IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


හම්බන්තොට උණුසුම් වේ : විරෝධතාකරුවන්ට ප්‍රහාරයක්

හම්බන්තොට වරායේ විරෝධතාව අතරතුර එහි නැංගුරම්ලා තිබූ නැව් දෙකක් දියත් කිරීමට නාවික හමුදාව මැදිහත්වීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති විය.

විරෝධතාවයේ යෙදී සිටි වරාය සේවකයන්ට හා මාධ්‍යවේදීන්ට පිරිසක් පොලුවලින් හා තුවක්කුවලින් පහර දුන් බව ද කියති.

වරායේ නැංගුරම්ලා ඇති නැව් දෙකට පිටවී යාමට නොහැකි ලෙස වරාය සේවකයෝ පිරිසක් පෙර දින සිට තටාකාංගනයට බැස සිටියහ.

එම නැව් දෙකට පිටවී යාමට අවශ්‍ය නිසා සහය දක්වන ලෙස වරාය අධිකාරිය කළ ඉල්ලීම අනුව එහි ගිය බව නාවික හමුදාව කියයි.

වරාය සේවක සත්‍යග්‍රහය අසලට වරාය සේවකයන් නොවන පිරිසක් පැමිණි බවත්, ඒ අතර හිමිවරුන් කිහිප නමක් ද සිටි බවත්, ඔවුන් පැමිණියේ ගැටළුවක් ඇති කිරීමටදැයි සැක බවත් සේවකයෝ පිරිසක් කීහ.

(ඡායාරූප හා වීඩියෝ සනත් ගමගේ)

2016-12-10-magampura-waraya-virodathawaya-001_0001 2016-12-10-magampura-waraya-virodathawaya-001_0002 DSC06067 DSC06070 DSC06076-(1) DSC06078 DSC06089 DSC06090 DSC06110 DSC06117



අදහස් (0)

හම්බන්තොට උණුසුම් වේ : විරෝධතාකරුවන්ට ප්‍රහාරයක්

විජේසුන්දර ප්‍රංශය Sunday, 11 December 2016 09:05 AM

මේවා විකුණලා, ඇමතිලාට ප්‍රාඩෝ වෙනුවට නැව් අරන් දුන්නානම් හොඳ මදිද? (නි)

:       0       0

ඔසධ Sunday, 11 December 2016 09:08 AM

විරෝධතා මැඩපැවැත්වීම ආණ්ඩුවේ වගකීමක් (නි)

:       0       0

අනුර Sunday, 11 December 2016 09:44 AM

මෙම සිද්ධිය මුහුදු මංකොල්ලකෑමක් යටතේ ජාත්‍යන්තර නීතියට අයත් එකක්. මෙයින් ලංකාවට විශාල හානියක් වෙන්න තිබුණා (නි)

:       0       0

සුනිමල් Sunday, 11 December 2016 10:07 AM

450ගේ රැකියා ප්‍රශ්න විසඳන්න ජාත්‍යන්තර නැව් හිරකරගෙන ලංකාවේ නම කැත කරන්න එපා (නි)

:       0       0

සුනිල් Sunday, 11 December 2016 10:09 AM

රට හැමතැනම උණුසුම් දැන්! (නි)

:       0       0

නාමරත්න Sunday, 11 December 2016 10:13 AM

ගොඩක් අවස්ථා වලදී වරය ඇතුළේ තමයි නැංගුරම් දාන්නේ. වරායෙන් පිට නැංගුරම් දාන්න පුළුවන් ගැඹුරු නැති මුහුදු සීමාවේ විතරයි. ජැටියට බැඳපු නැව් වුණත් නැංගුරම් දාන වෙලාවල් තියෙනවා. එතකොට අධික සුළං තියෙන වෙලාවට ටග් යාත්‍රා නැතුව නැව ජැටියෙන් එළියට ගන්න නැංගුරම ප්‍රයෝජනවත් වෙනවා. පරාක්‍රම ජීවිතේට මුහුදු ගිය එකෙක්වත් මුහුදක් දැකපු එකෙක්වත් නෙමෙයි. (නි)

