IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


හම්බන්තොටටත් පොල් ත්‍රිකෝණයක්

(අංජුල මහික වීරරත්න)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොල් පැල ලක්ෂයක් රෝපණය කරමින් නව පොල් ත්‍රිකෝණයක් ස්ථාපිත කිරීමට පොල් සංවර්ධන මණ්ඩලය  තීරණය කර තිබේ.

ඒ අනුව රන්න, වීරකැටිය හා වලස්මුල්ල  ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මෙම නව පොල් ත්‍රිකෝණය ස්ථාපිත කෙරෙයි .

ඒ අනුව ගොවීන්ට ගෙවතුවල  රෝපණය සඳහා එක් නිවසකට පැල 5ක් බැගින් ලබා දීමට කටයුතු යොදා ඇතැයි පොල් සංවර්ධන මණ්ඩලය පවසයි.

දෛනික සමස්ත පොල් පරිභෝජනය ගෙඩි මිලියන 4.5ක් පමණ වුවද, දෛනික පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 3ක් පමණ වේ. 

මේ නිසා ඉඩකඩ ඇති සෑම ගෙවත්තකම වගා කිරීම සඳහා ජනතාව පෙළඹවීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පොල් සංවර්ධන මණ්ඩලයට උපදෙස් දී තිබේ.

 



අදහස් (4)

හම්බන්තොටටත් පොල් ත්‍රිකෝණයක්

ලසන්ති Tuesday, 21 November 2023 10:37 AM

පොල් වවන්නෙ කොහොමද සමහරක් නිකම්මු රාත්‍රියේ ඇවිල්ලා හෝ ගෙදර කිසිවකු නැත්නම් උන්ගෙ වගේ කඩාගෙන යනවා සමහරක් කාළකණ්නියෝ හොරුන්ට කියනවා මට පොල් ටිකක් ගෙනවිත් දෙන්න කියලා .මෙහෙම හොරුන්ට උන්ගෙ පවුලේ නෑදෑ මිත්‍රයෝ පුළුවන් තරම් උදව් කරනවා මට අහන්න ලැබුණු සත්‍යම දෙයක් මේක .දවසක් මම කියන හොරා අයිතිකරුට හසුවුනා පොල්ටික අරගෙන පලවා හැරියා මාස කීපයකට පස්සෙ හොරාගෙ නෑයෙක් රත්‍රියේ ඇවිත් අර පොල් ගස් හිමියගෙ ගේට්ටුවට යකඩයකින් ගසා ගේට්ටුව කැඩුවා හේතුවක් හැටියට කියලා තිබුනෙ බඩේ පහර වැදුණු කෙනෙක් ඕක කරන්න ඇති කියලා තවත් කියලා තිබෙන ඔය තහඩුව වගේද මිනිහෙක්ගෙ බඩගින්න කියලා ඒ නිසා ඔවැනි වගාවක් කරන කොට හොරුන්ට දඩුවම් දෙන්න ක්‍රමයක් හදන්න ඕන නැත්නම් සාර්ථක නොවෙන්න පුළුවන්

:       0       5

Mahinda Tuesday, 21 November 2023 10:47 AM

යකෝ වලස්මුල්ල, වීරකැටිය, රන්න තියෙන්නේ සරල රේඛාවකනේ

:       0       4

සුනන්ද Tuesday, 21 November 2023 01:03 PM

උත්සාහ කලොත් සරල රේඛාව සමාන කොටස් තුනකට බෙදල නැමුවම සමකෝණී ත්‍රිකෝනයක් හදාගන්න ඔය ඇමතිට පුළුවන් ඇති ඒකනේ එහෙම කියන්න ඇත්තෙ

:       1       1

චින්තක Tuesday, 21 November 2023 05:02 PM

එහෙම කරන්න පුළුවන් වෙන්නෙ යකඩයක් ලණුවක් කම්බියක් වගේ දෙයක් වුනත් සරල රේඛාවක් ලෙසට තියෙන වලස්මුල්ල වීරකැටිය රන්න තියෙන්නෙ භූමියේ නිසා ත්‍රිකෝනයක් හදන්න බැහැ .ත්‍රිකෝනයක් කියන්නෙ මොකක්ද නොදන්නා මිනිස්සු ඕවා කියවන්නෙ. රටේ ප්‍රශ්න අමතක කිරීමට මිස කරන්න නොවෙයි .ඔය අමාත්‍යාංශයේ ලේකම්ට කවුරු හෝ සිතියම් පොතක් පෙන්නන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘විනී ද පූ’ ට ගහලා
2024 ඔක්තෝබර් මස 09 0 0

වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.


ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයෙත් වාහන 25ක් අතුරුදහන්
2024 ඔක්තෝබර් මස 09 325 0

ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශය නමින් ලියාපදිංචි වි ඇති කාර් රථ 10ක්,කැබ් රථ 10ක්, ජිප් රථ 02ක් ,යතුරුපැදි 02ක් සහ , ලොරි රථයක්, අස්ථානගත වි ඇති බැව් ජාතික විග


නුවරඑළියේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි
2024 ඔක්තෝබර් මස 09 911 0

නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ග


දමිතා රත්නපුරෙන් මහ ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1623 0

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.


යාත්‍රාව පෙරැළී ධීවරයා මරුට
2024 ඔක්තෝබර් මස 09 136 0

යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.


ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 2052 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39534 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25749 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 361 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1194 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site