IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


හිමිනම ගෙයක් පිරිනමයි

කුල දරුවකු මහණ කිරීමෙන් දින කිහිපයකට පසු සාමනේර  හිමියන්ගේ පියා  අනුරාධපුර  සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානයට ආවේය.

තම කටුමැටි  නිවහනේ  තෙමෙන වහලයට  සෙවිලි කැර ගැනීම සඳහා පන්සලෙන්  ඉවත ලා ඇති  සෙවිලි තහඩු දෙක තුනක්  දිය හැකිදැයි  ඉල්ලා සිටියේය.

පන්සලේ වහළයකින්  ඉවත් කැර තිබු  සෙවිලි තහඩු  කිහිපයක් සිරිසඟබෝ  භාවනා මධ්‍යස්ථානාධිපති උතුරු මැද ප්‍රධාන සංඝනායක අලුත්ගම  බෝගමුවේ සද්ධාරංසි නාහිමියෝ  ඔහුට  දුන්හ.ඔහුගේ බැගෑපත්බව දුටු  නාහිමියෝ  පසු ගිය දින  සාමනේර කරුණු විමසා  ඒ හිමියන්ද  කැටුව අනුරාධපුරයට නුදුරු දේවානම්පියතිස්සපුර නිවසට වැඩම කළහ.

අතරින් පතර පොල්අතු රැඳි අහස පෙනෙන  වහළත් වැස්සට සේදී ගිය වරිච්චි බිත්ති සැකිලි හා වළ ගොඩැලි සහිත ගෙබිමත් ඒ හිමියෝ  දුටහ.

හදිසියේම ගෙපැලට  වැඩිය නා හිමියන්ට  පොඩි හාමුදුරුවන්ගේ මෑණියන් වන  ප්‍රියන්තා සුදර්ශණී තම අසරණභාවය නොසඟවා  කීවාය.

රෝගාබාධ තත්ත්වයකින් පසු වන  පසු වන තම සැමියා  වන ප්‍රියන්ත දසනායකට සැත්කමක්  කැර ඇති බවත් මේ හේතුව නිසා ඔහුට වැඩක් පලක් කැරගත  නොහැකි බැවින් දරු හතර දෙනකුගෙන් යුත් පවුල  රැක ගැනීමට විඳින්නා වු  වෙහෛසත් ,වැසි කාලවලට ගෙපැලට පිවිසිය නොහැකි බැවින් අසල් වැසි නිවැසියන් තමන්ට පිහිටවන ආකාරයත් ඇය හැඩු කඳුලින්  පවසා සිටියාය.

රුපියල් ලක්ෂ දොළහකට වැඩි මුදලක් වැය කැර එම දරුපවුල වෙනුවෙන් ඉදිකරන ලද නිවසට ගෙවදීමේ චාම් උත්සවයක් ද පසුගියදා පැවැත්විණී.

බෝගමුවේ සද්ධාරංසි  නාහිමියෝ  එම නිවස එම දරුපවුලට බාර දුන්හ.

වාරිමාර්ග හා ජල කළමනාකරණ  නියෝජ්‍ය අමාත්‍ය ඩබ් බී ඒකනායක මහතා මේ උත්සවයේ ආරාධිත අමුත්තා විය.

ශ්‍රී සම්බුද්ධ  ශාසනයේ චිරස්ථිය  උදෙසා  විශාල මෙහෙවරක නිරතව සිටින සද්ධාරංසි නාහිමියන්ගේ  මේ සමාජ සත්කාරය  මුළු රටටම ආදර්ශයක්  බවද,එමෙන්ම  දේවානම්පියතිස්සපුර පියරතන නමින්  සසුන්ගත වු කුල දරුවාද  මා පිය දෙපළද පෙර පිං ඇත්තන්  බව ද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ  උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක පොතානේ ධම්මානන්ද නා හිමියෝ එහිදී  අනුශාසනාවක් කරමින් පැවසුහ.

ඔවුන් පෙර ජීවත් වු නිවස

විහාරාධිපති හිමියන් ඉදි කර දුන් නව නිවස

 



අදහස් (0)

හිමිනම ගෙයක් පිරිනමයි

දුලන ලියනගේ Thursday, 12 June 2014 06:44 AM

නමෝ බුද්ධාය ! (නි)

:       0       0

මිලින්ද Thursday, 12 June 2014 07:16 AM

‍රැ‍ඳෙන්නට හැකිනම් ළමා කැළ හඬන දෙතොලඟ සිනාවක් වී... පිපෙන්නට හැකිනම් තුඩින් තුඩ නෙළාගත හැකි වන මලක් වී... නිදන්නට හැකිනම් දෙනෙත් තුළ සැබෑ වන සුබ සිහිනයක් වී... ගැයෙන්නට හැකිනම් දොරින් දොර ලොවම පුබුදන ගීතයක් වී... (නි)