:       0       0

ඉන්දික Saturday, 10 December 2016 08:12 AM

මෙ රජයට ආණ්ඩුවක් කරන්න පුළුවන්ද? දැන්නම් යන්න කාලය හරි (නි)

:       0       0

ඩී.උපුල් Saturday, 10 December 2016 08:21 AM

කෝටි ගණන් ණය වෙවී රජයේ සුදු අලින්ට පඩි ගෙවද්දී ඒ ණය ගෙවන්න වෙන්නේ අපටයි ඊළඟ පරම්පරා වලටයි තමයි. (නි)

:       0       0

ජිම් කුරු Saturday, 10 December 2016 09:34 AM

ඉතා හොඳ ක්‍රියාවක් ලෙසයි මම නම් දකින්නේ (නි)

:       0       0

රවීන්‍ Saturday, 10 December 2016 10:09 AM

බලහත්කාරකම් කිරීමට කිසිවෙකුටවත් ඉඩදිය නොහැක. එය සේවක හෝ හාම්පුතුන්ගේ අයිතිවාසිකමක් නොවේ. (නි)

:       0       0

සරත් Saturday, 10 December 2016 12:37 PM

උතුරේ කොටි සමරද්ද්දී නිශ්ශබ්දව ඉන්න ආණ්ඩුවමද මේ දකුණේ චණ්ඩි වගේ හැසිරෙන්නේ. මතක තියාගන්න නුඹලාට ඡන්දෙ දෙන්නෙත් දකුණේ අයමයි (නි)

:       0       0

බටගල Saturday, 10 December 2016 12:53 PM

කවුද දන්නෙ නැහැ පැමිණි හාමුදුරුවරු? (නි)

:       0       0

ධම්ම Saturday, 10 December 2016 01:09 PM

මේකට නැව් එන්නේ නැහැ කිව්වේ...? (නි)

:       0       0

රොකී Saturday, 10 December 2016 01:21 PM

මේ චීවරධාරීන්ව හික්මවන්න ක්‍රමයක් නැද්ද? මොවුන් බෞද්ධයන් ලෙස සැළකිය හැකිද? ශාසනයට නින්දාවක්! (නි)

:       0       0

චන්දන Saturday, 10 December 2016 01:38 PM

ජීවිතේට දැකලා නැහැ මෙහෙම රටක් (නි)

:       0       0

ක්‍රිෂාන්ත Saturday, 10 December 2016 01:40 PM

දේශපාලන අතකොළු වලට හොඳ වැඩේ (නි)

:       0       0

සෙනෙවි Saturday, 10 December 2016 01:58 PM

රාජ්‍ය ආයතන පෞද්ගලිකරණයේදී ඇතිවෙන විරෝධතා මර්දනයට ඉදිරියේදී රතුපස්වලදී සිදුකළ ආකාරයට වඩා දේවල් සිදුවිය හැකියි (නි)

:       0       0

රුචී Saturday, 10 December 2016 02:11 PM

කෝ අර දේශපාලකයෝ? (නි)

:       0       0

රන්ජන් Saturday, 10 December 2016 02:51 PM

අනේ මන්දා මේ රටට මොනවා වෙලාද කියලා? පුදුම යහපාලනයක්. (නි)

:       0       0

මහින්ද Saturday, 10 December 2016 03:02 PM

මොවුන් පිටුපස ඉන්න දේශපාලුවන්ටයි ගහන්න ඕනෑ (නි)

:       0       0

පීරිස් Saturday, 10 December 2016 03:15 PM

මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

හේමන්ත Saturday, 10 December 2016 03:38 PM

දේශපාලන හිමිවරුන් කඩේ වඩින ගමන් වෙන්න ඇති. (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Saturday, 10 December 2016 04:43 PM

ගහලා මදි. හම ගහන්න ඕනෑ කියලයි මම නම් කියන්නේ (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 10 December 2016 04:52 PM

අනේ මහත්තයෝ, අපිත් මේකෙන් පරිප්පු කනවා (නි)

