IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


හාම්පුතා එනතුරු බලා සිටී

පසුගිය මස 29 වැනිදා සිදුවූ කොස්ලන්ද මීරියබැද්දේ නාය යාමෙන් පසෙකට තල්ලුවී ගොස් තිබූ නිවසේ සිටින මිනිසුන් සොයන බල්ලෙක් සිටියහ.නිවසේ සුන්බුන් අතර ලැග සිටින මේ බල්ලා තම නැතිවූ හාම්පුතුන් එනතුරු බලාගත් අත බලාගෙන සිටීම කාගේත් නෙතට කඳුළු උණන දර්ශනයකි.

කිසිවකු නැති නිවසට වී නිසොල්මන්ව සිටින බල්ලා එහි යන එන අය ගැන තැකීමක් නොකරයි. එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සාහ කළද බල්ලා නොවේ ඉවතට යන්නේ.

100_4705 100_4720



අදහස් (0)

හාම්පුතා එනතුරු බලා සිටී

සුපුන් Wednesday, 12 November 2014 11:18 AM

හැකි අයෙක් වේනම් මේ හුරතලාව ගෙදර අරන් ගිහින් බලා ගන්න​. මම ලංකාවෙ නෙමෙයි දැන් ජීවත් වෙන්නෙ, නැත්තම් මම මෙයාව හදාගන්නවා ගෙදර ගිහින්.මම පාරෙ අසරණ වෙච්ච බලු පැටව් මේ වෙද්දි 4කට වඩා හදාගෙන තියෙනවා, ආපහු මගෙ රටට ආවම ඉදිරියටත් ඒ දේ කරනවා (මම ගැන වර්ණනා කරගන්නවා නෙමේ, එහෙම කෙනෙක්ට හිතුණොත් මට සමාවෙන්න​.)(දිල්)

:       0       0

දසුන් Wednesday, 12 November 2014 11:27 AM

මෙහෙම ගුණයක් තියෙන්නෙ ඉතින් අසරණ සතෙක් ළඟ විතරයි.(දිල්)

:       0       0

ඉසුරන්දි දෝහා Wednesday, 12 November 2014 11:45 AM

කෑ ගහල කියාගන්න බැරි මොකක්දෝ දෙයක් යටි හිතේ තෙරපවනවා මේ අහිංසක සතාගේ මුහුණේ ඉරියව්වෙන්. (ර)

:       0       0

සුජිත් Thursday, 13 November 2014 05:50 AM

මේ සත්වයාට කියන 'බල්ලා' කියන නම වෙනස් කරන්න ඕනෑ (නි)

:       0       0

චන්න Thursday, 13 November 2014 06:08 AM

පව්.......ඇසට කඳුළු එනවා (නි)

:       0       0

බෙනට් Wednesday, 12 November 2014 01:15 PM

ජපානයේ බල්ලෙක් තනියම ඉන්න තම හාම්පුතා එක්ක හැමදාම දුම්රියපොළට යන්න පුරුදුවෙලා හිටියා. හේතුව හාම්පුතා වැඩට යන්නේ දුම්රියේ. එහෙම ගිහින් හාම්පුතා නැවත වැඩ ඇරිලා ඇවිත් දුම්රියෙන් බහිනකොටත් බල්ලා දුම්රියපොළට ඇවිත් ඉන්නවා. දවසක් උදේ හාම්පුතා එක්ක දුම්රියපොළට එන බල්ලාට කිසිදවසක නැවත හාම්පුතාව දකින්න ලැබෙන්නේ නෑ. හේතුව හාම්පුතා අතර මගදී හදිසි අනතුරකින් නැතිවෙලා කාත් කවුරුත් නැති නිසා මිනිය නිවසට ගෙනත් නැතුව අදාහන කටයුතු කරලා. මේක නොදත් බල්ලා පුදුම විදියට වියවුල් වෙලා දිනපතා හාම්පුතා වැඩ ඇරිලා දුම්රියපොළට ඇවිත් හාම්පුතාව හොයන්න අරන්. ඉන් පසුව දිගටම දුම්රියපොළේ නැවතී පැමිණෙන හැම දුම්රියකටම නැග හාම්පුතාව හොයන්න අරන්. මේ සියල්ල දන්නා දුම්රියපොළ ස්ථානාධිපති තුමා මේ සිද්දිය පත්තරේට දැනුවත් කිරීමෙන් මෙය මහා පුවතක් බවට ජපානයේ පත් උනා. අන්තිමේට ඒ බලු මහත්තයවම යොදාගෙන චිත්‍රපටියක් බිහිඋනා. සත්‍ය කතාවක්. බල්ලෝ කියන්නේ මහා ලෙන්ගතු සතුන් කොටසක්. මිතුරාට දෙවියන්ට සේ සලකන සතුරාව හපාකන (නදී)

