IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


හම්බන්තොටට යුරෝපා ඇස

හම්බන්තොට ගුවන්තොට,වරාය ඇතුළු සංවර්ධනය දුටු යුරෝපයේ ප්‍රධාන රටවල් තුනක තානාපතිවරු එහි දියුණුව ගැන ප්‍රසාදය සහ මවිතය පළකළහ.
බි්‍රතාන්‍ය මහා කොමසාරිස් ජෝන් රැස්කින් කීවේ හම්බන්තොට ගුවන් තොට හා වරාය ශ්‍රී ලංකාවේබ්‍රිතාන්‍ය  ආයෝජනයට  හොඳ අවස්ථාවක් උදාවනු ඇති බවයි.
ප්‍රංශ තානාපති කි්‍රස්ටීන් රොබිෂොන් කීවේ දෙවසරකට පෙර දුටු හම්බන්තොට දැන්  මුළුමනින්ම වෙනස්වී ඇති බවය.
ජර්මන් තානාපති ජුරිගන් මෝරගාඩ් පැවසුවේ යුරෝපා වෙළෙඳපොළ දිනා  ගැනීමේ අවස්ථාවක් හම්බන්තොට වරායෙන් හා ගුවන්තොට නිසා ශ්‍රී ලංකාව උදාවී ඇති බවයි.  හම්බන්තොට  දිසාපති ආර්. සී. ද සොයිසා මහතා ඔවුන් සමග සාකච්ඡා කෙළේය. ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාව. ෂැන්ග්රිලා තරු හෝටලයද වරාය හා ගුවන්තොටද ඔවුහු නැරඹූහ.

 



අදහස් (0)

හම්බන්තොටට යුරෝපා ඇස

සේන Thursday, 14 February 2013 04:42 PM

කොළඹ කියන්නේ අග නගරයනේ දමිත්. (නි)

:       0       0

සුදිර Thursday, 14 February 2013 04:42 PM

අපේ රට තමයි ලෝකෙන්ම උතුම් රට (දී)

:       0       0

මුතු Thursday, 14 February 2013 04:47 PM

මටනම් සැකයි. කල්පනාවෙන් වැඩ කරන්න (දී)

:       0       0

යොහාන් Thursday, 14 February 2013 04:48 PM

චතුල, ඔයාගේ කවුරුවත් නැද්ද පුත්තලම පැත්තේ දන්න කියන ලොකු ඇත්තෙක්? (නි)

:       0       0

පහන් Thursday, 14 February 2013 04:52 PM

රොබට් නොක්ස් , ලෙනාඩ් වුල්ෆ් වගේ ඔබතුමාලත් පොත් ලියන්නකෝ. එතකොට ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. (නි)

:       0       0

ශිලා Thursday, 14 February 2013 05:01 PM

අපි තමයි ලෝකේ සීග්‍රයෙන් දියුණුවන රට (දී)

:       0       0

රීටා Thursday, 14 February 2013 05:01 PM

ටිකක් පරිස්සමෙන් (දී)

:       0       0

චන්ද්‍රා Thursday, 14 February 2013 05:02 PM

මටනම් ටිකක් බයයි ඒ ගැන (දී)

:       0       0

ලක්ෂිත Friday, 15 February 2013 01:27 AM

ලංකාව කියන්නේ ඉන්දියන්සාගාරයේ මුතු ඇටයයි (දී)

:       0       0

මහත්තයා Friday, 15 February 2013 01:29 AM

කල්පනාවෙන් වැඩ කරන්න (දී)

:       0       0

පෙරේරා Friday, 15 February 2013 12:25 PM

දැන් බලාගත්තැහැකි යුරෝපා ආයෝජකයෝ පොර කකා හම්බන්තොටට ගොඩ බහින හැටි... අනේ නිකන් ඉන්න....(ස)

:       0       0

නිසාර් Thursday, 14 February 2013 05:36 PM

අනාගතයේදී සියලු දිස්ත්‍රික්ක වලින්ම රට පාලනයට නායකයින් බිහිවු‍නොත් මෙම දිවයින තරුවක් මෙන් ලෝකයේ බැබළේවි. (නි)

:       0       0

ලියනගේ Friday, 15 February 2013 03:52 AM

මින් පස්සේ අධිරාජ්‍යවාදීන් කියලා ඒ රටවලට සංචාරය කරන අයටනම් ආපහු ඒ වචනය අත හැරලා වෙන මොකක් හරි අලුත් වචනයක් හොයාගන්න වෙනවාමයි. අනේ පව් අහිංසකයෝ....(ස)

