා", "මල්ලි" යන හැඟීම හිමිවරු අතරේ තියෙන්නේ. ඉතින් ලිංගික අතවර කරන්න තරම් නම් පහත තත්ත්වයට නොවැටේවි. කොහොමත් පෙරපාසල් ගෙන යන එක, පාසල් ගෙනියන එක වගේ තව බොහෝ වැඩ ඉදිරියේදී එනවා, ඒ ගෙනත් හිතල හොඳ දෙයක් කරන්න වෙනවා. හැමොටම යහපතක්ම උදා වේවා. (නදී)

:       0       0

අතපත්තු Sunday, 12 May 2013 05:15 PM

තිසල් සහෝදරයා, වටිනා මාතෘකාවක් ගැන අදහස් දක්වන්න. අපි හැමෝටම ලැබිලා තියෙන්නේ සම ලිංගික අතවරයකට අත වැනිමක් කීමෙන් බෞද්ධ භික්ෂූන් හෑල්ලුවකට ලක්කිරීමක් නේද? ඔයා නොකියා කියන දෙයක් මෙතන ගැබ් වෙලා තියෙනවා. කුඩා දරුවෝ හදා වඩා ගන්න පන්සල් තව තියෙනවා. අපේ හමුදුරුවන්නට මේ රත්තරන් කොලු පැටියටත් ඔබ සැමටත් යහපතක්ම සිදු වේවා(නදී)

:       0       0

කොස්වත්ත Sunday, 12 May 2013 05:19 PM

මා නම් මේකට විරුද්ධයි. මොකද මේක පුර්ණ නරක ආදර්ශයක්. තව ටිකක් කල් යනකොට පන්සල ළමා අනාථ මඩමක් වේවි. පන්සල කියනේ පන්සලක් මිස ළමා අනාථ මඩමක් නොවේ.(නදී)

:       0       0

අනුරාධ. Sunday, 12 May 2013 05:56 PM

යම් ප්‍රවතක් දුටුවම ඒ පිළිබඳව යම් යම් අදහස් පහල වෙන්නේ අපේ සිතිවිලි අනුවයි. පෘතුග්ජන මිනිසුන් වශයෙන් ඕනෑම කෙනෙක් තුල අඩුවැඩි වසයෙන් හොඳ නරක දෙකම තියෙනවා. හරියට අර තාපස තුමන්ලා ලගටයි සොර කණ්ඩායම ළඟටයි වැටුණු ගිරා පැටවූ දෙන්නගේ වගේ. මෙපමණ සද්භාවයෙන් කරන ක්‍රියාවක් අර සොර කණ්ඩායම ළඟට වැටුණු ගිරවා දකින විදිහට දැකීම සුදුසුද?(නදී)

:       0       0

උදය Monday, 13 May 2013 10:18 AM

සුරංග අන්තයට හිතන්න එපා. මේක උතුම් පින්කමක්. ඒක අගය කරන්න (නි)

:       0       0

සංජීවනී Thursday, 30 May 2013 08:08 AM

මට ඇස් වලට කදුළු එනවා.ඔබ වහන්සේලාට බුදු බව ලැබෙන්න ඕනෑ (නි)

:       0       0

සුසිල් මිලනො Sunday, 12 May 2013 06:48 PM

පත්තරේ දෑමිල්ලෙන් මේ දරුවට මේ සෙනෙහස අහිමි නොවේවා!(නදී)

:       0       0

ශාන් Monday, 13 May 2013 10:45 AM

මේ දරුවාව ක්‍රිස්තියානි මිෂනාරි සහෝදරතුමන්ලාට භාර දුන්නා නම් හොද අධ්‍යාපනයක් ලබාදී රටට වැඩදායි හොද පුරවැසියෙක් වන්නට ඉඩ තිබුණා.වහා මේ දරුවා පරිවාස බාරයට ගත යුතුමය (නි)