:       0       0

දයා අලහකෝන් Wednesday, 12 November 2014 05:03 AM

මිනිසත්කම හඳුණන සුනඛයෙක් (දිල්)

:       0       0

මුතුනායක Wednesday, 12 November 2014 05:10 AM

කවදත් මිනිසාගේ නියම මිතුර ඔය සතා තමා.(දිල්)

:       0       0

තිස්ස Wednesday, 12 November 2014 05:23 AM

මේ සසරේ කිසිදු බවයක ඔබ තිරිසන් අත්බවයක නුපදීවා ධාර්මික මිනිසකුව ඉපිද මෙත් බුදුන් දවස සසරින් මිදේවා..!ඔබ බලාගත් නිවැසියන්ටද මතු කිසිදු බවයක මෙවන් දුකක් නොවේවා..! (බ)

:       0       0

සකුන්තලා Wednesday, 12 November 2014 05:40 AM

සත්තුන්ගේ තියෙන හොඳ ගති මිනිස්සු ගාව අද නැහැ (බ)

:       0       0

ලුම්බිණි Wednesday, 12 November 2014 05:47 AM

තමා ගැනම පමණක් හිතන බොහෝ මිනිසුන් ළඟ නොතිබුණ හොඳ ගතිගුණ බල්ලන් අතර තිබුණා. (බ)

:       0       0

ලහිරු Wednesday, 12 November 2014 02:09 PM

අද කාලේ සතුන් ගාවයි. අතලොස්සක් මිනිසුන් ගාවයි විතරයි මනුෂ්‍යත්වය තියෙන්නේ (නදී)

:       0       0

චාන්දනී Thursday, 13 November 2014 07:38 AM

හරිම දුක හිතෙනවා (නි)

:       0       0

බුද්දික හේරත් Wednesday, 12 November 2014 06:00 AM

ඇතැම් මිනිසුන්ට වඩා කොච්චර හොඳද?(දිල්)

:       0       0

නිමල් Wednesday, 12 November 2014 06:13 AM

නියම යුතුකම් දන්න,කෙලෙහිගුණ ඇති සතෙක්. කෙසේ හෝ මෙම ජීවිතය බේරා ගැනීම මිනිස් යුතු කමක්.කණගාටු වෙනවා හැර කරන්නට දෙයක් නැහැ.(දිල්)

:       0       0

රණසිංහ පද්මේන්ද්‍ර Wednesday, 12 November 2014 06:15 AM

මිනිස්සු වන අප ළඟ නැති ගොඩක් ගුණ මේ සතුන් ළඟ තියනවා (දිල්)

:       0       0

ගයන් Wednesday, 12 November 2014 06:21 AM

මේවා පෙර ආත්ම වල සම්බන්දකම්. පුළුවන් කමක් තියෙනවනම් මං ගෙනත් හදා ගන්නවා. (දිල්)

:       0       0

ශාන් Wednesday, 12 November 2014 06:27 AM

බල්ලා මිනිසාගේ අතිජාත මිතුරාය, මිනිසාට කරදරයක් වූ විට දිවිහිමියෙන් මිතුරා ආරක්ෂා කිරීමට බල්ලා ඉදිරිපත් වෙයි. ඔහු එතනින් ඉවත් කිරීමට උත්සාහ කිරීම අසාර්ථක උත්සාහයකි. මට මගේ ටොම් මතක්වෙනවා.(දිල්)

:       0       0

රූපවතී Wednesday, 12 November 2014 07:01 AM

ඇත්තටම හරිම දුකයි.පව් අසරණ සතුන්ට තියෙන මිනිස්ගුණය ඇයි අපි අතර වාසය කරන්න මිනිසාට නොපිහිටියේ ....?(දිල්)

