IMG-LOGO

2024 නොවැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා


හාම්පුතා සොයා පොලිස් කූඩුවට ආ බිංදු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පොලිස් අත්අඩංගුවට ගත්  තම ස්වාමියා සොයා  පොලිස් රිමාන්ඩ් සිරමැදිරිය අසල ගිය  සුනඛයකු සම්බන්ධ සිද්ධියක් බුලත්සිංහල පොලිසියෙන් වාර්තා වේ

බුලත්සිංහල මෝල්කාව පාරේ නිවසක පවුල් ආරවුලක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු පොලිස් සිරමැදිරිය තුළ රඳවා තබා ඇත.

ඊට විනාඩි කිහිපයක් ගතවෙද්දී සිරමැදිරිය අසල සුනඛයකු වැතිරී සිටින අයුරු දුටු පොලිස් නිලධාරීන් සුනඛ  එළවා දැමීමට උත්සහා කළත් සුනඛයා කාටත් හොර රහසේ යළි යළිත් සිර මැදිරිය අසලටම පැමිණ ඇත.

පසුව සොයා බැලීමේදී ඊට මද වේලාවකට පමණ පෙර පොලිස් සිර මැදිරියට දමන ලද බුලත්සිංහල මෝල්කාව පාරේ නිවසක පදිංචි පුද්ගලයා නිවසේ ඇති දැඩි කළ "බිංදු" නොමැති සුනඛයා බවට පොලිසියට දැන ගන්නට ලැබිණි.

බුලත්සිංහල මෝල්කාවේ සිට කිලෝමීටරයකට අධික දුරක් ගෙවා ජීප් රථය පසුපස පැමිණ තිබූ මෙම සුනඛ යා සිර මැදිරිය ඉදිරිපිට රැඳී සිටි මින් එහි යකඩ කූරු අතරින් තව ස්වාමියා දෙස බලමින් සිටින  අයුරු දුටු පොලිස් නිලධාරීන්ගේ හදවතට ද යම් වේදනාවක් ගෙන ආවේය.

 පොලිස් නිලධාරීන් සුනඛයාට විවිධ ආහාර ලබාදීමටද ලබාදීමට ද කටයුතු කළේය.

පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද සිල්වා මහතා නිල කාමරයට පැමිණීමෙන් අනතුරුව මේ බව සැලකර ඇති අතර  ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් සිරමැදිරිය දොර විවෘත කිරීමත් සමගම වහා සිය ස්වාමියා අසලට දිව ගිය බිංදු සුනඛයා ස්වාමියාගේ කකුල් දෙකට තම ඉදිරි ගාත් දෙක තබා නඟුට වන්නට වූ අතර එම අවස්ථාවේදී සිරමැදිරිය තුළ සිටි ස්වාමියා අතින් හිස පිරිමදින්නට විය

මද වේලාවක් ගත වෙද්දී පොලිස් නිලධාරීන් එම පුද්ගලයා ස්ථානාධිපතිවරයා වෙත යොමු කිරීමට කටයුතු කිරීමේදී සුනඛයාද ඔහු පසුපස යමින් නිල කාමරය ඇතුළු විය.

අනතුරුව ස්ථානාධිපතිවරයා එම පුද්ගලයාට දැඩි අවවාද කර ඔහුව පොලිස් ඇප මත මුදා හරින ලෙස පොලිස් නිලධාරීන්ට නියෝග කෙරිණි.



අදහස් (11)

හාම්පුතා සොයා පොලිස් කූඩුවට ආ බිංදු

ජගත් ලියනගේ Sunday, 20 November 2022 05:13 PM

හරියට දුක හිතුණා ඒ කතාව අහන කොට . කොටින්ම මටත් හැඟීම් බර උනා . සත්තු කොච්චර අව්‍යාජද

:       0       72

saki Sunday, 20 November 2022 05:17 PM

උතුම් ක්‍රියාවක්...!

:       0       54

Ruhunu Sunday, 20 November 2022 05:32 PM

මට හිතෙන විදිහට බිනූ නිසයි ඇප දුන්නේ..!

:       0       37

[email protected] Sunday, 20 November 2022 07:34 PM

බල්ලා එළියේ ... බලුරජා ඇතුළේ...!

:       13       12

samanSunday, 20 November 2022 11:48 PM

තමන් හරියට නොදන්නා දේ නොලියා ඉන්නවානම් හොඳයි නේද ?

:       4       4

sampath Sunday, 20 November 2022 09:37 PM

සත්තු බොරු කරන්නේ නෑ .බොරු කරන්නේ මිනිස්සු .මොකද මිනිස්සුන්ට සංකීර්ණ අවශ්‍යතා තියෙන්නේ අපි හැමෝටම ආදරණීය සුරතලෙක් කවදාක හරි ඉඳලා තියනවා .කොහොම උනත් මේ ස්ථානාධිපතිතුමා ඇතුළු නිලධාරී මණ්ඩලය බුද්ධිමත්ව ක්‍රියා කරලා තියනවා

:       0       4

උදුලි Sunday, 20 November 2022 10:01 PM

පොලිස් ස්ථානාධිපතිතුමට අපගේ ගෞරවය. හරිම හැන්ගීම් බර සිදුවීමක්. බින්දු ඇවිත් තියෙන්නේ ඇප දෙන්න.

:       0       9

Perera Sunday, 20 November 2022 10:58 PM

බොහෝ මිනිසුන්ට බල්ලන්ට තිබෙන උසස් ගතිගුණ නැහැ.

:       0       9

arschfikaa Sunday, 20 November 2022 11:25 PM

ඔය කූඩුව ගාව හිටගෙන ඉන්න සුරුට්ටු සිංහල ඌරු තඩියව කූඩුව ඇතුලට දාලා ඒකේ ඉන්න මිනිහවයි බල්ලාව්‍යි වහාම නිදොස් කරපිය

:       2       0

ගමේ එකාලා Sunday, 20 November 2022 11:50 PM

කළගුණ දන්න බල්ලෙක්? අදහන්ඩ වටිනවා. ඒකටත් එක්ක අපේ ගුණමකු පාලකයෝ ?

:       0       4

sharm warn Monday, 21 November 2022 09:49 AM

පාර්ලිමෙන්තුවෙ ඉන්නෙ පාදඩයො. . බල්ලො හිටිය නම් අපිට මෙහෙම වෙන්නෙ නෑ..

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන්න
2024 නොවැම්බර් මස 20 395 0

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම


වගා හානි සතුන් එලවන්න ලාල් කෙවිට අතට ගනී
2024 නොවැම්බර් මස 20 465 0

වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.


බිමල්ගේ අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමතිලා දෙන්නෙක්
2024 නොවැම්බර් මස 20 541 0

ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්‍


දසවැනි පාර්ලිමේන්තුව හෙට
2024 නොවැම්බර් මස 20 83 0

දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.


මහ පාරට වැටීම ගැන සතුටුයි
2024 නොවැම්බර් මස 20 367 0

මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.


ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 1377 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 435 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 678 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1928 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site