:       0       0

ධර්මපාල-නිව්යෝර්ක් Monday, 13 May 2013 04:33 PM

ප්‍රසන්න, ඔබ හරියටම හරි (නි)

:       0       0

අමර Sunday, 12 May 2013 07:57 PM

කොයිතරම් අගේද? (නි)

:       0       0

මුතුකුඩ Sunday, 12 May 2013 08:20 PM

අතීතයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින් විඥානය මෙහෙයවා ගතකළා වු මුලු ජීවිතයම පන්සලකි දහම් පාසලකි. අද යමි හොද දෙයක් ගිහියෙක් හෝ පැවිද්දෙක් සිදුකළ පමණින් එය සමාජගත වීමෙන් පෙනීයන්නේ පිරිසක් රංගනයේ යෙ‍දෙන අතර තව පිරිසක් නරඹන්නන් ලෙස එයට ඔල්වරසන් දෙන රගමඩලක් තුල ධර්මය නමැති නාටකයද වානිජකරණයට හසුව සමාජගතවන තිරනාටකයක් ලෙසයි. (නි)

:       0       0

හේමන්ත Sunday, 12 May 2013 10:35 AM

බුදුහාමුදුරුවන්ගේ කාලෙත් මෙහෙම කුඩා දරුවෙක් පන්සලට බාර දුන්නා දෙමාපියන් විසින්. භික්ෂුන් ඔහුව භාර අරන් හදා වඩා මහන කළා. බොහොම පින් අපේ හාමුදුරුවන් වහන්ස.(නදී)

:       0       0

රනිල් Sunday, 12 May 2013 08:23 PM

මේ දරුවාව ක්‍රිස්තියානි මිෂනාරි සහෝදරතුමන්ලාට භාර දුන්නා නම් හොද අධ්‍යාපනයක් ලබාදී රටට වැඩදායි හොද පුරවැසියෙක් වන්නට ඉඩ තිබුණා. (නි)

:       0       0

පයිසාර් Sunday, 12 May 2013 10:37 AM

බලන කොටත් නෙත් වලට කදුළු එනවා. ඔබ වහන්සේලාට බුදුබව අත්වේවා. මේ කරන පින් දහමට. අපට ජාතියක් අවශ්‍ය නැහැ.(නදී)

:       0       0

මෝහමෙඩ් Sunday, 12 May 2013 10:49 AM

අගය කල යුතු ඉතාමත් හොඳ වැඩක්.(නදී)

:       0       0

ප්‍රසන්න Monday, 13 May 2013 11:14 AM

මේ දරුවාව අතරමං කරලා යනවිට උදව්වට කවුරුත් නැහැ. පින්වත් හාමුදුරුවරු අවුරුදු දෙකක් ළමය හැදුවා නම් ඔහුගේ අනාගතයත් උන්වහන්සේලා බලා ගනී. මෙතැන බුරන අය දැනගන්න ඕනෑ හාමුදුරුවරු අපේ මුර දේවතාවුන් බව. (නි)

:       0       0

ජනක Sunday, 12 May 2013 10:51 AM

මේක ලොකු සත්කාරයක් උනත් මන් එක්තරා අතකින් කැමති නැහැ මේ වැඩේට. හේතුව දාරක ස්නේහය සංසාරෙන් එතෙර වන්නට ඇති එක්තරා බාදාවක් නිසා. හාමුදුරුවන්ගේ හිතේ දාරක ප්‍රේමය ඇති වෙනවා නේද මේ වැඩෙන්. මන් වැරදිනම් නිවැරදි කරන්න.(නදී)

:       0       0

මංගල Friday, 17 May 2013 08:59 AM

අගය කළ යුත‍ ඉතාම යහපත් වැඩක් (ස)

:       0       0

වීරසිරි Monday, 13 May 2013 05:10 PM

ශාන්ට පිස්සුද? ඔලුව හෝද ගන්නවා කොහාට හරි ගිහිල්ලා. අපේ හාමුදුරුවරු කරන්න යන්නේ ලමයව හොද පුරවැසියෙක් කරන්න. ක්‍රිස්තියානි පූජකයන්ට දුන්නා නම් ලමයව ඌරු කොටුවක් බලාගන්න දී වෙන වැඩ වලටත් ගනීවි (නි)