:       0       0

සන්ධ්‍යා Wednesday, 11 June 2014 06:12 PM

බුදු පුතෙක් කළ උතුම් මෙහෙවරක්. ඔබ වහන්සේට තෙරුවන් සරණයි! (නි)

:       0       0

චන්දන Thursday, 12 June 2014 02:57 PM

නියම බුදු පුත්‍රයන් තවම ඉන්නවා අපේ රටේ (නදී)

:       0       0

ටෙනිසන් Wednesday, 11 June 2014 06:29 PM

මහත්ඵල, මහානිසංස දෙන මහා පින්කමක්.බෝසත් චරිතයක් (නි)

:       0       0

ජානක Thursday, 12 June 2014 08:05 AM

මේවා හොඳ ආදර්ශ (නි)

:       0       0

තිලක් Wednesday, 11 June 2014 06:37 PM

සාධු සාධු සාධු!!! (නි)

:       0       0

වසන්ත Wednesday, 11 June 2014 06:37 PM

හොඳ පින්වත් වැඩක්. ඔය අලුතින් බිභිවෙන යම් යම් සංවිධාන වල හාමුදුරුවරුත් මේවා ආදර්ශයට ගත්තොත් හොඳයි. (නි)

:       0       0

අසිත් Wednesday, 11 June 2014 06:53 PM

අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි! (නි)

:       0       0

රනිල් Wednesday, 11 June 2014 06:54 PM

හාමුදුරුවරු මිනිසුන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන එක ගොඩක් හොඳයි. මොකද පන්සලේ හාමුදුරුවරුන්ට මේ වාගේ දෙයක් කරන්න පහසුයි. හාමුදුරුවන් පිළිබඳ හොඳ විශ්වාසයක් ගම්වැසියන් අතර තියෙනවා (නි)

:       0       0

සෝමා Wednesday, 11 June 2014 06:54 PM

මේවා තමයි නියම පුණ්‍ය කටයුතු... (නි)

:       0       0

පෙරේරා Wednesday, 11 June 2014 06:58 PM

ස්වාමින් වහන්සේ නමක් මෙහෙම දෙයක් කළා කියන එකම‍ කොච්චර වටිනවද? (නි)

:       0       0

එරංග Thursday, 12 June 2014 03:57 PM

අපේ අයට අපි උදව්වට ඉන්නවා නම් අපිට ජීවිත ජය ගන්න පුලුවන් (නදී)

:       0       0

ප්‍රභාත් බංඩාර Thursday, 12 June 2014 03:57 PM

ඔබ වහන්සේ මෙ කළ පින සෙසු ස්වාමීන්වහන්සේලාටත් හොඳ ආදර්ශයක්.(නදී)

:       0       0

පහන්දී Wednesday, 11 June 2014 07:08 PM

මහත්ඵල මහානිසංස ලැබෙන උතුම් සද්ක්‍රියාවක්. ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවයෙන් චිරාත් කාලක් වැජඹේවා! (නි)

:       0       0

කෙහෙළිය Thursday, 12 June 2014 09:23 AM

ඔබ වහන්සේ අපේ කාලයේ උතුම් සග රුවනක් . (දී)

:       0       0

උපුල් ජයකොඩි Thursday, 19 June 2014 12:54 PM

ඉතාමත් යහපත් ක්‍රියාවක්. සියලුම බෞද්දයන්ට ආදර්ශයක් (නදී)

:       0       0

රසික Wednesday, 11 June 2014 07:52 PM

මතු බුදුවේවා අපේ හාමුදුරුවනේ! (නි)

:       0       0

ගිම්හාන් Wednesday, 11 June 2014 07:58 PM

ඔය වගකිවයුත්තන්ට මෙච්චර කලක් ඕක පෙනුනේ නැද්ද හැබෑටම? හාමුදුරුවන් වහන්සේට සසර වසන තුරු දිව්‍ය මාළිගා සැප සම්පත් ලැබෙන පිනක්. (නි)

:       0       0

සුනිල් රියාද් සිට Wednesday, 11 June 2014 07:59 PM

ඔබ වහන්සේ සංඝ පරපුරටම ආදර්ශයක්. ඔබ වහන්සේට තෙරුවන් සරණයි! (නි)

:       0       0

චාමර Thursday, 12 June 2014 09:59 AM

කෝ මේ බොදු බල සේනාව (දී)