:       0       0

විජිත් Friday, 15 February 2013 03:59 AM

හරියටම හරි කීර්ති. (නි)

:       0       0

පෙරේරා Friday, 15 February 2013 04:13 AM

අවුදුරු පහක දරුවෙකුට කඩදාසි බෝට්ටුවකින් මිස නැවකින් ඇති පලය කුමක්ද? (නි)

:       0       0

ශානක Thursday, 14 February 2013 06:12 PM

ලංකාව දියුණු වන රටක් (දී)

:       0       0

ජගත් Thursday, 14 February 2013 06:16 PM

මේ අය මවිතය පළකරන්න ඇත්තේ , මෙහෙම ලොකු වරායක් හදලත් නැව් එන්නේ නැත්තේ මොකෝ කියලා වෙන්න ඇති. (නි)

:       0       0

පද්මි Thursday, 14 February 2013 06:26 PM

එයාලා සමහරවිට ලංකාවේ රැකියා හොයනවාද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

සෑම් Thursday, 14 February 2013 06:30 PM

කමල්, අපේ අය හොඳටම දන්නවා හම්බන්තොටට හොඳට වැඩ කරලා තියෙනවා කියලා. ප්‍රශ්නේ ඒක නෙවෙයි. ලංකාවේ අනිත් ප්‍රදේශ වලට කිසිම දෙයක් නොකරන එකයි. ඔය ලෝකෙන් ගත්ත ණය ගෙවන්නේ හැබැයි හම්බන්තොට මිනිස්සු විතරක් නෙවෙයි. මුළු ලංකාවේම මිනිස්සුන්ට එව්වා ගෙවන්න වෙනවා. (නි)

:       0       0

නන්දලාල් Thursday, 14 February 2013 06:39 PM

කවුරු කොහේ කළත් හොද දේ අගය කරන්නත් නරක දේ පිටුදකින්නත් අපි දැනගන්න ඕනෑ. (නි)

:       0       0

ප්‍රසන්න Friday, 15 February 2013 01:37 PM

කවුරු හොදයි කිවුවත් විපක්ෂයට හොදක් පෙනෙන්නේ නැති එකනේ පුදුමේ. (නි)

:       0       0

කෞශල්‍යා Thursday, 14 February 2013 07:07 PM

කියනකොට නම් හරි රසවත්. එහෙත් කෙරෙනකොට කොහොම වෙයිද? (නි)

:       0       0

නිශාන්ත Thursday, 14 February 2013 07:13 PM

කොළඹට කිරි අපට කැකිරි.... (නි)

:       0       0

කීර්ති Thursday, 14 February 2013 07:24 PM

සුමිත් සහ දමිත් වෙත, ලංකාව වගේ පොඩි රටකට ජාත්‍යන්තර ගුවන් තොටුපලවල් දෙකක් අවශ්‍ය නැති බව තේරුම් ගන්න බැරි ඇයි? වැස්සකට ඉන්න බස් හෝල්ට් එකක් නැති ස්ථාන ලංකාවේ කොපමණ තියෙනවද? ගේට්ටුවක් නැති අනාරක්ෂිත දුම්රිය හරස් පාරවල් නිසා කොපමණ ජනතාවක් අනතුරට පත් වෙනවාද? පානීය ජල පහසුකම් නැතිව කොපමණ ජනතාවක් දුකට පත් වෙලා ඉන්නවාද?ඇයි මේවා ගැන හිතන්න බැරි? (නි)

:       0       0

මාන්නගේ Friday, 15 February 2013 07:30 AM

කබරගොයි තලගොයි ප්‍රතිපත්තිය නෙමෙයි නේද? (නි)

:       0       0

ලක් පුතා Friday, 15 February 2013 02:14 PM

කීර්ති, ඔයලා වගේ අය ඉස්සරත් හිටියනම් අහයි ලන්කාව පොඩි රටක්නේ මෙච්චර මොකටද වැව් හදනේ, එකක් තිබුනනම් අති කියලා, ඔයා දන්නේ ඔක්කොඅම විවේචනය කරන්නම තමයි, හොද දෙයට හොදයි කියන්න පුරුදු වෙන්න (දී)

:       0       0

නිමලා Thursday, 14 February 2013 02:43 PM

ඔක්කොම ඇයි හම්බන්තොටට විතරක් කියලා ඇහුවේ නැත්ද ? (ස)

:       0       0

නන්දන Thursday, 14 February 2013 02:43 PM

lලංකාවේ හම්බන්තොට හැර වෙනත් පළාත් නැද්ද කියා ඇහුවේ නැද්ද ? (ස)