:       0       0

හසිත Sunday, 12 May 2013 11:00 AM

බොහොම පින් ඔබ වහන්සේට.(නදී)

:       0       0

සරත් Sunday, 12 May 2013 08:46 PM

සිංහල බෞද්ධකම ගැන කෑගහන නමුත් සිංහල බෞද්ධයන්ට කිසිවක් නොකරන්නන්ට මෙය හොද ආදර්ශයක් (නි)

:       0       0

මෝහමෙඩ් Sunday, 12 May 2013 11:08 AM

බුදු බව ඇත්ත වෙන්න ඕනේ මේ කරන පින් කමට. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපිට ලොකු ආඩම්බරයක් හාමුදුරුවනේ.(නදී)

:       0       0

පැතුම් Sunday, 12 May 2013 11:12 AM

ඔබ වහන්සේලාට බොහෝම පින්. දැන් ඒ දරුවා කොච්චර ආදරයෙන් හැදෙනවා වැඩෙනවාද? (නදී)

:       0       0

සරත් Sunday, 12 May 2013 08:56 PM

රනිල් වරදවා තීරුම් ගන්න එපා. " මේ දරුවාව ක්‍රිස්තියානි මිෂනාරි සහෝදරතුමන්ලාට භාර දුන්නා නම් හොද අධ්‍යාපනයක් ලබාදී රටට වැඩදායි හොද පුරවැසියෙක් වන්නට ඉඩ තිබුණා" ඔබගේ කියමනෙන් අදහස්වෙන්නේ පන්සලෙන් එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලද? අමතක කරන්න එපා මේ වෙනකම් ශ්‍රී ලංකාවේ බිහිවුන උගත් පඩිවරු, කිවිවරු ආදී සියලුම අය බිහිවෙලා තියෙන්න පන්සල් හා පිරිවෙන් ආශ්‍රිත පරිසරවල මිසක් ඔය කියන ක්‍රිස්තියානි මිෂනාරි පල්ලිවල නම් නෙමෙයි (නි)

:       0       0

අන්වර් Sunday, 12 May 2013 11:12 AM

කුඩා ළමයෙක් සිප ගැනීනේ ලැබෙන තෘප්තිය මේ ලෝකේ කිසිම දෙයකින් ලබන්න බැහැ.(නදී)

:       0       0

චතුරංග Tuesday, 14 May 2013 06:55 AM

මෙතන බොහෝ දෙනා විවිද ආකාරයේ අදහස් දක්වා තිබෙන බවක් දක්නට ලැබෙනවා. නමුත් එක දෙයක් මතක තබා ගත යුතුයි . "නිවන් දකින්නට පින් මදිවෙන්නැති ඒකයි තවමත් සංසාරේ " . නිවන් දකින්නට පෙර පින් රැස කල යුතුයි . එම නිසා යමෙක් හොඳක් කරනවා නම් එය හොඳ විදිහට හොඳ ඇසකින් , හොඳ චේතනාවකින් දකින්න පුරුදු වෙනවා නම් ගොඩක් හොඳ බව මගේ අදහසයි . ඉන් ඔබ්බට හිතන්න යාම අවශ්‍ය නැත . ඔබ වහසේට සහ අදහස් දැක්වූ සියලුම දෙන හට තෙරුවන් සරනයි ! (නදී)

:       0       0

සිසිර Sunday, 12 May 2013 11:20 AM

ජාතියේ පිනට මේවගේ හාමුදුරුවරු පහල වෙන්නේ මේ වගේ උත්තමයෝ ඉන්නවනම් බුද්ධාගම විනාශ මුඛයට යන්නේ නැහැ.(නදී)