:       0       0

මංජුල අබුඩාබි සිට Wednesday, 11 June 2014 08:19 PM

දිර්ඝායුෂ අපේ හාමුදුරුවන්ට. හැබැයි අපේ හාමුදුරුවන්ගේ සමහර දායක පිරිස් කැමති නැතුව ඇති මේ වගේ පුණ්‍ය කර්ම වලට. නමුත් ඔබ වහන්සේ කරන ලද මේ පුණ්‍ය කර්මය ජාති ජාතිත් පින් පළදෙනවා. (නි)

:       0       0

නිශාන්ත Wednesday, 11 June 2014 08:27 PM

සාධු සාධු සාධු!! (නි)

:       0       0

අසෝකා Wednesday, 11 June 2014 02:48 PM

පන්සල්වලට මිනිසුන් සද්භාවයෙන් බොහෝ දේ දන් දෙන මුත් මිනිසුන් ගැන මෙලෙස අනුකම්පාවෙන් බලන හිමිවරු ඉතාම විරලයි. ඔබවහන්සේගේ මේ සත්කාරය සියල්ලන්ටම ආදර්ශයක් වේවා! උතුම් ක්‍රියාවක්! (ස)

:       0       0

ඉසුරන්දි Wednesday, 11 June 2014 02:59 PM

ලොකු පිනක්. (ස)

:       0       0

බිංයක Wednesday, 11 June 2014 08:40 PM

මේ කළ පිනම ඇති ඔබ වහන්සේට මතු බුදු වන්නට (නි)

:       0       0

මාලක ‍ Wednesday, 11 June 2014 08:45 PM

ඔන්න කරනවා නම් වැඩ (නි)

:       0       0

එශාන් Wednesday, 11 June 2014 09:02 PM

සාදු සාදු සාදු (දී)

:       0       0

සදුනි Wednesday, 11 June 2014 09:17 PM

රහතන් වහන්සේ නමකට වදින්නා සේ මම ඔබ වහන්සේගේ දෙපා නමදිමි. (දී)

:       0       0

සම්පත් Wednesday, 11 June 2014 03:26 PM

අාදර්ශවත් සත් ක්‍රියාවක්. මෙවැනි උපකාර තවත් කරන්න වාසනාව ධෛර්ය මේ හිමියන්ට ලැබේවා... (ස)

:       0       0

අසේල Wednesday, 11 June 2014 09:44 PM

ගොඩක් පින් (දී)

:       0       0

ආනා Wednesday, 11 June 2014 03:34 PM

බොහොම පින් සිදුවෙනවා හාමුදුරුවනේ. මම වැඩ කරන තැන සහෝදර සේවක පිරිස සමඟ මෙවැනිම ගෙයක් අපිත් හැදුවා, කළුතර දොඩන්ගොඩ ප්‍රදේශයේ. (නි)

:       0       0

රවී Thursday, 12 June 2014 06:26 PM

හදවතින්ම සතුටු වෙනවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව වර්ධනය වේවා! (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 11 June 2014 03:37 PM

බුදු දහමේ අරුත තේරුම්ගත් හිමිනමක්. (නි)

:       0       0

නුවන් Wednesday, 11 June 2014 03:42 PM

මහා පින්කමක්! (නි)

:       0       0

ශශීමාල් Wednesday, 11 June 2014 03:45 PM

සාධු! සාධු!!ලොකු පින්කමක්.කෝ දැන් අර හාමුදුරුවරුන්ට මඩ ගහන පාපතරයන්? (නි)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Wednesday, 11 June 2014 10:11 PM

ගිහි පැවිදි දෙකොටසටම මනා ආදර්ශයක් ඔබවහන්සේ දුන්නේ.විශේෂයෙන් සමහරෙක් හාමුදුරුවන් වහන්සේලාට වඩා උතුම් මේ පරමාදර්ශය. (දී)

:       0       0

සු Wednesday, 11 June 2014 10:16 PM

ඉහලම පින්කමක් කල ඔබ වහන්සේගේ පාදය මම නළල් තලයෙන් වදිමි. (දී)

:       0       0

ක්‍රිෂාන්ත.ස්ය්ප්‍රස්. Wednesday, 11 June 2014 10:22 PM

ඔබවහන්සේලා වැනි බුද්ධපුත්ත්රයන් වහන්සේලා මතුවටත් වාසනාවන්....වාසනාවන්.....වාසනාවන්....(දී)