:       0       0

ගාමිණී Thursday, 14 February 2013 02:44 PM

හිතේ කහටක් ඇති කරගන්න අවශ්‍ය නැහැ ඔය කවුරු කවුරුත්. (නි)

:       0       0

රොෂාන් Thursday, 14 February 2013 02:44 PM

බලමු මොකද වෙන්නේ කියලා... (ස)

:       0       0

ලලිත් Thursday, 14 February 2013 02:49 PM

අපේ දියුණුව කොහොමද (දී)

:       0       0

අනුර Thursday, 14 February 2013 02:59 PM

අපි ශ්‍රේෂ්ට ජාතියක් (දී)

:       0       0

සිල්වා Thursday, 14 February 2013 09:04 PM

වරායක් හදපු එකේ තෙල් පිරිහදුවකුත් මේ කිට්ටුවෙන්ම හැදුවා නම් ඉන්ධන ගෙන්වන්න යන වියදම අඩුකරගන්න තිබුණා නේද? (නි)

:       0       0

ගජයා Thursday, 14 February 2013 03:48 PM

ලංකාවට ජයවේවා (දී)

:       0       0

සදුනි Thursday, 14 February 2013 09:40 PM

කීර්ති තවමත් ඉන්නේ ළිං මැඩි සංකල්පයේ. (නි)

:       0       0

ගමගේ Thursday, 14 February 2013 09:43 PM

හම්බන්තොට සංවර්ධනය කිරීම වැරදිද? (නි)

:       0       0

කමල් Thursday, 14 February 2013 03:53 PM

සුද්දෙක් කියන කම්ම අපේ අයට ඒක විශ්වාස කරන්න බැරි වුනා නේ... (ස)

:       0       0

ඩිලාන් Thursday, 14 February 2013 09:50 PM

කීර්ති ගැන මට දුකයි. (නි)

:       0       0

සුමිත් Thursday, 14 February 2013 03:54 PM

ආණ්ඩුවේ හැම එකකටම බනින අය මේකට සද්ද නැත්තේ මොකද සුද්දෙක් කියපු නිසාද ???(ස)

:       0       0

චතුල වෙරෝනා Thursday, 14 February 2013 03:56 PM

පුත්තලම් දිස්ත්‍රික්කයට නම් එන්න එපා සතුට ඉහ වහ යයි(ස)

:       0       0

සිසිර Thursday, 14 February 2013 04:00 PM

ඔක්කොමලා හොදයි හොදයි කිවුවට කෝ තාම එක නැවක්වත් ආවේ නැහැනේ. (නි)

:       0       0

දමිත් Thursday, 14 February 2013 04:06 PM

ඉස්සර හිටපු කට්ටිය කොළඹට විතරක් කරනකොට කවුරැත් කිව්වේ නෑ ඇයි කොළඹට විතරක් කරන්නේ කියලා (ස)

:       0       0

සිල්වා Thursday, 14 February 2013 04:15 PM

ලංකා මාතාවට ජයවේවා (දී)

:       0       0

උපේන්ද්‍ර Friday, 15 February 2013 10:42 AM

මේ අය හම්බන්තොට දියුණු වෙනවට මේ තරම් අකමැති ඇයි? හම්බන්තොට තියෙන්නේ වෙන රටකද හම්බන්තොට තියෙන්නෙත් ලංකාවේ. ඒක තේරුම් අරගෙන සතුටු වෙන්න..(ස)

:       0       0

ප්‍රසන්න Thursday, 14 February 2013 04:31 PM

මොකද්ද දන්නේ නැහැ අරමුණ (දී)

:       0       0

රාජු Thursday, 14 February 2013 04:36 PM

හොද කල්පනාවෙන් ඉන්න (දී)

:       0       0

නිමලා Thursday, 14 February 2013 04:35 PM

දමිත් දන්නෙ නැද්ද කොළඹ කියන්නේ අග නගරය කියලා? (නි)

:       0       0

නිරෝෂන් Thursday, 14 February 2013 11:06 PM

අනේ කීර්ති, ඔයා ගැන දුකයි. (නි)

:       0       0

මාලක Thursday, 14 February 2013 04:39 PM

කොහොමහරි සුද්දවත් අල්ලගත්තා නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 214 0

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


පුංචි ඡන්දෙට එජාපය අලියා පිටින් එයි
2024 ඔක්තෝබර් මස 04 839 2

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.


ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 653 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 349 1

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 2628 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 976 4

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38895 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25515 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1021 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 364 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site