:       0       0

බංඩාර Sunday, 12 May 2013 11:20 AM

සෙනෙහසක් නැතිතැන කරුණාවක් ඉපදෙන්නේ නැහැ. ඔබවහන්සේලා පතන සංසාර පින් අනු මෝදනාව්ට යහපතක්ම වේවා!(නදී)

:       0       0

සිසිර Monday, 13 May 2013 05:32 PM

මේ දරුවාව අතරමං කරලා යනවිට උදව්වට කවුරුත් නැහැ. පින්වත් හාමුදුරුවරු අවුරුදු දෙකක් ළමයා හැදුවා නම් ඔහුගේ අනාගතයත් උන්වහන්සේලා බලා ගනී. (නි)

:       0       0

ඩී.උපුල් Sunday, 12 May 2013 11:24 AM

ජනක, සංසාරෙන් එතෙර වෙන එක ටිකක් කල් ගියත් කමක් නැහැ මේවගේ උදාර වැඩක් කරලා.(නදී)

:       0       0

සම්පත් Monday, 13 May 2013 05:44 PM

සිත පහන් වෙන දසුනක්. ඔය වගේ අසරණ දරුවන්ව පන්සල් වලට බාරදෙන එක කොච්චර හොදද, අතරමග දාන්නේ නැතිව. හාමුදුරුවනේ, ඔබ කරන්නේ නිවන් දකින වැඩක්. (නි)

:       0       0

අංජන Sunday, 12 May 2013 11:40 AM

අද මේ පුණ්‍ය ක්‍රියාව අගය කරනවා වගේම ගරු කරනවා. මේ දරුවාගේ මාපියන්ගේ කැමැත්ත ඇතුව මහන කරන්න. අපේ ආගම ගැන ආඩම්බරයක් දැනෙනවා.(නදී)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Sunday, 12 May 2013 11:41 AM

ඉතාමත් හොඳ වැඩක්. මරා දමන්නේ නැතිව පන්සලට බාරදූන් එකනම් බොහොම පින්. ඔබ වහන්සේලාට බුදුබව අත්වේවා.(නදී)

:       0       0

හේරත් Tuesday, 14 May 2013 07:33 AM

ආඩම්බරයි හසන්ත ආඩම්බරයි. (නි).

:       0       0

සමන් Sunday, 12 May 2013 11:44 AM

මෙන්න ඉන්නවා කටපුරා හාමුදුරුවරු කියල කියන්ඩ පුළුවන් පිරිසක්. බෞද්ධ හාමුදුරුවරුන්ගෙ නුගුණ පමණක් දැක අදහස් පලකරන උදවිය මේ වගේ ප්‍රවෘත්තියකට අදහසක් පලනොකරන්නෙ තියෙන කුහක කමට.(නදී)

:       0       0

සාදි Sunday, 12 May 2013 10:10 PM

ඇයි රනිල්, පන්සල්වල හාමුදුරුවරු උගන්වන්නේ සහ ඉගෙනගන්නේ නැති කොටසක් කියලද හිතන්නේ? (නි)

:       0       0

ශාන් Tuesday, 14 May 2013 07:39 AM

බුදු හාමුදුරුවෝ තමගේ දරුවටත් යහමග පෙන්නන්න එක්කගෙන ගියේ පන්සලකට. මම හිතනවා මේ හාමුදුරුවරු මේ අහිංසක දරුවටත් යහමග පෙන්නයි දරුවාට තේරෙන කාලය ආවම. (නි)

:       0       0

කුමාර් Sunday, 12 May 2013 11:58 AM

හාමුදුරුවරු මේ වගේ හොඳ දේවල් කරනවා නම් මෙරටට හොඳක් වෙනවා. හාමුදුරුවරු දේශපාලු වැඩයි බිස්නස් වැඩයි කරන්න ගියාම රට විනාසෙට යනවා. (නි)

:       0       0

මොහමඩ් Sunday, 12 May 2013 10:13 PM

බොහොම පින්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 1531 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 262 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 4434 1

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 474 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 626 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 2172 3

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38256 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site