:       0       0

ශාන සෞදි Wednesday, 11 June 2014 10:25 PM

පන්සල්වලට මිනිසුන් සද්භාවයෙන් බොහෝ දේ දන් දෙන මුත් මිනිසුන් ගැන මෙලෙස අනුකම්පාවෙන් බලන හිමිවරු ඉතාම විරලයි. ඔබවහන්සේගේ මේ සත්කාරය සියල්ලන්ටම ආදර්ශයක් වේවා! උතුම් ක්‍රියාවක්! සාදු සාදු සාදු !!!!!!!!!!!(දී)

:       0       0

නදීර Wednesday, 11 June 2014 03:54 PM

බොහොම හොඳ වැඩක් (නි)

:       0       0

විජේසුන්දර Thursday, 12 June 2014 11:28 AM

අසරණයන්ට පිහිටවීම උත්තම ගුණයකි. කාලයකට පසුව උසස් සඟරුවනක් දැක්කෙමි .සාධු ! සාධු !(දිල්)

:       0       0

සිරිල් මාල දිවයින Thursday, 12 June 2014 11:30 AM

ඔබ වහන්සේට මෙම පුණ්‍ය කර්මය නිවන් පිණිසත් නිවන් දක්නා ජාති දක්වා ආරාම, සෙනසුන් ලාභය පිණිසත් හේතු වේවා. (දිල්)

:       0       0

කෝසල Wednesday, 11 June 2014 03:58 PM

බොරුවට පුරාජේරු කතාකරන අයට වඩා, අති උතුම් නිවන් දකින පින් මේවා (නි)

:       0       0

වින්දික Wednesday, 11 June 2014 03:58 PM

අපට බුදු සසුනේ පිහිට හැර අන් කුමන පිහිටක්ද? (නි)

:       0       0

හංසි Wednesday, 11 June 2014 11:15 PM

කොලොම්පුරේ අප ඉන්නා ඉසව්වට - නොමැත මෙවන් පිං බර දසුන් දකින්නට - ඉඩකඩ නොමැත අපහට පිං අරගන්ට - පතනෙමු චිරජීවනය! පින්බර අපෙ හිමිට. (දී)

:       0       0

කුමාරි Wednesday, 11 June 2014 04:02 PM

මෙවැනි සද්ක්‍රියාවක් කළ ඔබ වහන්සේට තෙරුවන් සරණයි! (නි)

:       0       0

මහේන්ද්‍ර Wednesday, 11 June 2014 11:20 PM

ඔබ වහන්සේ නිවන් දැකල ඉන්නේ ..මේක අනිත් හිමිවරුන්ටත් ආදර්ශයක් ..සාදු! සාදු!! සාදු!!! (දී)

:       0       0

හේමචන්ද්‍ර Wednesday, 11 June 2014 11:37 PM

සමහර පන්සල්වල අදායම රුපියල් ලක්ෂ ගණන් නමුත් මේවගේ පින්කම් දකින්න ලැබෙන්නේ නැහැ මේවගේ හිමිවරු හැම තැනම් සිටි නම් මේ රට පින් ඇති රටක් වෙනවා සිකුරුයි . මෙවෙනි හිමිවරු තව තවත් පහල වේවා. ඔබ වහන්සේට පින් පින් සදු!!සාදු!!(දී)

:       0       0

මහින්ද Wednesday, 11 June 2014 04:09 PM

වචනයේ පරිස්මාප්ත අර්ථයෙන්ම මේ නම් නියම බුද්ධ පුත්‍රයෙක්. වාසනා වේවා මෙවැනි දෙවිවරුන් තවමත් අපි අතර ඉන්න එක ගැන (නි)

:       0       0

චන්දන Wednesday, 11 June 2014 04:14 PM

මෙවැනි හිමිවරුන් බොහොමයක් රටට විශාල සේවයක් කරනවා. (නි)

:       0       0

විරාජ් Thursday, 12 June 2014 12:02 AM

මේවා තමයි සැබවින්ම පින්කම්....ඔබ වහන්සේට තෙරුවන් සරණයි! (දී)

:       0       0

ජානුක Wednesday, 11 June 2014 04:14 PM

මෙන්න මේවා තමයි පින් කියන්නේ. කවදා හෝ නිවන් අවබෝධ වේවා මේ උත්තම හාමුදුරුවන්ට! (නි)

:       0       0

රන්ජිත් Wednesday, 11 June 2014 04:15 PM

බුදු සසුන බැබළෙන්නේ මේ වගේ අය නිසයි. ඉතාමත් උතුම් ක්‍රියාවක්. මම සුභ පතමි. (නි)

:       0       0

රංගන Wednesday, 11 June 2014 04:16 PM

ඔබ වහන්සේට බොහෝ පින්. වචනයෙන් නොව ක්‍රියාවෙන් සිල්වත් බව ඔප්පු කිරීම මහඟු පිනක්. ලොවට ආදර්ශයක්. (නි)