:       0       0

වරුණ Wednesday, 12 November 2014 07:16 AM

අද කාලයේ මිනිසුන්ට කොපමණ ගුණ කලත් තමන්ගේ වාසියට ඒ සියලු දේ අමතක කරයි එහෙත් තිරිසන් සතකුට එක දවසක් කෑමට යමක් දුන්නොත් එම සතා අප කොහේදී හමුවුනත් අඳුන ගනී . නැට්ට වනයි මේ හුරතලා මග බලා ඉන්නේ තමා සමග ජීවත් වුන උදවිය කවදා හෝ එතැයි සිතාය. සමහරවිට උගේ ජීවිත කාලයම ඔතනට වී මග බලා හිදීවී (බ)

:       0       0

ජනක පෙරේරා-අබුඩාබි Wednesday, 12 November 2014 07:17 AM

කලිසන් අදින අය ළඟ නැති ගුණයක් මේ බල්ලා ළඟ තීයෙනවා ?(බ)

:       0       0

දිල්කා Thursday, 13 November 2014 06:28 PM

අනේ! මට ගිහිල්ලා අරගෙන එන්න හිතෙනවා (නි)

:       0       0

සහන් බණ්ඩාර Wednesday, 12 November 2014 07:40 AM

දනිමි මම..හාම්පුතා මෙලොව හැරගොස් බව...එහෙත් මිනිස් බස නොදන්නා මම මගේ දුක කෙලෙස හඩගා කියන්නද...ඔහුගේ සුවඳ අන් කවරකුට නොදැනුනත්....මේ නිවාස පුරාවට මට දැනෙන බව....(දිල්)

:       0       0

පද්මිණි Wednesday, 12 November 2014 08:38 AM

මම ළගක හිටියා නම් මම මේ බලු සුරතලා ට රැකවරණය දෙනවා.(දිල්)

:       0       0

සුරන්ජිත් ලාල් Wednesday, 12 November 2014 08:44 AM

මිනිසාට සැමදාම පිහිට වෙන මනුෂ්‍ය ගණයේ නොවුනත් උතුම් ගතිගුණ වලින් පිරුණු සතෙක් (දිල්)

:       0       0

අනුර Wednesday, 12 November 2014 09:17 AM

අදහස් දක්වපු සියල්ලන්ම වටිනා යමක් එකතු කරලා තියෙනවා. බොහොම සතුටුයි. (ර)

:       0       0

තාරක Wednesday, 12 November 2014 09:32 AM

මෙම දුක්බර සංවේගී දසුණ දකිනකොට මාගේ හැගීම. අද කාලයේ සමහරක් මිනිසුන් ලග නැති ගතිගුණ මේ සත්වයා ලඟ තියෙනවා. මෙයාව හොදින් බලාගන්න කියල අලුත් හාම්පුතාට මම සුභ පතනවා. (ර)

:       0       0

උදය Wednesday, 12 November 2014 09:38 AM

මේ සිව්පාවන්ට බල්ලෙක් කියන එකත් පවක්. තිරිසන උනත් කන්න දුන්න කෙනාව හොයනවා. සල්ලි වලට ගන්න හොද ජාතියේ උන්ට වඩා කෙලෙහෙගුණ මෙයාල ගාව තියෙනවා. (ර)

:       0       0

චමින්ද Wednesday, 12 November 2014 10:35 AM

මෙයා මට බාරදෙන්න (නදී)

:       0       0

දුලාන් Wednesday, 12 November 2014 06:33 PM

මම එයාට ගොඩක් ආදරෙයි. මට එයාව ලැබුනොත් හොඳට බලාගන්නවා. (නදී) මට එයාව ගෙනත් දෙන්න. මම 0773 951679 (නදී)

:       0       0

ශංක Wednesday, 12 November 2014 06:53 PM

මට ඔය බල්ලා හොයල දෙනවද ? මම හදා ගන්නම් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 86 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 148 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 118 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 937 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


අල්ලස් ගත් සැරයන් - පීසි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 38 0

මඩකලපුව පනෙයි අරුප්පන් කෝවිලේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි පනෙයි අරුප්පන් වැවෙන් ගොඩ දැමීමට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටීමට රුපියල් 2000ක අල්ලසක


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 79 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38431 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25316 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 891 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 323 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site