:       0       0

අශාන් Saturday, 10 December 2016 06:18 PM

මේ විරෝධතාකරුවන් මට නම් ත්‍රස්තවාදීන් හා සමානය. (නි)

:       0       0

ප්‍රනීත Saturday, 10 December 2016 06:36 PM

නීති කඩන සියලුම දෙනාට මේ නීතිය ක්‍රියාත්මක කරන්න (නි)

:       0       0

සමන් Saturday, 10 December 2016 08:59 PM

අර කට්ටිය මොකටද මෙතනට ආවේ? මේක දේශපාලන බලපෑමක් වෙන්න බැරිද? (නි)

:       0       0

අශාන් Saturday, 10 December 2016 10:13 PM

ලංකාව යනු කිසිම දවසක දියුණු කළ නොහැකි රටකි. (නි)

:       0       0

පෙරේරා Saturday, 10 December 2016 11:03 PM

මේවට මොනවා කියන්නද මන්දා (නි)

:       0       0

ලුම්බිණි Sunday, 11 December 2016 12:14 AM

හිමිවරුන් කිහිප නම වඩින්න ඇත්තේ ධර්මය දේශනා කරන්න විනා වෙන මොකටද? (නි)

:       0       0

මනෝජ් Sunday, 11 December 2016 12:53 AM

නියමයි. හැමදේකම සීමාවක් තියෙන්න ඕනෑ (නි)

:       0       0

සරත් Sunday, 11 December 2016 01:36 AM

80% කොටස් විකිණූ එක ගැනනම් ඇතිවෙන්නේ ලොකු කණගාටුවක්.මේවා අායෙත් හරවන්න බැරි තීරණ. (නි)

:       0       0

බෙනට් Sunday, 11 December 2016 01:55 AM

රොකී, හාමුදුරුවන්ගේ බෞද්ධකම මෙතනට ගාවාගන්න එපා. හාමුදුරුවරු බෞද්ධකමයි සීලයයි රැක්කා නම් මෙහෙම වෙන්නෙ නැහැ (නි)

:       0       0

පරාක්‍රම Sunday, 11 December 2016 02:00 AM

වරායේ ඇතුළේ ක‍ොහ‍ොමද නැංගුරම් දාන්න‍ෙ. (නි)

:       0       0

රත්නායක Sunday, 11 December 2016 02:55 AM

මෙතන අදහස් දාන ගොඩක් අය රජය කරන වැරදි වැඩේ නොදැක්කා වගේ ඒ ගැන වචනයක් කියන්නෙ නැහැ.රට විකුණාගෙන කනවා ඉවරයක් නැහැ (නි)

:       0       0

අතුල Sunday, 11 December 2016 03:00 AM

කරුණාකර ලාංකිකයෙක් වශයෙන් රටක් විදියට හිතන්න. ඉල්ලීම් දිනාගැනීම සඳහා ජාත්‍යන්තර නෞකා බලයෙන් තබා ගැනීමට රජයක් වශයෙන් ඉඩදිය නොහැක. එහි අනාගත ප්‍රතිපල අපට ඉතා අවාසිසහගතය. (නි)

:       0       0

කමල් Sunday, 11 December 2016 03:13 AM

මහජන මුදල් සමඟ සෙල්ලම් නොකරනු! ඉතාම සාධාරන ප්‍රහාරයක්. (නි)

:       0       0

කැළුම් Sunday, 11 December 2016 04:49 AM

මේ ඔක්කොම කාගේ වැඩද කියලා අපිට හිතාගන්න පුලුවන් (නි)

:       0       0

රුවන් Sunday, 11 December 2016 04:51 AM

මේ වගේ වැඩ කරනකොට, විදේශ නෑවු යටත් කරගන්නකොට ලංකාවට වන අපකීර්තිය ගැන දන්නේ නැද්ද? (නි)

:       0       0

සහන Sunday, 11 December 2016 05:36 AM

ඉස්සර හිමිවරු වඩින්නේ බණ දේශනා කරන්න. දැන් වඩින්නේ දේශපාලන උවමනා එපාකම් වලට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 47 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 120 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 101 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 80 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 309 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 69 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40212 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26017 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 278 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1333 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site