:       0       0

සරත් පර්ත් Wednesday, 11 June 2014 04:19 PM

ඔබ වහන්සේගේ සියලු බලාපොරොත්තු සඵල වීමට මේ පින හේතු වාසනා වේවා !!! (නි)

:       0       0

කුමාර Wednesday, 11 June 2014 04:18 PM

අපේ නාහිමියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි! තවත් මෙවැනි සත්කාර කිරීමට හැකිවේවා! (නි)

:       0       0

කුවේට් සම්පත් Thursday, 12 June 2014 12:18 AM

අලුත්ගම බෝගමුවේ කෙනෙක් හෙටියට අපිට හරි ආඩම්බරෙය්.අපේ ආගමට ගරු කරන්න මිනිසුනේ! (දී)

:       0       0

අමල් Thursday, 12 June 2014 12:31 AM

ඔබ වහන්සේට තෙරුවන් සරණයි!(දී)

:       0       0

හසිත් Wednesday, 11 June 2014 04:23 PM

ඔබ වහන්සේට තෙරුවන් සරණයි! (නි)

:       0       0

කපිල Wednesday, 11 June 2014 04:27 PM

මේවා තමයි නියම පින්කම් (නි)

:       0       0

මහින්ද Wednesday, 11 June 2014 04:29 PM

සිරි සඟබෝ විහාරය විශාල ශාසනික මෙහෙවරක් කරනවා. (නි)

:       0       0

වීරක්කොඩි Wednesday, 11 June 2014 04:33 PM

මෙවන් බුදුපුතුන් අද කාලයේ විරලය. ඔබ වහන්සේට තෙරුවන් සරණයි! (නි)

:       0       0

කාන්ති Wednesday, 11 June 2014 04:41 PM

ඇත්තෙන්ම විශිෂ්ට කාර්යයක් (නි)

:       0       0

රවී Wednesday, 11 June 2014 04:50 PM

ලොකු පිනක් ඔබවහන්සේ කරගත්තේ (නි)

:       0       0

නිම්සර Wednesday, 11 June 2014 04:52 PM

තව තවත් මෙවැනි දේ කරන්නට ශක්තිය ලැබේවා! (නි)

:       0       0

ශානි Wednesday, 11 June 2014 05:14 PM

ඉතාම වටිනා ක්‍රියාවක්. ඉදිරියටත් යහපත් දේ කිරීමට ශක්තිය ලැබේවා! (නි)

:       0       0

භානුක Wednesday, 11 June 2014 05:20 PM

ස්වාමින් වහන්සේට මගේ බැතිබර වන්දනාව! මෙන්න නියම අයුරින් ශාසනය රක්ෂා කරන පුජ්‍ය පක්ෂය. (නි)

:       0       0

බන්දුල Thursday, 12 June 2014 03:59 AM

සාධු සාධු සාධූ!!! (නි)

:       0       0

ලාල් Thursday, 12 June 2014 04:26 AM

මෙන්න පෙරුම් පුරන බෝසත්වරුන් (නි)

:       0       0

ශීලා Thursday, 12 June 2014 04:30 AM

ඔබ වහන්සේට තෙරුවන් සරණයි! (නි)

:       0       0

දර්ශන Wednesday, 11 June 2014 05:27 PM

ඔබ වහන්සේ කළේ ලොකු පිනක් (නි)

:       0       0

හේමන්ත Wednesday, 11 June 2014 05:32 PM

මෙවන් හිමිවරුන් තමයි ශාසනයට අවශ්‍ය වන්නේ (නි)

:       0       0

මතුගම Wednesday, 11 June 2014 05:33 PM

ඔබ වහන්සේට තෙරුවන් සරණයි! (නි)

:       0       0

දයාවංශ Wednesday, 11 June 2014 05:40 PM

බුදු මඟ යන සිලවත්  හිමි නමක් (නි)

:       0       0

මනෝජ් Thursday, 12 June 2014 06:01 AM

බලන්න හාමුදුරුවන් දෙස. මොනතරම් සරලද? (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 12 June 2014 01:58 PM

සාදු,සාදු.සාදු. බුදුන් වැඩිය මග ඔස්සේ යාමකි. නිවන් සැප ලැබේවා... (දී)

:       0       0

මහින්ද Wednesday, 11 June 2014 05:51 PM

මෙන්න නියම ආදර්ශවත් හාමුදුරුවරුන්. බුදු දහම රැකෙන්නේ මේ වගේ දේවලින් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1373 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 853 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1900 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 489 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2793 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37159 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24474 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 623 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site